Tuesday, August 16, 2011

හොට් වෝටර් | Hot Water


අපි කැම්පස් ගිය මුල්ම කාලේ වගේ අපේ අක්කලත් නුවරඑළියේ ට්‍රිප් එකක් ආවා, ඒ නිසා මටත් කිව්ව පුලුවන් නම් මල්ලිත් එක්ක නුවරඑළිය ටවුන් එකට එන්න,එයාල එන්නෙ වෙන පාරකින් නිසා එක්ක යන්න එන්න බැරිවෙනවා කියල.(මල්ලි කිව්වෙ අපේ ගෙදර ලගම හිටපු මාත් එක්කම අපේ යුනි එකට ආව කෙනෙක්.අපේම මල්ලියෙක් වගේ තමා එයාත්.)

පැය තුනක ගමනක් නිසා අපි දෙන්නත්  ලක ලෑස්ති වෙලා බඩුත් පටවගන ගියා බස් එකේ,නොමිලේ ලැබෙන චාන්ස් එකට පයින් ගහන්නෙ මොකටද කියල.

කියන්න ඕනේ නෑනේ ඉතින් බදුල්ලේ ඉදන් නුවරඑළියට යනව කියන්නෙ වංගු වංගු යන්න එපැයි,අනික මට වංගු ඇලජික් කීප සැරයක් කැරකුනාම ඇති බුවැ..ක් ගාන්න.

ඔන්න ඉතින් යනව,යනව ඉවරයක් නෑ,ඒ අස්සෙ මල්ලි හොදටම බය වෙලා අක්කා!...දාන්න නම් එපා!... තව ටිකයි තව ටික...යි කිය කිය යනව. 

දැන් නම් මටත් ඉවසලා ඉන්නම බෑ වගේ බුවෑ...ක් ගාන්න ඔන්න මෙන්න.අනික සෙනගත් වැඩී එතකොට තවත් අමාරුයි.

මල්ලිට ටිකක් ඒක තේරිලාද මන්ද අක්ක සින්දුවක් වත් අහන්නකෝ!...අමාරුම නම්, කියල අයිපොඩ් එක මගෙ කනේ ගැහුව,යාන්තම් නුවරඑළියේ ස්ටෑන්ඩ් එකට එනකම් අමාරුවෙන් ශේප් කරගත්තා. බැස්ස ගමන් බුවෑ...ක්!....

මොනා කරන්නද?... හිතලා කරනවැයි?... බස් වල ගද ඉවසන්නම බැරුව මෙහෙම වෙනවට මම මොනා කරන්නද? :(.

ඒ අස්සෙ අපි අරන් ගිය ගමන්මලු ඔක්කොම මල්ලි එල්ලගන.මට පව් කියලත් හිතුනා...මොනා කරරන්නද.හිහ්.අරන් ගිය වතුර බෝතලයකින් මම් මූණකටත් හෝදගත්තා.

ඉන්නකො මම් අක්කලාට අරන් බලන්නම් තාම සද්දයක් නෑනේ??? මෙලහට දැන් එනව ඇති!....

මල්ලි රින්ග් කරා අක්කලාට. කොහෙද සිග්නල් නෑ...එක ෆෝන් එකක් වත් වැඩ නෑ...

ඔලුවෙත් කැක්කුමයි එකතැනකට වෙලා හිටන් ඉන්නත් බෑ.බස්වල යද්දි කොහොමත් කෑම බීම ගන්නෙ නෑනේ වෙන සන්ගදිය දන්න නිසාම,හොදටම බඩත්ගිනී.

මොකද කරන්නෙ අක්කා...මග ඇති තාම!... ඒකයි සිග්නල් නැත්තේ...අපි මොනා හරි කාල ඉමු කියල පේස්ට්‍රි ශොප් එකකට ගිහින් අපි දෙන්න ශෝට් ඊට් කාල කූල් එකක් බිව්ව,අම්මෝ...එතකොට තමා ඇගට ටිකක් පන ආවේ...

 කෑවට පස්සෙ එතන වාත වෙවී ඉන්නත් බැරි  නිසා අපි දෙන්න එළියට ආව,යන්න පාරක් දන්නෙත් නෑ....

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්... එතකොට ඔය අමාරුගතිය ඇරිලා යයි...මල්ලි එහෙම කිව්ව.

පන්ඩිතයා වගේ ආයම තඩි බෑග් එකත් එල්ල ගත්තා,පව්නේ මල්ලි ඔක්කොම උස්සගන යන්නෙ කොහොමද?...

අපි දෙන්නටම තිබ්බෙ එකම ජාතියෙ ට්‍රැවලින් බෑග්ස් දෙකක්.මාරුවෙලාද කියල බලලම බෑග් එකක් මම් එල්ලගත්තා,එල්ලගන දෙන්නම පාර මාරු උනා...

 රින්ග් කරා රින්ග් කරා අක්කලාගේ ෆෝන් වැඩ නෑ... සිග්නල් නෑ...

ටිකක් බයකුත් දැනුනා...කියපු විදියට මුන් දෙන්න අපිට කලින් එන්න එපැයි...හවස් වෙන්නත් ලගයි.

බදුල්ලෙන් ආවෙත් 12 -1ට විතරනේ.ඒ එද්දිත් මෙයාල එන්න පිටත් වෙලානේ...

මොකද කරන්නේ!....හ්ම්...

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්...ආවොත් කෝල් කරයිනේ....

ඒක හරි!... කියල එකම තැනට වෙලා බකන්නිලාගන ඉන්නත් බැරි එකේ අපි දෙන්න පාර දිගේ ඉස්සරහට ගියා,පාර්ක් එකකුත් පහුකරන්..

අමුතු සීතලක් තියෙන්නේ දැන් නම් අර බුවෑ...ක් වෙච්ච අමාරුවත් අඩුවෙලා යනව වගේ...

මෙන්න එක පාරම පාර්ක් එක හරියෙදී ගහකට මුවා වෙලාවගේ හිටපු මැදිවීයේ පිරිමි කෙනෙක්, මහත්තයා රූම්ස් තියනව... හොට් වෝටර් තියනව,...කිය කිය පස්සෙන් එනව...

මගේ පපුව ඩික් ඩික් ගානව.මල්ලිත් බායවෙලා වගේ ටිකක්.මල්ලි කීවට ඒකා මට වඩා අවුරුද්දකට බාල.

නෑ නෑ ඕනේ නෑ...කියල මල්ලි ටිකක් තදින් කීව.

ඒත් මට හොදට දැනුන එයත් ටිකක් බයවෙලා විත්තිය.අක්කා ඔයා මේ පැත්තට එන්නකෝ...කියල මම් පාරෙන් අනිත් පැත්තට මාරු කරගත්තා...

දැන් දෙන්නම ආයෙත් පාරේ ඉස්සරහට යනව.හතරමං හංදියකුත් පහුකරගන ඉස්සරහටම.

ඒ අස්සෙ මම් අක්කලට කෝල්ස් ගන්නව ශික්!...සිග්නල් නෑ..

පොඩි පිට්ටනියකුත් පහු උනා.මේක හරියන්නෙ නෑ,....මල්ලි අපි ආපහු යන් මල්ලී!... කියලා දෙන්නම ආයෙත් එන්න ආව.

ආය අර මිනිහ පස්සෙන් එනව...මහත්තයා රූම්ස් තියනව...අඩුගානට කරලා දෙන්න පුලුවන්...හොට් වෝටර් තියනව...

මල්ලිට හොදටම තරහ ගිහින් ඇයි එක පාරකුත් පස්සෙන් ආවනේ.එයා හැරි හැරී අර මිනිහට ඔරවනව.

මම් අත කොනිත්තලා ඉක්මනට අඩිය ඉක්මන් කරල යමු කියල,හයියෙන් හයියෙන් එන්න ආව.අම්මෝ බය වෙච්ච තරමක්.

ආයෙත් ස්ටෑන්ඩ් එක ලග.ආව විතරයි මෙන්න අක්කලා කෝල් කරනව.

අපි ආව!... ඔයාල කොහෙද?...කියල.දැක්ක ගමන් ඇහුවේ අවුලක් උනේ නෑ නේද මල්ලි!...කියල.

මල්ලි කතාව කියල චොර කරන්න කලින් මම් මුල ඉදන්ම විස්තරේ කීව.නෑ නෑ මම් එද්දිම ශොපින් බෑග්ස් අරන් රෙඩි වෙලාම ආව කියල.

හොට් වෝටර් කතාවට අය්යටත් හොදටම හිනා. හෙහෙ...හොට් වෝටර්...








48 comments:

  1. හිකීස්.. ඔයින් ගියා මදැයි..!

    ReplyDelete
  2. බුවෑ....ක් !!!!!
    අක්කට දැන් නම් පුරුදු වෙන්ටෑ. එහෙම වමනේ යන්නේ නෑනේ. අක්කලා නුවරඑළි එන්නේ වැලිමඩ පැත්තෙන් නේ ද ? කොහොමත් නුවර එළි එනකොට වංගු දාලා එන්න එපෑ.

    හික්ස් :) මතක් වෙනකොටත් හිනා. අක්ක්ලාට වෙන්නේ මාරම වැඩ තමා !!!! පවු අර මල්ලි.

    ReplyDelete
  3. මටත් පොඩි කාලෙ බස් එකට නැග්ගොත් බුවෑක්. දැන්නම් බස් වල ගිහිල්ලම ඒක හරි ගිහින්.

    ReplyDelete
  4. අනේ පව් අසරන මනුස්සයා. හොදක් කරන්න ගිහින් බැනුම් අහනවා.
    ඒ ඇත්තා හිතන්න ඇති ඔයා දැක්කම අසාධ්‍ය ලෙඩෙක් කියලා.

    ReplyDelete
  5. මටත් ඔය ලඟක් වෙනකන් බුවෑ..ක් සීන් එක තිබ්බා..
    වංගු 2ක් ගත්ත ගමන් ෂොපින් බෑග් 1ක් පිරෙනවා...

    හි හී... හොට් වෝටර්.... සීතලයිනේ ඉතිං!

    ReplyDelete
  6. හික්.. තාමත් දුරගමන් යනකොට රු5 තඩි මලු අරගෙනලු යන්නේ නදී අක්කා.. :P

    ReplyDelete
  7. හිහ් මට එහෙම ඔහොම කිය කිය පස්සෙන් ආවනම් දමල ගහනව මල්ලෙන්(ලග ඉන්න කොල්ලට)හික් හික්..

    ReplyDelete
  8. අක්කලා ආව හින්දා හොදට ගියා නැත්තන් ආයේ බුවෑ..ක් තමා නේ...

    ReplyDelete
  9. පස්සෙන් ආපු මිනිහටත් බුවෑ..ක් පාරක් දැම්මනම් හරිනේ. හොට් වෝටර් වලින් හෝද ගන්න කියල....

    ReplyDelete
  10. පව් අර අසරණ මලය. ලැජ්ජ බයට හැදුන කොල්ලෙක් කොයිතරම් නම් අපහසු තාවයට පත් වෙනවද ඒ වගේ දෙයක් උනාම? :D

    ReplyDelete
  11. අම්මා!!! මෙයාට බස් ඇලජික්ලු.. ඔන්න අහගනිල්ලා. මෙයාට බස්වල යන්න බෑලු....

    ReplyDelete
  12. ඒ කියන්නෙ අක්කට තියෙන්නෙ අර මල්ලිගෙත් නංගි වගේ පෙනුමක් නේද???

    ReplyDelete
  13. බස් එකේ යද්දි බස් එකේ ඇතුලෙ තියන දෙයක් දිහා බලාගෙන යාම, පොතක් බලමින් යාම වැනි දේවල් නිසා වමනෙ යන්න පුලුවන්. ඒ නිසා ජනේලයකින් පිටත බලාගෙන යාම තමයි මේ සඳහා හොඳ. ඒ වගේම එහෙම බලද්දි ඉතා ඈත තිබෙන වස්තූන් දෙසත් ඉතාම ලඟ තිබෙන වස්තූන් දෙසත් බලන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් ඇස්මානයේ ඇති වස්තූන් දෙස බලන්න. ඒ වගේම හිටගෙන නොයා වාඩි වෙලාම යන එක තමා හොඳ. වාඩි වීමේදී බසයේ පිටුපස ඇක්සලයට ආසන්න අසුනක් තෝරාගන්න. පහසුවෙන් හොඳින් වාඩිවන්න. විශාල ගමන් මළු සමඟ වාඩිවෙන්න එපා. හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. මෙමඟින් වමනය ඇතිවන්නේ 'Motion Sickness' නම් තත්වය නිසා නම් එය පාලනය කරගත හැක.

    ReplyDelete
  14. Wඑනි-හ්ම්.එදා නම් බය උනා නියමෙට.

    මධුරංග-ඔව් බදුල්ලෙ ඉදලා එනකොට එන්න වෙන්නෙ ඒ පැත්තෙන් නේ.එපා වෙනව දැන් නම් ටිකක් හොදා පුරුදුයි.

    පිණිබිඳු...- මටත් එහෙමයි.පස්සෙ පස්සෙ හරි ගියා,අම්මො මුල් දවස් වල බස් එකේ යද්දි මරන්න අරන් යනව වගේ යන්නෙ.

    ReplyDelete
  15. ඝිම්හනි-ඒ මනුස්සයට පිස්සු හිතන්න ඇති අපි ඉන්න තැනක් හොයනව කියල. :)

    තාරක ඪිල්ශ්@න්-මටත් තියනව,වංගු බස් එකේ ගොඩක් සෙනග ඉන්නකොට හරිම අමාරුයි අනිව බුවැ..ක් තමා.ඔව් ඒහෙ සීතලයි නේ ඉතින්.

    චතුවා (ළමයා)-නෑ නෑ අම්ම දාල දෙනව අර පොඩි ශොපින් බෑග්ස් ටිකක් 5ක් 6ක් විතර :))

    ReplyDelete
  16. ආඩම්බරකාරී-මට නම් බය හිතුනා.අපි නොදන්න පැත්තක්නේ අනික

    අසනි-හිහ් හිහ්

    පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-ඒ වෙද්දි බුවැ..ක් දාලා ඉවරනේ.අප්පො ඒ මිනිහා අයිස් කැප් එකක් දාල,ජැකට් එකකුත් දාල හිටියේ,බයේ බෑ.

    ReplyDelete
  17. කසුන්-නෑ එයා බයවෙන්නැති මම් ඉන්න නිසා.තනියම නම් මොනා හරි කරයි නේ.

    සීතල අයියා-ඒකේ අමාරුව දන්නෙ බුවැ..ක් ලෙඩේ තියන අය.දැන් නම් අවුලක් නෑ ටිකක් හුරු වෙලා.

    හපා-හෙහෙ අපෝ නෑ.මම් අක්ක තමා.

    ReplyDelete
  18. ටී.බී. -ඔයා කිව්ව සමහර ඒව අත්හදා බලලා තියනව,වෙලාවකට තමා ඔහොම වෙන්නෙ.බස් වල ගද දැනුනම මට ඔලුවෙ කැක්කුමයි.ඔහොම සරලව සැහැල්ලුවෙන් යන්න බස් කොහෙද ලංකාවේ තියෙන්නෙ.තඩි බෑග් අරන් තමන් ලගම තියන් පැය 8ක් විතර යද්දි කොහොමද?අම්මෝ එපා වෙනව.

    ReplyDelete
  19. බස් එකේ යනකොට අර ඇවමින් පෙති දෙකක් ගන්න අක්කේ එතකොට බුවැක් ගාන්නේ නැතිව යන්න පුළුවන් :D

    ReplyDelete
  20. ආ එහෙනම් ඔයාට තියෙන්නෙ 'Motion Sickness' නෙවෙ, 'Public Transportation Allergy Syndrome' කියන තත්වය. ඔය තත්වය තියෙන්නෙ ඔයා වගෙ Posh අයට. ඒ අයට බස් එකේ කෝච්චියේ යන්න බෑ ගඳයි, තදබදයි අපහසුයි...
    හැබැයි ඉතිං ඔය තත්වයට තියන පිළියමත් ඒ වගේම මිල අධිකයි...
    :D

    ReplyDelete
  21. ChammA-එවත් බීලා තමා යන්නෙ මල්ලි ඒත් හරියන්නෙ නෑ.

    ටී.බී.- හිහ් මම් ගැන දන්නෝ දනිති.අනේ අපි පොශ් නම් නෑ.මම් කිව්වෙ වොමිට් වෙන්නෙ ඒ වගේ අවස්ථා ආවම කියල.ඔයත් දවසක බදුල්ලෙ ගිහින් බලන්නකෝ එක දිගට අනුරාධපුරේ ඉදන්,පැය 8ක් විතර බස් එකේ. කොහොමද කියල.

    ReplyDelete
  22. ටී.බී.-හෙහ් අනිත් යාලුවොත් හිනා වෙනව,ගොඩක් වෙලාවට මගේ බෑග් එකේ දෙහි බුලත් පුවක් එහෙමත් දාගන යන්නෙ(අම්ම දාලා එවනවා)වොමිට් වෙන්න ආවොත් පාවිච්චියට ගන්න කියල.කවදාවත් නන් බස් එකේදී පාවිච්චි කරේ නෑ.හොස්ටල් ඇවිත් දෙහි හදලා කට්ටියම බොනව.:))

    ReplyDelete
  23. @ නදී,
    හික් හික්//
    හැබැයි කෝච්චියේ ගියා නම් ඔය කිසි ලෙඩක් නෑ, මොකද ගම්පොලින් එහාට උපරිම වේගය පැයට කිලෝමීටර් 15 නෙ :), පයින් යනව වගේ නෙ ඒ නිසා කිසි අවුලක් නෑ රේල් පාර යන පරිසරයත් හොඳයිනෙ (බස් පාරත් ලස්සනයි තමා)
    හැබැයි ඉතින් ඔහෙ ඉඳන් පොල්ගහවෙලට එන්න වෙනව ඒකට, අපි නම් ඉතින් පොල්ගහවෙල කිට්ටුව නිසා පහසුයි...

    ReplyDelete
  24. වමනේ යනවට ගන්න ටැබ්ලට් එකක් තියනවා නේද, ඒක අරගෙන බැලුවෙ නැද්ද ......

    හොට් වෝටර් තියනවා ...... රූම් තියනවා ........

    හිහ් ... හිහ් ......

    ReplyDelete
  25. ටී.බී-මොකෑ හිනා වෙන්නෙ බොල. කෝච්චියේ යන්න නම් බැරිඋනා.මෙහෙන් කෙලින්ම කෝච්චි නෑනේ.පොල්ගහවෙලෙන් මාරුවෙන්න එපැයි.බෑගුත් කරගහගන යද්දි ඕව්ව බෑ.එපා වෙනව.ආසාවට දවසක් බදුල්ලෙ ඉදන් බස් එකේ ගිහින් බණ්ඩාරවෙල ඉදන් කෝච්චියේ ආව බදුල්ලට :))

    පන්සල් හංදිය-ඔව් ඒක ගත්තත් මට හොද වෙන්නෙ නෑ.

    ReplyDelete
  26. @ නදී,
    නෑ// දෙහි කතන්දරේට හිනාගියෙ...

    ReplyDelete
  27. ටී.බී.-ඉතින් දෙහි දොඩම් කනවනේ වොමිට් වෙන්න ආවම.පැගිරි රහට,සුවදට. වොමිට් වෙන්නෙ නෑ කියල කියනව නේද?

    ReplyDelete
  28. @ නදී,
    ඒක හරි, ඒත් ඉතින් ඒව ඒ වෙලාවට පාවිච්චි කරනව මිසක් පස්සෙ නිවාඩු පාඩුව යාලුවොත් එක්ක රසවිඳල හරියන්නෙ නෑ... :D

    ReplyDelete
  29. ටී.බී.- හෙහෙ ඒක හරි.ඉතින් අරන් ගිය එකේ විසික් කරන්නෙ මොකටැයි නිකන්,හොදට සීනි දාල හදලා බොනව.

    ReplyDelete
  30. ඉස්සර ඔය ලෙඩේ මටත් තිබුනා. මල්ලිට නම් අවුලක් නෑ.
    ඒත් මම දානව දැක්ක හැටියේ ..මිනිහත් පටන් ගන්නවා.
    ඊට පස්සේ තරගෙට හෝටල් අරිනවා.

    දැන් නම් එහෙම කේස් නෑ..ඕන දුරක් යනවා .....ජොලියේ.

    ReplyDelete
  31. හපොයි අර අහිංසක කොල්ලා !!! ලැජ්ජාවේ පණ ගියාද දන්නෑ !!!

    ReplyDelete
  32. - නිල් අහස - -මටත් එහෙමයි කවුරුහරි වොමිට් කරනව දැක්කත් ඇති, හිහ් දැන් නම් ටිකක් හොදා.

    චතුරංග පෙරේරා | chathuranga ඵෙරෙර-මොනා කරන්නද?අදටත් මතක් කරකර හිනා වෙනව අක්කා හොට් වෝටර් මතකද කියල හිහ්.:)

    ReplyDelete
  33. අම්මේ ඔය ලෙඩේ නම් මට නැ ..හොද වෙලාවට.. :)

    අර කිව්වත් වගේ නුවර එලියේ ඔහොම මිනිස්සු පස්සෙන් එනවද හොට් වොටර් කිය කිය ...අක්කාට වඩා මල්ලි බය වෙලා වගෙනේ...

    ReplyDelete
  34. හැම තැනක කාක්කෝ පිරිලා. සමහර වෙලාවට උන් පිටිපස්සෙන් ඉන්නේ සන්විදානාත්මක කල්ලි.. කොහොමටත් ඔයවගේ ගමන් තනියෙන් නොයන්න පාඩමක්.. පොඩි කොල්ල මොනවා කරන්නද උන් රැලක් එක්ක ?

    ReplyDelete
  35. නිම්ශා- ආ ඔයාට නැත්තම් හොදයි.එයා බය වෙන්න ඇත්තෙ මම් ඉන්න නිසා වෙන්න ඇති.මොනා කරන්නද නොදන්න තැනක.

    සරත් ලංකාප්‍රිය-මමත් හිතුවේ එහෙම කෙනෙක් කියලා තමා.අපි අහුවෙයි ඕවට හිහ්.ඔව් පොඩි එකා බය වෙන්න ඇති.ඇත්තටම බය හිතෙනවනේ,මොනා කරන්නද එහෙම දෙයක් උනොත්.

    ReplyDelete
  36. ඇල් වතුරත් නිවල නාන ළමයින්ට වෙලා තියන දෙයක්!

    ReplyDelete
  37. නුවර එලියේ ගියාම ඉන්න තැන් හොයන්න කරදර වෙන්න ඔනි නෑ ඔය බ්‍රෝකර්ලට කිව්වානම් වැඩේ ගොඩ.

    ReplyDelete
  38. හෆොයි.. ඔයින් ගියා මදැයි

    ReplyDelete
  39. මායි අක්කයි ගිය ගමනකදි ඔයවගේ වතයක් ආවා අත බලල ඵලා ඵල කියන්න.. මේක නම් සිරා "කතාව හොට් වෝටර්.."අක්කන්ඩිට තිබ්බෙ සෙරෙප්පුව අරන් හොට් ශොට් එකක් දෙන්නනේ..

    ReplyDelete
  40. හ්ම්....අදනේ මේ පැත්තේ ආවේ.දිගටම ලියන්න සුභපැතුම් යාළු

    ReplyDelete
  41. හෙ හේ....නියමයි...ලස්සනට ලියල තියෙනව!

    ReplyDelete
  42. විලිජජ්ජාවේ සන්තෝසේ බැරි වෙන්න ඇතිනේ.. වැඩිය බයිට් උනේ එහෙම නැතුව් ඇති...

    ReplyDelete
  43. කස්සා-ඒකනේ බලන්නකො :)

    රන්දික කුලතුංග-මටත් එදා හිතුනේ එහෙම තමා.

    Ishan සන්කල්ප- :)

    ReplyDelete
  44. හිම කුමාරි-ඒකනේ.

    චතුර....-අහ් එහෙම අයත් ඉන්නව තමා.කොහෙද? නොදන්න තැනක එහෙම දේවල් කරනන් බයයිනේ.

    ayesha- ස්තූතියි.

    ReplyDelete
  45. ඉන්දික-වෙච්ච දේ තමයි ලිව්වෙ.:)

    ADK කොලුවා-හෙහෙ මේ වෙනකම්ම බයිට් වෙන එක නම් නැවතිලා නෑ.

    ReplyDelete
  46. අර ජනූ අක්ක කිය තිබ්බ කෙම පාවිච්චි කරල බලන්න තිබ්බනේ... පත්තර කොලයක් උඩින් වාඩි වෙන්න කියල තිබ්බේ...

    ReplyDelete
  47. නදුන් උයන- මම් ඒක කරල නෑ,බලන්න ඕනේ ට්‍රයි කරල.

    ReplyDelete