Saturday, August 13, 2011

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

29 comments:

  1. ස්ස්ස්... මේ මොකෑ මේ?
    මොනා වුණත් නියම සින්දුව. මම ඇහුවෙත් අද නේ...

    ReplyDelete
  2. ලස්සනයි සුන්දරයි...

    ReplyDelete
  3. මං මේක අහල නෑ. අලුත් සිංදුවක්ද කොහෙද. අහලම බලන්න ඕනා.

    ReplyDelete
  4. හීතට දුකක් දැනුනා... විරහව රස නැත...

    ReplyDelete
  5. මම මේ සිංදුව ඇහුවෙත් අදමයි.. ඒත් මේ වෙනකොට කී පාරක් ඇහුවද කිලා මතකත් නෑ.. තාමත් අහනවා.. දැන්නම් පාඩමුත් වේගන එනවා වගේ.. එච්චරටම වැදුනා මට නම්.. සුපිරි විරහ ගීයක්.. තැන්කූ පෙන්නුවට..

    (සිංදුවේ තේරුම නම් නදීට අදාල නොවේවා කියල පතනවා..)

    ReplyDelete
  6. කහල තියේද නැත්දනං මතක නෑ හරියටම.. මොනාවුනත් දැනුයි හරියටම ඇහුවෙ ;) ස්තූතියි නගේ..
    හැඟීම්බර ගීයක්...

    ReplyDelete
  7. විරහ ගීත මා කවදත් ආසයි.
    සුනිල් එදිරිසිංහ මහතාගේ මේ ගීයට මා ගොඩාක් කැමතියි...

    ReplyDelete
  8. මෙයා මේ දවස්වල අහන්නෙම මේ වගේ සිංදු තමා. මොකද මංද.. :-\

    ReplyDelete
  9. අදමයි ඇහුවේ .. හැබැයි සින්දුව හොඳයි ..ස්තූතියි කීවා මේක අහන්න දකින්න සැලැස්වුවාට

    ReplyDelete
  10. මමත් මේක කලින් අහල තිබ්බේ නෑ. සින්දුව හරිම ලස්සනයි..

    ReplyDelete
  11. දැන් මේ සිංදුව මම කියෙව්වා ඒත් කොහොමද මේක අහන්නෙ .....

    ReplyDelete
  12. මගේ සිත අතීතය වෙත පියමං කරන ලදී. කෙසේ වුවත් ස්තුතියි ඔබට මෙවැනි ගීතයක් අපත් සමග බෙදාගත්තාට...

    ReplyDelete
  13. මෙන්න විරහ ගීත.බොහොම ස්තුති බෙදාගත්තට

    ReplyDelete
  14. අද තමයි මුලින්ම ඇහුවේ.
    ලස්සනයි...ඇත්තටම.

    ReplyDelete
  15. විප්‍රලම්භ ශෘංගාරය...

    ReplyDelete
  16. පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-හ්ම් මමත් අහම්බෙන් ඇහුවේ.

    indi- විරහවෙත් සුන්දරත්වයක් තියනව?

    මධුරංග-මමත් හිතන්නෙ අලුත් සින්දුවක් වෙන්න ඕනේ.

    ReplyDelete
  17. AnithKona- සමහරුන්ට විරහවේත් රසයක් දැනෙනව කියනව.

    නාකියා-හ්ම්...මමත් ගොඩක් සැරයක් ඇහුවා.

    හිම කුමාරි-හ්ම්ම් ගොඩක් දැනෙන සින්දුවක්.

    ReplyDelete
  18. ඝිම්හනි-මමත් විරහගීත වලට ආසයි.ගොඩක් දැනෙයි විරහ අත්දැකීමක් තියනව නම්.

    සීතල අයියා- ඔයාත් අහල බලන්නකො.

    හිස් අහස-මමත් ඇහුවේ අහම්බෙන්

    ReplyDelete
  19. චතුර....-මමත් කලින් අහල තිබ්බෙ නෑ.ලස්සනයි තමා.

    පන්සල් හංදිය-ඔය තියෙන්නෙ අය්ය යටින් යූ ටියුබ් ලින්ක් එක,බලන්නකෝ අහලා.

    ඇනොන්ය්මොඋස්-ස්තූතියි ඇනෝ.මගෙත් මතකේ අතීතෙට ගියා :)

    ReplyDelete
  20. කස්සා - ගොඩක් දැනෙන සින්දුවක් නේද?

    - නිල් අහස - - හ්ම්...

    ටී.බී. -මොක තේරෙන සින්හලෙන් කියකූ

    ReplyDelete
  21. @ නදී,
    සුද්ද සිංහලෙන්ම තමා ඔය කියල තියෙන්නෙ!

    ReplyDelete
  22. ටී.බී. -මොකද්ද ඒ කියල තියෙන්නෙ? ඇත්තටම

    ReplyDelete
  23. @ නදී,
    දැං ඔය නව නළු රසයන්ගෙන් එකක් නෙ ඔය විප්‍රලම්භ ශෘංගාරය කියන්නෙ. ඒ අනුව විප්‍රලම්භය එහෙමත් නැත්නම් විරහව කියන්නෙත් කිසියම් රසයක්, ඒකනෙ ඒකට වි+රහ=විරහ කියල කියන්නෙ. 'වි'
    කියන ප්‍රත්‍යයෙන් අඟවන්නෙ වෙන්වීම කියන එක (වියෝජනය, විඛණ්ඩනය, වියෝග...) එතන රස කියන්නෙ රසය, එහෙමත් නැත්නම් වින්දනය කියන එකට. ශෘංගාරය කියන්නෙ කිසියම් අනුරාගී හැඟීමක් නෙ. බොහෝ විට ගීතයකින් ඇතිකරවන්නෙ අනුරාගී හැඟීමක්. ඒ අනුව විරහ ගී වලින් ඇතිකරවන්නෙ ඉහතින් සඳහන් කල විශේෂ රසය අඩංගු අනුරාගී හැඟීමක්. අන්න ඒ භාව ප්‍රකාශනය එහෙමත් නැත්නම් සිතුවිලි ගෙනහැර දැක්වීම 'විප්‍රලම්භ ශෘංගාරය' ලෙස හඳුන්වනව.

    ReplyDelete
  24. ටී.බී.-බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.

    ReplyDelete
  25. ඔන්න මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා .......

    ReplyDelete
  26. අදයි මට යූ ටියුබ් ලින්ක් එක පෙන්නන්න ගත්තෙ ........

    ReplyDelete
  27. පන්සල් හංදිය-අහ් මමත් හිතුව හරියට ලෝඩ් වෙලා නැතුව ඇති කියල පේජ් එක.අහලා බලන්නකො ලස්සනයි.

    ReplyDelete
  28. මමත් මෙ සින්දුව ඈහුවෙ අදමයි...තාමත් අහනවා...ස්තුති නදීකා...

    ReplyDelete
  29. Nadeeshani Aththanagoda- මමත් ගොඩක් සැරයක් ඇහුව.ස්තූතියි.

    ReplyDelete