පුංචිම කාලේ සෙල්ලම් බත් උයල නැති ගෑණු ලමයෙක් නම් හොයන්නම බැරිවෙයි,හැම පුංචි ගෑණු ලමයෙක්ටම වාගේ පොඩි වලන් සෙට් එකක් තියනව.අපේ අක්කට පොඩිම කාලේ අරන් දීල තිබ්බ ටී සෙට් එක මේ ලගක් වෙනකම්ම ගෙදර තිබ්බ .
පොඩි නංගි බබාල විතරක් නෙමේ, මල්ලි බබාලත් ඕවට හවුල් කරගන තමා සෙල්ලම් බත් උයන්නේ.ඉස් ඉස්සල්ලම අපිට අරන්දීලා තිබ්බෙ ප්ලාස්ටික් වළං සෙට් එකක්.
මුලින්ම පටන් ගන්නෙ වතුර, ගස්වල කොල,අම්මා උයන්න ගාපු පොල්වල කුඩු, අරව මේවා වලින් තමයි.පස්සෙ ටිකක් ලොකු වෙනකොට පොළෙන් මැටිවළං සෙට් එකක් ගෙනත් දුන්න.
මට මතකේ හැටියට පුංචි වළදක්, අඩිවළදක්, නෑඹිලියක්, බත් උයන්න පොඩි මුට්ටියකුත් තිබ්බා.අල්ලපු ගෙදර නංගියි මල්ලියි එක්ක සති අන්තෙ දවස්වලට හිටපුගමන් අපි "ඇත්ත බත්" උයනවා.ඒවට අපි කිව්වෙ ඇත්ත බත් කියල.
එහාගෙදර නංගි මොකක් හරි උයන්න ලේසි එළවළුවක් අරන් එනව.ගොඩක් විට පරිප්පු ,මෑකරල් වගේ දෙයක් තමා අරන් එන්නේ.අපේ ගෙදරින් හාල්!...තුන්දෙනාටම චූටි මුට්ටියෙ බත් උයනව පොල් කොල දාල,පොඩිදර කෑලි 2ක් 3කුත් දාල.
බත් වලට වතුර තියන හැටි අම්මගෙන් අහගන්නව,එක්කො බෙරි වෙනව,සමහර වෙලාවට අමුයි ටිකක්,මොකද හරියකට ගින්දර දැමෙන්නෙ නැනේ,එළවලු හදන්නත් අම්ම ලගට ගිහින් පින්සෙන්ඩුවෙලා අහගන්නව.ඉතුරු වෙච්ච කිරි ටිකකුත් ඉල්ලගන,තුන පහත් දාගන එනව.
ගේ පිටිපස්සෙ පිළිකන්න පැත්තෙ තමයි ලිප හදාගන්නේ.කාගෙන්වත් කරදරයක් නෑනේ එතකොට.
අඩලා අඩලා තෙල් ටිකකුත් ඉල්ලගන පපඩම් කෑලි ටිකකුත් බැදගන්නව,අම්ම බලන් ඉද්දිම.
ඔහොම උයලා පොඩි ප්ලාස්ටික් පිගන් වලට තුන්දෙනාම බත් බෙදාගනත් කනව,ගොඩක් වෙලාවට බත් දුන් රහයි,ඒත් අපිටනම් අමෘර්තය වගේ,හරිම ආසාවෙන් උජාරුවෙන් තමා කන්නේ.
මොකද අපි තනියම උයාගත්ත එකනේ.!
පුංචිම කාලෙ සෙල්ලම් බත් උය උයා හිටියට ඉස්කෝල ගමනත් එක්ක වැඩ වැඩිවෙනවනේ,නිදහසක් කියල එන්නෙ ඉතින් ඕලෙවල් ලියලා ගෙදර ඉන්න ටිකේ.
ඔය ටික දවසට තමයි ගෙදර අයට කෑම උයන්න පටන් ගත්තෙ,අහම්බෙන් කරොත් ඇරෙන්න අම්ම උයන්න දෙන එකක් යෑ,ඇයි කුස්සිය විනාස කරනව කියයි,වතුර හලනව කියයි,එක එක කතා...
ඒ නිසාම අම්ම ඉස්කෝලෙ යනකම් බලාගන ඉදලා තමා අත්හදාබැලීම කරන්න පෙලඹුනේ. ඔහොම දවසක් චිකන් කරී එකක් හදලා අප්පච්චි ඔෆීස් යන්න කලින් කන්නත් දුන්න.අප්පච්චිත් ආසාවෙන් කෑවා හරි රහයිනේ කිය කියා...
මෙන්න බොලේ අප්පච්චි ඔෆිස් ගිහින් පැය දෙක තුනකින් ආය ගෙදර ඉස්සරහ වාහනයක් හෝර්න් කරන සද්දේ!...
ගෙදර දොර ඇරලා බැලින්නම් අප්පච්චිත් එක්ක තව සර්ලා දෙන්නෙකුත් එනවා. ආ...මේ ඉන්නෙ පොඩි එකා!...කියල මාව සර්ලට අදුන්වලත් දුන්න.
පස්සෙ බැලින්නම් මම් උයල දුන්න චිකන් එක අප්පිරිය වෙලාද කොහෙද බඩේ අමාරුවක් ඇවිල්ල අප්පච්චිට.
ගෑණු ලමයෙක් උනාම හොදට උයන්න පිහන්න පුලුවන් වෙන්න ඕනේ කියනවනේ.නැත්තම් කවදාහරි ගෙදරින් ගිය දවසකට අම්මටලු බැනුම් අහන්න වෙන්නෙ!...දැන් නම් උයන්න පුලුවන්, පිහන්න ඊටත් වඩා පුලුවන් :)
දුව පවු නිසා ඉතින් අප්පොච්චා අමාරුවෙන් හරි කන්න ඇති.. :D :D :P
ReplyDeleteදැන් උයන්න පුලුවන්??? මං කියන්නද උයන්න දන්න එකම දේ?? හික්ස්.. උයන්න දන්නේ නැත්තං අර ආඩම්බරකාරි ගෙන් අහගන්නකු.. :P :P
@චතුවා (ළමයා)- ඔව් ඉතින් ඉස්ඉස්සල්ලම හිත රිදවන්න හොදනෑනේ පොඩි එකාගේ.
ReplyDeleteඔව් දැන් ටිකක් උයන්න පුලුවන්,තාම ඉගන ගන්නව.ක්‍රියාවෙන් අවබෝධය ලබ ලබා :)
කිය බලන්න!අහ් එයාගෙනුත් අහලා දැන්ගන්නව මම් කෑම හදන හැටි.
නදී උයන්නයි පිහන්නයි දන්නවා කිවුවට දන්නෙ බිත්තර තම්බන්න විතරයිළු කියන කතාව ඇත්තක් නේද? :)
ReplyDeleteමාත් පොඩි එකා කාලෙ වතාවක් දෙකක් ඔහොම අක්කලාගෙ "ඇත්ත බත්" කෑවා... නෑ.. නෑ.. උන් බලෙන් කැව්වෙව්වා... :(
නදී අපිව නැවත කුඩා කලේට රැගෙන ගියා. අපෙත් වැඩේ ඕකම තමා සෙල්ලම් බත්. ඊට පස්සේ ඇත්ත බත්.
ReplyDeleteඔය මේකෙන් කියන්න උත්සාහගත් දේ ගැන කතාකරමු. මා නිතරම කියන දෙයක් තමා ගෑනු ලමයෙක් උනාම අනිවාර්යෙන් හොදට උයන්න දැනගන්නම ඕන. නැත්නම් ඉතින් ලොකු අමරුවක වැටෙනෙන්නේ කසාද බැන්දට පස්සේ. තමන්ගේ මහත්තයට රසට උයල දෙන්න පුලුවන්නම් ඒක අපි ලබන ලොකුම සතුටක්. පිරිමි අයට කොහොමත් කටට රහට කන්න ඕනනේ. මා නම් ඒකට දක්ශයෙක් ... මගෙ පියා ඒ සදහා මා ගොඩාක් දිරිමත් කලා..අනිත් එක මෙහෙකරුවන් සිටියත් එයාලට කියල උයවගන්නත් අපි දැන ගන්න ඕන අදකාලේ බොහෝ මෙහෙකරුවන් කෑම උයන්න දන්නේ නෑ
අපිනම් ඔය ඉවිලි දන්නේ නෑ, උයපු දේවල් කන්න නම් දන්නවා, ඔම්ලට් එකක් සම්බෝලයක් නම් හදා ගත්තැකි, ඒත් ඉතින් අම්මගේ අතින් හදන එව්ව වගේ නෙවි,වළළු දාපු අතකින් හැදුවම රහයි කියනවනේ..අනේ පව් දුවගේ කෑම කාපු තාත්තා.. :P
ReplyDeleteගෑනු ළමයින්ම විතරක් යෑ අපිත් පොඩිම කාලේ සෙල්ලබ් බත් ඉව්වා මායි අපේ මලයයි සෙට් උනාම වලං පොඩි වල සෙල්ලබ් බත් ඉව්වා. අපේ අම්මා තමයි හොද ඒදලා දෙන්නේ. මොකද අපි දන්න එකක් යෑ.
ReplyDelete(තාමත් දන්නේ නෑ තමයි.)
අක්කට දැන් නම් රහට උයන්න පුලුවන් ඇති. මුලදි මුලදි කවුරුත් ඔහොමනේ. හික්ස් :)
නදී මාව එහෙම් පිටින්ම අතීතයට අරන් ගිහින් අත් හැරියා... අම්ම මතක් වෙලා කඳුළුත් ආවා. මට හොඳට මතකයි මම උයන්න ඉගෙන ගද්දි මගෙ වයස අවුරුදු 9 යි. මට ඉතින් අම්ම උන්නෙ නෑනෙ. මාලි පුංචි තමා මගේ චෙෆ්....
ReplyDeleteකොහොමෙන් කොහොම හරි උයන්න ඉගෙන ගත්තා. දැන්නම් ඉතින් උයන එක සිම්ප්ල් වැඩක්.
අපෙ ගෙදර උදව්වට උන්න මැණිකෙ නැද්දත් මගෙ තව ගුරුවරයෙක් ... මැණිකෙ නැද්ද හදන කොහිල අල මාලුවට මම හරිම පෙරේතයි.(කොහිල අල පොළොස් ගැට මාළුව වගේ එයා හදන්නේ )
පොඩි කාලෙට ගියෝ......
ReplyDeleteඔව් ඔව් කෙල්ලෝ වුනහම රහට උයන්න පිහන්න හොඳට පුළුවන් වෙන්න ඕනෙ තමා!
අපිනම් ඉතින් උයන තරමක් උයල තියෙන්නෙ බොරු බත් තමා. හැබැයි හැමදාම ඇත්ත බත් කනව. අපේ අම්ම උයද්දි නිතරම වගේ කියන කථාවක් තමා "අනේ කෙල්ලෙක් හිටියනම් කොච්චට හොඳද.." කියල. මේක කියවපුවහම තමා තේරෙන්නෙ. මරුවට තියෙන්නෙ තිබ්බ හිටියනම් එහෙම.
ReplyDeleteඅපේ ගෙදර කෙල්ලො නෑනෙ.. කොල්ලොම විතරයි නෙ..... ඒ නිසා කොහෙ සෙල්ලම් බත් උයන්නද... ඇත්ත බත්ම තමයි ඉව්වෙ..අපේ තාත්තට පුලුවන් අම්මට වඩා හොඳට උයන්න. දෙයියනේ කියලා මටත් පුලුවන් බයිට් එකේ ඉඳලා අතුරුපස දක්වා ඕන එකක් හදන්න,තාත්තයි ආච්චියි තමයි මගේ ගුරුවරු.මුලින් මුලින් හොරෙන් තමයි ඉව්වෙ මොකද කුස්සිය ඉතින් අම්මගෙයි ආච්චිගෙයි රාජධානිය නෙ. පස්සෙ ගානට ආක්‍රමණය කලා. ඒත් තාම නදීට වගේ අප්සැට් එකක් නම් වෙලා නෑ.... අපේ යාලුවෝ නං කියන්නෙ ගෑනි දාල ගියත් මට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ කියල.. අපොයි ඒකට සමහර කොල්ලො, තේ එකක් වත් හදා ගන්න බෑ.. මොකටද එහෙම ජීවිත....
ReplyDeleteගෙදර ඉන්න කොට නම් හොද්දක ලුණු ඇඹුල් බලනවා ඇරෙන්න දෙයක් මම දැනගන හිටියෙ නැහැ. ඒත් නොරට ආවාට පස්සෙ උයාගන කන්නත් පුරුදු වුනා.අපරාදෙ කියන්න බැහැ දුරකතන මාර්ගයෙන් කරපු පාඨමාලා ගොඩක් සාර්තක වුනා. ඒත් ගෙදර කෑම තරම් නම රස නැහැ.
ReplyDeleteනිවාඩු ගියාම අපේ හාමිනේ කියනවා මම උයන කෑමක් කන්න ආසයි කියලා...හහ් ...ඒ වුනාට අපි අහුවෙයි ඕවට.
මොකෝ අක්කා මතෘකාව ඉංග්‍රිසියෙනුත් දාන්නේ. අර කතන්දර අයියත් එහෙම කරනවා. :)
ReplyDeleteමම පොඩි කාලෙ වගේම අදටත් අපේ තාත්තට මම උයන දේවල් තමයි ලෝකෙ තියෙන රසම කෑම.. එහෙම කියල තාත්ත කනකොට අම්ම කියනව අම්ම උයන කෑමත් හරිම රසයි කියල සීය කියනවලු..
ReplyDeleteමං හිතන්නෙ ඒක හැම තාත්තම කියන පොදු බොරුවක් වෙන්නැති..
හික් හික් මෙහෙම හිටියට මටත් උයන්න පුලුවන් හොදේ..හ.අපරාදේ කියන්න බෑ එලවලු වලට වඩා බයිට් තමා ලෙසටම හදන්න පුලුවන් හිකිස්
ReplyDeleteඅම්මට උදවු කරන්න ගෙදර කෙල්ලො දෙන්නෙක්ම හිටියට මටත් උයන්න පුලුවනි, නමුත් මගේ ඉවීමෙ අවශ්යතාදෙකයි තියෙන්නේ
ReplyDelete1. ඉක්මන - හැදුවා, කෑවා
2. පදාර්ත ප්‍රමානය - ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාක්
@නාකියා-ඇහ්? බිත්තර තම්බන්නත් ඉගන ගන්න ඕනේ හරිද? නෑනෑ තව ගොඩක් දේවල් දන්නව උයන්න. අක්කල දෙන්න හිටිය නිසා බලෙන් හරි කැව්ව,ඒකනේ අක්කල ගොඩක් මල්ලිලාට ආදරේනේ.
ReplyDelete@Gimhani- ඒක හරි අපි කෙනෙක් ලවා වැඩ කරවගන්න නම් ඒ ගැන සුලු හරි දැනුමක් තියෙන්න ඕනේ කියන්නෙ ඕකට තමා.රහට උයන්න පිහන්න පුලුවන් නම් ගොඩක් හොදයි.ගෙදර අයත් ගොඩක් ආසාවෙයිනේ ගෙදර හදන ඒවා රහට කන්න.
අඩේ දැන් සිරාවටම පුලුවන්ද උයන්න? :O අදහගන්නත් බෑනේ...
ReplyDeleteකෝකටත් අර හාව දාලා තියෙන පෝස්ට් එකේ එකත් හැදුවනම් හොදා නේද?????
චතුර....- එහෙම කියල බෑ.බත් එක්ක එලවලුවක් හදාගන කන්න පුලුවන් වෙන්න ඕනේ හදිස්සියකට වත්, හෙහෙ පව් තමා මොනව කරන්නද
ReplyDeleteමධුරංග- හික් ඔයාලත් සෙල්ලම්බත් ඉව්වද?එච්චරම බෑ ටිකක් පුලුවන්.දන්නෙ නෑ කියල බෑ,දවසක අම්මත් එක්ක උයලා බලන්නකො ජොලියට වගේ.
දිල්- ඔයාගෙ අම්ම නෑ මගෙ අප්පච්චි නෑ.ජිව්තේ ඔහොම තමා දුක් නොවි ඉන්න.ඔයාට කෑම උයන්න ඉගන ගන්න ගොඩක් දෙනෙක් ඉදලානේ.ඒ කාලෙ මතක නම් තාමත් එහෙමයි.
ReplyDeleteපැණි දොඩම් - [නුවන් කුමාරනායක]- අහ් ඔව් ඔව් කොල්ලොත් ඉගන ගත්තම හොදානේ තනියම ඉන්න වෙලාවක ට්‍රයි එකක් දාල බලන්න පරිප්පුවක් වත් හදලා :))
හපා- ඔයා ඔහොම කියනව අපේ අම්ම කියන්නෙ අනේ මේ කෙලි ලබ්බියො මොකටද කොලු පැටියෙක් හිටිය නම්! කියල :(
ReplyDeleteහර්ශන1985-හ්ම් ඒක හරි අපේ අප්පච්චිටත් අම්මට වඩා රහට උයන්න පුලුවන්,කවුරු උනත් ඉගන ගන්න එක හොදා.රහට උයන්න දන්න පිරිමි ලමයි ඉන්නව.ඉස්සර බෝඩින් වල ඉද්දි උයාගන කාපු පිරිමි ලමයිත් හිටියා.එයාල රහට කෑම හදනව
මධුරංග- මම් නිකන් දාන්න හිතුවා.අහ් මම් දෙමළ දන්නෙ නෑනේ.ඒකනේ :))
ReplyDeleteGayani Balasooriya- ඔව් ඉතින් රහ නෑ කියන්නෙ නෑනේ දුක හිතෙයි කියලා
පිස්සු පුසා- අපූ මෙන්න මෙයා.
ReplyDeleteසජිත්-අහ් කොහොමත් කියන්නෙ ඉක්මනික් පිලියළ කරලා කන්න කියල තමානේද පෝශ්‍යගුණය ආරක්ශාකරගන්න එපැයි :)
Luckey - ටිකටික අහගන උයන්න පුරුදුවෙන එක තමා මමත් කරන්නේ,දැන් අන්තර්ජාලේ ත් තියනවනේ කෑම උයන එක එක ආකාරේ රෙසිපිස් එහෙම.
ReplyDeleteසීතල අයියා- අහ් ඔව් දවසක එන්නකො අපේ ගෙදර.අක්ශරේ අයත් එක්ක.එයාට ඒක හදන්න කියල දුන්නෙත් මම.
මටත් අපේ අක්කයි මමයි ලඟ ගෙදර සහෝදර සහෝදරියොයි එකතු වෙලා ඇත්ත සෙල්ලම් බත් උයපු හැටි මතක් උනා.................
ReplyDeleteටී.බී.- හ්ම්ම්.අපේ අක්ක මට වඩා 4 අවුරුදු ලොකු නිසා මමයි එහා ගෙදර නංගියි මල්ලියි තමා සෙල්ලම් කරේ.අනේ එහෙම කාලයක්:)
ReplyDelete@ නදී,
ReplyDeleteඇත්තටම... අපේ ජීවිත වලට ආයෙ ඒ වගේ කාලයක් කවදාවත්ම එන්නෙ නෑනෙ...
උයන පිහන එක ගෑනු ලමයෙක්ට බැරි නම් ඒක මුලු ජීවිතේටම බලපානවා, ඒ දේට මූලික අඩිතාලම ගෙදරින් තමා වැටෙන්න ඕන. අම්මා කෙනෙක් අනේ පව්නෙ කියලා තමන්ගෙ දුවට ගෙදර වැඩ කරන්න ඉඩ නොදුන්නොත් ඒ ලමයා අනාගතයෙදි ලොකු අමාරුවක වැටෙනවා ඒකාන්තයි ......
ReplyDeleteදැන් ඔය පැත්තෙත් ඇවිත් කෑම වේලක් කෑවට අප්පච්චිට වෙච්ච දේ වෙන එකක් නැහැ නේ ....... හිහ් ....හිහ් ....
පොඩි කාලෙ කතරගම ගියහම අරන් එන පුංචි මැටි වලං සෙට් මතක් වුණා
ReplyDeleteමාත් ඒ ලෙවල් කරලා කැම්පස් පෝලිමේ ඉන්න කාලෙ ගෙදර කෝකි වැඩේ කලා .එහෙම කරලා උයන්න පුරුදු වුණා.අයෙම උයන්න පිහන්න වුණේ මුල්ම කාලේ රස්සවකට යන දවස්වල .බෝඩිමේ අපි හතරදෙනෙක් හිටියා .දවස් බෙදාගෙන හැම එක්කෙනෙක්ම එක දවසක් උයන්න ඕනේ උදේ, දවල්, රෑ, කෑම .තව එක්කෙනෙක් සතියට උවමනා උයන පිහන එලවලු මාලු හාල් ගේන්න ඕනෙ . ඒ විතරක් නෙවෙයි මොනව ගෙනාවත් පොත් මේසෙ උඩ තිබුන පුංචි පොතේ ලියන්න ඕනෙ මාසෙ අන්තිමට ගනන් බේරන්න .අවුරුදු දෙකක් විතර ඔය රාජකාරි කලා ඒ රස්සාවකට යමින් තව විබාගෙකට සූදානම් වෙන අතර තුර .
දැන්නම් අවුරුදු හයකින් විතර කෑමක් උයල නැහැ .කවුරු හරි උයල දෙන එකක් කනවා ,නැත්නම් කඩෙන් කනවා .උයන්නත් කම්මැලියි.නමුත් යාලුවො එක්ක බෝඩිමේ කෑම ඉව්ව කාලෙ නම් හරි රසවත් . මට ඒ කතා මතක් වුණා මේක කියවද්දි .
පන්සල් හංදිය- එක ඇත්ත අය්ය.හෙහෙ දැන් නම් එහෙම වෙන්නෙ නෑ.උයන්න දන්නව :)
ReplyDeleteTG- අපිත් සමහර විවේක තිබුන වෙලාවට බෝඩිමේදී කෑම හැදුව.ඒ කාලේ නම් නියමයි.