Thursday, April 28, 2011

අමාවැස්ස


"බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥා මහිමය, කරුණාව, දයාව, උපේක්ශාව හා ලෝක සත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කරමින්,උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප්නංවන,සමාධි සුව සිසිල දනවන මෑතයුගගේ බෞද්ධ සාහිත‍ය්‍යට එක්වූ විශිෂ්ටතම කෘතිය" ලෙසයි ජයසේන ජයකොඩි විසින් රචිත අමාවැස්ස නවකතාව හදුන්වා ඇත්තෙ.

ඔන්න මම නම් මේ පොත දෙවනිපාරටත් කියල ඉවර කරා.මේ වෙද්දි නම් මේ පොත ගොඩක් අය කියවල ඇති.ගොඩක් හිත සන්සුන් වෙනව කතාව කියවගන යද්දි.සරල භාෂාවෙන්,කතාවක් ආකාරයට ලියල තියන නිසා කියවන්නත් ආස හිතෙනව.

13 comments:

  1. මට කියවන්න ලැබිලා නෑ. ඒකත් හොයාගෙනම කියවන්න වටිනවා. බොහොම ස්තූතියි අක්කා.ආහ්... අක්කා අමා වතුර කියවලා තියෙනවද ?

    ReplyDelete
  2. @ටී.බී. හේරත්- බලන්නකො කියවලා

    ReplyDelete
  3. @මධුරංග-නෑනේ.මම් කියවල නෑ

    ReplyDelete
  4. අපිට ඉතින් මේ පොත් හොයාගන්න අමාරුයි.. එකට ඉතින් ලංකාවටම එන්න ඕන...

    ReplyDelete
  5. මමත් ඔය පොත ගොඩාක් සැරයක් කියවලා තියෙනවා. මගේ අම්මා තමයි පොත මට දුන්නේ. මම හිතන්නේ දහ,දොළොස් සැරයකට වඩා කියවලා ඇති. ඒ පොතේ තියෙන හැම දෙයක්ම මට කටපාඩම්. ඒ තරමට අමා වැස්ස පොත කියවලා තියෙනවා. ගිනියම් වූ ජීවිතය අමා සිසිලෙන් නිවාලන පොතක්. වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන, සුන්දර, පොතක් කියලයි මට හිතෙන්නේ. ඒ පොත ආයිත් කඩෙන් අලුතෙන් ගන්න ඕනේ. ගෙදර තිබුන පොත නැති වෙලා. පරණ මතකයක් අලුත් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි නදී ....

    ReplyDelete
  6. @Dinesh - ආ ඔයා ලංකාවේ නෙමේනෙ ඉන්නෙ නේද?

    ReplyDelete
  7. @Nuwan- "ගිනියම් වූ ජීවිතය අමා සිසිලෙන් නිවාලන පොතක්."
    මේක නම් ඇත්තම ඇත්ත.ඒක දන්නෙ පොත කියවපු අය තමයි.මගෙත් සෑහෙන පොත් ප්‍රමාණයක් නැතිවෙලා,කියවන්න අරන් යන අය ආය ගෙනත් දෙන්නෙ නෑ.:(.මම් ලග තිබ්බ සංසාර මන්දිර,හරි පුදුම ඉස්කෝලෙ මේ පොත් දෙකම ආගිය අතක් නැ.

    ReplyDelete
  8. සංසාර මන්දිර නම් මම කියවල තියෙනව. ඒත් මේ අමා වැස්ස කියවල නැහැනේ.බොහොම පින් හොයල කියවන්න හොඳ පොතක් දුන්නට!

    ReplyDelete
  9. @ඉන්දික- එහෙනම් වෙසක් එක වෙනුවෙන් අරන් කියවන්නකො.

    ReplyDelete
  10. අරගෙන කියවන්න ඕන......... තෑන්ක්ස්..........

    ReplyDelete
  11. @කල්හාර දිසානායක- අරන් බලන්නකෝ

    ReplyDelete