Thursday, June 23, 2011

ගේ දොර හරි උකස් කරන් මෙහෙට හනික වරෙන් මචං රස්සා දෙක තුනක් කරන් සල්ලි හොයමු එළට මචං

කම්මැලිකමට සිංදුවක් අහන්න හිතිල නෙට් එක පීරද්දි තමා මේ සිංදුව අහන්න ලැබුනේ,බලන්නකො ඔයාලත් අහල, මතුපිටින් පෙනෙන සුන්දරත්වයට වඩා එහා ගිය දෙයක් මේකෙන් කියවෙනවද කියල.

ගේ දොර හරි උකස් කරන්
මෙහෙට හනික වරෙන් මචං
රස්සා දෙක තුනක් කරන්
සල්ලි හොයමු එළට මචං

කොලෙජ් එකට ගියත් මචං
වැඩක් නෑනේ මරුනෙ මචං
මාරම ෆන් මෙහෙදි මචං
උඹ එනවද ලගදි මචං

මෙහෙ කෙල්ලන් පිස්සු මචං
දැක්කොත් උඹ අඩයි මචං
උඹ ආවොත් අපි දෙන්නම
පැනලා ලව් කරමු මචං 

ලිපියේ මම් නොලීවාට
තව තව වැඩ ගොඩයි මචං
මම දැන් මෙහෙ පොරනෙ මචං
යාලුවො සෙට් ගොඩයි මචං

මෙහෙ ආමුල් දිනේ පටන්
කරන්න වැඩ ගොඩයි මචං
බැලු බැලු අත පිස්සු මචං
මටත් පිස්සු ඩබල් මචං

සල්ලි අතේ ඇතොත් මචං
සුරලොව මේ රටනෙ මචං
කන පැලෙන්න බොන්න මචං
විස්කි ජාති ගොඩයි මචං

ලංකාවේ ඉද්දි මචං
නිදහස නෑ අපිට මචං
මාරම හැපි මෙහෙදි මචං
උඹත් වරෙන් වීසා අරන්

 නෙට් එකට අප්ලෝඩ් කරල තිබ්බෙනම් මෙන්න මේ විදියට.
machan _ratagiya kaalakanniya_Akalanka Mallawa ft Gayan C

21 comments:

  1. මේ පිස්සුවට අහුවෙලා දෙමවුපියන්ගේ දෙපලත් නැතිකර ගත්ත අය බොහොමයි.. සමහරක් බෝට්ටුවෙදීම අල්ලාගෙන ...තවත් අය අතරමග..

    ReplyDelete
  2. සිංදුවේ පද ටික නියමයි. කියවද්දිත් හිනා යනවා. සිංදුවත් අහලා බලන්න ඕනේ.

    ReplyDelete
  3. ජිවිතේ කියන්නේ ඔය කියන ෆන් එකම නොවෙයි නේද.. අනේ මන්ද ... මමත් රට අවා සල්ලි හොයන්න කියල එත් එක්ක නැති උන දේවල් ගොඩයි ...
    අනික ඉතින් මෙහෙ ඉන්න අපේ ගොඩක් අයට අමතකයි මෙහෙට අවේ මොකටද කියල. කොටින්ම අතල ගන්නනොවෙයි නේ මෙහෙට එන්නේ නෙදා????

    ReplyDelete
  4. සින්දුව අහල, මටත් රට යන්න හිතුන... හිකි හිකි..

    ReplyDelete
  5. ඇත්තටම පිටවටවල් ඔහොමනම් ලංකාවෙ කව්රුත් ඉතුරු වෙන්නෙ නෑ.සිංදුවනම් ලස්සනයි.ඒ උනාට බාගෙට බාගයක් ඇත්තනම් නෙමෙයි.එදා වේල කන්න කොච්චරක් නම් නැහෙන්න ඕනද පිට රටවල.

    ReplyDelete
  6. ඇහුව මත් පිස්සු වගෙයි.
    එක අතකට සිංදු හැදෙන්නෙත්..පවතින වාතාවරනයට අනුවනේ.

    ReplyDelete
  7. පට්ටයි ............ , ගීතයේ අන්තිමට වීසා අරං වරෙන් කියපු එක නං හොදා .....
    හැබැයි අධ‍ය්‍යාපනය සදහා විදෙශ රට වලට සිසුන් යවන ( Education Consulting Office or Agency ) දිවයිනේ ප්‍රරමුඛ ආයතනයක වැඩ කරපු කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ ටිකක් පරිස්සන් වෙන්න කියල තමයි . විශේශයෙන්ම UK යනකොට .

    ReplyDelete
  8. ආ මේ තියෙන්නේ පොස්ට් එකකුත් දාලා... මොනවා උනත් නියම සින්දුව..

    ReplyDelete
  9. ෂඃ පිස්සු පීකුදු! මේ සිංදුව මරුනේ මචං :D

    ReplyDelete
  10. ඔය ලියලා තියෙන තරම් සුන්දරත්වය ආවම හොයාගන්නත් බෑ.. එකයි ඇත්ත..

    ReplyDelete
  11. මං දාන්න හිටපු ටීකාව ළමයා දාලනෙ :)

    ReplyDelete
  12. තියෙන්නෙ ඇත්තම නෙමෙයි උනත් සින්දුව නියමයි...

    ReplyDelete
  13. මොනවා උනත් මරු සින්දුව :D

    ReplyDelete
  14. සිරා සින්දුව මචං හික් හික්.............

    ReplyDelete
  15. ඇත්තටම කිසිම සමාජ අත්දැකීමක් නැති අවුරුදු 20, 25 හේ පොඩි කොල්ලො රට ගියාම නූල කැඩිච්ච සරුංගලේ වගේ බලාගෙන ඉන්දැද්දි විනාශ වෙනවා .....

    ඕක සිංදුවක් උනාට සහතික ඇත්ත කියලා තියෙන්නෙ .........

    ReplyDelete
  16. සමහරුන්ට අසිමීත නිදහස ලැබුනාම පිස්සු හැදෙනවා.
    ඒත් සමහරු එහෙම නෑ. ලෝකේ කොහේ ගියත් තමන්ගේ සීමාවේ
    ඉන්න දන්නවා.

    ජය!!

    ReplyDelete
  17. හප්පා . . . අපේ ශ්‍රී ලාංකීය සංගීතයේ නිම් වළලු පුලුල් වුනේ මේ විදිහටද ? . .. දුකේ බැරුවා . . .

    ReplyDelete
  18. @ Gimhani ඔයා කිව්ව දේ සහතික ඈත්ත.මෙහේ ඉන්න අපි මෙහේ රගේ දන්නේ.මගේ යලුවෙක් ලගදි මෙහේ ආවා,ගිය මෑයි 15.හෑබෑයි එයා ලංකාවට මාස 2ට පස්සේ ආපහු ගියා.හෑබෑයි ආව විදිහට නම් නෙවෙයි.අවුරුදු 18උස් මහත් කරපු ඒ අම්මයි තාත්තටයි නරක නමක් දීලා.එයා රිය අනතුරකින් මිය ගියා,අනතුරට හේතුව බිමත්ව අධ්ක වේගයෙන් රිය පෑදවීම.වයස අවුරුදු 18යි.අදටත් ඒ අම්මා අඩනවා.

    ReplyDelete