Tuesday, April 26, 2011

වවමුද?

කෘෂිකර්මය,ගෙවතු වගාවන් ගැන සිංහලෙන් ලියවුනු බ්ලොග් එකකට මම් දැක්කෙ නුවන් අය්ය ලියන  NUWAN"s lane බ්ලොග් එක,සමහර විට තවත් ඒවා ඇති.ඒකෙ දාලා තියන සමහර එලවලු හදන හැටි දැක්කම මටත් හිතුන නිකන් ඉන්න වෙලාවට ඒව හදල බලන්න.අපේ ගෙවත්ත නම් ටිකක් ඉඩකඩ අඩුයි.ඒක නිසා පොඩි ගස් තමයි හිටවන්න වුනේ. මල් වවල තිබ්බ පෝච්චි තමා එලවලු හදන්න පාවිච්චි කරේ,මල් පැල ගලවනව කියල අම්මගෙන් පොඩ්ඩක් බැනුනුත් ඇහුව,ඒක නිසාම මට ගනකම්,කලු පොලිතින් උර ගෙනත් දුන්න,එලවලු හදන්න කියල.

මේ බීජ තමයි හිටවන්න ගත්තෙ

එලවලු බීජ ගෙනල්ල දුන්නෙ නම් රජරට විශ්වවිද්‍යාලගෙ කෘෂිකර්ම පීඨයෙ අවසාන වසරේ ඉගනගන්න,මම් අදුරන මල්ලි කෙනෙක්.තවත් පැල වර්ග ගත්තෙ අපි හැමදාම උපදෙස්,මල් ගස්,එලවලු, පොහොර එහෙම ගන්න "මල් අය්ය"ගෙන්.

"රෙඩ් ලේඩි"

 මේ තියෙන්නෙ මම් හිටවපු රෙඩ් ලේඩි පෑපොල් ගහ,තාම පොඩියි.මම් හිතන්නෙ මේ ගස් එච්චර උස යන්නෙ නෑ.කොහොමත් ඉතින් ඉඩකඩ අඩු නිසා පොඩි පැල තමයි හිටවන්න වෙන්නෙ.

කුරු ඇඹරෑල්ලා
 මේ තියෙන්නෙ කුරු ඇඹරෑල්ල පෑලේ.හිටවල නම් දැන් ටිකක් කල් වෙනවා. ටිකක් විතර උස ගිහින්.

මුරුංගා
 මේකත් වැඩිය උසයන්නෙ නැති මුරුංගා වර්ගයක් කියල තමයි මල් අය්ය දුන්නෙ,දැන් චූටි මලකුත් ඇවිල්ල තියනව.

තිබ්බටු
 මේ තියෙන්නෙ තිබ්බටු පැලේ, රතු කූබින්ගෙන් බේරගන්න එක තමයි දැනට මේකට තියන එකම ප්‍රශ්නේ....කොලවල යටි පැත්තෙ උන් බිත්තර දාල කොල ඇකුලනව.පස්සෙ ඉතින් ගහ මැරෙනව,ගස් දෙකක් තිබ්බ,ඒත් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මේක විතරයි.

බණ්ඩක්කා
බණ්ඩක්කා 
 බණ්ඩක්කා නම් හැදුවෙ මල් හදල තිබ්බ ලොකු පෝච්චි වල.අද මුල්ම ඵලදාවත් ගත්ත.මේ තියෙන්නෙ චූටි කරලක් ඉතුරුවෙලා.

තක්කාලි
 තක්කාලි ගස් ටික හිතුවට වඩා උසට හැදෙනව වගේ,ඒ නිසා කෝටු ටිකකුත් හොයාගන හයිකරල දැම්මා,කදට ටිකක් හයියක් වෙන්න.  නැචුරලුත් ගොඩක් ආසයි තක්කාලි කන්න,විශේෂයෙන් අමුවෙන් කන්න.ඒ නිසා තමයි තක්කලි ගොඩක් හැදුවෙ.බෝංචිත් කන්න එයා ගොඩක් ආසයි, ඒනිසාම බීජ ගෙනල්ල පැල කරත් පැල වුනේ නැ.

සුදු පාට ඉරි
 තක්කාලි ගස් වල කොළවලට ලෙඩක් හැදිල, "ලීෆ් මයිනර්" ද මොකද්ද කියල තමයි මට උදව් කරපු මල්ලි කිව්වෙ,කොහොඹ ඇට තලල දැම්මොත් හරියනවලු,තාම නම් දාල බැලුවෙ නැ.තව දාස්පෙතිය මල් ගස් හදන්නත් කිව්වා.ගෙදර හදන නිසා කොම්පොස්ට් ඇරෙන්න වෙන මොනවත් රසායනික දේවල් දාන්නෙත් නැති නිසා මේක නම් වලක්වගන්න එක ප්‍රශ්නයක් වෙයි වගේ.ඒත් එච්චරම ලොකු බලපෑමකුත් නෑවගේ පේන්නෙ.

වැටකොලු මල්
වැටකොලු කරල්
 වැටකොලුත් හැදුවා,ඒවත් තාම පොඩියි.මුල් කාලෙ පොඩි කරල් කහපාට වෙලා නරක් වෙන්න ගත්තා,පස්සෙ තමයි සුදු පාට ඉටි කවර දැම්මෙ ඒවා ආවරණය වෙන්න,අර මල්ලිගෙ උපදෙස් අනුව,එයා කිව්වෙ නම් පළතුරු මැස්ස ඇවිල්ල පොඩි කරල් හිල් කරල බිත්තර දාන නිසාලු එහෙම වෙන්නෙ.

සුදුපාට ඉරි
 මේ බලන්නකො වැටකොලු වලත් අර සුදු පාට ඉරි තියනවා.

කරවිල
 කරවිල නම් තාම පොඩි පැල තියෙන්නෙ.

මිරිස්
මාලු මිරිස්
 මිරිසුයි,මාලු මිරිසුයි පැල ගොඩක්ම පොඩියි තාම.මේවා ඔක්කොම පෝච්චි වලයි,පොලිතින් උර වලයි හිටවන්න උනේ බිම හිටෙව්වොත් ගොලුබෙල්ලො ඇවිත් එක දවසින් කාල දාන නිසා.

කංකුන්
අගුන කොල
කිරි අගුන
කංකුන් කන්න මම් එච්චර ආස නැ.ඒත් අනිත් අය කනවනේ ඒ නිසා හැදුවා.මේ අගුන වැල යවල තියෙන්නෙ තාප්පෙ දිගට,සමහර අයනම් මේ කොළවල තිත්ත රසට ආස නැ.මම් නම් ගොඩක් ආසයි.සම්බෝලෙ වගේම මැල්ලුමත් ගොඩක් රහයි.කිරි අගුන පැලයක් හම්බුනේ මේ ලගදි.ඒවා නම් තිත්ත නැ.

තෙබු
සාරණ
නිවිති
අලුතෙන්ම හැදුවෙ තෙබු,සාරණ, නිවිති ටික.මේවා කන්නත් මම නම් වැඩිය ආසනෑ,ගෙදර අනිත් අය කන නිසා හිටෙව්වා.තව බෝංචි,වට්ටක්කා,බුශිටා මෑ බීජත් හිටවල තියනව.තාම පැල ඇවිත් නෑ.ගස් හිටවන්නත් ලේසියි අමාරුම වැඩේ තමයි, නැචුරල්ගෙන් බේරගන්න එක, වෙලාවකට එයා එවයෙ මල් කඩනව.

14 comments:

  1. රෙඩ් ලේඩි කියන ගස්ලබු වර්ගය නම් මාරම රහක් තියෙන්නේ. ඒවා ගොඩක් හොද ෆෘට් සැලඩ් වලට. ඔය ලෙඩ වලට කොහොම ඇට ටිකකුයි වල් සූරියකාන්ත කොල ටිකකුයි කොටලා ඉස්ම ටික ඉස්සනම් හොදයි.

    අපේ තාත්තාත් දවසක් වෙලකින් තෙබු ගෙනත් දවස් තුනක් විතර උය උයා කන්න දුන්නා. ඒ දවස්වල බත් කනවා කියන්නේ මරන්නා වගේ

    ReplyDelete
  2. හ්ම්ම්. වවන්නෝ දිනන්නෝ. අපේ තාත්තගෙත් විනෝදාංශෙ ගෙවතු වගාව තමා. එයා නම් පොලිසැක් බෑග් වල හදන්නෙ. වියදමත් අඩුයි. හොඳට පැත් වෙනවත් එක්ක. පළදාවත් හොඳයි.

    ReplyDelete
  3. @මධුරංග- තෙබු කන්නෙනම් අපිට වඩා ගොඩක්වෙලාවට අපේ අම්ම .ඒවා බෙහෙතක්ලුනේ

    ReplyDelete
  4. @පිණිබිඳු...- පොලිසැක් බෑග් වලත් හදල තියනව.අර කිලෝ 5,10 හාල් ගේන බෑග්වල.

    ReplyDelete
  5. @darshana-
    @menik-

    thanks darshana & manik :)

    ReplyDelete
  6. ආදර්ශවත් වැඩක්... හරිම අපූරුයි...
    අපි වවමු රට නගමු..

    ReplyDelete
  7. @Dinesh- පොඩි එකාගෙ ආසාවනේ හික්z...

    ReplyDelete
  8. සුභපැතුම්. ඔයාගෙ අතින් හදපු දෙයක ඵල ගන්නකොට සතුටුයි නේද?

    ReplyDelete
  9. @Ishara-බොහොම ස්තූතියි.ඔව් ගොඩක් ආසා හිතෙනව,මම හදපු ඒවල මල්,කරල් දකිද්දි.

    ReplyDelete
  10. අදයි මේක දෑක්කේ නියමෙටම ලියලා තියෙනවා මල්ලී.ඒ වගේම ගෙවත්ත සාර්ථකව කරගෙන යන්න මගෙනුත් සුභපෑතුම්.මේවායෙ මල් පිපෙන කොට ගෙඩි එන කොට ඒ විස්තරත් දාන්න හොදේ.

    ReplyDelete
  11. @NUWAN"s lane- ස්තූතියි අය්ය මේ පැත්තෙ ආවට.ඔයාගෙ බ්ලොග් එක තමයි මට ගස් හදන්න ආස කෙරෙව්වෙ.මම් මල්ලියෙක් නෙමේ නංගියෙක්:).මම් තවත් විස්තර දාන්න ඉන්නෙ.

    ReplyDelete
  12. ස්තුතියි ඔබට ඔබේ අද්දැකීම් අපි සමග බෙදා ගත්තට.........

    ReplyDelete
  13. හොඳ දෙයක්. රටට අාදර්ශයක්. මගෙන් සුබ පැතුම් !

    ReplyDelete