Monday, April 11, 2011

අලුත් අවුරුද්දට දුන් ගැහීම

 
අලුත් අවුරුද්දට නෑතුවම බෑරි දෙයක් තමා කෙසෙල් කියන්නෙ.ඕනෙම ගෙදරක, එදාට ඉදුන කෙසෙල් තියනවා.ඉස්සර අපේ වත්තෙත් කෙසෙල් ගස් තිබුනා.පුදුමෙ කියන්නෙ අවුරුද්ද ලංවීගන එනකොට කොහොමහරි කෑනක් වෑටෙන එක.එහෙමමත් අවුරුද්දක තමයි ගෙදර ඉදුන කෑනක් අවුරුද්දට පාවිච්චි වුනේ නෑත්තෙ.අපි පොඩි කාලේ හරිම ආස වෑඩක් තමයි ඔය කෙසෙල් කෑන් දුන් ගෑහීම.

හොදට පෑහිච්ච කෙසෙල් කෑනක් කපල අවුරුද්දට දවස් 2කට 3කට කලින් තමා මේ වෑඩේ කරන්න ගන්නෙ.ඒ වෙලාවට අපිත් ඉතින් අප්පච්චිගෙ පස්සෙන් යනවා, කෙසෙල් කෑනේ ඇවරි වෙන වෙනම කපලා වෙන කරනවා.පුංචිම ඇවරියට මට මතකෙ හෑටියට කියන්නෙ "මල් ඇවරිය" කියලා.ඊට පස්සෙ  සෑහෙන්න වලක් කපනවා.කපලා වේලිච්ච කෙසෙල් කොල අතුරනවා අර වලේ බිමට,කොලවලට උඩින් අර කපල වෙන් කරපු ඇවරි ටික හෙමීට අඩුක් කරනවා,අපි ඒක කරන්න කෑමෑත්තෙන් සෑදී පෑහෑදී ඉන්නෙ,.

ඊට පස්සෙ  වලේ ප්‍රමානයට සෑහෙන්න පොඩි ලෑලිකෑලි ගෙනල්ල කෙසෙල් වල වහනව,ඊට උඩින් ආයමත් වේලිච්ච කෙසෙල් කොල.අන්තිමට පස් දාල වහනවා,ඊට කලින් වලේ පෑත්තකින් සිදුරක් හදල ඒකට පොල් කට්ටක් තියනවා,පොල් කට්ටෙ මෑද ටිකක් ලොකු සිදුරක් හදල, ඒකට පිදුරු හරි වේලිච්ච කෙහෙල් කොල හරිත් ඔබනව,වල ඇතුලට පස් යන එක වලක්වන්න.අන්තිමට වල උඩින් පස් දාලා වහල දානවා.

වලේ දෑම්මට පස්සෙ කෙසෙල් ඉදෙන්න,දවසට තුන් වතාවක් විතර දුම් ගහන්න යන එක තමා මම් ආසම කරපු වෑඩේ.පොල් ලෙලි ගිනිතියල  ඒවල දුම තමා අර වලට යවන්නෙ.අනික දුම් ගහල කෙසෙල් වල දුම් වලින් පිරෙද්දි වලේ සමහර තෑන් වලින් දුම් පිටවෙනවා,ඉක්මනින් දුම් පිටවෙන්න නොදී ඒවා පස් වලින් වහන එක තමා අනික් වෑඩේ.දවසක් විතර ගිහින් ඉදිලද දන්නෙ නෑ.කියලත් බලනව, දුම් ගහන්න යනකොට දුම් පොල් කට්ටෙන් එබිලා.හරියටම දවස් 3ක් විතර යද්දි කෙසෙල් ඉදිලා කන්න පුලුවන් තරමට.

20 comments:

  1. ඒක තමයි හරිම ක්‍රමේ.එහෙම කලාම රසයයි,ගුනයි,පාටයි ඔක්කොම ආරක්ශාවෙනවා.දැන් කරන්නෙ ඉතින් කාබයිඩ් ගැහිල්ල නේ.වස විස ඔක්කොම බඩේ.

    ReplyDelete
  2. @ rajith abeysinghe -හ්ම්...ඔව් රහත් නෑනේ ,නිකම් මෑටි වගේ.:(

    ReplyDelete
  3. කාබයිඩ් කියන්නේ ඇසිටලීන්. ඇසිටලීන් මොලිකියුල් 1ක් පලතුරක ඒ වගේ කොටස් 100ක ඉදෙන වේගේ වැඩි කරනවා කියල කියන්නේ. දැන් ඒවා ගෙවල්වල පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයටත් හදලා තියනවා. කෙහෙල් කැනේ ඇස්ස ගාවින් පොඩ්ඩක් ගාන්න හරි ඇතුලට විදින්න හරි තියෙන්නේ. ඉස්සර පාවිච්චි කරපු රසායන ද්‍රව්‍යනම් ගොඩක් විසයි. නමුත් ඇසිටලීන් වලින් ශරීරයට බලපෑම අඩුයි. ඇසිටලීන් තියනවා දෙහි වල පොත්තේ. දෙහි ගෙඩි කීපයක් කෙහෙල් ගෙඩියක් එක්ක භාජනේකට දාලා තියන්නකෝ, එකම දේ වෙන්නේ...

    ReplyDelete
  4. කෙහෙල්ගෙඩි වල radiation තියනව කියල දන්නවද? අනිත් කෑම වලට වැඩිය ගොඩක් වැඩී. ඒ හින්දා පහුගිය කාලේ අපි radiation ගැන කියද්දි ඒකකයක් විදිහට පාවිච්චිකලේ කෙහෙල්. ( උදා: "අද radiation level එක කෙහෙල් ගෙඩි 4යි") :D
    ඇත්තටම ඒක සම්මත මිනුමක් විදිහට පාවිච්චි කරනවා.

    http://en.wikipedia.org/wiki/Banana_equivalent_dose

    ReplyDelete
  5. @ඉෂාර l Ishara
    ඔව්...පලතුරු ඉදවන වායුව ඇසිටලින්,බොහොම ස්තුතියි ඔයාගෙ අදහසට.

    ReplyDelete
  6. @චමිල
    "අද radiation level එක කෙහෙල් ගෙඩි 4යි"
    නියම කතාව.

    ReplyDelete
  7. අක්ශරේ සෙට් එකත් එක්ක අවුරුදු උත්සවේට ඇවිත් හිටිය ගෑනු ලමයෙක්. මම එයා නදී කියල හිතාගෙන කතා කරල තව පොඩ්ඩෙන් ගුටිත් කනව

    ReplyDelete
  8. @ රංග - මගේ ලෝකය - අනේ මට එන්න බෑරිවුනානේ :(.ගොඩක් බ්ලොග් යාලුවො දෑක්කෙ ෆොටෝස් වලින්.ඒදා ඇවිත් හිටියෙ අපේ සුදු නංගි.අපෝ එයා එච්චර සෑර නෑ.කතා කරා කියල ගුටි ගහන්න තරම් :p

    ReplyDelete
  9. @රංග - මගේ ලෝකය අපි දැක්කා සුදු අක්කා රංග අයියා පස්සේ එලවනවා.. ඒත් අපි බැලුවා මොකද ඒ කියලා.. දැන්නේ සීන් එක තේරුනේ.. :)) :))

    ReplyDelete
  10. ශුදු නංගි කිවුවෙ ශුදු හංශිද? එයා කොහොමත් අපේ ශංවිදායක ශෙට් එකේ ඉන්නවනේ

    ReplyDelete
  11. @ රංග - මගේ ලෝකය - ඔව් ඔව් ශුදු හංශි තමා.එයා අපේ සුදු නංගිනෙ.

    ReplyDelete
  12. අපහු පුංචි කාලෙට ගියා.. අපිත් ඔහොම තමයි කෙසෙල් ඉදෙවුවේ..වල ඇතුලට කැප්පෙටිය කොළ පැපොල් කොළ දානවා. අපි වල වටේට සැදී පැහැදී ඉන්නවා දුම් පිටවෙන තැන තද කරලා වහන්න. එක පාරක් අය්ය තද කරන්න පාගපුවම වල කඩන් වැටුණා ! වල අරිනකොට හැරී සුවඳයි.. කෙසෙල් ගෙඩිත් සුවඳයි !!

    ReplyDelete
  13. අපේ සීයත් ඔහොම කරනවා
    මෙහෙ කෙසෙල් ලංකාවෙ කන ඒව වගේ රහත් නෑ, හැබැයි පට්ට ගනන්

    මෙන්න Radiation chart 1ක්.
    http://www.informationisbeautiful.net/visualizations/radiation-dosage-chart/

    ReplyDelete
  14. @ Lankapriya -හ්ම්...පුංචිකාලේ මතක හරි සුන්දරයි!

    ReplyDelete
  15. @තාරක Dilsh@n - ඔව්. දෑන් මෙහෙත් ගොඩක් විකුනන්න තියන කෙසෙල් මෙලෝ රහක් නෑ.ආ ඔයා ලංකාවෙ නෙමේද ඉන්නෙ.

    ReplyDelete
  16. ඔයිට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවනෙ?

    ReplyDelete
  17. කාබයිඩ් ගහපුවාම ඇසිටිලින් හැදෙනවා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා. ඒ නිසා මේ ක්‍රමය පරිසර හිතකාමි. ඉස්සර අපිත් ඔහොම කෙසෙල් ඉදවන්න දුම් ගැහුවා. මාරම ආස හිතෙන වැඩේ තමයි ඒක.

    ReplyDelete
  18. @සීතල අයියා - මොකද්ද?ඒ ක්‍රමේ

    ReplyDelete
  19. @මධුරංග - අපිත් පුංචිකාලෙ ආසම වෑඩක් ඕක.

    ReplyDelete