Tuesday, January 10, 2012

ආයෙත් කෙල්ලෙක්ද?


විවාහ උන බොහොමයක් දෙනාගෙ ඊලග බලාපොරොත්තුව දරුවෙක්!.විවාහ ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ දරුවෙකුත් ලැබිලා දෙන්න තුන්දෙනා උනාම කියනවනේ.සමහරු විවාහ උන ගමන්ම දරුවො හදනව, සමහරු ටිකක් ප්‍රමාද කරල "එන්ජෝයි" කරල දරුවෙක් ගැන බලාපොරොත්තු වෙනව.

සමහරු කැමති ඉස්ඉස්සරලම ගෑණු දරුවෙක්ගෙ මූණ බලන්න.ඉස්සර වෙලාම කෙල්ලෙක් හම්බුනාම ගෙදරට වාසනාවන්තයිලු.ගොඩ දෙනෙක් එහෙම කියනව.එහෙම මතයක් ඇති වෙන්න ඇත්තෙ ඉස්සර කාලෙ පවුල් වල ගොඩක් ලමයි ඉන්න නිසා ලොකුම ළමය අක්ක කෙනෙක් උනාම අම්මා වගේ අනික් දරුවො බලාකියා ගන්න,ගෙදර වැඩපළ වලට අත් උදව් දෙන්න පුලුවන් වෙන නිසා වෙන්නැති.

මුලින්ම ගෑණු ලමයෙක් ඉපදුනොත් ඊලග බබා පුතෙක් උනොත් හොදයි කියල ගොඩක් අය හිතනව.දෙජාතියෙන්ම ඉන්නවනේ එතකොට:).

මට මතකයි ඉස්සර අම්ම කියනව අක්ක ඉපදිලා අවුරුදු 4කට පස්සෙ මම් හම්බෙන්න ඉද්දි අප්පච්චි ගොඩක් ආසාවෙන් හිටියලු සැරේ මේ නම් කොල්ලෙක් තමා කියල,"මිගාර" කියල නමකුත් හදාගන හිටියලු.ඒත් ඉතින් කෙල්ලක් කියල දැනගත්තට පස්සෙ ටිකක් විතර දුක හිතිල.පස්සෙ කාලෙක මම් ඔය ගැන අහපුවම අප්පච්චි කිව්වෙ ඉගනගන හොදට හැදෙනවනම් කෙල්ලොම උනාම මොකද කියල.

කෙල්ලොම ඉන්න පවුල්වල කෙනෙක්ට බබෙක් ලැබෙන්න ඉද්දි එයාල හිතන්නෙ කොල්ලෙක් ඉපදුනොත් හොදයි කියල ,මොකද ඒ පවුල් වල කොල්ලො නෑනේ.ඉතින් ගොඩක් ආසයි කොලුපැටියෙක් ඉපදෙනව නම්.

මේ කෙලි ලබ්බියො ගොඩක් හිටියට වැඩක්ද කොලුපැටියෙක් නැතුව...හදිසියකට කඩේකටවත් යවාගන්න පුලුවන්ද?...රෑක අසනීපයක් උනා...ත්‍රීවීල් එකක් ගේන්න යන්න පුලුවන්ද?...කෙල්ලොම ඉන්න ගෙවල් වල සමහර අම්මලා,ඔන්න ඔහොම කතා කියනව මට අනන්තවත් ඇහිලා තියනව.

කොල්ලො ගොඩක් ඉන්න පවුලක කෙනෙක්ට බබෙක් ලැබෙන්න ඉන්නව නම් ආසාවෙන් ඉන්නෙ කෙලිපැට්ටෙක්ට.ඒ ගොල්ලො හිතන්නෙ කෙල්ලක් ඉන්නව නම් ගෙදරට කොච්චර වාසනාවක්ද කියල.ලස්සනට අන්දලා හැඩ බලන්නත් පුලුවන්නේ.කොල්ලොන්ට කොච්චර කරත් අන්දන්න පුලුවන් කලිසම් ශර්ට්/ටීශර්ට් විතරනේ.කෙල්ලොන්ට එහෙමද? එක එක විදියේ වයිවාරන්න ඇදුම් පැලදුම්.

මේ දවස් වල අපිත් දෙවනියා එනකම් මග බලාගන ඉන්නව,කලින් එකා (මේ ඉන්නෙ කලින් එකා) දුවෙක් නිසා හැමෝම බලාගන හිටියා මේ සැරේ පුතු පැටියෙක් උනොත් කොච්චර හොදයිද කියල.ඒත් දොස්තර මහත්තයා කිව්වෙ "most probably a girl! " කියල.නැචුරල්ගෙ අම්ම නම් කිවෙ කවුරු උනත් කමක් නෑ මට නම් කියල.ආය අහක දාන්නැයි නේ.?මට නම් පොඩි දුකක් හිතුන.

නැචුරල්ටත් ඔනේ උනේ "කොල පාට මල්ලි කෙනෙක්".එයා කිව්වෙ එහෙම.ඒත් ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුවෙන දේම සිද්ද වෙන එක නෙමේනේ.ඒ නිසා දුක් වෙලා වැඩක් නෑ,ලැබෙන දේ සතුටින් බාරගන්න ඕනේ.

මේ අවුරුද්දෙ අප්‍රේල් 12,ඒ කියන්නෙ අලුත් අවුරුද්දෙ අපේ ගෙදරට අලුත් අමුත්තෙක් එනව,ඒ නැචුරල්ගෙ චූටි නංගිබබා.අපි ඔයා එනකම් මග බලාගන ඉන්නෙ.අක්කත් ඔයා එනකම් මග බලාගන ඉන්නවා.එයා පොඩි කාලෙ ඇදපු ඇදුම් ඔයාට දෙන්න,අන්දලා හැඩ බලන්න ,ඔයත් එක්ක බැලුම් බෝල සෙල්ලම් කරන්නත් බලාගන ඉන්නව!... 


 

40 comments:

  1. කවුරු උනත් මොකෝ. දරුවෙක් නෙව.
    දරුවෝ කියන්නේ සම්පතක් නේ.
    වින්ද්‍යා අක්කට සුබ පැතුම්
    දූ පැටියට දලදා සමිදු සරණයි !!

    ReplyDelete
  2. ලොකු අක්කටයි අලුත් දූ පැටියටයි බුදුසරණයි!!

    මේ නදී අක්කෙ ඔයාවත් ගෙදර කොල්ලා වගේ ඉන්නකො.. චංඩියා වගේ ඉන්න ඇ :D :D

    ත්‍රිවිල් 2-3 ක නම්බර්ස් හොයාගෙන තියා ගන්න..
    එතකොට මහ රෑට දුවන්න ඔන්නැනෙ.. කෝල් එක්ක දෙතැහැකි..

    ReplyDelete
  3. මට නම් කෙලි පොඩ්ඩක් හිටියාම හොඳටම ඇති...!!!

    ReplyDelete
  4. අපේ එවුන් තාම කියන්නෙ මෙයා ඒ කියන්නෙ මම කෙල්ලෙක් වෙන්න තිබ්බෙ අනී.. අනී කෙල්ලෙක් උණානං කොච්ච හොඳද... අනේ අම්මපා එතකොට මගේ මළ පනිනවා රිවස් එකට අපේ පවුලේ ආච්චිගෙ මුනුබුරේ 21 යි කෙල්ලො නැත

    ReplyDelete
  5. අපේ ගෙදර උන්දලාට නම් කොල්ලෝ කිව්වොත් ආයේ ඉවරයි.. මුළු පවුලේම ඉන්නේ කෙල්ලෝ නේ...
    ඒකට හරියන්න අපේ අක්කිටත් ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්..
    නදී අක්කත් මං වගේම ආඩම්බරකාර පුංචි කෙනෙක් නේද?
    නදී අක්කගේ අක්කිටයි, චූටි දුවටයි තෙරුවන් සරණයි! (දැන්ම නමක් එහෙම හදලද තියෙන්නේ?) :DD

    ReplyDelete
  6. අර කතාවට කියනවා වගේ දරුවෙක් කියන්නේ ශක්‍යතා පොදියක්, කොහොම උනත් අක්ක කෙල්ලට සුභ පැතුම්, කරදරයක් නැතිව ළමය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා....
    චූටි නචුරල්ටත් චූටි මල්ලියෙක් හරි නංගියෙක් හරි රෝස කැලෙන් හම්බවේවි.

    ReplyDelete
  7. ඔන්න මමනම් මුලින්ම කෙල්ලෙක්ට තමයි කැමති...කෙල්ලෝ දෙන්නෙක් හිටියට කොහෙත්ම වැඩි නෑ...තවත් ඉන්නවනම් හොඳයි.

    ReplyDelete
  8. මෙහෙම කතාවක් අහලා නැතෙයි ?

    ගෑනු දරුවෙක් ලොකු මහත් කරන්නේ පිටට දෙන්ඩ
    පිරිමි දරුවෙක් ලොකු මහත් කරන්නේ හැමදාකම ලඟ තියාගන්න ..

    ඔන්න ඕකයි වෙනඩ .

    ReplyDelete
  9. මම නම් හදන කාලෙක හදන්න කැමති ඉස්සල්ලා කොල්ලෙක් ඊලඟටත් කොල්ලෙක්....
    …ඔන්න එහෙනම් එන්න ඉන්න බබාටයි අක්කටයි දෙන්නටම තුණුරුවන් සරණයි.....!

    ReplyDelete
  10. අපේ නෑදෑ පරපුරේනම් දෙගොල්ලොම හරි සමානව ඉන්නවා.. ඒකත් මරු.. අවුරුදු කාලෙට් සෙල්ලම් කරද්දි එහෙම ගැහැනු vs පිරිමි.. කියන්න ඕන නෑනේ ඉතින් ඒකේ අපූරුව..

    ReplyDelete
  11. ආ කියන්න අමතක උනා ලොකු අක්කටයි දුවටයි තෙරුවන් සරණයි!!!

    ReplyDelete
  12. එක කෙල්ලෙක් උනා..දෙක කොල්ලෙක් කියලා හිතුවා ඒත් කෙල්ලෙක්...මේ පාරවත් බලන්න ඕනේ....

    ReplyDelete
  13. ශෝක්නෙ කෙල්ලෝ දෙන්නක් ඉන්න එක.. නියමයි..

    ReplyDelete
  14. ඔබත් හරිම මාතෘකා තමයි තෝරා ගන්නේ. මේක ඉතාම වැදගත්. මම ලස්සන කථාවක් කියන්නම්. ඔන්න අවුරුදු ගනන් ලමයි නැතිව දුක විදින අය මුලින් කියනවා. අනේ මොකෙක් හරි කමක් නැහැ අපිට ඕනෙ ලමයෙක් විතරයි කියලා. ඒක දැන් හරි කියමුකෝ. තව අවුරුදු දෙක යනකොට එනවා අනේ අපිට ඉන්න එකා පිරිමි එහෙම නැත්නම් ගැහැනු අනික් ජාතියෙත් එකෙක් හරි හිටියොත් හොඳයිනෙ කියලා. මෙහෙම තමයි මිනිස්සුන්ගේ ආශාවල්. මගේ එක මිත්‍රයෙක් ඉන්නවා. පොලිසියේ ලොකු මහතැන් කෙනෙක්. මිනිහට පිට පිටම ගැහැනු ලමයි දෙන්නයි. පස්සෙ මූ කොල්ලෙක් හොයාගෙන ගිය ගමන දැන් නෙට්බෝල් ටීම් එකකට කෙල්ලො ඉන්නවා ගෙදර.

    ReplyDelete
  15. මගේ කසිනලා ඔක්කොම කොල්ලොනෙ 15ක් විතර හිටියත් කෙල්ලෙක් බේතකටවත් නෑ...

    ReplyDelete
  16. බබාට යි අම්මාටට්යි නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..
    අපේ අම්මිත් හැමවෙලේම කියනවා කෙල්ලෝ තමයි හොද කියලා හිකිස්‌...

    ReplyDelete
  17. පුතෙක් උනත් දුවෙක් උනත් මොකෝ. දරුවෙක් කියන්නෙ ගෙදරට වාසනාවක්.

    ReplyDelete
  18. බබාටයි, අම්මටයි දෙන්නටම නිදුක් නිරෝගී ජිවිතයක් පතනවා...!

    ReplyDelete
  19. "සිරීපාදෙ වන්දවන්න හිස උලියල් බැඳලා..
    සිරි මා බෝ සාමිනී මම පිරිමි පුතෙක් නැතුවා....
    කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා..
    සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....

    ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
    පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි...

    ගෑණු අපිට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
    වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..."

    පේනව නේද පිරිමි පුතෙකුගෙ තියන වටිනාකම...

    මම ඊයක් එව්ව, උත්තරයක් ලැබුනෙ නෑ...? :/

    ReplyDelete
  20. දුවෙක් උනත් පුතෙක් උනත් හදවතට කිට්ටුවෙන් තියාගෙන හැදුවොත් වරදින්නැහැ

    ReplyDelete
  21. ඔයාගෙ අක්කටත් උපදින්න ඉන්න පොඩි එකාටත් තෙරුවන් සරනයි.

    මම ආසම සින්දුවක් ඔයා දාලා තියෙන්නෙ.

    ReplyDelete
  22. කෙල්ලෙක් ද කොල්ලෙක්ද?
    කෙල්ලෙක් ද කොල්ලෙක්ද?
    කෙල්ලෙක් ද කොල්ලෙක්ද?
    කෙල්ලෙක් ද කොල්ලෙක්ද?


    අනේ මන්දා මමත් හිතා ගන්න බැරුව මග බලන් ඉන්නවා....

    අක්කටයි බබාටයි බුදු සරනයි..

    ReplyDelete
  23. ඔයාගෙ අක්කටත් දුවටත් තෙරුවන් සරනයි.කිසි කරදරයකින් තොරව දරු උපත සිදු වේවා.

    මම හරි ආස සින්දුවක් ඕක.

    ReplyDelete
  24. අපි නං ලැබෙන්න ඉන්න පැටිය කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල චෙක් කලේ නෑ. මොකද අපිට ඕනෙ උනේ දරුවෙක් නිසා. හාමිනේගෙනං ටාගට් එක හතරදෙනෙක් . . . ඒ නිසා ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නෑ

    @වෙද මහත්තයා:
    මම දන්න පවුලකුත් ඉන්නව "මේ වතාවෙවත් කොල්ලෙක්" කියපු . . . අන්තිමට කොල්ල එද්දි කෙල්ලො 13යි . . . ආසාවෙ බෑ පංසල් යන්න එහෙම එලියට බැසාම . . . . හරියට නිකං බාලිකාවක් ඇරුන වගේ . . .

    ReplyDelete
  25. මෙහෙත් ඉන්න ජෝඩුවකට ලඟදි බබෙක් හම්බවුනා..
    කලින් කට්ටිය අහද්දි කොල්ලෙක්වද කෙල්ලෙකවද බලාපොරොත්තු වෙන්නේ කියල...
    ඌ කියන්නේ, "මම බලාපොරොත්තු වෙන්නේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි තමයිලු...."

    ReplyDelete
  26. ටී. බී හේරත්,
    සබඳ මට ඔය බෝදිය ඉදිරිපිට ගායනා කරන කවි එහෙමත් නැත්නම් හෑල්ල අවශ්‍යව සිටින්නේ. ඔබට හැකිද මට එය ලබා දෙන්න.

    ReplyDelete
  27. අපි දැන් ඉන්න ගමෙත් පවුලක් ඉන්නවා .. කෙල්ලොම හතරක් ඉන්න.
    ඊ ලඟ එකා කොල්ලෙක් වෙයි ..කියන මන්තරේ කියන්න ගිහින් තමයි එහෙම වෙලා තියෙන්නේ.
    අන්තිමේ මෑන් වැඩේ අතහැරල දැම්මා ලු.
    පුදුමෙ කියන්නෙ ඒ දුවල බැඳල දැන් උන්ටත් ඉන්නෙ කෙල්ලොමයි.
    බාලම දුව මේ ලඟදි බැන්දෙ. තාම ළමයි නෑ..
    පවුලෙ හැමෝම දැන් බලන් ඉන්නෙ එයාටවත් කොල්ලෙක් ලැබේවිද කියලයි.

    ReplyDelete
  28. හි හි මමනම් බැන්ද දවසක ලමයි එපා කිය ලා ඉන්නවා මටනම් තේරෙන්නෑ ඇයි මේ තරම් ලමයි වැදගත් කියලා පොඩි එවුන් දෙන දස වද දැක්කාම...මම පොඩි කාලේ අම්මට තාත්තට දීලා තියෙන්නේ සුපිරි වද එහෙම නෙමෙයි....

    ReplyDelete
  29. අපි දෙවනිය කෙල්ලෙක් වෙයි කියල හිතුවට දෙන්නම කොල්ලො අන්තිමට. තව ටික දවසක් ගිහින් බලනව මේ පාරවත් හරියාවිද කියල! කොල්ලො ඉන්නකොට කෙල්ලො ඕන, කෙල්ලො ඉන්නකොට කොල්ලො ඕන. සංසාරෙ හැටි!

    අපේ අම්මයි තාත්තයි තුනක් හදල ප්ස්සෙ ආව කෙල්ලෙක්, ඔන්න දැං ඒකි අපි තුනටම හපං. ඔව්ව ඔහොම තමයි සහෝ. ලිංගෙ මොක උනත් දර්වු දෙමාපිඅන්ට මැණිකටත් උඩින් කියල තීරෙන්නෙ දෙමාපියො උනාමයි.

    සුභ පැතුම් පවුලටම.!

    ReplyDelete
  30. සඳරුවාගෙ කතාව ෆට්ටපල් ඇත්ත....
    නදීව නං හොඳට උස් මහත් කරල තියෙනවා අම්මයි තාත්තයි.. හිත්.

    ReplyDelete
  31. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
    Replies
    1. කවුද මේ සයිට් වල ජැක් ගහන ජැකා? මම මේ එකම කොමෙන්ට් එක ඔබා මාමගේ සයිට් එකෙයි තව සයිට් දෙකතුනකයි දැක්ක. ඒ පාර අලුත් රෙස්ලිමක් ද?

      Delete
  32. @ වෙද ගෙදර මහ වෙදනා,
    හැකියි වෛද්‍ය තුමනි, මෙතැනින් බාගත කරගන්න...

    ReplyDelete
  33. කෙල්ලෙක් වුනත්,කොල්ලෙක් වුනත්, හොඳට හැදුවොත් රටක් වටී.....

    සුබ පැතුම්... :)

    ReplyDelete
  34. ඔය චෙක් කිරිල්ලට වරදින තැන් එමටයි. මගේ යාළුවෙක්ගෙ වයිෆ්ටත් ඔන්න ඔය වගේ පට්ටම නිවැරදි අනාවැකියක් කියලා තිබ්බා ලැබෙන්න ඉන්නේ කෙල්ලෙක් කියලා.ගෑනි ඉතින් ඔක්කෝම රෝස පාටින් ලෑස්ති කරගෙන හිටියෙ. ඒත් අන්තිමට බලද්දි හම්බ වෙලා හිටියෙ කොල්ලෙක්. අරුට තමා රෑ එළිවෙනකම් නිල් පාට පොඩි ඇදුම් මහන්න උනේ අන්තිමට. රෝස පාට ඒවා අන්දවන්නයැ කොලු පැටියට.
    "most probably a girl! "
    මට මේකත් පෙනෙන්නේ ඒ විදියටම තමා. ඒත් කවුරු උනත් තමන්ගේ දරුවෙක්නේ.

    නිරෝගී, වාසනාවන්ත දරු උපතකට මාත් නදීගෙ අක්කට සුභ පැතුවා කියන්න.

    ReplyDelete
  35. ලැබෙන්න යන දරු පැටියාට සහ ඔයාගේ අක්කට දළදා සමිදු පිහිටයි.. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ඒ තමුන්ගේ ලේ වලින් හැදුන දරුවා නේ.. කොච්චර එකක්ද දරුවෙක් කියන්නේ??

    ReplyDelete
  36. මධුරංග- ඔව් ඉතින් කවුරු උනත් සතුටින් බාරගන්නවෙනවනේ.බොහොම ස්තූතී.

    ඹුන්න්ය්-ඔව් ඔව් මම් කොල්ල වගේ තමා ඉන්නෙ.හ්ම්ම් එහෙම තමා කරන්න ඕන්.

    prasanna86k -ආහ් ඒ ඔයාට කැමති විදියනේ ඉතින්.

    නරකයා....!!-අනේ වාසනාවන් කොල්ලොම ඉන්න පවුලක් නේ.:)

    Ice (අයේෂා කුලතුංගා-අපේ ගෙදරත් කෙල්ලොම 2ක් නේ අලුතෙන් එන්නෙ ත් කෙල්ලොම.තාම නමක් දාල නෑ ආවම බලන්න ඔනේ හොද නමක්.:)

    සජිත්-ඔව් මල්ලි දරුවො නැත්වුඅ දුක් වෙන අය දිහා බලපුවම අපි කොච්චර සන්තෝස වෙන්න ඔනේද?කෙල්ලක් උනාම මොකද නේ.

    සයුරි-හ්ම් මම් නම් දෙජාතියෙන් 2ක් ඉන්නව නම් හොද යි කියල තමා හිතන්නෙ.එකම ජාතියෙනුත් හොදා ඉතින්:)

    හිස් අහස-හ්ම්ම්ම්:( කෙල්ලො කවදා හරි මහ ගෙදර දාල වෙන ගෙදරකට යනව දුකයි නේ ඉතින්.

    ReplyDelete
  37. බීටා-මම් නම් ජාති දෙකෙන් 2ක් :) බොහොම ස්තූතියි.

    ඪිනෙශ්-ආහ් මරුනේ.ගෙදර අයගෙන්ම අවුරුදු උත්සවයක් තියන්න පුලුවන්.ඔව් සමහර ගෙවල් වල කෙල්ලොම ගොඩක් සමහර ගෙවල් වල කොල්ලොම ඉන්නෙ.බොහොම ස්තූතියි මල්ලි.

    ඔබ නොදු‍ටු ලොවක්-ඔහොම ගිහින් ගිහින් කීයක් හදයිද දන්නෙ නෑ.කමක් නෑ ගහේ ගෙඩි ගහට බර වෙන්න විදියක් නෑනේ.:)

    සරත් ලංකාප්‍රිය-ඔව්.ආවම බලන්න ඔනේ කොහොමද කියලා.

    වෙද ගෙදර මහ වෙදනා-අහ් එහෙම තමා මගෙ යාලුවෙකුත් ඉන්නව කෙල්ලොම 5ක් එහෙ ඉන්නෙ.හ්ම්ම් දරුවො නැති අය කොච්චර දුකෙන්ද ඉන්නෙ.එහෙම බලද්දි අපි කොච්චර සන්තෝස වෙන්න ඔනේද?මොකා හරි දරුවනේ නේද?

    හරී-මරුනේ කොල්ලොම ගොඩාරියක් ඉන්න පවුලක් එහෙනම්.

    වර්ණා-බොහොම ස්තූතියි.ආ අපේ අම්ම කියන්නෙ කොල්ලො හොදා කියල.කෙල්ලො වැඩක් නෑලු.ඒ බොරුවට අපිව අවුස්සන්න.

    පිණිබිඳු...-අන්න හරි පිණි.ඔයා කියන එක සහතික ඇත්ත,දරුවො ගෙදරට වාසනාවක්.

    ReplyDelete
  38. ලොකු පුතා-බොහොම ස්තූතියි.

    ටී.බී. -සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....
    //මේ පැතිවල කෙල්ලොන්ටත් කියන්නෙ පුතා කියල නේ.අපිටත් එහෙමයි.මම් පොඩි පුතා.අක්ක ලොකු පුතා. ඒක වෙන්ඩෑ පිරිමි පුතෙක් ඉල්ලන්නෙ ඔය සිංදුවේ.

    කොල්ලෙක්ගෙ වටිනාකම දැනෙන්නෙ ඉතින් කොල්ලො නැති පවුල් වලට තමා.:/

    ඊ මේල් කවිකාරි-ඒකනම් ඇත්ත කවුරු උනත් හරියට හදාගත්ත නම් වරදින්නෙ නෑ.

    නිසුපා -මමත් ඒ සිංදුවට ආසයි.බොහොම ස්තූතියි.

    samadhi -අපි කැමති කෙනාම ලැබෙනව නම් හොදා නොලැබුනත් මොකෝ.අපීම එකෙක් නේ.විසික්කන්නැයි නේ?

    ඕනයා-අහ් ස්කෑන් එකේදි දොස්තර කියනව නේද.අපිත් නම් ඇහුවෙනෑ.දොස්තරම කීවේ.
    එහෙනම් බලමුකෝ දෙජාතියෙන්ම ඉදී.අහ් කෙල්ලොම ගොඩක් ඒ ගෙදර. 13 අම්මෝ දෑවැද්ද හොයන එක ලේසි වෙන්න නැතුව ඇති එහෙනම්.

    තාරක ඪිල්ශ්@න්-ඒකනේ ආය කෝකෙක් හරි කමක් නෑ නේද?

    කුමරය-ඔව් කෙල්ලොම ඉපදෙන පවුල් තියනව.කොල්ලොම ඉන්න පවුලුත් තියෙන්නෙ ඔය.

    ReplyDelete
  39. ගැමියාගේ පත් ඉරුව-අම්මො ඔව් වෙලාවකට මටත් එපා වෙනව අඩන කොට එහෙම.ඒත් නැතුව බෑ.පොඩි අය ඉද්දි පාලුවක් නෑ ගෙදරම එළියයි.

    ඉන්දික උපශාන්ත-ආහ්.ඔව් මොන ජාතියෙ උනාම මොකද දරුවා දරුවමනේ.බලන්න කො තව පාරක් ට‍්රයි කරලා එහෙනම්:)

    පැණි දොඩම්-හෙහ්.ඔයත් ඔය ඉන්නෙ හොදට උස මහතට.ආය මන් විතරක් යෑ. හික් .

    ජcක්සොන්ලිබ්‍රර්ය්-:)

    ජංජාල චාමර-අන්න එච්චරයි ඔනේ නේද.බොහොම ස්තූතියි.

    නාකියා-ඇහ් ඒකාලේ ස්කෑන් තිබ්බද?බොහොම ස්තුතියි නාකි සීයා.:)

    ක්සැන්ඩර් | Xander -හ්ම්.මමත් ඔන්න පබ්ලිශ් කරා ඉතින්.අනේ මන්දා.

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-අනේ ඔව් මොකා උනාම මොකද නේ.

    ReplyDelete