Wednesday, June 15, 2011

පංච තන්ත්‍රය



දඹදිව "මහිලාරොප‍‍ය්‍ය" කියන නගරයක රාජධානිය පිහිටුවාගන රජකම් කරා අමරශක්ති කියල රජතුමෙක්.ඒ රජතුමාට හිටියා පුත්තු තුන්දෙනෙක්, "බහු ශක්ති,උග්‍ර ශක්ති,අනන්ත ශක්ති" කියල.


ඒ අය ටිකක් විතර දුර්බුද්ධිමත්.ඒ අය වෙනුවෙන්  තමයි මේ පොත ලියල තියෙන්නෙ,ඒ මීට අවුරුදු 2000කට විතර ඉස්සර, ඒ කාලෙ ඉන්දියාවේ හිටිය "විෂ්ණු ශර්මන්" කියන  මහා පඩිවරයා.


කෙටියෙන් කියනව නම්,මේ පොත යහපත් චරිතයක් ගොඩනගා ගන්නේ කෙසේද? යන්න පැහැදිලි කරන දේශනා ආශ්‍රයෙන් සකස් වූවක්.මේකෙ සිංහල අනුවාදයකුත් තියනව.ලියලා තියෙන්නෙ හේමපාල මුනිදාස විද්වතානන්,දැනට භාෂා 70වකට විතර පරිවර්තනය වෙලත් තියනවා.ලොකු කුඩා කාටත් කියවන්න සුදුසුයි.

මම් කියවු පොත් අතරට එකතු වෙන එක පොතක් පංචතන්ත්‍රය,මේ පොත මට තෑගිකරේ මගේ සා.පෙල ප්‍රථිපල වෙනුවෙන් අප්පච්චි.ඔයාලත් කියවල නැත්තම් කියවල බලන්න,එකිනෙකට ඈදෙන පුංචි පුංචි කතා ගොඩක් තියනව.

15 comments:

  1. මටත් මේ පොත ඉස්කෝලෙන් තෑග්ගක් විදියට ලැබුනෙ. එදාම මේ පොත කියවල ඉවර කලා. හරිම ලස්සන කතන්දර ගොඩක් තියනව, ඒ වගේම ඒ සෑම කථාවකින්ම ඉතාම වටිනා පාඩමක් කියල දෙනව. කවුරුත් කියවිය යුතු ඉතාම වටිනා පොතක්.
    (මගෙ ගාව තියන පොතේ නම් පිටකවරය මීට වඩා වෙනස් :) )

    ReplyDelete
  2. පංච තන්ත්‍රයේ සමහර කතා නම් පත්තර වලින් කියවලා තියෙනවා. ඒත්... එකපාර පොතම නම් කියවලා නෑ. මේදවස්වල ගෙදර නිසා අපේ ප්‍රධාන පුස්තකාලයට යන්න උනේ නෑ. ගියහම හොයාගෙන කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  3. එහෙම කිව්වම කියවන්න ආස හිතෙනවා.
    තාම නම් කියවලා නෑ.
    බලමු ට්‍රයි එකක් දීලා.

    ReplyDelete
  4. මමත් කියවලා නම් තියෙනවා,මගේ මතකය හරි නමි දිවයින පත්තරේ කතා පල වෙනවා.

    ReplyDelete
  5. @ටී.බී. හේරත්- ඔව් පොඩි අයටත් දෙන්න වටින්නෙ අන්න ඒ නිසා පොඩි කතා ගොඩක් තියනව.ඒ හැම එකකින්ම මොකක් හරි උපදේසයක් දෙනව.

    ReplyDelete
  6. @මධුරංග- ඔව් මමත් දැකල තියනව පත්තර වලත් මේ පොත අනුසාරයෙන් කතා දාල තියනව

    ReplyDelete
  7. @- නිල් අහස - - එහෙනම් වෙලාවක කියවලා බලන්න

    ReplyDelete
  8. @ChammA- මටත් මතකයි පත්තර වල කතා දාල තියනව

    ReplyDelete
  9. ජීවිතේ හුඟක් අවස්ථාවලට යොදාගන්න පුළුවන් උපදෙස් ගොඩක් පංච තන්ත්‍රයේ තියෙනවා. මමත් බොහොම අගය කරන කෘතියක්....සමහරක් කතා ජාතක කතාවලට සමානයි..

    ReplyDelete
  10. මාත් ඔය පංච තන්ත්‍රයේ සමහර කතා කියවලා තියනවා.... ඒ උනාට මොලු පොතමනම් කියවලා නැහැ..... ජීවිතයට ගන්න ගොඩාක් දේවල් ඔය කතාවල තියනවා.....

    ReplyDelete
  11. @සරත් ලංකාප්‍රිය- හ්ම්...පොඩි කතා ගොඩක් තියන නිසා ආසාවෙන් කියවන්න පුලුවන් කම්මැලි නැ

    ReplyDelete
  12. @අපරාජිතයා :::: Aparajithaya- මම් නම් මුලු පොතම කියවල තියනව

    ReplyDelete
  13. පංච තන්ත්‍රය ගැන අහලා නම් තියනවා .....
    ඒත් මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අද ......

    ReplyDelete
  14. @පන්සල් හංදිය- අහ්...බබාල ටිකක් ලොකු උනාම එයාලට කියවන්න අරන් දෙන්න.

    ReplyDelete
  15. මාත් පංච තන්ත්‍රය කියවලා තියෙනවා..ඒ වගේම අගය කරනවා...ඒත් ඒකේ ස්ත්‍රී පාර්ශවය ගැන හොදක් කියවෙන්නෙම නැනේ...ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දුශ්චරිතය විතරයි කියලයි ඒකේ කියන්නේ..

    ReplyDelete