අපි අවසානයට කලින් හිටපු බොඩිම තිබ්බෙ හරියටම කැම්පස් එක ඉස්සරහමයි.
4 වෙනි අවුරුද්දෙ අපිට හොස්ටල් වලින් අයින් වෙන්න උන නිසා බොඩින් හොයාගන්න උනා,කොහොම හරි හතර වටේට ඇවිදලා ඇවිදලා අන්තිමට සෙට් උනේ කැම්පස් එක ඉස්සරහම තිබ්බ බෝඩිමක්.
ඒ වෙද්දිත් ගොඩක් කට්ටිය ඇවිත් බෝඩිම බුක් කරලා,වෙන කරන්නම දෙයක් නැති තැන අපි දෙන්න,(මමයි මගෙ යාලුවයි).එදා හවස, තිබ්බ සබ්බසකලමනාවම කරගහගන එතන්ට පදිංචියට ගියා.
ඉන්න විතරක් ඒ කාලෙ හැටියට 1500ක්,ලයිට් වතුර වෙනම, අපි පාවිච්චියෙ හැටියට ගෙවන්න ඕනේ කට්ටිය බෙදාගන.
එක වත්තෙ ගෙවල් දෙකක් තිබ්බ. එකක හිටියෙ බෝඩිම අයිති ආන්ටි තනියම,ආන්ටිට දුවල දෙන්නයි දෙන්නම් විවාහ වෙලා ගිහින්,අන්කල් එක දුවකගේ ගෙදර නැවතිලා.
වටපිටාවෙ අයනම් කිව්වෙ ඔය ගෑණිගෙ කට හොදනෑ!...මිනිහෙක් ඉදීයෑ!...කියල.
ඒ ගෙදරත් අපේ කැම්පස් එකේම ජූනියර් නංගිලා 5 දෙනෙක් හිටිය,අපි හිටපු ගෙදර වෙන් වෙලා තිබ්බෙ ඔක්කොම බොඩින්කාරයොන්ට.
ඒක බොඩින් ආන්ටිගෙ එකම පුතා වෙනුවෙන් අලුතෙන් හදාගන යන ගෙයක්. අපරාදේ කියන්න බෑ අය්ය හරිම හොදයි,මාසෙකට විතර සැරයක් කොළඹ ඉදන් ගෙදර ඇවිත් යනව,හ්ම්,,,සද්දයක් නෑ.ගෙදර ඉන්නවද නැද්ද කියල,ඒ තරමට ගුණයහපත්.
ඒ වෙද්දි එයා බැදලා හිටියෙත් නෑ.දන් නම් බැදලා කියල ආරංචියි :).
අපි හිට්ය ගෙදර යට තට්ටුව හදලා උඩ ස්ලැබ් එකදාලා. තාම දෙවනි තට්ටුව හදලා ඉවර කරල නෑ.කම්බිකූරු ටික විතරක් උඩට තියනව.ඔය කම්බිකූරුවල ලනු බැදලා තමයි අපි රෙදි වේලුවේ.
මොකද අපි හිටපු පළාතේ අව්ව දකින්නෙත් කාලෙකටනේ,උඩ ස්ලැබ් එකට අව්ව නොවැටුනත් රස්නෙට හොදට රෙදි වේලෙනව.
අපේ ගෙදර හිටියෙ අපේ වසරේම ඇග්‍රි කරන සෙට් එකක්,ඇග්‍රි සෙට් එකේ 5 දෙනෙක් වෙනම කාමර දෙකක.
අපේ සුපර් ජූනියර්, මැනේජ්මන්ට් කරපු නංගිලා තුන්දෙනෙකුත් තව කාමරේක හිටියා,එයාලගෙ කාමරේ දොර තිබ්බෙ එලියට විවෘත වෙන්න.
අපේ කාමරේ හිටියෙ කොම්පියුටර් සයන්ස් කරන තුන්දෙනයි,මෙකාට්‍රොනික්ස් එකයි.
ඒදවස් වල බැචස් අතර පොඩි පොඩි අවුල් තිබ්බ නිසා ආන්ටිම අර නංගිලා තුන්දෙනාගෙ කාමරේ වෙනම වෙන විදියට ඇතුලෙන් යන්න බැරි වෙන්න ලෑලි දාල වහල තිබ්බ,යන්න එන්න බැරි වෙන්න.
ඇග්‍රි සෙට් එකත් එක්ක අපි හිටියේ එකට.
බොහොම අඩු පහසුම් තිබ්බත් තව මාස 6ක විතර කාලයක් ඉතුරුවෙලා තිබ්බ නිසා අපි පාඩුවේ වැඩ ටික කරගන ඉවසගන හිටියා.
අනික මොනවා උනත් කැම්පස් එක ඉස්සරහ වෙච්චි,හවස් වෙලා උනත් තනියම යන්න එන්න පුලුවන් දුරනේ.
අපි හිටපු කාමරේ මැශින්ස් 4ක් තිබ්බ,ලැප්ටොප් දෙකයි අනිත් ඒව ඩෙස්ක්ටොප්.ඉඩපහසුකම් අමාරුවෙන් පිරිමහගත්තා.
ඉඩපහසුකම් මදිපාඩු,අරව මේවා මේස පුටු හිගකම් ගැන කියන්න යන එකෙන් නම් කිසිම වැඩක් උනේ නෑ.
ආන්ටි හැමවෙලේම කර අරින්න උත්සහ කරේ,
මොනා දුව! මට ඇහෙන්නෑ...ටිකක් හයියෙන් කියන්ඩකෝ!...
ඉතින් අපි සද්ද දාලා කතා කරන්න ඕනේ.කතාකරාම,
මොනා දුව! මට ඇහෙන්නෑ...ටිකක් හයියෙන් කියන්ඩකෝ!...
ඉතින් අපි සද්ද දාලා කතා කරන්න ඕනේ.කතාකරාම,
මොනා කරන්නෙ දුව!...මේ තනි මම්...හැමදේම කරගන්න එපැයි...
කියල.එයා ඒක කපටි කමට පාවිච්චි කරපු වචන කීපයක්.
මොනවා කරන්නද අපේ අම්මල වගේ වයසක මනුස්සයා නිසා මොකවත් කියන්නත් බෑ,අනික එයාගෙ තැන නේ අපි ඉන්නෙ ඒ නිසා හැමදේම ඉවසගන හිටියා.
අනික ඔක්කොමටම වඩා හොද දෙයක් තිබ්බ,පිරිමි නැති ගෙදරක් කියල බයවෙන්න කිසිම කාරණාවක් තිබ්බෙ නෑ.ආන්ටිගෙ කට ගමේ හැමෝම දන්න නිසා,ඒක අවුස්සගන්න කවුරුත් කැමැත්තෙන් ඉදිරිපත් උනේ නෑ.
එකම අවුලකට තිබ්බෙ වතුර ප්‍රශ්නේ,මූණ හෝදන්න,නාන්න රෙදි හෝදන්න තිබ්බෙ ටැංකියකින්, ඒකත් තිබ්බෙ ගෙදරින් එලියෙ ගෙවල් දෙක අතර.
අඩුගානේ තේ එකක් බීලා කෝප්පෙ හෝදගන්නවත් සින්ක් එකක් අපි හිටපු පැත්තේ ඉබ්බෙ නෑ.
ඒකටත් රෑ මැද එළියට එන්න උනා.
එකම අවුලකට තිබ්බෙ වතුර ප්‍රශ්නේ,මූණ හෝදන්න,නාන්න රෙදි හෝදන්න තිබ්බෙ ටැංකියකින්, ඒකත් තිබ්බෙ ගෙදරින් එලියෙ ගෙවල් දෙක අතර.
අඩුගානේ තේ එකක් බීලා කෝප්පෙ හෝදගන්නවත් සින්ක් එකක් අපි හිටපු පැත්තේ ඉබ්බෙ නෑ.
ඒකටත් රෑ මැද එළියට එන්න උනා.
මේක කියෙව්වහම මට ලස්සන සිද්ධියක් මතක් උනා නදී.. අපි සෙට් එකක් ජී.එච්.පෙරෙරා මාවතෙ (ජපුර කැම්පස් එකේ) බෝඩිමක හිටිය..වයසක ඇන්ටි කෙනෙක් විතරයි හිටියෙ..එයා හරියට ඔය හදි හූනියම් වගෙ දේවල් විශ්වාස කරනව (කොලඹ උනත්)..අපි එක දවසක් කැම්පස් එකේ මල ගෙදරක ගිහින් පහුවෙනිද හවස එනකොට ගෙදර ලොකු ශාන්ති කර්මයක් කරනව..කට්ටඩියෙක් ඇවිත් ..අපිට ගෙට එන්න දුන්නෙත් දෙහි ගාලා නෑවට පස්සෙ..අපි ඇහුව ඇයි ශාන්තිකරමය කියල..කවුද හූනියමක් තියල ගිහින් කියල කිව්ව..අපි ඇහුව කෝ ඒ හූනියම කියල..මොනවද මන්ද කොල වල ඔතල තිබ්බ සුරයක් කට්ටඩිය ලඟ.. අපෙ එකෙක් ඔලුවෙ අත ගහ ගත්ත..ඒක උගෙ සුරය..ඌ මල ගෙදර යන නිසා ඇන්ටිගෙ බුදු පහන ලඟින් තියල ගිහින්..ඇන්ටි අපිට හොඳටම දෙහි කැපුවා.. කියල තියල ගියෙ නැහැ කියල.. ඕන්න පිරිමි බොඩින් වල වෙන දේවල්..ඔයාගෙ කතාව කියවනකොට ඒ මතකය ඇවිස්සුනා
ReplyDeleteහි හී මරු මරු..
ReplyDeleteදැන් මේ බෝඩිං සීරීස් එකත් 15වෙනි බෝඩිම 16වෙනි බෝඩිම වගේ යයි නේද?
//අඩුගානේ තේ එකක් බීලා කෝප්පෙ හෝදගන්නවත් සින්ක් එකක් අපි හිටපු පැත්තේ ඉබ්බෙ නෑ.//
ReplyDeleteමර කෙලියයි
ඔවා ඔහොම තමයි නදී...කට්ට කාලා ඉගෙන ගන්න කොට එක ඉදිරි ජීවිතේට පන්නරයක්....
ReplyDeleteඑක බෝඩිමක එකිනෙකට වෙනස් අය එක්ක ඉන්නකොට හරි පුදුම දේවල්,වෙනස් දේවල් අත්දකින්න පුළුවන් නේද අක්කේ , ඒ අත්දැකීම් හරිම අපුරුයි
ReplyDeleteමෙහෙම දුක් විදලා ඉගෙන ගන්න අය තමා ගොඩාක් ඉහලට යන්නේ. මේවා හොද අත්දෑකීම්.
ReplyDeleteඒත් ඉතින් බෝඩින්කාරයන්ගේ පහසුකම් ටික සලසන්න ඕන,, සල්ලි ටික විතරක් එකතුකරගන හරියන්නේ නෑනේ. අනිත් එක අපිට අවශ්යම දේනේ වතුර ටික.. සින්ක් එක..
ඔන්න අපේ බෝඩිමේ ඇන්ටි හතර වෙනි වතාවටත් අවසාන නිවේදනය දුන්නා බඩු ටික අස් කරගෙන යන්න කියල....මේ දවස්වල අපි දෙන්නෙක් ඇන්ටිව ෂේප් කරන ප්‍රොජෙක්ට් එකේ.. අනිත් උන් දෙන්න බෝඩිම බලන්න එන උන්ට ඒක එපා කිරීම සහ හරවා ඇරීමේ ප්‍රොජෙක්ට් එක බාරව ඉන්නෙ... බලමුකො මොකද වෙන්න කියල....
ReplyDeleteදුක තමයි නදී...බුදුදහමේත් කියන්නේ ඉපදීම දුකක් කියලනේ.
ReplyDeleteඔය අර නලලිඳ ගාව බෝඩිම නේද අක්කේ??? මට කියනකොට හිතුනා... ඒ ඇන්ටි පස්සෙ කම්පියුටර් තියන අයගෙන් වැඩිපුර ගානක් ඉල්ලුවලු නේද?
ReplyDeleteඔය ඇන්ටි මුල් වෙලා දැන් බෝඩිම් අයිතිකාරයන්ගේ සංගමය කියලා එකකුත් හදාගෙන...
අපට නම් පලවෙනි අවුරුද්දයි අන්තිම (4 වෙනි) අවුරුද්දයි හොස්ටල් ලබා දීම අනිවාර්යයි. ඒ වගේම තුන්වෙනි අවුරුද්දට දුර කිලෝ මීටර් 100ට වැඩි අයගේ ලිස්ට් එකක් අරන් ඒවා තුන්ඩු උඩදාලා තමයි දෙන්නේ. දෙවෙනි අවුරුද්ද නම් අනිවාර්යෙන්ම බෝඩිම් වල තමයි ඉන්න වෙන්නේ.
ReplyDeleteඅපිත් ඔහොම බෝඩිමක් හෙව්වා. ඒක තියෙන්නේ කැම්පස් එකේ ඉඩමෙන් ටිකක් ඈත. ඒ උනාට ඒක හරිම මුස්පේන්තු පාටයි. අවුව්වක් වැටෙන්නේ නෑ. පුස් ගඳක් තියේනවා.
කොහොමහරි හොද වෙලාවට අපේ යාළුවෙක්ට හොස්ටල් රූම් එකක් ලැබුනා. ඒකේ ගජේ ගැහුවා. නැත්නම් කන්න එන්නත් හොස්ටල් එකට එන්න එපැයි. ඒක හරිම අමාරු වැඩේ.
ඒ කාලේ නම් හරිම කට්ටක් නේද අක්කා. බෝඩිම් ජීවිත කියලා කියන්නේ.
ඉස්සර අපේ හොස්ටල් දෙද්දිත් දුර අනුව තමා දෙන්නෙ. අපි නම් ඉතින් ඩොටේනෙ. ඒ හන්දා පුලුවන් තරම් දුර දානවා. ඇප්ලිකේෂන් ගත්තු මැඩම් කියනවා සමහරු දාලා තියෙන දුර බලපුවාම හරි නම් මුහුදෙලු ඉන්න ඕනෙ. මේ ඒක නෙමෙයි මෙකාට්‍රොනික් MSc එක තියෙනවද ඔයාලගෙ.
ReplyDeleteමාර බෝඩිමක්නේ... හදිස්සියකට වතුර ටිකක් වත් නැද්ද මන්දා...
ReplyDeleteහපෝ...මටත් මතක් වෙනවා, යටගිය දවස කොලොම් පුරවරයේ..බෝඩින් වල කාපු චාටර්.
ReplyDeleteබෝඩිමක මම ඉදලා නැති උනත් අපි සෙට් වෙන්නේ,කුප්පි දාන්නේ බෝඩිම් වල නිසා මටත් හොද හොද අත්දැකීම් තියෙනවා.ලොල්
ReplyDeleteමොනා කරන්නේ දුව.....හැමදෙදේටම ඇන්ටිගේ උත්තරය ඕක තමා...මොනව උනත් අපරාදෙ කියන්නන බෑ මාර ජොලි බෝඩින් ජීව්තේ.....:D
ReplyDeleteඑහෙම තමයි නදී බෝඩින් නම්. මොනව කරන්නද. කැම්පස් ජීවිතෙත් එක්කම උරුම වුන දෙයක් නෙ ඕක.
ReplyDeleteදෙයියන්ගෙ පිහිටෙන් අපිටනම් අව්රුදු 4ක් විතර හොස්ටල් ලැබෙනවා. ඒත් පලවෙනි අව්රුදු එක හමාර බොර්ඩින් වල තමයි ඉන්න ඔනේ...
ReplyDeleteඅන්න බෝඩින්..
ReplyDeleteමටත් බෝඩින් වීමක් තියෙනවා නුදුරේදීම.. මං නම් ෆට්ට ආසාවෙන් දැනට ඉන්නේ.. බලමුකෝ......... :D
ReplyDeleteඉතිං ඊලග දවසෙ කෝප්පෙ හෝදනවනෙ.මොකටද රෑ යන්නෙ.. :P
ReplyDelete@ ළමයා- මේ මටත් ලගදිම බෝඩිමක් හොයා ගන්න සිද්ද වෙනවා බං. :D
ReplyDeleteබෝඩිමේ ගෙවන කාලය නම් හරිම සුන්දර අත්දැකීමක්...
ReplyDeleteපොත් 10 ක් විතර ලියන්න පුලුවන් තරමේ සිදුවීම් ගොඩක මිහිර විඳින්න පුලුවන් හැම බෝඩින් කාරයෙක්ටම...
අපේ බෝඩිමට අපි නමකුත් දාලයි තිබ්බේ... "මහ බෝඩිම" කියල... ඒ කියන්නේ ලොකුම බෝඩිම ඒක තමයි... :)
@Weni- හෙහෙ ඇන්ටි හොදටම බය වෙන්න ඇති.හැබෑට කියලම තියල ගියා නම් ඔහොම බය වෙන්නෙ නැනේ.
ReplyDelete@පැණි දොඩම් - [නුවන් කුමාරනායක]- නැනෑ. බෝඩිම් 4ක විතරයි හිටියෙ දැනට :)
@ඔබට ඉස්ලාම්- ඔහොම තමා බෝඩින්.ඔයා බෝඩින් වල ඉදලා නෑ වගේ,ගෙදර පහසුකම් නෑනේ.
@ර්‍අජ්-කෑව තරමක් කෑවෙ කටු තමා හ්ම්...එහෙම හිතනව බලමුකෝ ඉදිරිය
ReplyDelete@ChammA- කියල වැඩක් නෑ මල්ලි.නියම අද්දැකීම් කියන්නෙ ඕවට තමා.අනික රූම් ශෙයාර් කරන් ඉද්දි පිරිසිදුකම පිලිවෙල කොච්චර දේවල් හිතන්න ඕනේද?
@Gimhani- බොර්ඩිම අයිතිඅය බලන්නෙ මාසෙ මුලදෙන සල්ලි ටික විතරනේ.පහසුකම් තියන බෝඩින් කීයෙන් කීයද තියෙන්නෙ ,අනිත් ආරක්ශාව?
@harshana1985- හහා...කොහොම හරි ශේප් කරගන ඉන්න බලන්න.
ReplyDelete@JHOTHISHALANKA- හ්ම්,...මොනා කරන්නද ඉතින්
@තාරා-හ්ම්...මටත් ආරංචියි.ඔව් ඔව් ඒක තමා.අපෙනුත් ඉල්ලුව,සල්ලි දීලා නිකන් හිටියා.මාස කීපයයි නේ අපි හිටියේ
@මධුරංග- කියල වැඩක් නෑ මල්ලි.අපිට අවුරුදු 2ක් හොස්ටල් හම්බවෙනව.අපිට හම්බුනේ 1 ,3 අවුරුදුවල හොස්ටල්.හොස්ටල් පහසුකම් නම් කියල වැඩක් නෑ.ගෙදරටත් වඩා හොදයි.ඒ ගැන පෝස්ට් එකක් පස්සෙ දාන්නම් කෝ.අපේ හොස්ටල් වල නම් එහෙම ඉන්න බෑ.රෙස්ට්‍රික්ශන්ස් වැඩී.
ReplyDelete@පිණිබිඳු...-අහ් එහෙනම් හොදයි.අපේ අක්කට නම් හොස්ටල් හම්බුනේ නැ.ඔච්චර දුර ඉදලත්,අහ් MSc එක නම් නෑ.BSc 4 year degree එක තියෙන්නෙ.
@prasanna86k- මොනා කරනන්ද ගියපු වැඩේ කරගන්න එපැයි.වතුර තිබ්බා එලියෙ ටැංකියෙ :)
@prasanna86k- හදිස්සියකට නම් නෑ.ඒකට ඉතින් එළියටම යන්න ඕනේ.වතුර ටැංකිය තියෙන්නෙ එළියේ.අපි එකේන් වතුර අරන් උණුකරල තමා බිව්වේ :)
ReplyDelete@- නිල් අහස -- මේ බෝඩ්ම එක්ක බලද්දි කොලඹ බෝඩිම නම් ගොඩක් හොදයි.වතුර,ෆෑන්.ලයිට් ඇතිවෙනකම්.
@පිස්සු පුසා- එහෙම වැඩක් නෑ,බෝඩිමක ඉදලා බලන්න ඕනේ.
@Nadeeshani Aththanagoda -මොනා කරනන්ද දුව.ආහ් ඔය ඉන්නෙ එකට හිටපු අය.මතකද අරක.ඔයයි මමයි ජිතා..ගෙයි ඉන්වෙස්ටිගේශන් එක?පාර්සල් ෆයර් කරපු එක?
ReplyDelete@ණිසුප-හ්ම්,,,පස්සෙ මතක් වෙද්දි නම් පුදුමයි එහෙම කාලයක් තිබ්බනේ කියලා
@සජිත්-ඔයාලට නම් හොදයි එහෙනම්
චතුර...- අන්න රියල් බෝඩින් :))
ReplyDeleteචතුවා (ළමයා)-අහ් ගිහින් බලකෝ.අම්ම මටක් වෙලා අඩයි අනිවර්යෙන්,මම් දනන්වනේ පොඩි එකාගෙ හැටි
සීතල අයියා- ඔව් උදෙ කිරි එක බීලම හෙදුව නම් ඒත් හරි.එහෙම අයත් හිටියනේ :))උදේ කිරි බීලා ආය කෝප්පෙ හෝදන්නෙ රෑට ලොල්.අපිත් එක්ක හිටපු තුන්දෙනා නම් අප්පේ හොදයි.එහෙම නෑ.
නදුන් උයන -ඒකනම් ඇත්ත.එක එක අදහස් හැසිරීම් තියන ගොඩක් එක්ක හොදින් ඉන්න එකත් ලේසි නෑ.,
ReplyDeleteඅන්තිම මාස 6 නෙ..., යංතං ලඟදි බෝඩිං කතා ඉවර වෙයි වගේ... :)
ReplyDeleteටී.බී.- කතා නම් එමටයි.මේ කැම්පස් අවසාන බෝඩිම.තව බෝඩිම් තියනව. :)
ReplyDelete@ නදී,
ReplyDeleteඅපෝයි... :(
අයියෝ මට නම් බෝඩිං අත්දැකීම් කිසිත් නැත .....
ReplyDeleteකොහොම උනත් කට්ට වැඩි වෙන තරමට තමා ජීවිතේ රස ....
පන්සල් හංදිය-ඒ වෙලාවෙ නම් එපා වෙනව පස්සෙ මතක් කරද්දි නම් ජොලි හිනා වෙන්න පුලුවන්,
ReplyDelete