නිකිණි මාසේ... ඒ කියන්නෙ අගෝස්තු මාසේ... නුවරකළාවියට හෙන කට්ටටම පායන කාලේ.ඉඩෝරය තදින්ම,ඒත් එක්කම වේගෙන් හමාගන යන වියළි හුළග ඒ කටුක තත්වය තවත් දෙගුන තෙගුන කරනවා.
හැමතැනම වේලිච්ච පදුරු,ගස් කොළං පරඩලා වගේ වෙනවා,වැව් වලත් වතුර හිදිලා පෑවිල්ල තදින්ම දැනෙන්නෙ නිකිණි මාසෙ අන්තිම කාලේ,සමහර විට පොඩි වැව්වල වලවල් කීපයක විතරක් වතුර ඉතුරු වෙනව,පොළව ඉරි තලලා යනව.
වැරදිලා හරි ගිනි පෙනෙල්ලක් වැටුනොත් හාත්පසම එකදිගට ඇවිලීගන යන සයිස්.සමහරු හිතාමතාම එහෙම ගිනි තියන වෙලාවලුත් තියනවා.
ඉස්සර අය කියනව, මේ ඉඩෝරේ තියන රස්නේට පලුගස්වල පොත්තත් පැලෙනව කියල.අමු කැලේ උනත් නිකම්ම ගිනි ගන්නත් පුලුවන් තියන කාෂ්ඨකේට.
මෙන්න මේ කාලෙට තමයි කැලෑවල ඉන්න හරක් එහෙම ගම් පැත්තට එන්නෙ වතුර හොයාගන.
වැව් වල වතුර හිදිලා... ඉතුරු වෙච්ච දිය කඩිති වල වතුර බොන්ඩ,නැත්තම් ඒ ලග වැවිලා තියන මොනවහරි කාලා බඩ පුරවගන්ඩ උන් ගම පැත්තට එනව.මේ හරක්ට තමයි මිනිස්සු කුළුහරක් කියල කියන්නෙ.
ගම්වල ගොඩක් මිනිස්සු හරක් ඇතිකරනවා.මී හරක් ,එළහරක් දෙවර්ගයෙන්ම ඉන්නව,සමහර මිනිස්සු තමන්ට ඉන්න හරක් ප්‍රමාණය වත් හරි හැටි දන්නෙ නෑ.ඒතරම් හරක්!...
මී හරක් ගොඩක් වෙලාවට පාවිච්චියට ගත්තෙ කුඹුරු හාන්ඩ. එළ හරක් නිතරම ගමේ අවට හිටියත් මී හරක් සමහර වෙලාවට ගමෙන් ගොඩාක් ඈතට යන වෙලාවලුත් තියනව.
සමහර මී දෙන්නු එහෙම ගිහිල්ල කැලේම පැටව් දාන වෙලාවලුත් තියනව.එහෙම උනොත් උන් රැලෙන් තනිවෙලා කැලේටම පුරුදු වෙනව.
එහෙම කැලේම ඉපදිලා... කැලේම හැදිලා... වැඩෙන මේ මීහරක් පැටව් කාලයත් එක්ක කැලේටම පුරුදු වෙච්ච මී හරක් රැළක් වෙනව.
මේ හරක් මිනිස්වාසයෙන් ඈත්ව වැඩෙන නිසා මිනිස්සුන්ට බයයි,නිදහසේ කැලේ කකා ජීවත් වෙන නිසා ඇගපතත් හොදට ආරනව,ඒ වගේම වැඩපල නොගැනීම හින්දා දැඩි ශක්තියකින්ද යුක්තවෙනව.
ඒ නිසාම මේ හරක් මිනිස්සු විසින් ඉතාම දරුණුගනයේලා සලකන්නේ,ඒත් ඔය අතරේ කැලේ ගිහින් කුළුහරක් අල්ලලා දමනය කරන්ඩ හපන්කම් දක්වන අයත් ඉන්නව.
කුළු හරක් ඇල්ලීමට යන කෙනාට ඉතාම හිතවන්ත මීහරකෙක් තමා සහයට යොදාගන්නේ.ඒකාව හදුන්වන්නෙ "දඩමීමා" කියල.
කුළු හරක් ඇල්ලීම ඒ තරම් ලේසි පහසු කාරියක් නෙමේ,එක අතකින් නුහුරු නුපුරුදු කැලේ,අනිත් අතින් හරකුන්ගේ දරුණුකම.ඒ නිසාම කුළු හරක් අල්ලන්න යන කෙනෙක්ට දඩමීමා එක්ක "වරමන්ද"ත් අරන් යාම අනිවාර්ය අවශ්‍යතාවක්.
වරමන්ද හදාගන්නෙ මයිල ගහේ පට්ටා වලින් නැත්තම් වල්බෙලිගස් වල පට්ටා වලින්.සමහර වෙලාවට මුව හම අඹරලා වේලලා ඒකෙනුත් වරමන්ද හදනව.
ගොඩක් ශක්තිමත් මෙහෙම අඹරාගන්න ලණු,ඒ වගේම වරමන්ද අරන් යන්නත් දෙන්නෙක් විතර ඕන වෙනව.
මේ විදියට කුළුහරක් අල්ලන්න කැලේ යන්න කලින් නුවරකලාවියේ මිනිස්සු කැලේදී වෙන්න පුලුවන් අතුරු ආන්තරා වලින් ආරක්ශා කරල දෙන්න කියල,අය්යනයක දෙවියන්ට වගේම පුල්ලෙයාර් දෙවියන්ටත් භාරහාර වෙනව,.
ඒ විදියට කැලේට පිටත්ව ගිය අයගෙ ගෙවල් වල, පිටි කෙටීම,පිළිහුඩු ඉවීම - පිසීම කරන්නෙ නෑ...ගිය අය නැවත ගෙදරට එනකම්ම!.
වරමන්දට මතුරලා මුව හෝ ගෝන අගකින් හැදුව දෙබලක් වරමන්ද කෙරවල ගැට ගහලා, නිතර කුළු හරකුන් යන එන තැන් බලා ඉදලා මන්ද හරකෙකුගේ පයට තියනව.(මදු ගහනව.)
මන්ද ඇදගන කුළු හරකා කැලේ පීරගන දුවලා දුවලා යනකොට අග කටුපදුරු වල පැටලිලා,කරකියාගන්න දෙයක් නැතුව යනව.
ඔහොම ඉදලා හති වැටුනාම ගිහින් හරකව ඇදගන ඇවිත් දඩමීමාට ඈදලා දක්කාගන එනව.
කුළු හරක් ඇල්ලීමට දක්ශ යන්ත්‍ර මන්ත්‍ර දන්න හයි හත්තිය ඇති පිරිමි දෙන්නෙක් විතර අවශ්‍ය වෙනව, ඒ අයට කියන්නෙ මරික්කාර් කියල.
පොඩි කාලේ අපි හිටිය ගමට අල්ලපු ගම මුස්ලිම් ගමක්.මට තවත් මතකයි ඒ කාලේ අම්මල කියනව සාවෙල් කියල ඒ ගමේ හිටපු කෙනෙක් ගැන.එයා කැලේ ගිහින් කුළු හරක් අල්ලලා මරල,දුන් ගහලා, වේලලා,හරක් මස් ගම් වලට ගේනවලු විකුනන්න.
මම කාලයක් ගල්ගමුව පැත්තෙ උන්නා. මගෙ පළවෙනි රැකියාවත් එක්ක..නදීගෙ මේ කතාව කියවගෙන යද්දී මට හිතුනෙ මම ඉන්නෙ ගල්ගමුවෙ කියලා....
ReplyDeleteඒ පැත්තෙත් මිනිස්සු අයියනායක දෙවියන්ට භාර හාර වෙනවා. ඒ විතරක් නෙමේ කැලේට හරක් අරගෙන යන්න කලින් දෙවියන්ගෙ අඩවියට ඇතුල් වෙනවා කියන්න කොළ අත්තක් එල්ලලා යන්නෙ...
මරු.. අක්කෙ අපි දෙන්නත් යංද එකෙක් අල්ලං එන්න ? :D
ReplyDeleteකොළඹට දවස් දෙකක් පෑව්වහමත් ඔය වගේම රස්නෙයි.කුළු හරක් ගැන අහල තිබුනට උන් හැදෙන්නෙ මෙහෙමයි කියල දැන ගත්තෙ අද තමයි. මගේ ඇනෙක්ස් එක ළඟ පාරෙන් යන හරක් 5-6 දෙනෙක් ඉන්නව පොඩි පැටවෙක් එක්ක..මන් එක දවසක් එකෙකුට කෙසෙල් ගෙඩි 2ක් දුන්න. දැන් උන් හැමදාම පාරෙ යනකොට අපේ ගේට්ටුව පැත්තෙන් තමයි යන්නෙ..කෙසෙල් කිලෝ එක 70යි අද..මන් අද දුන්නෙ කෙසෙල් ලෙලි ටික තමයි..රස කර කර කෑවා..
ReplyDeleteමොකද මේ එකපාරම කුළු හරක් ගැන ලිපියක් දැම්මෙ..?
ReplyDeleteඅම්මෝ අක්ක තනිකරම රිසර්ච් එකක් කරල තියනව වගේ ඒ ගැන.:) කුලු හරක් නම් යාලදි දැකල තියනව. ඉස්සර අම්මලගෙ නිළ නිවාස වල ඉන්නකොට එතනින් යන මී හරක් පට්ටියට අපි ඉපිල් කොල කඩල කන්න දෙනව. ඒක හෙන ෆන් වැඩේ.
ReplyDeleteනියම ලිපියක් අක්කේ !!!!
ReplyDeleteඅර ස්පාඥ්යයේ එහෙම කුළු හරක් තරග තියෙන හැටි මතක් උනා.අම්මෝ මිනිස්සු මරෙනවාත් එක්ක.
අක්කගේ ලිපියක් කාලෙකින් තමයි කියවන්න පුළුවන් උනේ. ගොඩක් වටිනවා ලියන්න හිතුන එකට. :)
එකනෙමේ අක්කා මොකක්හරි රිසර්ච් එකක් කලාද ???
නියමයි .... අදනෙ මම දැන ගත්තෙ "දඩමීමා" කියන එකේ තේරුම....
ReplyDelete@ බනී- අක්කා කැලේට යන්න ඕන නෑ. එයාව තමයි අල්ලං එන්න ඕන.. =))
ReplyDelete@n.a- කවදද කැලෙන් එළියට ආවේ?
ඇත්තටම ලස්සනට ලියල තියන පොස්ට් එකක්. දඩමීමා කියන වචනයෙ භාවිතය ගැන අද තමයි දැන ගත්තෙ...
ReplyDeleteමී හරක්නම් අපේ පැත්තේ ඉස්සර හැම ගෙදරම හිටියා මම අවු 7-8 දැක්කේ නෑ දැන් සමහරු මී හරක් ඇති කරනවත් අඩුයි. කුල හරක් අල්ලන හැටිත් අදම තමා ඇහුවේ ලිපිය එල.
ReplyDeleteඇත්තටම නොදන්න කරුනු ගොඩාක් මේ පොස්ට් එකත් එක්ක බැදිලා තියනවා... ගොඩාක් ස්තුතියි
ReplyDeleteප.ලි : මේ දවස් වල ගොඩාක් බිසි ද???
කමෙන්ට් කරනවා දකින්නේ අඩුවෙන් නිසා ඇහුවේ
ලස්සනට ලියාතියන කතාව අක්කේ .. මීගවයෝ නම් අපේ පැත්තේ අම්බානෙට පාරක යන්න බෑ අනින්න පන්නනවා ..
ReplyDeleteඅපෙ පැත්තෙත් අය්යනායක දෙය්යියන්ට තමයි වැඩ තියෙන්නේ. රජරට පැත්තේ ඉන්න හරක් ටික කොලබට දක්කන්න බැරිද? නිකමට, මෙහේ ඉන්න කූල් ගොන්නුන්ව මේච්චල් කරගන්න.
ReplyDeleteබොහොම රසවත් , සරු ලිපියක් , නොදත් කරුණු ගණනාවක් දැනගත්තා ,ඒ අතරේ සොබා සුන්දරත්වයේ රසයක් විඳ ගත්තා .
ReplyDeleteස්තුතියි මේ වෙච්ච මහන්සිය වෙනුවෙන්
හොඳ විස්තරයක්! මමනම් සෑහෙන්න කරුණු කාරණා දැනගත්තා... අර "දඩමීමා" කියන වචනෙ භාවිතය හරියටම තේරුනේ අදයි...
ReplyDeleteමේ ලිපියෙ මුල් කොටස කියවගෙන යද්දි, මොකකද මන්දා මහ අමුතු පාළුවක් ඇති වෙනවා හිතට. ගිනි කාස්ඨකේ, වේළිලා ගිය පොළොවක මමත් ඉන්නවා වගේ, කුළු හරක් ගම් වදින වෙලාවට.
ReplyDeleteහුඟක් තොරතුරු දැන ගත්තා මේ ලිපියෙන්. මම හිතුවෙ කතාවක් කියන්නට යනවයි කියලා. කතන්දරයක් වගේ එක දිගට ආසාවෙන් කියවගෙන යන්නට පුළුවන් විදිහට ලියලා තියෙනවා.
වරමන්දක් මම හරියටම දැක්කෙ ගිය සතියෙ සීගිරි කෞතුකාගාරයෙදි. ඒ නම අහලා තිබුණට, ඒක කොහොම එකක්ද කියලවත් මම හිතලා තිබුණෙ නෑ.
බොහොම ස්තුතියි නදී.
හැමදාම ඉන්න කැමති නැති වුණත් නුවරකළාවියෙ ඔය කියන දේශගුණයට මම හරිම කැමතී... හුළඟ තමයි හුළඟ....
ReplyDeleteළඟදීම ආපහු ඇවිල්ල යන්න හිතාගෙන ඉන්නෙ..
අදනම් නදී ලියල තියෙන්නේ මම ආසම සතෙක් ගැන. මේ සතාගෙන් අපිට ඉගන ගන්න බොහෝ කරුණු තියනව නෙව...
ReplyDeleteරසවත් ලිපියක්.
ඔන්න මන් ආසම ජාතියේ ලිපියක් . ස්තුතියි. ඒ කියන්නේ කැලෙන් ආපු හරක් ආපහු කැලේට ගියහම හැදෙන්නේ අමුතුම ජාතියක් . හරියට ගමෙන් නගරෙට ආපු පරම්පරාවේ අය ආපහු ගමට ගියහම වගේ නේද . ඉතින් කුළුහරක් මස් කියල කන්නේ මීහරක් මස් නේ බලනකොට .
ReplyDeleteඇත්තටම අක්කා ගොඩක් තොරතුරු හොයලා බලලා ලියලා තියෙනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.මාත් හිතුවේ කතාවක් ලියන්න යනවා කියලා.
ReplyDeleteඇත්තටම අක්කා මේ දවස් වල පේන්න නැත්තේ බිසීද මේ දවස් වල..?
ඇත්තටම මම හිතුවෙ හරක් පොර තියෙන්නෙ පිට රට විතරයි කියලා, බැලුවාම ලංකාවෙත් හරක් අල්ලන්න දක්ෂයෝ ඉඳලා තියනවනේ අනික දඩමීමා කියන එකේ තේරුම දැන ගත්තෙත් අද .......
ReplyDeleteහොඳ ලිපියක් නඟා .........
මෙච්චර සීන් එකක් දන්නේ අදනේ!! මරු ලිපියක් ආ...... :D අර වචන දෙකතුනක තේරුම දැනගත්තෙත් අද තමා..
ReplyDeleteසෑහෙන වටින ලිපියක් නදී. කෞතුකාගාරෙට ගියා වගේ.
ReplyDeleteමේක මරු වැඩක්.. මම සහභාගි වෙලා තියෙනවා එක පාරක්.... හපොයි.. කලිසමේ චූ නොගිය එක විතරක්.... මන්ද වැටුනම කුළු හරකා යකෙක් වෙනවා... ඒ වෙලාවට අහු වුනොත් බඩුම තමයි...
ReplyDeleteඅපි එන්නද ඔය පැත්තෙ ඇවිත් යන්න මට ආසයි..මෙච්චර අපුරු තොරතුරු ජීවන අත්දැකීම් ගැන මට ඉරිසියයි වෙලාවකට..මට මෙහෙම අත්දැකීම් කතා නැනෙ ජිවිතේ
ReplyDeleteඅනේ මං නම් ඉතින් ඔය වැඩේ අගේ කරන්නේ නැහැ.. අහිංසක සත්තුන්ට වද හිංසා කිරීම
ReplyDeleteදඩමීමා කියන වචනේ හරිම තේරුම දැන ගත්තේ මේකෙන්..
ReplyDeleteනුවරකලාවියේ කෙල්ලෙක් එහෙනම් ඈ? හේ හේ.. අදුරගන්න ලැබීම සතුටක්.. අපිත් එක ජාතියක මරික්කාර්ලා තම බලන් ගියාම.. හැබැයි අපි දුවන්නේ ජීවිතේ අල්ලන්න..
ReplyDeleteරජරට අගෝස්තුව නම් හරිම කර්කෂයි තමා, මමත් ගිය සතියෙ දවස් තුනක් ම හිටියෙ රජරට තමා... :)
ReplyDeleteදැන ගෙන හිටිය නැති දෙයක්. නුවර කලාවිය කියන්නෙ මොකක්ද ?.......
ReplyDeleteදිල්-ඔව් මේ පැත්තේ අය්යනායක දෙය්යන්ට පූජාසත්කාර කරනව තමා.
ReplyDeleteබනී-හෙහ් ඔය කියන තරම් ලේසි නෑ ඒක.
වෙනි-අහ් මමත් ඉස්සර පාරේ යන හරක්ට වැටිච්ච අඹ එකතු කරල තියාගන ඉදලා ගේට්ටුවෙන් විසි කරනව.උන් කාල යනව.මේ සැරෙත් දෙන්න ඕනේ.
ර්‍ඔශන්Hඑරත්-මෙහේ ගිරිස්ම කාලෙ නිසා මට උන්ව මතක් උනා.:)
ReplyDeleteකසුන්-හ්ම්..ඒකනම් නියමයි.මමත් පාරේ යන හරක්ට අඹ එකතු කරලා දෙනව.නියම ෆන් ඇඩේ,පොඩි කාලේ මම් ගොඩක් ආස කරපු වැඩක් ඒක.දැනුත් එහෙමයි.:)
මධුරංග-මොන රිසර්ච් ද මල්ලි.දන්න කියන තොරතුරු තමා. :)
විසිතුරු-කමක් නෑ දැන් දන්නවනේ.
ReplyDeleteසීතල අයියා -අඩේ මෙහෙ කැලේ නෙමේ හරිය.දවසක් ඇවිත් බල.
ළුcකෙය්-ස්තූතියි.
Nadun ර්‍අනවීර-අපේ ගම් පැත්තේ නම් හිටියේ එල හරක්.අල්ලපු ගමේ නම් හිටියා මී හරික් ගොඩාරියක්.
ReplyDeleteදේවා ගේ අඩවිය-වෙලාවකට කම්මැලී.වැඩත් නැතුව නෙමේ.:)
හිස් අහස-අපේ ගමේ පැත්තෙ ගොඩක් එළ හරක් තමා ඉන්නෙ.වතුර අඩුකාලෙට මී හරක් වැව්වල තියන පොඩි වලවල් වල බැහැල ඉන්නව මඩ නාගන.
සජිත්-හහා ඒකත් නියම ජොබ් එකක්.සලකලා බලන්න ඕනේ.
ReplyDeleteමහේෂ් නිශාන්ත-මම් දන්න අහලා තියන විස්තර ටිකක් තමා ඔය කිව්වෙ.
ගීතක - ඇත්ත කතා...!!!-දැන් දැනගත්තනේ එහෙනම්
නලිනි චන්දිමා-දන්න කියන තොරතුරු ටික ලියාගන ගියා.ඔව් මේ කාලේ ගොඩක්ම කාශ්ඨකයිනේ මෙහෙ.
ReplyDeleteපැණි දොඩම් - [නුවන් කුමාරනායක]-අහ් ඇවිත් යන්න එන්න එහෙනම්.
ඝිම්හනි-මී හරක්ට ආස කෙනෙක් හම්බුනාමයි :)උන්ගෙන් කොච්චර ප්‍රයෝජන තියනවද නේ?
ඹින්ඩි-අන්න ඒවගේ තමා.එකම ජාතියේ නම විතර්ක වෙනස්.
ReplyDeleteනිසුපා- දන්නෙ නැද්ද ඉතින් වෙලාවකට කම්මැලිනේ ලියන්න ඒකයි.
පන්සල් හංදිය-හ්ම්..ස්තූතියි අය්ය
චතුවා (ළමයා)-දැන් එහෙනම් දැනගත්තනේ විස්තරේ;
ReplyDeleteපිණිබිඳු...-ඈ...ස්තූතියි
අභීත-හික් හික්.ඔය තියෙන්නෙ අද්දැකීම්
පැන්ඩා -එන්න එන්න නිවාඩු පාඩුව ඇවිත යන්න එන්න.
ReplyDeleteසරත් ලංකාප්‍රිය-ඒකත් ඉතින් එහෙම තමා
චතුර.... -අහ් එහෙමද .ගොඩක් අය ඒ වචන අහලා තිබ්බට තේරුම නොදැන හිටි පාටයි.
දඩමීමා කරගන්නවා කියන කියමන ආවේ මේක නිසාද අක්කේ ???
ReplyDeleteHasitha- මමත් හිතන්නෙ මේ තේරුම නිසා වෙන්න ඔනේ,
ReplyDelete