Monday, June 13, 2011

සුදු බදපටිය | White Belt - 02


සුදු බදපටිය | White Belt  - 01

බෝඩිමේ අක්කගෙ දුව කිව්ව දේ අපි එච්චර ගනන් ගත්තෙ නෑ.පොඩි එකානෙ තව,ඔහෙ කටට එන දේ කියනව ඇති කියල.අනික මමනම් කෙනෙක් ඇදගන ඉන්න ඇදුම් ගැන එච්චර  උනන්දුවකින් බලන්නෙ නැති නිසා ඒ ගැන මතකයක් හිටින්නෙම නැති තරම්.


සතිඅන්තෙ දවසක, අපිත් බෝඩිමේ ඉන්න වෙලාවක,එයාගෙ හොදම යාලුවගෙන් කියල කෝල් එකක් ආව,කිව්ව විදියට එයාගෙ තාත්තට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල.

නොයා බෑ කියල දනි පනි ගාල ඇදගන යන්න ගියා.ඇහුවහම කිව්වෙ  ටිකක් හවස් වෙයි කියල.දන්නෙම නැතුව වෙලාව ගිහින් ඇදිරි වැටීගනත් එනව,මෙයා තාම නෑ.ඒ මදිවට එදා හෙන වැස්සකුත් වැස්සා.අපිට එයාගෙ ෆෝන් නොම්බරේවත් දීල තිබ්බෙ නැ කතාකරල බලන්න වත්.බලෙන් අපි ඉල්ලන්න ගියෙත් නෑ.

ඒත් එයා එදා එද්දි රෑ 9ත් පහුවෙලා.බෝඩිමේ අක්කගෙන් ටිකක් බැනුනුත් ඇහුව,බලාගන හිටිය... පරක්කුවෙනව නම් කෝල් කරන්න තිබ්බෙ නැද්ද?...අපි මෙහෙ බය වෙලා හිටියෙ, අනික මේ වැස්සෙ!...කියල.

බෝඩිමේ අනිත් අයගෙ හිතත් එච්චර හරි නෑ මෙයත් එක්ක,ඒ කාටවත් මෙයාව එච්චර ඇල්ලුවෙත් නෑ.කාමරේ අපිත් එක්ක ඉන්න කෙනා නිසා අපිට එයාව අතාරින්නත් බෑ.අපි කෑම කද්දි එයාවත් හවුල් කරගන්නව,සමහර වෙලාවට.


දවසක් කිව්ව,දැන් ෆෝන් එක මම් පාවිච්චි කරන්නෙ නැ.කලින් සම්බන්දයක් තිබ්බ ඒක වදයක් වුනා,ඒ නිසා ෆෝන් එක අයින් කරා කියල. අපි දෙන්නත් ඉතින් පන්ඩිතයො වගේ  උපදෙස් දුන්න,නොගැලපෙන දෙයක් නම්,ඕව පැත්තක තියල ඉගනීමේ වැඩේ ඉවර කරගන්න,පස්සෙ බැරියැ කොල්ලෙක් හොයාගන්න කියල.


ඊට පස්සෙ අපිත් එක්ක හොදින් හිටිය ටිකකාලයක්,වැඩ ඇරිල එද්දි හවසට කන්න මොනාහරි ගෙනාවත් කාමරේ ඉන්න එකානෙ කියල එයාටත් අපි ගෙනාව දෙයක් තියල තියනව,තේ බොන වෙලාවට හිටියොත් තේ එකකුත් හදල දෙනව.එයා සමහර වෙලාවට කැම්පස් කැන්ටිමෙන් තේ බීල එනව කියනව,බෝඩිමේ තේ බොන්න කලමනා එයා ලග තිබ්බෙ නැ.


අනිත් අයට එයා කොච්චර ඇල්ලුවෙ නැද්ද කියනව නම්  කිසිම කෙනෙක් එයා එක්ක හරියට මූණ බලලා කතා කරේ නෑ,අපි දෙන්න ඇරෙන්න.ඒ දවස් වල අපේ දිලා අසනීපෙන්, මහරගම කැන්සර් හොස්පිටල් එකේ.අපි දෙන්න යන්න දන්නෙ නැතුව මේ නංගි තමයි අපිව එක්කගන ගියෙ.

26 comments:

  1. කතාව ඉවර නෑනේ.හැමදාම බාගයයි.ඉතිරි ටිකත් දාන්න. :P

    ReplyDelete
  2. හහ්...... මෙගා කතාවක්ද...?

    ReplyDelete
  3. කෝ අනික් ටික???

    ReplyDelete
  4. බෝඩිමේ ලියවුණු කතාව. ඊලඟ කොටස එනතුරු බලා ඉන්නවා.

    ReplyDelete
  5. ඊට පස්සේ මොකද උනේ කියලා ඉක්මනට ලියන්න.. අභිරහස් චරිතයක්නේ ඔයාලගේ යාළුවා..

    ReplyDelete
  6. අපොයි බාගෙට කතාව දාලා අපේ රසවින්දනය අහොසි කරනවනෙ අනේ.... නරක සමනලී....

    ReplyDelete
  7. @සීතල අයියා- ඉතිරිටික ලියන්නම් දිග වැඩිවුනාම් කියවන්නෙ නැතිනිසයි කොට කරේ

    ReplyDelete
  8. @නරකයා....!! - මෙගා වෙන හැඩයි.

    ReplyDelete
  9. @ශ්‍රී- අද ලියන්න ඕනෙ.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා- අද කොහොමහරි දාන්නම් කෝ.

    ReplyDelete
  11. @Dinesh- ඕව් ටිකක් විතර ඒවගේතමා.

    ReplyDelete
  12. @අපරාජිතයා :::: Aparajithaya- එහෙම එකක් කරන්න හිතුවෙනෑ.කතාව ලියද්දි ටිකක් විතර දිගට යන නිසා කෙටි පෝස්ට් විදියට දාන්න හිතුනා.

    ReplyDelete
  13. ලියාගෙන යන්න අපි කියවනවෝ . . .

    ReplyDelete
  14. කවුරුවත් නොහිතන දෙයක්ද වෙන්න යන්නෙ.

    ReplyDelete
  15. @දුකා- එහෙනම් බලන්න,අනිත් කොටස් ඉක්මනට දාන්න ඉන්නෙ

    ReplyDelete
  16. යනවිදියට කතාව හොඳ හැඩයි.ලියමු බලන්න අපිත් බලාගෙන ඉන්නෙ

    ReplyDelete
  17. @පිණිබිඳු...-හ්ම්...බලන්න එහෙමමත් නෑ

    ReplyDelete
  18. @කස්සා- කියවලම බලන්න.

    ReplyDelete
  19. සස්පෙන්ස් සස්පෙන්ස් ඔහොම යමුකෝ අන්තිමටම !

    ReplyDelete
  20. සම්බන්ධයක් හින්දා ෆෝන් එක පාවිච්චි කරන්නේ නෑ කියන එක නම් අමූලික බොරුවක්. මොකද සිම් එක මාරු කලා නම් ඉවරයි නේ. මේක නිකන් හිසේ අමාරුවට කොට්ට මාරු කරනවා වගේ වැඩක් නේ.

    මේ හුස්මටම ඊලග කතාවත් කියවලා දානවා.

    ReplyDelete
  21. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න .... කොහොම උනත් ඔය යාලුවා නිසා ඔයාල අමාරුවේ වැටුනේ නැත්තම් එච්චරයි.

    ReplyDelete
  22. @සරත් ලංකාප්‍රිය- යන් යන් :)

    ReplyDelete
  23. @මධුරංග- අපිටත් නොතේරුනා නෙවේ.ඒ එයා කීව හැටිනේ

    ReplyDelete
  24. @Soda ගුනේ- නැනෑ අපිට නම් මොනවත් වුනේ නෑ.

    ReplyDelete
  25. @කල්හාර දිසානායක- ඔය දාල තියෙන්නෙ

    ReplyDelete