Tuesday, April 12, 2011

කන්දක් සේ මා


"නූපා ජපානයේ නීගතාවලට යන්නේ සකුරා මල් පිපුනු අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා,නීගතාවෙ සන්ජෝ නගරයේ  සෑරිසරන්නිය වෙන්නෙ කවුරුහරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නෑවත සොයාගන්නයි.

සුමිකාවා පරම්පරාවෙ මලවුන්ඇවිත්,ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ශේප කළාට, සන්ජෝ නගරයෙ සෑරිසරන්නිය - නගරයටයි,එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවෑලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සෑරිසරන්නිය සොයා යමු."

මෙහෙම සදහන් කරල තිබ්බෙ  සුමිත්‍රා රාහුබද්ධ ලියල තියන "කන්දක් සේ මා" නවකතාවෙ පසුපිටේ.2010 වසරෙ සිංහල නවකතාව සදහාවන ස්වර්ණ පුස්තක සම්මානය 2010,රාජ‍‍‍‍ය්‍ය සාහිත්‍ය සම්මානය 2010 ඇතුලු සියලුම සම්මාන මේ කෘතියට ලෑබිල තිබුනා.

අලුත් අවුරුද්ද වෙනුවෙන්,  මට කියවන්න කියල ගත්ත පොත තමා මේ.වෙලාවක් තිබුනොත් ඔයාලත් අරගන කියවලා බලන්න.

21 comments:

  1. අපෝ බොරු කියන්න එපා අලෝ.. ‍ඔයා පොත්කියවන්නේ නෑ කියලා දන්නවා අපි... :P :P

    [හරේ........ තව දෙකායි.... :)]

    ReplyDelete
  2. @ චතුවා (ළමයා) - ආ...වෙසක් එකට අක්සරේ අයත් එක්ක අපේ ගෙදර ආවහම පෙන්නනම්කො පොත.ඔයාවගේ නෙමේ මම් පොත් කියවනවා.තව ටිකයි තියෙන්නෙ කියවල ඉවර කරන්නත්.

    ඔව් දෙකයි :))

    ReplyDelete
  3. මම නම් දැනටමත් කියවා ඇත.... මේ සවස් වල රං රෝස සොයමි... එක පොත් කඩයක වත් නැහැනේ...
    ජපානය ගැන සහ කාමුක පැත්තට බර කාන්තාවක් ගැන ලියවුන පොතක් නිදිහටයි මම නම් “ කන්දක් සේ මා “ දකින්නේ... ඔයා කියවලම බලන්න කෝ..

    ReplyDelete
  4. @ සොඳුරු සිත - බොහොම ස්තූතියි කමෙන්ටටුවට.ආ... මම් කියවල බලන්නම්කෝ.ටිකක් ඒවගේ තමා නේද?

    ReplyDelete
  5. මම නම් කියවලා නැහැ.. ඒත් සුමිත්‍රා රාහුබද්ධ ලියපු එකක් නම් ඒ කතාව හොද නවකතාවක් තමයි..

    ReplyDelete
  6. @ Dinesh - ඔව් ගොඩක් රසවත් නවකතාවක්.වෙලාවක් තිබුනොත් කියවල බලන්න

    ReplyDelete
  7. ඕකෙ ඇති කාමුක ගතියක් නෑ... ඕකෙ තියෙන්නෙ අපේ රටේ සාමාන්‍ය ගෑනියක් තරමක් වයසට ගිය ජපනෙක් ට විවාහ වී ජපානෙට ගොස් ගෙවන කටුක ජීවිතේ [මානසිකව] පිළිබඳ ව සත්‍යට ඉතාම ලඟින් යන විවරණයක්.
    ඉතාම හොඳ පොතක්...
    වත් .. ඔයා පොත් කියවන එවුන්ව බය කරන්න එපා ...

    ReplyDelete
  8. අඩේ මෙන්න වැඩක්... මම කරපු බය කරවිල්ලක් නැහැ... මම කරේ තව තවත් දිරිමත් කරපු එක... උත්තේජයක් දීපු එක..

    ඇත්තටම ඔයා කියෙවුවෙ නැද්ද ඒ පොත ගැන තිබ්බ විචාර...

    ReplyDelete
  9. කාමුක .... කිව්වම ඔය පොඩි කෙල්ලො බය වෙනවනෙ.
    විචාරකයො කියන එකනම් මම දන්නෙ නෑ. උන් හැම වෙලාවෙම කියන්නෙ ඇත්ත නෙවෙයි.
    මම කියන්නෙ ... මම ඔය පොත කීප වතාවක්ම කියවපු හින්දයි ...
    ඔය ගැන විචාරයක් නම් නෙවෙයි .. නිකම් පොඩි විස්තරයක් මමත් ලියල තියෙනව මගෙ බ්ලොග් එකේ..
    මං හිතන්නෙ වත් ... ඔයා ඒක කියවල නැතුව ඇති.

    ReplyDelete
  10. පොත මේ දැන් වුනත් මා ලග තියනවා. ඕනි පිටුවක් කියන්න.. මම කියන්නම් ඒකෙ තියන දේ....

    එයා හැඟීම් වලට හිතට වහල් වුන ගැහැණියක්...

    ReplyDelete
  11. එක් අවස්ථාවක දි ඇය හැඟීම් වලට වහල් වෙන බව ඇත්ත.. ඒ වුණත් ඒකට ඇයට දොස් කියන්න බෑ. තම සැමියාගෙන් නොලැබෙන යමක් ඈ පිටතින් ලබාගන්න තැත් කළා...
    මම නම් ඒක දකින්නෙ වල් කමක් විදිහට නෙවි .... ඒ කතාවෙ එන දුක්මුසු අවස්ථාවක් විදිහට. ඒ කාරණාව ගැන ඇගෙ බලාපොරොත්තු සුන් වෙලා ගියානෙ.

    ReplyDelete
  12. හ්ම්...... කුමාරයෝ....

    මසායා සාන් ගේ හිත දැක්කෙ නැද්ද කුමාරයෝ... මසාය කොයි තරම් දුකින් ද හිටියෙ... එයාගේ හිත නැතුවුන දේ ගැනම වෙහෙසිලා දුක් වෙලා තිබුනේ...

    සුමල් ල , ජයනාථ ල අතර මසායා සාන් දාහකින් හොයා ගන්න බැරි පිරිමි කෙනෙක්. ඒ හිතේ ලස්සන , සොඳුරු බව දකින්න නූපට කොච්චර කල් ගියා ද? නුපා සෙවුවෙ ආදරය නෙමෙයි...

    ReplyDelete
  13. මම එකඟයි වත් ... හුඟක් ගෑණු එහෙම තමයි .. සොයන්නෙ ආදරය නෙවෙයි....
    ඒ වුණාට මේ කතාවෙ හැටියට නූපා ට ඒක අදාළ නෑ.
    මේ පොත දිහා අපි දෙන්න බලන්නෙ දෙවිදිහකට මං හිතන්නෙ.
    පොත්වල තියෙන විශේෂත්වයත් ඕකම තමයි. එක එකා රස විඳින්නෙ එක එක විදිහට ..
    මට හැඟෙන විදිහ ඔයාට දැනෙන විදිහ නෙවෙයි.

    ReplyDelete
  14. හරි... එහෙනම් අපි දෙන්න විවාද වෙලා වැඩක් නැහැ... හිහි...

    “ දුල - දුලාය “ බැලුවද කුමාරයෝ.. මට තවම බැරි වුනා...

    “ රං රෝස “ තියද කුමාරයෝ ... මේ දවස් වල හොයන්නේ ඒ පොත..

    ReplyDelete
  15. ඒක ඇත්ත .. කොහෙවත් තියන පොතකට අපි දෙන්න රණ්ඩු වෙන්නෙ මොකටද...
    ඔයා කියපු පොත් දෙකම මට තවම ලැබුණෙ නෑ.
    මමත් හොයල බලන්නම් ඒ ගැන....

    ReplyDelete
  16. ඉන්නකො මමත් පොත කියවලා ඉවරවෙනකම්, තාම ටිකයි කියෙව්වෙ.:)

    ReplyDelete
  17. පොත හොයාගෙනම කියවලා බලන්න ඕනේ. මෙහේ ප්‍රධාන පුස්තකාලේ ඇති මයේ හිතේ ඔය පොත.

    ReplyDelete
  18. @මධුරංග - ඔව්...ගොඩක් වෙලාවට ඇති,කියවලම බලන්නකො ඔයත්

    ReplyDelete
  19. මම නම් කියවපු නරකම පොතක්..මේක හොඳයි ගබ්සාව ගැන ඉගෙන ගන්න නම්,...
    ගබ්සාවක් කරනකොට පුංචි පැටියට බඩේදි දැනෙන හැඟීම් ටික විස්තර කරල තියෙන අවස්තාව විතරයි මට නම් හිතට වැදුනෙ.
    (මේක මගෙ අදහස විතරයි ඕං...)

    ReplyDelete
  20. @ඉන්දික- ඔව් අය්ය.මමත් කියවපු වෙනස්ම ආකාරයේ පොතක්.එයා තමන්ගෙ වයසක පුරුශයගෙන් ලැබෙන්නෙ නැති දේවල් හොයාගන ගිහින් කරදරේ වැටෙනව.එක වෙලාවකට හැගීම් වලට වහල් වෙච්ච වල් ගැහැනියක් වෙනව,තවත් වෙලාවකට පව් කියල හිතෙන තරමට අහිංසක වෙනව.

    ReplyDelete
  21. දන්න කියන මලයෙක්January 25, 2013 at 10:03 AM

    මේ මාසේ පඩියට මම මේ පොත ගත්තා. තාම මුල් හරිය කියවන්නේ.
    කතාව ලස්සනයි වගේ.

    ReplyDelete