Wednesday, April 27, 2011

කරේ යන්නෙ බලාගන


මේ කතාවත් අවුරුදු 20කට වඩා පරණ කතාවක්.මේකට සම්බන්ද අපේ අක්කයි,මමයි.අපේ අක්ක හරියටම මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල්,එයා ගොඩක්ම කෙට්ටුයි පොඩි දවස් වල.ඒකටත් එක්ක මම මහතම මහතයිලු.අම්ම නම් කියන්නෙ ටික වෙලාවක් වඩාගන හිටියොත් අතේ අමාරුවත් හැදෙනව කියල.මමත් ටිකක් ලොකු උනාම,ඒ කියන්නෙ අවුරුදු 3ක් 4ක් වෙන්න ඇති,දවසක් අපි දෙන්න හැංගිමුත්තන් සෙල්ලම් කර කර ඉන්නවලු.

ඕකෙදි ඉතින් හැංගිලා ඉන්න එකා ඉස්සරහට කඩන් පනින එකනෙ කරන්නෙ  හූ...දැක්කා!!...කියාගන.අක්කා හැංගිලා ඉන්න වෙලාවක මම හොයන්න යද්දි අක්කව හම්බවෙලා,එයා ඉදල තියෙන්නෙ පිටිපස්සට හැරිල,එක පාරටම ආ...මේ ඉන්නෙ! කියල හිතලා මමත් එයාගෙ කරේ එල්ලිලා.මම් කරේ එලිච්ච පාරට අක්කගෙ  උරහිසේ අස්ථියකුත් බිදිලා,අර රූපෙ තියන අස්ථිය තමයි බිදිල තියෙන්නෙ.

කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් ලගට ගිහිල්ලු ඒක හදාගත්තෙ,තෙල් ටිකක් එහෙම උරහිසේ ගාල කතා කර කර ඉන්න ගමන් අක්කගෙන් නම එහෙම ඇහුවලු.එක පාරටම ටොක් ගාල කැඩිච්ච අස්ථි කෑල්ල යටට එබුවලු.ඊට පස්සෙ එක පාරම හරි ගියා කියල තමයි අම්ම කිව්වෙ.මේ කතාව මම් අහගත්තෙ ලගදි දවසක් නැචුරල්ව ලුනු කරේ ගෙනියන්න ගිහින්.

36 comments:

  1. කිරි අම්මේ !!!! ඇග සීතල වෙලා ගියා. අක්කත් මාරම වැඩ තමයි අක්කගේ අක්කට කරලා තියෙන්නේ. දැන් හොදයිද ඒ බිදිච්ච අස්ථිය ?

    ReplyDelete
  2. මාත් පුංචි කාලෙ එහා ගෙදර අයියගෙ ඇහැට පැන්සලෙන් ඇනලා. ඒ අයියා තාම කණ්නාඩි දානවා.

    ReplyDelete
  3. @මධුරංග- ඔව් හොදයි,ඕක වෙලා ගොඩක් කල්නෙ.දැන් ඔය යස අගේට ඉන්නෙ.

    ReplyDelete
  4. @පිණිබිඳු...- ඔහ් ඔයාත් නියම වැඩකාරියක්නේ.මොකෑ බොලේ ඒ ඇහැට පැන්සලෙන් ඇන්නෙ?ආ...මමත් පොඩි කාලෙ පිරිමි ලමයෙක්ගෙ ඔලුව පලලා තියනවා ගලකින් ගහල.

    ReplyDelete
  5. හප්පේ හිතාගන්නත් බැහැනේද මෙහෙම කැඩිච්චි අස්ථියක් තෙල් බෙහෙත් වලින් සනීප වෙනවා කියන එක

    ReplyDelete
  6. @RanDil- ඔව් ඒක තමා,බලන්නකො.

    ReplyDelete
  7. පිණිබිදුවාගෙනුයි නදී අක්කගෙනුයි කවුරු කවුරුත් පරිස්සම් වෙලා ඉන්න එක ඇගට ගුණයි වගේ. ඔන්න ආයේ මොනාහරි කරගෙන නොකිව්වයි කියලා කියන්න එපා. :)

    ReplyDelete
  8. @මධුරංග- අය්යෝ...ඔව්ව ඉතින් හිතල කරපු දේවල්යෑ...ඕන් ඔහෙ අමතක කරල දාමු මල්ලි. :)

    ReplyDelete
  9. "ගෝනි නැතිව වරෙං කරට..." :D

    ReplyDelete
  10. අනේ මගේ අම්මේ අරක දැක්කම බය හිතේනවා..හෙහ්... මමත් ආසම වැඩක් කාට හරි කණ පැලෙන්න ගහන්න ..ඉස්සර නම් ගහගන්නවා..අදුරන අය එක්ක ..නොදන්න අය එක්ක යන්නේ නැ බයයි වැඩිපුර ගුටි කයි කියලා

    ReplyDelete
  11. නදි අක්කත් පොඩි කාලේ මාර වැඩ තමයි කරලා තියෙන්නේ.....

    ReplyDelete
  12. @ටී.බී. හේරත්- හික් හික්...

    ReplyDelete
  13. @නිම්ශා- එහෙනම් හොද කෙනෙක් අල්ලල ගුටියක් ගහලම බලන්නකො :)

    ReplyDelete
  14. @Dinesh- එකනේ බලන්නකො නේද?

    ReplyDelete
  15. අම්මෝ මේ පැත්තට ආවෙම අදයි. බැලුවම ඇහැට ඇනපුවා, කණ පලන ඒවා, ඇටකටු කඩන ඒවා බයේ බෑ. ඔන්න මම නම් අහිංසකයි. :D
    විහිළුවක් වගේ පෙනුනත් කාටත් හිතන්න දෙයක් තියනවා ...

    ReplyDelete
  16. අප්පේ.. අලියෙක් එල්ලුනා වගේ වුනාම ඉතින් බිඳිලා බේරුණා ඇති අක්කව...

    ReplyDelete
  17. @priyantha- මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි.අපිත් ගොඩක් අහිංසකයි තමා :)

    ReplyDelete
  18. @චතුවා (ළමයා)- ආ...කව්ද දන්නෙ නැ අලියා

    ReplyDelete
  19. අම්මෝ... මාර සීන් එක. මගෙයි අපේ අක්කගෙයිත් පොඩි කාලේ සයිස් එක ඔය වගේ තමයි. අක්කා කෙට්‍ටුම කෙට්‍ටුයිලු. මම බෝලයක් වගේ මහතම මහතයිලු... :D

    ReplyDelete
  20. ඔය උරහිසේ තියෙන අස්ථිය (අක්ශකාස්ථිය) එච්චර හයිය නෑ.පොඩි දේකදි උනත් ලේසියෙන් කැඩෙන්න පුලුවන්.ලුනු අරන් යන්නෙත් පරිස්සමෙන් හොදේ.දැන් ඒ වෙද මහත්තයා ඉන්නවද දන්නෙත් නෑ නේ.

    ReplyDelete
  21. බතලි.........

    ReplyDelete
  22. @කොට ජීවිතේ-හී...එහෙනම් ඔයාලගෙත් පොඩි කාලෙ හොද කතා ඇති.

    ReplyDelete
  23. @rajith- ඒ වෙද මහත්තය මැරිල ගොඩක් කල්.ලුනු අරන් ගියාට ප්‍රශ්නයක් වෙන එකක් නැ,ඒ බබා කෙට්ටු නිසා :)

    ReplyDelete
  24. prasanna86k ගේ APRIL 26, 2011 7:46 PM ටීකාව හා බැඳේ,
    චිත්ත රූප මැවෙන භාශා විලාශයකින් ඉදිරිපත් කර ඇති ඔබේ ටීකාව දුටු සැණින් මගේ මුවඟට සිනහවක් නැගුනේ නිරායාසයෙනි.

    ReplyDelete
  25. ඔක්කොමල එක එක දේවල් කිව්වනෙ...
    දැන් මගේ ප්‍රශ්ණය මේකයි ...
    ඔයා තවම ඒ විදිහටම මහතද ...?

    ReplyDelete
  26. @ටී.බී. හේරත්- ආ...මේන් වැඩක්

    ReplyDelete
  27. @kumaraya- අනේ නෑ.කෙට්ටුම කෙට්ටුයි.අම්ම බත් පිගාන අරන් අර පොඩි කාලෙ වගේ පස්සෙන් ඇවිද ඇවිද බලෙන් කවන්නෙ.මට කන්න හිතෙන්නෙම නැනෙ.අම්මනම් කියන්නෙ තිබිලත් කන්න පින නෑ කියල :(

    ReplyDelete
  28. නදී ගේ APRIL 27, 2011 3:14 AM ටීකාව හා බැඳේ,
    කෝ?, මොකක්ද?

    ReplyDelete
  29. නදී ගේ APRIL 27, 2011 3:16 AM ටීකාව හා බැඳේ,
    අඩුවෙන් ආහාර ගැනීම නොහොත් 'ඩයට් කිරීම' ගොඩක් ගෑණු ළමයින් ගෙ 'විලාසිතාවක්' නෙ...

    ReplyDelete
  30. @ටී.බී. හේරත්- මොන විලාසිතාද අලෝ.මම් නම් කෑම කියන විෂයට විලාසිතා කරන්නෙ නෑ.කනව මිසක්.

    ReplyDelete
  31. කන එක අවශ්‍යතාව නම්, පමණට වඩා අඩුවෙන් කෑම විලාසිතාවයි...

    ReplyDelete
  32. @.බී. හේරත්- ඔව්.වෙන්න පුලුවන්.

    ReplyDelete
  33. Dan kiyalath echchara mahatha nane. mama kiwwe me aliyek tharam.....

    ReplyDelete