Thursday, April 7, 2011

සාඩම්බර වමත්කාරියක්මි.


වමත්කාරයො කියන්නෙ ගොඩක් දේවල් වලට දකුණට වඩා වමත පාවිච්චි කරන අයටනේ,විශේශයෙන් ලිවීමට.දන්නවද 11%ක ප්‍රතිශතයක්ලු වමත් කාරයො ඉන්නෙ මිනිස් ජනගහනයෙන්!.ඒක නිසා වමත්කාරයෙක් වෙනඑක ආඩම්බරයට කරුනක්.දුර්ලභයිනේ :)

මම් අහල දෑකල තියන විදියට ගොඩක් වමත් කාරයොන්ගෙ අකුරු හරි ලස්සනයි.මගෙ එහෙම උනේ නෑති එකනම් ප්‍රශ්නයක්.එහෙම වෙන්නත් පුලුවන් මොකද ඕනෙම දේක අපගමන තියෙන්නෙ පුලුවන්නෙ.:)මගෙ අකුරු හරිම කෑතයි.කවදාවත් කවුරුවත් ලස්සනයි කියල නෑ.

මට මතකයි ඕ ලෙවල් කරන දවස් වල මගෙ විද‍ය්‍යා ගුරුවරයා කිව්වා අම්මලට,ළමය දස්සය ඒත් ප්‍රතිපල එනකම් ශුවර් නෑ කියල,ඒ මගෙ අකුරු කියවන්න බෑරිනිසාලු.මගෙ අකුරු එක පෑත්තකට ගොඩක් ඇදයි.කියවද්දි ඔලුව රිදෙනවලු.වයසක ගුරුවරයෙකුට පේපර් එක බලන්න හම්බවුනොත් සොරිම තමා කියලා.

ඒනිසා ඕ ලෙවල් ලියන කාලෙත් අප්පච්චි ඩබල් රූල් පොත් ගෙනල්ලා දීලා මට අකුරු ලියවෙව්වා.හෑමදාම එක පිටුවගානෙ හිමීට ලස්සනට ලියන්න කියල,ඒකත් බෑනුම් අහලම නෑවෑත්තුවා.:( මගෙ හිමින් වෑඩ නෑනේ.දවසට දෙකට පොත ඉවරයි.:)) .කොහොම හරි ඕ ලේවල් හොදින්ම සමත් වෙලා තිබුන නිසා අකුරුවෙනුවට වෙන් කරලා තිබ්බ බෑනුම් වලින් බේරුනා.

කෑම්පස් ගියාමත් කවුරුවත් මගෙ නොට් ඉල්ලන්නවත් , මට එයාලගෙ අතපහුවෙන නෝට් ලියලදෙන්නවත් කිව්වෙ නෑ.වෑරදිලාවත් මගෙ නෝට් එකක් වත් කවුරුත් ඉල්ලුවෙත් නෑ.එහෙම ඉල්ලන්න ආවත් 10පාරක් විතරමාව හොයාගන එනවා ආපහු මේ මොකද්ද? මේ...ලියල තියෙන්නෙ...මේ අකුර...එතකොට මේ වචනෙ...කියල අහන්න :).

බලන්නකො මෙන්න මේ විදියටලුනෙ දකුණත් හුරු අය ලියන්නෙ

ගොඩක් වමතහුරු අය ලියන්නෙ  මෙන්න මේ විදියටලු
මම් නම් ලියන්නෙ මේ විදියට

48 comments:

  1. මම නම් සාඩම්බර දකුණත්කාරියක්මි. මගෙද අකුරු ගන්නට දෙයක් නැත. මුතු කැට වලට තබා වැලි කැටයකටවත් සමාන කළ නොහැක්කේමය. මාගේ පොත් බලන ගුරුවරුන් එදවස පැවසූයේ මාගේ අකුරු වලින් ලොකුවට පෙනෙන්නා වූ එකම අකුර 'ද'යන්න පමණක් බවය. කුරුමිණි අඬු අතර 'ද'යන්න පේළි දෙකක් වත් පහළට ආක්‍රමණය කරයි. එපමණක් නොව මාගේ 'ද'යන්නට සර්ප දයන්න යනුවෙන්ද නම් පට බැඳ තිබුණි. ඒ කිසිවකින් සැලුණේ මා නොවේ. මාගේ අකුරු වෙනස් කිරීමට ගුරුවරුන්ට තබා සක්‍රයාටද නොහැකි විය.

    ReplyDelete
  2. වමත්කාරියෙ ඔබෙ ලිපිය චමත්කාරයි :)

    ReplyDelete
  3. පිණිබිඳු... - වෙල් සෙයිඩ් පිණිබිදු! මාද එසේමය.මාගේ අකුරුවල පිටපතක් මෙහි නොඇමුනූයේ මෙය බලන අයවලුන් ක්ශනික හිසරදයෙන් වලක්වාලනු පිණිසම වේ.

    ReplyDelete
  4. තොප්පියා - බොහොම ස්තූතියි! :)

    ReplyDelete
  5. ෂෝය් නේ අක්කේ ඔයා වමත් කාරියක්, මම වමත් කාරයෙක්
    මගෙත් අකුරු ගැන නම් කතා කොරලා වැඩක් නැතිය.....
    මමත් ලියන්නේ ඔයා දෙවෙනියට දාලා තියන වමත් කාරයන් ලියන ඉට්ටැය්ල් එකටම තමා.................
    ඇත්තටම හරි ලස්සන ලිපියක්
    පුළුවන්නම් අක්කේ ඔයාගේ බ්ලොගේ පෝස්ට් අස්සට මූණු පොතේ ලය්ක් බටොන් එකක ඔබන්ටකෝ...........

    ReplyDelete
  6. බීටා - තවත් වමත්කාරයෙක් අදුනා ගන්න ලෑබීම සතුටක්.දන්නවද අපිට දිනයකුත් තියනවා "ජාත‍ය්‍යන්තර වමත්කරුවන්ගේ දිනය" කියල.දිනය අගෝස්තු 13.එකෙන් වමත්කරුවන්ට වෙන අපහසුතා ගෑන ලෝකෙම දෑනුවත් කරනවලු.

    ලයික් බටොන් එකක් ගෑන බලන්නම්කෝ :)

    ReplyDelete
  7. මමත් වමත්කාරයෙක්. මමත් අංශක 90 ඔය විදිහටම පොත හරවන් තමා ලියන්නේ. මගෙත් ඔය විදිහටම අකුරු ඇදයි. අකුරු ඇද දකුණු පැත්තට. හැමොම කියන්නේ මගෙ අකුරු ලස්සනයි ඒත් කියවන්න අමාරඅයි කියලා. මගෙන් කොපි කරන්න හදන එවුන් විභාග එහෙම ඉවරවෙලා මට නැතිවෙන්න බණිනවා ;) ඒත් සුදු මාමාල දෙන්නෙක් කියලා තියනවා මගෙ අකුරු සුදු මාමලගේ අකුරු වගේලු :) කොහෙද ඉතින් අපේ ටීචලාට ඕනේ බෝල අකුරුනේ...

    ReplyDelete
  8. වමත් කාරයෙක් වෙන එක ආඩම්බරයක් ද? ටිකක් හිතන්න වෙනව. මොකද මටත් ඕක පොඩ්ඩක් බලපාන නිසා. මම ලියන්නෙ නම් දකුණතින්....නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරනකොට එහෙම පිත්ත හසුරුවන්නෙ වමතින්.
    වමත් වීම වාසි මෙන්ම අවාසි වෙන වෙලාවලුත් තියෙනව. මටනම් වාසි වෙලා තියෙන්නෙ ක්‍රිකට් වලදි විතරයි. නමුත් ඒ වගේද campus එකේදි වමේ ලියන ඇන්ද තියෙන පුටුවක් හොයා ගන්න හරි..... හොකී ගහනකොට වමත් පිති හොයා ගන්න නැති නිසා දකුණතින් පුරුදු වෙන්න වෙනකොට තියෙන අමාරුව.

    ReplyDelete
  9. අපේ මල්ලිත් වමත් කාරයෙක් .ඉතිං මටත් ආඩම්බරයි. මාත් වමත් මල්ලිකෙනෙක්ගේ අයියා කෙනෙක්නේ... හැබැයි අපේ එකාටත් අකුරු ලස්සන ලෙඩේ තියෙනවා. ඒවා කියවන්න පොත අංශක 45ක් විතර කරකවන්න ඕනේ...

    ReplyDelete
  10. ඉස්සර මම පොඩිම කාලේ වමත් කාරයෙක් කියල අම්මා කියනවා.මටත් මතකයි ක්‍රිකට් ගහනකොටත් බැට් කලේ වමතින් ඒත් දැන් මම දකුනත හුරු කෙනෙක්.ඔයාගෙ ලිපි වල හරි අමුතු ගතියක් තියෙනවා.කමෙන්ට් නොකලට හැමදාම ඇවිත් බලනවා.

    ReplyDelete
  11. ඇති යන්තම්. ඔන්න මමත් වමත්

    ReplyDelete
  12. ආ එලනෙ.මමත් එහෙනම් ආඩම්බර වෙන්න ඕන.මමත් වමත් කාරයෙක්නෙ.හැබැයි අකුරුනම් හදා ගන්න වෙයි ඔයාට...

    ReplyDelete
  13. ඉෂාර - ඔව් සමහර අය මටත් කියල තියනව අමුතු රටාවකට ඔයා අකුරු ලියන්නෙ කියල :) සුදු මාමල දෙන්නෙක් කීවෙ "සුදු හමඇති අය" දෙන්නෙක් වෙන්ට ඕනෙ. :))ආන්න ඒ අකුරු වලටනම් ගෑලපෙනවා නියමෙට.

    ReplyDelete
  14. ජිලා - ඔයා කියන එකත් ඇත්ත,කෑම්පස් එකේ විභාග ලියද්දි මටත් ඔය සිදුවීමට මූණදෙන්න වුනා.වමත් ඇන්ද තියන පුටුවක් මටත් ලෑබුනෙ නෑ.ඒත් මම් අංශක 90ට හෑරිල කොහොම හරි විභාගෙ ලිව්වා.පස්සෙ මට ඒක හුරු වුනා.

    ReplyDelete
  15. prasanna86k - හරි ශෝක් තවත් වමත්කරුවෙක්. :)කොච්චර අංශක ගානකින් හෑරෙව්වත් මගෙ අකුරුනම් :))

    ReplyDelete
  16. JHOTHISHALANKA - අහ්...ඔයා දකුණට මාරු වුනාද. :-O මට නම් වමත් තාම.ඒත් මට දකුනත් ටිකක් හුරුයි.දකුණෙන් ලියන්න නම් බෑ.

    ReplyDelete
  17. thinka - ආ මෙන්න තවත් වමත්කාරයෙක්.සතුටුයි ගොඩක්!! :)

    ReplyDelete
  18. සීතල අයියා - සතුටුයි සීතල මල්ලි!අකුරුනම් අනේ මන්ද?ආය හෑදෙන එකක් නෑ.දෑන් ඔක්කොම ප්‍රින්ට් කරල දෙන නිසා මට වාසියි.හිටන්නකො මේ පෝස්ට් එකක් මගෙ අතකුරින් ලිව්වනම් කවුද කියනවන්නෙ :))

    ReplyDelete
  19. ඔව් ඔව් එයාලා දෙන්නෙක් තමා...

    ReplyDelete
  20. ඉෂාර - මම් හිතුවා හරි එහෙනම් :)

    ReplyDelete
  21. මමත් වමත් කරුවෙක් වෙමි. මම දන්නා තරමින් ගොඩක් වමත් කරුවන් ලියන්නේත් නදී ලියන විදියටම තමයි. ඒවිදියට පොත හරවලා ලියන අයෙගෙලු අකුරු ලස්සන. ලිපියේ තියෙන "ගොඩක් අය ලියන විදියටම" තමයි මමත් ලියන්නේ. හැබැයි මගේ අකුරුත් ඉතින් ගන්න දෙයක් නෑ. මම ඉංජිනේරු පීඨයක ඉගෙනගන්නවා. අපේ campus එකේ වමත් අය ප්‍රතිශතය 30% විතර ඉන්නවා. වමත් කරුවන්නට හොද ගණිත හැකියාවක් තියෙනවා කියලත් කතාවක් තියෙනවා. ජපානයෙත් වමත් ප්‍රතිශතය සෑයෙන්න ඉහලයි ලු.

    ReplyDelete
  22. isuru137 - අදුන ගන්න ලෑබීම සතුටක්.ස්තූතියි ඔයාගෙ තොරතුරු වලට.වමත්හුරු අයගෙ මොලේ දකුණු කොටසලුනේ වෑඩි ක්‍රියාකාරී.

    ReplyDelete
  23. අපේ අම්මා & අප්පච්චි සාඩම්බර වමත්කාරයෝ.. මම පට්ටම සාඩම්බර දකුණත්කාරයෙක්.. මගේ අකුරු නම් ලස්සනයි හරිය.. <බොරු>හැමෝම මට කියලා නෝට්ස් ලියාගන්න පෝලිමේ එන්නේ.. ඉතින් මම ඒ ලෙවල් කරන කාලේ එක නෝට් එකක් ලියන්න රුපියල් 50 ගානේ අය කලා..</බොරු>

    ReplyDelete
  24. චතුවා (ළමයා) - අපේ අම්මයි අප්පච්චියි අක්කයි තුන්දෙනාම දකුණත්කාරයො.මම් විතරයි වමත්.හික් හික්...මට හිතෙන්නෙ ඕකෙ අනික් පෑත්ත වෙන්ටෑ :))

    ReplyDelete
  25. කොහෙද අකුරු අප්සෙට්... මේ පෝස්ට් එකේ අකුරු ඔය තියෙන්නෙ ග‍ඟේ ගහගෙන ආපු බොරළු කැට වගේ... :D

    ReplyDelete
  26. hare :-) - ඒකනේ ඔයතියෙන්නෙ මුතු කෑට වගේ. :))

    ReplyDelete
  27. සුබ පැතුම් අක්කේ. මොකද මාත් වමත් කාරයෙක් ලියන්න විතරක් නෙමෙයි මම බත් කන්නෙත් වම් අතින්. මගේ අකුරු නම් ටිකක් විතර ලස්සනයි කැලණි කලාපයේ හොදම අත් අකුරු වලට මට පලමුවෙනි තැනත් ලැබුනා.

    අපේ අම්මයි තාත්තයි පොඩි කාලේ මාව දකුනත් කාරයෙක් කරන්න මාරම ට්‍රයි එකක් දීලා බැරිම තැන ඕනම දෙයක් කරගනින් කියලා නිකන් හිටියලු.

    අක්කත් වමත්කාරියෙක් කිව්වම ආසාවේ බෑ. එහෙම බලාගෙන ගියාම අක්කලා අපි එකම බෝට්ටුවක ඉන්නේ. :)

    ReplyDelete
  28. එලනේ,වමත්කාරයෙක් උන එක ගැන මමත් සතුටු වෙනවා.මමත් අකුරු ලියන්නේ ඔය 2 වන ආකාරයට,ඒක දකින ගොඩක් අය අහනවා කොහොමද ඔහොම ලියන්නේ කියලා?
    එතකොට හිතට නිකම් පොඩි ජොලියක් වගේ එනවා?නැද්ද?එත් ඉතින් අපහසුතාත් නැතුවාම නොවේ.වැඩිපුර වමත් අය ගෑනු අයද?පිරිමි අයද?මම නම් තාම වමත් ගෑනු ලමයි නම් 4 දෙනයි දැකලා තියෙන්නේ.

    ReplyDelete
  29. @මධුරංගආ ඔයත් වමත්කාරයෙක්ද?නියමයි නේ.මම නම් බත් කන්නෙ දකුණෙන්.මගෙත් යාලුවෙක් හිටිය වමත්කාරයෙක් එයත් කන්නෙ වම් අතින්.ඔයාගෙ අත් අකුරු ගොඩක් ලස්සන ඇති එහෙනම්.

    ReplyDelete
  30. @රංග ප්‍රභාත් ජයසිංහ

    එහෙනම් ඔයාගෙ අකුරු මුතුකෑට වගේ ඇති.

    අහ්...අර ලියුම්වල ලිව්වෙ ඔයාගෙ යාලුවා කියන දේවල් විතරයි නේද? :)

    වමත් කරුවන්ගේ සංගමයක් ගෑන මමත් අහල තියනවා.වෑඩි විස්තරයක් නම් දන්නෙ නෑ.

    දකුණත්කාරයොන්ට වමත්කාරයො සුවර් නෑ.ඒකයි ඔහොම කියන්නෙ.මමත් දවසක් ගහක් කපන්න ගිහින් ගෙදරඅය මට හිනාවුනා.අර බලන්නකො පිහිය අල්ලගන ඉන්න හෑටි කියල :-/

    ReplyDelete
  31. @සුඩරක

    ඔව් ඔව්.ගොඩක් උජාරුවෙන් ඉන්නෙ එහෙම ඇහුවම :))

    වෑඩිපුර වමත් අය ඉන්නෙ පිරිමිලු.මෙන්න මේකත් බලන්න.

    http://stason.org/TULARC/society/left-handed-left-hander/40-Why-are-there-more-Lefthanded-Males-than-Females.html

    ReplyDelete
  32. සුපර්..මමත් සාඩම්බර වමත්කාරියක් වෙමි... අනේ අක්කේ අකුරු ගැන කිවොතින් නම් අකුරු මට කවදාවත් පොතේ රුල් වල ලියන්න බැ..රුලේ උඩ ලියනවා හරියට හාෆ්ශිට් වල ලියනවා වගේ..අනික කවදාවත් වේගෙන් නම් ලියන්නම බැ..එහෙම ලිව්වොත් අකුරු හකුරු වෙනවා...

    ReplyDelete
  33. අඩේ වමත් කාරියේ මී ටූ අති දරුණු වමත් කාරියක් මි..
    http://neranji-sulakkana.blogspot.com/2010/08/blog-post.html

    මේ තියෙන්නෙ මම වමත ගැන ලියපු ලිපියක්...ඉතින් ඔයත් ජගත් වමත් කරුවන්ගෙ සංගමයට එන්න.වමත් කරුවො දැනට 13%ක් ඉන්නවා.වැඩියෙන්ම ඉන්නෙ ආසියාවෙ..අගෝස්තු 13 වෙනිදා යෙදෙන ලෝක වමත් කරුවන්ගෙ නිම්ෂා.සීතලයා,ඔයා, මම සෙට් වෙමු ඕකේ..යමු පෙළපාළි..:-)

    ReplyDelete
  34. @නිම්ශා

    බලන්ගියාම මගෙ යාලුවො ගොඩක් අය වමත්කාරයොනේ.

    ReplyDelete
  35. @නීනු නෙරංජි

    ආ ඔයත් වමත්!... මරුනේ.
    බලන්න ඔයා,මම්.නිම්ශා,සීතලයා,චේ,ඉරු.මදුරංග මල්ලි ඔක්කොම වමත් .අනිවා යමු සෙට් වෙලා පෙළපාළි :))

    ReplyDelete
  36. මම නම් දකුණත්, මල්ලි වමත්. මම ලියන්නෙ 3 වෙනි ව්දියෙ අනිත් පැත්තට. අංශක 90 වම ඕනෙ ගොඩක් වෙලාවට. නැත්නම් ලියන්න අමාරුයි. මම ලියන අතුරු ගොඩක් අයට හොයා ගන්න බෑ. පුංච්යි & කැතයි. අනික එක ස්ටයිල් එකක් කියලත් නෑ හිතට එන එන විදියට ලියනවා

    ReplyDelete
  37. @තාරක ඪිල්ශ්@න්
    අනේ මමත් අකුරුවලට ස්ටයිල් දාන්නෙ නම් නෑ.ඔහෙ ලියනවා :)

    ReplyDelete
  38. දැනුයි පෝස්ට් එක දැක්කේ... මමත් අතිශය භයානක වමත් කාරයෙක්... මම ලියනවා විතරක් නෙමෙයි කෑම කන්නෙත් වමතින්... :) ලියන්නෙනම් නදි කියපු විදිහටම තමා. ඒ උනත් ඉස්සර ඉස්කෝලෙ ගුරුවරු කියන්නෙ මට තියෙන්නෙ JVP අකුරු කියලා. :D අර සමාජවාදී පෝස්ටර් වල තියන අකුරු වගේමයි මම ලියන්නෙ. ඉතින් ඔය නිසාම පෝස්ටර් කෙරුවාවට සෙට් උන වාත අවස්ථාත් නැතුවා නෙමෙයි. :P

    වමත් කාරයෝ පෙලපාළි යනවානම් මගේ ගානේ පෝස්ටර්..... :P :P :P :P

    ReplyDelete
  39. @ චේ උන්නැහේ... - චේ ත් වමත් කියල මට සීතල මල්ලි කිව්වා,සීතලත් වමත් ලු නේද?පොත හරවල ලියන නිසා තමයි ඔය අකුරු ඇදවෙන්නෙ.මගෙත් එහෙමයි අකුරු ඇදයි.ආ...මම් නම් කන්නෙ දකුණෙන්.එහෙනම් චන්දෙ දවස් වලට සෙට් වුනානම් කීයක් හරි හොයාගන්න තිබ්බ,පෝස්ටර් ඇදල දීලා:p

    දකුණත් ලෝකෙ වමත් අයට වෙන අපහසුතා බොහොමයි.යමු පෙලපාලියක්

    ReplyDelete
  40. අනේ මාවත් වමත් සමාජෙට ගනියෝ

    ReplyDelete
  41. @ hansakinkini - හෙහ් හෙහ් ඔයත් වමතෙක්ද මරුනේ.

    ReplyDelete
  42. මමත් සාඩම්බර වමත් කාරියක් වෙමි. චියර්ස්...........

    ReplyDelete
  43. අපේ දිනේ අගෝස්තු 13. අමතක කරන්න එපා බොහොම වටිනා දිනයක්.

    ReplyDelete
  44. කියන්න බැරි වුනා මගේ මහත්තයත් වමත් කාරයෙක් උපතින් හැබැයි. මගදී අම්මා ගහලා ගහලා දකුණෙන් ලියවලා. හැබැයි කතුරෙන්වත් කපන්න බැහැ එයාට දකුණෙන්. ලියැවිල්ල පමණයි. ක්‍රිකට් බෝල් කරන්නේ බැට් කරන්නේ දෙකම වමතින්

    ReplyDelete
  45. @RanDil- චියර්ස්!!!ඔව් අගෝස්තු 13නෙ වමත්කරුවන්ගෙ දිනය.අහ්...බලෙන් දකුනෙන් ලියන්න පුරුදුකරල,මම් ගොඩක් ඔය කතාව අහල තියනව,බලන්නකො කොමෙන්ට් වලත් එහෙම කතා කියල තියනව.

    ReplyDelete
  46. දන්න කියන මලයෙක්February 5, 2013 at 11:48 AM

    විවේකයෙන් ඉන්න වෙලාවට ආයෙම මේ පෝස්ට් එක කියවන්න හිතුනා. :)

    ReplyDelete
  47. ලියන අකුරු කෙසේ වෙතත් බ්ලොග් එකේ ටයිප් කරන අකුරුනම් මුතු කැට වගේ. මමනම් දකුණත්. හැබැයි අපේ අයියයි එයගේ නෝනයි ළමයිනුයි ඔක්කොම වමත්

    ReplyDelete