Saturday, April 9, 2011

නැචුරල්ට දෙකයි!


කාලය යනවා සෑහෙන ඉක්මනින්.:(අපේ නැචුරල්ටත් දෑන් වයස දෙකත් ඉවරයි,:)උපන්දිනෙත් මේ ලගදි තිබ්බා.මේ වෙද්දි එයා ඉස්කෝලෙත් යනවා.එයාගෙ හොදම යාලුවා පහන් අයියා.ලගදි පහන් අය්යගෙ උපන් දිනෙත් තිබිලා,එදා පහන් අය්යා ඉස්කෝලෙට කේක් ගෙනල්ලා යාලුවොන්ට දෙන්න කියලා.කෑම කන වෙලාවෙ අර "හෑපි බර්ත්ඩේ ටූ යූ" සිංදුව එහෙමත් කියලා.


එහෙම කියල යාලුවොන්ට තොත්තු පේලියක් එහෙමත් දෙනවනේ,:))අපේ නැචුරල්ටත් එහෙම එකක් දෙන්න ගිහින් වෑරදිලා නැචුරල්ගෙ නහය කාලා,දත් පාරවල් 2කුත් තිබ්බා.එදානම් අපේ අක්කටත් හොදටම ඇඩිල හිටියෙ.පහන් අය්යගෙ අම්මත් පස්සෙ ඇවිත් ඒ ගෑන අහල,ගෙදර ගිහාමත් නංගි ගෑන කියවන එකමයි වෑඩේ,මමත් මේ නංගි කවුද කියල බෑලුවෙ...කිව්වලු.නැචුරල් මේ දවස් වල බරටම වෑඩ,හෙට එයාගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ තියන නිසා නෑටුම් පුරුදු වෙනවා,සිංදු කියනවා එකම යුද්දයයි.මේ තියෙන්නෙ ලගදි ගත්ත එයාගෙ පින්තූර ටිකක්.

බෙරි මූණ

බත් කන්න එක ලේන්නු දිහා බලන් ඉන්නවා
 හි... හි...
අම්මත්තා එන්නකෝ...

10 comments:

  1. ඇත්තද මේ ඔයා පුංචිඅම්මා නැච්චාට ගේන චොකලට් ටික එහෙම කාලා ඉවර කරලා අක්කාගෙන් බැණුම් ඇහුවයි කියන්නේ.. පවු අලෝ බබා.. ඒම කරන්න එපා.........:)) :))

    ReplyDelete
  2. @චතුවා (ළමයා) - ආ...එයා කන්නෙ නෑත්තම් කවුරුහරි කන්න එපෑයි.අපරාදේ නාස්තිවෙනවනෙ.අපෝ අක්කා මට බනින්නෙ නෑ කනවා කියල.:))

    ReplyDelete
  3. හී.. හී.... සෝයි දොනි....

    ReplyDelete
  4. @ සුදු හංසි - ඔව් :)වෙලාවකට ශෝයි කෑලේ, තරහගියාම එයාට අපිව හපනවා.

    ReplyDelete
  5. අපේ පුන්චිගේ දුව වගේමයි.එයානම් දැන් මොන්ටිසෝරි යනවා.හරිම කටකාරියක්.මේ ලගදි එයත් නියම වැඩක් කරලා.අපේ බාප්පා ඉන්නේ පොලීසියේ.බාප්පා දවසක් හදිස්සියේ බබාවත් වඩාගෙන පොලීසියට ගිහින් තියෙනවා වැඩකට.

    ඕ.අයි.සී මහත්තයා කතාවට අල්ලගෙන තියෙනවා බබාව.ඇහුවලු බබාගෙ අම්මියි,තාත්තියි දෙන්නගෙන් බබාට වැඩිපුර ආදරේ කවුද කියලා.ඒ පාර මෙයා කිව්වලු"තාත්ත නම් පූසි පැටියෙක් වගේ හොදයි.අපෝ......අම්මානම් වෙලාවකට මහ යකින්නක් වගේ"කියලා.

    ඇස් ලොකුකරලා එහෙම කියලා තියෙන්නේ.ඕ.අයි.සී මහත්තයට අම්බානට හිනා.

    ReplyDelete
  6. @ rajith abeysinghe - අපේ බබා නම් තාම සෙල්ලම් කණ්ඩායමේ.හික් හික්...පොඩි අය ඔහොම තමා.හිතට එන දේ කියනවනේ.

    ReplyDelete
  7. නැචූ දූටත් මාරම වැඩ තමයි වෙන්නේ. ඉස්කෝලේ යනවා කිව්වේ සෙල්ලම් කණ්ඩායමද අක්කා ?

    නැචූ කියන්නේ ශෝක් දූ පොඩ්ඩ !!! දග ඇතිනේ අක්කා ?

    ReplyDelete
  8. @මධුරංග - ඔව් සෙල්ලම් කණ්ඩායම තමයි.හ්ම්ම්...එච්චරම දග නෑ.හිටපු ගමන් වයින් වෙනවා. :)

    ReplyDelete