Saturday, April 9, 2011

මුල්ම කෑෆේ ඇත්දෑකීම


මතකෙ හෑටියට එදා කාලෙකට පස්සෙ අක්කා ගෙදර ආව දවසක්,:) හදිස්සියෙ අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න වෙලා කියල යාලුවෙක් ඒ අස්සෙ කෝල් කරල කිව්වා එයාට.ඒකට ඕන කරන විස්තර හොයාගන්න විදියක් නෑතුව ඉද්දි අක්කම යෝජනා කරා කෑෆේ එකකට වත් ගිහින් විස්තර ටික හොයාගන්න ඕනෙ කියල,මොකෝ ඒ දවස් වල අපේ ගෙදර කොම්පියුටර් එකක් තිබ්බට ඉන්ටනෙට් තිබ්බෙ නෑනේ.:(

මොනවට බොරු කියනවද ඒ වෙද්දි මම් ඉන්ටර්නෙට් කෑෆේ එකකට ගිහින් තිබ්බෙ නෑ.:( .තනියම අක්කට කෑෆේ එකට යන්න එපා කිව්ව නිසා අම්මා මාත් යෑව්ව අක්කත් එක්ක එයාගෙ තනියට.

ඔන්න ඉතින්  අක්කත් එක්ක කෑෆේ එකට ගියා,මෑශින් එකක් අහද්දි එතන හිටපු කෙනා කිව්වා ඔක්කොම මෑශින්ස් වෑඩ ටිකක් වෙලා ඉන්න පුලුවන්ද කියල?.:( මොනවා කරන්නද අපේ වෑඩේ ඊට වඩා වටිනවනෙ.ඒ නිසා එක මෑශින් එකක් හිස් වෙනකන් බලන් හිටිය.ඔය අතරේ එතන හිටපු කෙනා ඇවිල්ල කිව්ව ලෑප්ටොප් එකක් තියනවා කමක් නෑද්ද කියල එයා පාවිච්චි කරකර හිටපු එක දුන්නා.:)

මමත් අක්කගෙ පස්සෙන්ම ගිහින් වාඩිවෙලා බලන් ඉන්නවා.ටිකවෙලාවක් යද්දි මට වෑඩේ එපාවුනා:(.වටපිට බලබලා හිටියා.වෙන කරන්න දේකුත් නෑනේ.එක පෑත්තක පොඩි පිරිමි ලමයි ටිකක් ගේම්ස් ගහනවා.ඔක්කොම හිටියෙ පිරිමි කට්ටිය,අපි දෙන්න ඇරෙන්න.

අනිත් පෑත්තෙ බොක්ස් හයි කරලා. ඒකෙ ඇතුලෙ ඉන්න කෙනාව පේන්නෙ නෑ,බොක්ස් එකේ පොඩි සිදුරකින් බොක්ස් එක ඇතුල පේනවා.ඒ කියන්නෙ මෑශින් එකේ ස්ක්‍රීන් එකේ පොඩි ප්‍රමාණයක්.මමත් ඉතින් ඔලුව කරකව කරකව බලද්දි තමා අමුතු දෙයක් දෑක්කෙ. :-o

අෆොයි... ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.මොනවා කරන්නද අක්කට කියන්නෑයි.:( .ඉවසන් හිටියා අහක බලාගන.ඒත් අක්කට මගෙ අමුත්තක් තේරෙන්න ඇති.මොකද වෙලා තියෙන්නෙ...?කියලා ඇහුවා එච්චරයි! :|.අක්කට ඒවා කොහෙ පේන්නද? එයා හෝ ගාලා සර්ච් කරනවා.

අර බොක්ස් එකේ හිටපුකෙනා ටික වෙලාවකට පස්සෙ අපි හිටපු තෑන පහුකරලා නෑගිටලා ගියා.අමතර පංතියකට යන කෙනෙක් වගේ පෙනුනෙ,පොත් කීපයක් අතේ තිබුන නිසා.ඒත් මට මූණ බලාගන්න නම් දයිරියක් තිබ්බෙ නෑ.සෙරෙප්පු දෙකක් දාලා හිටිය කියල නම් මතකයි. එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම්  මට වාසනාව ලෑබුනෙ නෑ. :))

21 comments:

  1. අපේ ඉස්කෝලේ ලගත් ඔය ජාතියේම කැෆේ එකක් තිබ්බා. ළමයි යන්නේ ඔහොම දේවල් වලට තමයි. අන්තිමේ දි ඒ කැෆේ එකේ ඕවා තහනම් කරන්න සිද්ධ උනා. ඒ තරමටම ඒවා කරදරයක් උනා.

    අද ගෙදර යන්න කියලා. යන්න කලින් අක්කට සුබ පතලම යමුකෝ.
    ඔන්න එහෙනම්, අක්කට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  2. @මධුරංග

    ඔව් ගොඩක් එන්නෙ ඉස්කෝලෙ යන වයසෙ ටියුශන් යන ළමයි.:)

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!අම්මලා වත් මතක් කරා කියන්නකෝ :)

    ReplyDelete
  3. "එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම් මට "වාසනාව" ලෑබුනෙ නෑ."

    හූ හූ.. අපරාදේ ඔයා කැෆේ එකකට ‍යන්න නොලැබුණු එක අවාසනාවක්ද එහෙනම්? :)) >:)

    ReplyDelete
  4. @චතුවා (ළමයා)
    ඔව්නේ දෑන් ගෙදර ඉන්ටනෙට් තියනවනේ! >:)

    ReplyDelete
  5. හික් හික්.... කැෆේ නම් දැං ටික ටික කැපේ... හැම ගෙදරටම වගේ ලාබෙට ඉන්ටනෙට් ගන්න පුලුවන්නේ.

    ReplyDelete
  6. බොරු කියන්නෙ මොකටෙයි ඉස්සර අපිත් ඉස්කෝලේ යන දවස්වල ඔයවගේ වැඩ කරනවා.මට මතකයි මේ ලග ස්කෝලෙ ගාව තිබ්බ ඉන්ටනෙට් කැෆේ එකක අයිති කාරයා ඉස්කෝලෙ ලමයි ඉන්ටනෙට් එකෙන් ඕව බලනවා කියල දැන දැනත් සද්ද නැතිව හිටියා.මිනිහට ඕන උනේ සල්ලි විතරයි.අන්තිමට දෙමව්පියෝ එකතු වෙලා මිනිහට ගහල ගමෙනුත් පැන්නුවා.ලස්සන වැඩේ කියන්නේ මෑන්ගෙ පවුලට උපන්න ළමයි දෙන්නම මන්ද බුද්ධිකයි.කලදේ පලදීම තමයි.

    ReplyDelete
  7. @JHOTHISHALANKA


    ආ ඔය හොරු අහුවෙන්නෙ :).ඔව් ඉතින් ගොඩක් අයට ඕනෙ සල්ලි විතරනෙ.ළමයින්ට මොනාවුනාම මොකද අනුන්ගෙ උන්නෙ කියල හිතනව ඇති.අන්තිමට තමන්ගෙ ළමයින්ට මොනාහරි වුනාම තමා ඇස් ඇරෙන්නෙ.

    ReplyDelete
  8. දැන් ඔය කැෆේ වලට යන්න ඉස්කෝලේ ලමයින්ට බෑ නේද?.පරක්කුවෙලා හරි බලදාරියෝ කරපු හොද වැඩක් ඒක. අනේ ඒ නීතිය තව අවුරුදු දෙකකට තුනකට කලින් ගෙනවා නම් ජීවිත කීයක් ගොඩ යනවද?
    අපි ගිය කැෆේ එකේ වෝල් පේපර් එකක් දාලා තියෙනවා"අන්තර්ජාලය ඔබේත් අන් අයගේත් යහපත උදෙසා භාවිතා කරන්න "කියලා.
    හැබැයි දාන දාන වාරයක් පාසා කවුරුහරි ඒක වෙනස් කරනවා.

    ReplyDelete
  9. @rajith අබෙය්සින්ග්හෙ
    මමත් හිතන්නෙ දෑන් ඉස්කෝල ඇදුමින් යන්න බෑ.නීති නම් තියනවා අනේ මන්ද?

    ReplyDelete
  10. අපි නම් අධ්‍යාපන කටයුතු වලට විතරයි කෑෆේ ගියේ. :P ඒවායේ නම් බොක්ස් තිබුනෙත් නැ.fully open source :) :P

    ReplyDelete
  11. "අබෙය්සින්ග්හෙ"

    අනේ අපොයි.සුද්දෙක් මගේ නම කිව්වා වගේ නෙ ලියලා තියෙන්නෙ.මුලින් දැක්කෙ පරුශවචනයක් වගේ.කමක් නෑ ඉතින්,ගුරුවරුන්ටත් වරදිනවනේ..

    ReplyDelete
  12. @ mali_89 - ෆ්‍රී ඇන්ඩ් ඕපන් නම් කමක් නෑ. :p

    ReplyDelete
  13. @rajith abeysinghe - අනේ මම් පබ්ලිශ් කරාට පස්සෙනෙ දෑක්කෙ නමේ වෙනස.:)

    ReplyDelete
  14. ok..ok.dont take it serious.just forget it.

    ReplyDelete
  15. "එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම් මට වාසනාව ලෑබුනෙ නෑ"
    මට ඒක තේරුනේ නෑ...:D

    ReplyDelete
  16. @ සුදර්ශන බංඩාර හේරත් - ගෙදරට ඉන්ටනෙට් ආවනේ.ඒකයි :)

    ReplyDelete
  17. mama nikana ahanne..kollo num hamoma blue films balanwa ne..girls la blue film walata asa nedda?

    ReplyDelete