Wednesday, April 6, 2011

ජම්පින් ආච්චි - 2



 ලේලි ගෑන ආච්චිගෙ එච්චර  පෑහෑදීමක් තිබ්බෙ නෑ, එයා කෙට්ටුයි සුදුයි,දිගම දිග ගවුම් අදිනවා,වට පිටාවෙ අයත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.මුලින් හොදට හිටියට මාස කීපයක් යද්දි ආච්චියි ලේලියි අතර රෑවුම් ගෙරවුම් ඇතිවෙන්න පටන් ගෑනීමත් එක්ක පුතාගෙනුත් ආච්ච්චිට සෑර වෑර එන්න ගත්තා.

ආච්චි ගෙදර වත්තෙම කොනක හදල තිබ්බ පොඩි කාමරේට ගියා.පස්සෙ නවාතෑන වුනේ එතන.මුල් කාලෙ තුන් වේල ගෙදරින් ලෑබුනත් පහු පහු වෙද්දි ආච්චි ගෙදර ලග කඩේකින් තුන්වේලම කෑවෙ.ඒ වෙනුවෙන් වියහියදම් කරල තිබ්බෙ ලොකු පුතා.මහ ගෙදර පොඩි පුතාට ලියල තියනබව දෑන ගත්තට පස්සෙ ඒ කෑම එකත් හරියකට හම්බවෙලා නෑ.බත් පාර්සලයත් ඇරන් බොරලු ඈනෙන ගුරුපාරෙ තද අව්වෙ පිච්චි පිච්චි සෙරෙප්පු දෙකක්වත් නෑතුව ඉක්මන් ගමනින් ආච්චි යන එක සුලබ දසුනක් වෙලා තිබ්බ ඒකාලෙ.

ඔය වෙද්දි ලොකු පුතාගෙ දුවටත් බබෙක් ලෑබිල, බලන්න ගිය ආච්චි ඒ ගෙදර ගේට්ටුව ලග හිටගන ඉදල  ඉදල වෑඩක් නොවුන තෑන ආපහු හෑරිල එනවලු..මහ ගෙදරත් දෙපෑත්තෙම දොරවල් අගුලු දානවා ආච්චි ගෙට එයි කියල,ගොඩක් වෙලාවට ඒ ගෙදර ගේට්ටුව පෑය 24ම ලොක් කරල තියෙන්නෙ. ආච්චි දවල් කෑම අරන් එන වෙලාවටත් ගේට්ටුව ලොක් කරල බෙල් කරාට ගොඩක් වෙලාවට ලොක් එක අරින්නෙ නෑ.ඉතින් බත් එක බිමින් තියල ආච්චි ගේට්ටුවෙන් පනිනවා.ඒ නිසා ආච්චිට නමකුත් පට බෑදුන,ජම්පින් ආච්චි කියලා.

ගෙදර කවුරුවත් ආච්චි එක්ක කතා කරේ නෑ.සමහර වෙලාවට අහල පහල ගෙවල් වලට ඇවිත් කාලා බීලා යනවා.ටික කාලයක් යද්දි ආච්චිට පිස්සු වගේ හෑදුනා.හිටපු ගමන් පාර දිගේ ඔහේ ඇවිදගන යනවා.පස්සෙ ගෙදර ඉන්නව දකින්න හම්බුනේ නෑ.කාලෙකින් ආරංචි වුනා ආච්චි නෑතිවුනා කියල කොගෙද තෑනක ඉදලා
, මිනිස්සුනම් කිව්වෙ කරුමෙ තමයි,ළමයි වෙනුවෙන් හෑම දේම කරල අන්තිමට කාත් කවුරුවත් නෑතුව දුක් විදලා මෑරෙන්න වුනා කියලා.


9 comments:

  1. පින්මද පුතුන් සියයක් හැදුවත් නිසරු

    ReplyDelete
  2. ඉෂාර - හ්ම්... :(

    ReplyDelete
  3. ම්ම්...දුක හිතෙන කතාවක්......
    ඔන්න මම තමා නදී අක්කේ ඔයාව 70 වෙනියට එලවන්නේ........හික්

    ReplyDelete
  4. බීටා - හ්ම්...දුකයි.:( හා බොහොම ස්තූතියි හොදේ.:)

    ReplyDelete
  5. අපෝ මහ ජරාම කොල්ලෝ දෙන්නෙක්!!!!
    කලින් කමෙන්ට් එක දැම්මේ අපරාදේ කියලත් හිතෙනවා. ශික් මෙහෙමත් අපත එවුන් !!!!!

    ReplyDelete
  6. ඒක නම් හිත කීරි ගැහෙන කතාවක් ....

    ReplyDelete
  7. kumaraya - ඔහොම තමා.මිනිස්සුන්ට වෙනස් වෙන්න එච්චර කලක් යන්නෙ නෑ.

    ReplyDelete
  8. මධුරංග -හ්ම්...එයාලත් වයසට ගියාම තේරෙයි.ලමයි නොසලකන කොට.

    ReplyDelete
  9. කාලයත් එක්ක සමහර මිනිස්සුන්ගේ හිත් පරිහානියට යන හැටි තමයි . මේවගේ අසරණ වුණු කීදෙනෙක් අපි අතරම ඇත්ද . . .

    ReplyDelete