Thursday, April 7, 2011

හොර ෆිල්ම්


 මේක සිද්ද වුනේ මීට අවුරුදු කීපයකටම කලින්,ඒ දවස් වල මම් කෑම්පස් එකේ ඉංග්‍රීසී ඩිප්ලෝමා එකට ඇප්ලයි කරල විභාග ලියල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ.ලියමනක් ආව විභාගෙ පාස්වෙලා තියන නිසා පාඨමාලා ගාස්තු ගෙවන්න කියලා.ඒකට උවමනා කරන ලියකියවිලිත් අරන් එදා ගෙදර ඈවිත් හිටිය මාමගෙ දුවත් එක්ක මම් කෑම්පස් එකට ගියා.එයා මට වඩා අවුරෑදු 2ක් විතර වෑඩිමල් කෙනෙක්.

ගිහින් හිතුවටත් වඩා කලියෙන් වෑඩ ටික ඉවරකර ගන්න පුලුවන් වුනා.දෙන්නම බස් එකේ නෑගල එන්න ආව.ස්ටෑන්ඩ් එකෙන් බෑහෑල ගෙදර එන්න ඕනි ෆිල්ම් හෝල් එක පහුකරල,එන ගමන් දෑක්ක තඩි බෝඩ් කෑල්ලක් ගහල තියනවා "දිල් සේ " කියල.කාලෙකින් ලෑබුන චාන්ස් එක නිසා අක්කා කීවා බලමුද නංගි අර ෆිල්ම් එක කියල.ඒ වෙද්දි මම කවදාවත් තනියම ෆිල්ම් බලන්න ගිහින් තියන එකක් යෑ.

ටිකක් බය හිතුනත් හා!... යං...කියල එක පයින්ම මමත් කෑමති වුනා.ආය මේවගෙ නිදහසක් කවද ඒයිද දන්නෙ.ඕනෙ දෙයක් වෙන්න කියල යන්න තීරණය කරා.ඔන්න දෑන් අක්කයි මමයි ටිකට් ගන්න තෑන.

අනේ... මට නම් බෑ... අක්කෙ ඔයා ගන්නකො...

කියල මම් පෑත්තකට වෙලා හිටිය.ඊට පස්සෙ මෙයා මෙහෙ දෙන්නකො සල්ලි... කියල සල්ලිත් අරන්පෝලිමේ ඉන්නවා.දෙන්නටම නිකන් අමුතුයි වගේ.ඔක්කොමල වගේ ඉන්නෙ කපල්ස්, අනිත් අයත් ගොඩක් පිරිමි අය.මට පෙනුනෙ එයාලත් අමුතු විදියට අපි දිහා බලන් ඉන්නව වගේ.

ඒත් එක්කම එතන ටිකට් ගන්න හිටිය අය්ය කෙනෙක් අමුතු හිනාවක් දාගන අපි දිහා බලනවා.කෙල්ලො දෙන්නෙක් තනියම ඇවිල්ල නිසා වෙන්න ඇති කියල අපි දෙන්නත් හොදට රවලා බලල නිකන් හිටිය.මෙන්න බොලේ මේකා කතා කරන්න වගේ අපි ලගට එනවා.

නංගිලා ආවෙ "දිල් සේ" ෆිල්ම් එක බලන්නද? 
අපි දෙන්නත් ඔව්...කියල බලන් ඉන්නව.
මමත් ආවෙ "දිල් සේ " බලන්න.
ඒත් අද ඒක නෙමේලු තියෙන්නෙ නේද?අර ෆිල්ම් එකලු කියල පෙන්නුවෙ නෑතෑ පෝස්ටරයක්.අපි දෙන්නටම ඉහින් කනින් දාඩියදාල ගියා පෝලිමේ ටිකට් ගන්නත් ලංවෙනවා.අනේ! තෑන්කු... අය්යෙ කිව්වට කියල හිනාවෙලා අපි දෙන්න හිමින් සෑරේ මාරුවෙලා ආවා.

17 comments:

  1. අහෝ!!! දුකකි කිව්වා... හෆොයි හෆොයි :) :) :)

    ReplyDelete
  2. වෙලාවට කලින් දැනගත්තෙ. ඇතුලට ගිහින් වාඩි උනාටත් පස්සෙ දැනගන්න තිබුණෙ.

    ReplyDelete
  3. අර අය්යත් එක්ක සැට් වෙලා දෙන්නට පිලුම් එක බලම එන්න තිබ්බ නේ ඔච්චර පෝලිමේ හිටිය එකේ...හික් හික් දිව දොට්ට

    ReplyDelete
  4. පිණිබිඳු... - හෆොයි අර අය්යට පින්සිද්ද වෙන්න එහෙම අවාසනාවන්ත සිදුවීමක් වුනේ නෑ :D

    ReplyDelete
  5. බීටා - අය්යත් එක්ක සෑට් වෙන්නෙ කොහෙද එයත් අපිත් එක්කම එලියට බෑස්සනෙ :p

    ReplyDelete
  6. ඉෂාර - හික් හික්...දෙයියෙක් වගෙ අය්ය ආවනිසා හොදට ගියා :)

    ReplyDelete
  7. හපොයි අනේ මම නම් පොලව පලාගෙන එතනම මැරෙණවා.චිකේ නෝන්ඩි ගොඩයි.ඒ කොහොමද එතනිං මූන පෙන්න ගෙන ආවේ?

    ReplyDelete
  8. හිනා වෙලා මරු වුනාද.. නැත්තං බලලාම ආවද කියලා තමා මට ෂුවර් නැත්තේ.. :P :))

    ReplyDelete
  9. සීතල අයියා - එතන හිටපු කවුරුවත් අක්කව තියා මාවවත් දන්නෙ නෑතුව ඇති.අනික වට පිට බල බල හිටියෙ නෑ.හිමිම්ම මාරු උනා. :D

    ReplyDelete
  10. චතුවා (ළමයා) - අපි ඔයාල වගේ නරක ළමයි නෙමේ හරිද?ඔය ඉතින් අහගන්න ඕනෙවෙලා.:P

    ReplyDelete
  11. හොද වෙලාවට ටිකට් ගන්න කලින් දැන ගත්තේ. නැත්නම් ටිකට් ගන්න නෙමේ ටිකට් කන්න වෙන්නේ වෙන ලැජ්ජාව හින්දා.

    ආයේ එහෙම යද්දි බෝඩ් එක බලලා යන්න අක්කා :)

    ReplyDelete
  12. ෆිල්ම් එක බලන්න වාඩි උනාටත් පස්සෙ දැනගත්තනම් වෙනදේ හිතා ගන්න තිබුනා.. මදැයි පළවෙනි පාර තනියම ෆිල්ම් එකක් බලන්න ගියා..

    ReplyDelete
  13. මධුරංග - බෝඩ් එක බලල තමා ගියෙ.තඩි බෝඩ් එකක් ගහල තිබ්බ දිල් සේ දෑන් පෙන්නනවා කියල.ඇතුලට ගියාම වෙන එකක්ලු.පිස්සු අප්පා :(

    ReplyDelete
  14. Dinesh - අනේද කියන්නෙ මදෑයි!

    ReplyDelete
  15. හෙහෙහ්..මරු සින් එක...රැව්වා උනත් කොල්ලා කලේ හොද වැඩක්නේ...

    ReplyDelete
  16. නිම්ශා - ඔව් එයා හොද අය්ය කෙනෙක්.නෑත්තම් අපි දෙන්න මාර අමාරුවකනෙ වෑටෙන්නෙ.

    ReplyDelete
  17. 18+ එකක් තියෙන්න ඇති! අපිත් සිකුරු හතේ බලන්න ගියාම ඒකේ තියනවා දෙමළ එකක්! බලන්න ගියානම් එහෙම විනාශයි!

    ReplyDelete