Wednesday, April 27, 2011

ත්‍රිකෝණේ වලවල් හෑරීම


ලගදි දවසක අවුරුදු 32ක් වෙච්ච ගුරු ජීවිතෙන් අම්ම සමුගත්ත.ඒ අම්මට වයස අවුරුදු 60ක් පිරිල නිසා.අම්ම ඉගැන්නුවෙ 6 වසරෙ ඉදල 11වසර පංති දක්වා ගණිතය.ඒ අවුරුදු 32 කාලෙ පුරාවටම නොයෙකුත් ආකාරයේ සිද්දි වලින් ඉස්කෝල ජීවිතේ පිරිල තිබ්බ,සමහර වෙලාවට ඒ සිදුවීම් අපිත් එක්කත් බෙදාගන්න අම්මා අමතක කරේ නැ.මේ ඒවගේ සිද්දියක්.

මේ කාලෙ වෙනකොට අම්ම ඒ  ඉස්කෝලෙ අවුරුදු 5කට වඩා කාලයක් උගන්නල තිබුන,නගරෙ තිබ්බ ,සාපේක්ශව වැඩි ලමයි ප්‍රමාණයක් ඉන්නව කියපු ඉස්කෝලයක්.ඔය අතරෙ 5 වසර විහාගෙ පාස් වෙලා අලුතෙන්ම ඒ ඉස්කෝලෙට ආව ළමයිනුත් ඉදල තියනව.පාසල් වාරේ පටන් ගත්ත මුල් කාලෙ දවසක්  6වසරේ ලමයින්ට පාඩමක් කියල දීල ගණන් හදපු අයට පොත ගේන්න කියල,ඒ වෙද්දි අලුත් ලමයි නිසා නමුත් එච්චර හුරු නෑනේ.

ඉස්සරවෙලාම පිරිමි ලමයෙක් පොතත් අරන් එනවලු,ඒ ලමය ගණන් හදල තිබ්බ පොත ගොඩක් ලොකු පොතක්ලු.පිටු 360 වගේ මට මතක විදියට.බලද්දි "ගණන් ඔක්කොම ශෝක් එකට හදල තිබ්බ "කියල අම්ම කිව්වෙ.අම්මට ආස හිතිල,ඒ ලමය ගොඩක් පිලිවෙලට වැඩ කරල තිබ්බලු. ඉතින් ඒනිසා අම්ම ඒ ලමයගෙ ඔලුව අතගාල, ඔයාගෙ නම මොකද්ද පුතා ?... කියල එහෙමත් අහල.ඊට පස්සෙ අහල තියනව කවුද ඔයාට මෙච්චර ලොකු පොතක් අරන් දුන්නෙ කියල,අර ලමය උත්තර දීල "අරන් දුන්නෙ අපේ තාත්ත..." කියල.

ආ...පුතාගෙ තාත්ත මොකද කරන්නෙ කියලත් ඒත් එක්කම අහල,එතකොට තමා " තාත්තා ත්‍රිකෝණෙ වලවල් හාරනව " කියල පුදුම හිතෙන උත්තරයක් දීල තියෙන්නෙ.හිතාගන්න පුලුවන්ද එයා ඒ කිව්ව එකේ තේරුම?

ප.ලි: ඒ කතාව මට මතක් වුනේ ලගදි අපි ගමනක් ගිය වෙලාවක අය්ය කෙනෙක් ඇවිල්ල  "මිස්ට මාව අදුරන්න පුලුවන්ද?"  කියල අම්මගෙන් ඇහුව වෙලාවෙ,අම්ම දීපු උත්තරේත් එක්ක.පස්සෙ අම්ම කිව්ව ඔන්න ඔය ලමය තමා අර ත්‍රිකොණේ වලවල් හාරනවා කියල කිව්වෙ කියල.එයාගෙ තාත්තගෙ රෑකියාව වෙලා තියෙන්නෙ,සංස්කෘතික ත්‍රිකෝණෙ කැනීම් කරන එක.

32 comments:

  1. මට නම් කතාව ටියුබ් ලැය්ට්ය

    ReplyDelete
  2. @බීටා- ඔන්න ඔයා පලි: කියවලා නැ.

    ReplyDelete
  3. අපොයි තාත්තට ඇහුනනම් වලක් කපාගෙනම බහියි ලැජ්ජාවට.

    ReplyDelete
  4. @පිණිබිඳු...- පොඩි අයට තේරෙන විදියටනෙ එයාල උත්තර දෙන්නෙ නේද?

    ReplyDelete
  5. ඇත්ත නේන්නම් ප.ලි වල තියනව නොවැ සංස්කෘතික තිරිකෝණේ ගැන
    ඇත්තටම දැක්කේ නෑ........කන්ණාඩි දෙක මාරු කර ගන්න වෙය් වගේ

    ReplyDelete
  6. @බීටා-ඔයත් කණ්ණාඩි දානවද?

    ReplyDelete
  7. මගේ මවුපිය දෙන්නත් ගුරු-උතුමන්ල හින්ද මේ වගේ කතාවලට " තමන්ගෙ කමක් " දැනෙනව නංගා!
    ජය වේවා!

    ReplyDelete
  8. මාර පුත්‍රයෙක් නේ. ඔයවගේ ගොඩක් අත්දැකීම් ගැති ඔයැයිලගේ අම්මගේ ගුරු ජීවිතේ. එහෙම ඒවා අපටත් කියවන්න ලියන්න අක්කේ. තමත් හිනා

    ReplyDelete
  9. @ඉන්දික- අපේ අම්මයි අප්පච්ච්ත් ගුරුවරු.

    ReplyDelete
  10. @මධුරංග-මාර නෑ මල්ලි.පොඩි උන්නෙ.එයාට ඇහිල ඇති එයාගෙ තාත්ත වලවල් හාරන කතා කියනව.

    ReplyDelete
  11. මගෙත් අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු

    ReplyDelete
  12. @තීර්ථ යාත්‍රිකයා- ආ...එහෙමද?ලමයි ගැන හොද කතා ඇති එහෙනම්.

    ReplyDelete
  13. අපරාදේ ප/ලි නොදා ඉන්නයි තිබුනේ...

    ReplyDelete
  14. @priyantha- ප/ලි නොදා තමා තිබ්බෙ.කොහෙද මුලින්ම කියවපු කෙනාට මේක ටියුබ්ලයිට් උනානෙ :).ඒනිසා පලියකුත් දැම්මා පස්සෙ.

    ReplyDelete
  15. පලි දැම්මෙ නැත්නම් මොන ත්‍රිකෝණෙද කියල හොයන්න බැරි වෙනවනේ..
    මට නම් ත්‍රිකෝණෙ කිව්වම මතක් වුනේ පොල් ත්‍රිකෝණේ

    ReplyDelete
  16. @තාරක Dilsh@n - ඔව් පොල්ත්‍රිකෝණෙ කියල එකකුත් තියනවනෙ හැබෑට.

    ReplyDelete
  17. මේකත් අර "කෙනෙක් ගියොත් නො එන තැනක එකක් දෙකක් කරනව" කීව වගේ කථාවක්.

    ReplyDelete
  18. @ටී.බී. හේරත්-ඒ කියන්නෙ මට තේරුන්නෙ නෑ

    ReplyDelete
  19. ඒ කතාව තියෙන්නෙ උම්මග්ග ජාතකයේ නෙ, කෙටියෙන් කීවොත් මෙහෙමයි.
    අප මහා තිලෝ ගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ පෙර භවයක මහෞෂධය පණ්ඩිතයන් ලෙස උපත ලබා සිටි කාලයේ මහත් වූ ගුණ නුවනින් හෙබි අමරා දේවිය ව සරණපාවගනු වස් ඒ දේවීන් වහන්සේ ගේ දෙමව් පියන් මුනගැසීමට ගිය අවස්ථාවේ අමරා දේවියගේ පියා නිවසේ නොසිටි බැවින් මහෞෂධ පඬි තුමා අමරා දේවියගේ පියා කුමන කර්මාණ්තයක් කරන්නේ දැයි විමසූ විට අමරා දේවිය ගෙන් මහෞෂධයන් හට ලැබුන පිළිතුර තමා "කෙනෙක් ගියොත් නො එන තැනක එකක් දෙකක් කරනව" කියන එක.

    ඒ කියල තියෙන්නෙ සොහොනක් ආසන්නයේ කුඹුරක් සී සාන බවයි. කෙනෙක් ගියොත් නො එන තැන තමා සොහොන,
    එකක් දෙකක් කරනව කීවෙ, හාන කොට එකක් ව තිබුන කුඹුරෙ පස දෙගුණයක් විතර වෙනවනෙ, පස පෙරැලෙන නිසා{එකක්(1), දෙකක්(2) කරනව}

    මේ කථාව ඉතාම කෙටියෙන් කීවෙ. මේ වගේ ප්‍රශ්ණ-උත්තර බොහොමයක් මේ කතාවෙ අඩංගු වෙනව. මේ ක මීට වඩා ගොඩාක් රසවත්, හරවත්, දීර්ග කථාවක්. කියවල බලන්න. ජීවිතයට වටිනා ආදර්ශ රැසක් ම අඩංගු වෙනව මේ උම්මග්ග ජාතක කතා වස්තුවෙ.

    ReplyDelete
  20. එක ළමයෙක්ගෙන් දවසක් ටීච කෙනෙක් මේක අහලා ඒ ළමයා කිවුවලු "අපේ අප්පච්චී බඩු බලාගන්නවා"කීලා.. හොඳ වෙලාවට ඒ ළමයාගෙන් කවුරුත් අහලා නෑ මොන "බඩුද" කියලා.. :D :D

    ReplyDelete
  21. @ටී.බී. හේරත්- බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.අපි ඉස්කෝලෙ යන කාලෙ උම්මග්ග ජාතකයෙ කොටසක් සිංහල සාහිතය්‍යටත් තිබුනා වගේ මතකයි.

    ReplyDelete
  22. චතුවා (ළමයා)- ආ එයාගෙ අප්පච්චි ස්ටෝරුවක් බලාගන්නව ඇති.:)

    ReplyDelete
  23. ඒ ළමයගෙ අම්ම ඒ ළමය ගැන හොඳට හොයල බලනව වෙන්න ඕනි....ළමයගෙ අකුරු ලස්සන ඒ නිසා වෙන්න ඇති

    ReplyDelete
  24. @ නදී,
    ඔව්, උම්මග්ග ජාතකය සම්පූර්ණයෙන් කියවන්න කැමති නම් විකිපීඩියාවේ තියනව. හැබැයි භාෂා විලාශන නම් පැරණි ජාතක කතා විලාශය මයි. පහතින් තියන ලින්ක් එකට පිවිසෙන්න.

    උම්මග්ග ජාතකය විකි පොත් වෙතින්

    ReplyDelete
  25. @indi- ඔව් ගණන් වලට ඒ අය්ය ගොඩක් දක්ශලු

    ReplyDelete
  26. @ටී.බී. හේරත්- බොහොම ස්තූතියි,භාෂාව නම් ටිකක් කියවන්න ප්‍රියතාවක් නැ නේද.මම් පංචත්‍රන්තය පොත කියවල තියනව,ඒකේ පොඩි කතා විදියට මම් ආසයි.ඔයා කියවල තියනවද?

    ReplyDelete
  27. මම හිතුවා සංකෘතික හරි පොල් ත්‍රිකෝණෙ හරි තමයි කියලා..

    ReplyDelete
  28. @ නදී,
    ඔව්, පංච තංත්‍රය මං ඉස්කෝලෙ යන කාලෙ කියවල තිය්නව. ඒ පොත තාමත් මගෙ ගාව තියනව. ඒකෙ භාෂාව සරළයි, තේරුම් ගන්න පහසුයි තමා. ඒ වගේම වටිනා උපදේශ රැසකුත් අඩංගු වෙනව නෙ...

    ReplyDelete
  29. @Dinesh -ආ ඔය උත්තරේ හොයන් තියෙන්නෙ :)

    ReplyDelete
  30. @ටී.බී. හේරත්-ඔව් ගොඩක් සරල නිසා පොඩි ළමයෙකුට උනත් කියවන්න පුලුවන්.මමත් පොඩිකාලෙ කියෙව්වෙ.තාමත් මම් ළග පොත තියනව

    ReplyDelete