Monday, April 25, 2011

ගොගලයිස් මාලුකාරයා


ගොඩක් අය දන්නව ඇති අර ඇස් එලියට පැනල වගේ ඉන්න ගොගලයිස් මාලු ගැන.අද මම් කියන්න යන්නෙ ඒවගේ මනුස්සයෙක් ගැන. අපි එයාට  කිව්වෙත් "ගොගලයිස්"  කියල.එයා මාලු විකුණන කෙනෙක්, බයිසිකලයක මාලු පෙට්ටිය තියන් පාරෙ යනව මලෝ.... මාලෝ... කිය කිය.වැව්මාලු තමයි විකුණන්නෙ, උදේ 9.30-11 අතර වෙලාවට තමයි පාරෙ යනව දකින්නෙත්.

දවසක් අපිත් මේ මනුස්සයගෙන් මාලු ගත්ත,ඇස් දිහා බලන්න අමාරුයි ටිකක් විතර ඇයි ඇස් එලියට ඇවිල්ල නිසා.මූනෙ හරියටම ඇහැ ලගම කැපුම් පාරකුත් තියනව.මට නම් පෙනුනෙනෙම හරියට නිකම් මැරයෙක් වගේ කියල.

දවස් කීපයකට පස්සෙත් මේ මාලු කාරය යනව ගේ ලගින් මාලෝ ...කියාගන, එතකොට අල්ලපු ගෙදර සීයා තමයි විස්තරේ කිව්වෙ සිංහල දෙමළ කලබල කාලෙ අපේ ගෙවල් ලග ඉදල තියනව දෙමළ මිනිස්සු වගයක් පදිංචිවෙලා, අපි මෙහෙට එන්න කලින්.

මේ මාලු කාරය ඒදවස් වල ඔය රන්ඩුවලටත් යනවලු.අර දෙමළ කට්ටියගෙ ගෙදර කඩන්නත් ගිහින් පොල්ලකින් ගෙදර ජනේලයක වීදුරුවකට ගහන්න ගිහිල්ලා, ඒ වීදුරු කටු ඇහේ ඇනිලලු ඔය ඇස් එලියට ඇවිල්ල තියෙන්නෙ.සීයනම් කිව්වෙ අනුන්ට කලදේ තමන්ට පලදේ කියල.

ඒ ගෙදර හිටපු දෙමළ අයව බේරගන තියෙන්නෙ සීයල,පස්සෙ ඒ ගොල්ලො ගෙවල් අත ඇරල දෙමල අය ඉන්න පැත්තකට ගිහින් තියනව.මට මතක විදියට අපි පුංචි කාලෙ රාජා කියල අය්ය කෙනෙක් නිතර ආව ගියා සීයලගෙ ගෙදරට.අපිට ටොපිත් අරං එනවා.ඒ අර දෙමළ කට්ටියගෙ පුතෙක්ලු.

19 comments:

  1. ගොගල්යිස් කියන නම නම් පට්ට !! අර පොරට මරුවට ගැළපෙනවා ඇති නෙ ?

    ReplyDelete
  2. @කුක්කු පැටියා- හෙහ් හෙහ් ඕව් ඒවගේමයි

    ReplyDelete
  3. අක්කලාගේ ගෙවල් පැත්තෙත් ඉන්නේ මාරම මිනිස්සු නේ. අර මාලු ටැංකිය ගැන ලිව්වට පස්සේ වෙන්න ඇති මේ කතාව මතක් උනේ.

    කල කම් පලදේ. ඒ උනාට පව්. මොනා කරන්නද පව් කලානම් ඒ පවට විදවන්නත් වෙනවනේ.

    ReplyDelete
  4. @මධුරංග- ඔව් මාලු ගෑන ලියන්න ගිහින් තමා මේක මතක් උනේ.අපි කරපු හොද නරක පස්සෙන් එනව කියන්නෙ ඕක තමා

    ReplyDelete
  5. කළ කම් නම් පළ දෙනවාමයි. ඒත් පව් ඒ මනුස්සයාත්.

    ReplyDelete
  6. මම හිතන්නෙ ඒක ගූගල් අයිස් (:D) වෙන්න ඇති කියල, බලන්නකො ඇස් දෙක තියෙන්නෙ හරියට ගූගල් එකේ බෝල වගේනෙ!

    ReplyDelete
  7. දැක්කනේ වැරදි වැඩේ නොකලත් කරන්න හදපු එකටත් ඵල විපාක ලැබිල.

    ReplyDelete
  8. @සීතල අයියා- පව් තමා ඒත් මොනව කරන්නද?කළකම් පලදේලුනෙ

    ReplyDelete
  9. මෙ කාලෙ "අනුන්ට කලදේ තමන්ට පලදේ" කියන එක ඔට්ටු නෑ.ඔන්ටම තමා හරි යන්නෙ.

    ReplyDelete
  10. @සසීන්ද්‍ර වීරසිංහ-ගූගල් අයිස් වගේ තමා හරියටම.පව්

    ReplyDelete
  11. @JHOTHISHALANKA- හ්ම්...නරක සිතින් කරන දේ වල බලපෑමත් නරකයිනෙ

    ReplyDelete
  12. @සීතල අයියා-පස්සෙ කාලෙක හරි ඒවට රිටර්න් එක හම්බවෙයි

    ReplyDelete
  13. සමහර විට ඔය කලින් ආත්ම වල කරපු දෙවල් නිසා වෙන්න ඇති.. එත් කාගෙවත් දුර්වලකම් වලට හිනා වෙන එක වැරදියි...

    ReplyDelete
  14. @Dinesh-කලින් ආත්ම වල කරපු දේවල් නෙමේ මල්ලි.මේ ආත්මෙ කරපුවට තමා ඔය ඔහොම වෙලා තියෙන්නෙ.ඔව් දුර්වලකම් වලට හිනාවෙන එකනම් වැරදී තමා.ඔය අපි පොඩි කාලෙ හදාගත්ත නමක්.කොහොම උනත් පව් ඒ මනුස්සය.

    ReplyDelete
  15. දිට්ටධම්මවේදනීය කර්මයක්.

    ReplyDelete
  16. hi nadee......do u know about ornamenal fish

    ReplyDelete
  17. පාර්ලිමෙන්තුවෙත් ඉන්නවා ඔහොම ගොගලයිස් කෙනෙක් :P

    ReplyDelete