Monday, June 13, 2011

සුදු බදපටිය | White Belt - 03


සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02

ඊට ටික දවසකට පස්සෙ බෝඩිමේ අක්ක කිව්ව, එයා බෝඩිමට ආවෙත් යාලුවෙක් එක්ක,අම්මල තාත්තල වත් නෙමේ ගෙනල්ල බාර දුන්නෙ කියල.ඒක නම් අපි එච්චර ගනන් ගත්තෙ නෑ.


මොකද කැම්පස් අය හිටිගමන් ඔහොම බෝඩින් මාරු කරනවනේ.ඒත් එක්කම කියපි,කලින් ඉදල තියෙන්නෙත් මම් දන්න මේ ලග පාත තැනක,එතනින් යන්න කියලයි මෙයා මෙහෙ ඇවිත් තියෙන්නෙ ...කෝකටත් ඔයාල ටිකක් පරිස්සමෙන් ඉන්න කියල.අපි දෙන්නගෙ කාමරේ ඉන්න නිසා ඒ ඔක්කොම කතා බෝඩිමේ අක්කා අපිත් එක්ක කියනවා,අපිත් අහන් ඉන්නව.

එක දවසක් ෆීල්ඩ් ට්‍රිප් එකක් යනව,රෑක් නවතින්න වෙනව කියල බඩුත් පැක් කරගන ගියා.අවශ‍‍ය්‍ය අඩුම කුඩුම සමහර ඒවා ඉල්ලගත්තෙ මගෙ යාලුවගෙන්,අමතර බෙඩ්ශීට් එකක් වත් එයාට තිබ්බෙ නෑ.මගෙනුත් සල්ලි කීයක්ද ඉල්ලගනයි ගියේ.


එදා ගිහින් ආවෙ රෑ 11.30ට විතර,බෝඩිමේ අනිත් ඔක්කොම හොදටම නිදි.ගියාට පස්සෙ එන්නෙ මේ වෙලාවට වගේ කියන්න කෝල් එකක් වත් එයා දුන්නෙ නැ.ඇවිල්ල බෝඩිමේ දොරට ගහද්දි ඇහැරිලා බෝඩිමේ ලොකු අක්ක කෙනෙක්ට,දොර ඇරල තියෙන්නෙ,ටිකක් විතර දෝස්මුරයකුත් දාලා.

අනිත් උන් ඇහුනත් සමහර විට සද්ද නැතුව ඉන්න ඇති,කවුද ඔය මහ රෑ නිදිමරගාතේ නැගිටලා දොර අරින්නෙ,අනික එන වෙලාවක් කිව්වෙත් නෑනේ.අනිත්, සමහර අය දන්නෙත් නෑ මෙයා මෙහෙම ට්‍රිප් එකක් ගියා කියල.


බනින සද්දෙට තමයි මටත් ඇහැරුනේ.මොකද අපේ කාමරේ තියෙන්නෙ ටිකක් පිටිපස්සට වෙන්න.ඒ වෙලාවෙනම් මේ නංගිත් කට ගහගන ගිහින් එක එක ඒව කියන්න ගත්ත.තරහටද මන්ද අපිත් එක්කවත් එදා උදේ එච්චර කතාබහක් තිබ්බෙ නෑ.

එදා සෙනසුරාද දවසක් නිසා අපිත් බෝඩිමේ.දවල් 10ට විතර පිරිමි කෙනෙක්ගෙ හයියෙන් හයියෙන් කතාකරන සද්දයක් ඇහිලා,අපි දෙන්න බයෙන් බයෙන් හිමීට දොර රෙද්ද මෑත් කරල බැලුව.ඒ වෙද්දි අර නංගි කාමරේ හිටියෙ නෑ.මුණ හෝදන්න ගිහින්.

28 comments:

  1. ඉතුරු ඔක්කෝම ඊලට ලිපියේ දාන්නකෝ.ඔක්කෝම කියවනකම් නින්දයන්නේ නෑ

    ReplyDelete
  2. ඇත්තටම කව්ද මේ කෙනා.. කොටි හිතවාදියෙක්ද??
    මම එහෙම ඇහුවා කියලා වැරදියට හිතන්න එපා කවරුවත්..

    ReplyDelete
  3. සස්පෙන්ස් සස්පෙන්ස් සස්පෙන්ස් ඔහොම යමුකෝ අන්තිමටම !

    ReplyDelete
  4. ඉක්මනට ලියන්න අක්කා. නිකන් දවස් තුනක් කෑවේ නෑ වගේ. අඩුමගානේ කතාවේ නම, කතාවට සෙට් වෙන තැන වෙනකන් වත් ඊලග ලිපියේ දම්මේ නැත්නම් නේ !!!!! බලාගමු :)

    මේ ළමයගේ ක්‍රියා කලාපය හරිම අත්භූතයි නේ. වෙලාවකට හිතෙනවා හොල්මනක් ද දන්නෙත් නෑ කියලා.

    ReplyDelete
  5. කොටස් තුනම එක දිගටම කියෙව්වා. ලෙඩක් වගේ.. ඉතුරු ටිකත් ලියනකල් බලන් ඉන්නවා.

    ReplyDelete
  6. මේක හරි යන්නෙ නෑ නදී. ඊලඟ කොටස අන්තිම කොටස කරන්න හොඳේ.

    ReplyDelete
  7. ටික දවසකින් පස්සේ ආයෙම මේ පැත්තට ආවේ. මේගා එක්ක වගේ. කමක් නෑ කියමු ඉතිරියත්...

    ReplyDelete
  8. මගෙ නම් දැන් රතු කට්ට පැනගෙන එන්නෙ, මේ කතාවේ ඔක්කොම ටික ඊගාව එකෙන් දානවද නැද්ද .........

    ReplyDelete
  9. ඔව් ආ අක්කා ඉක්මනට ඉතුරු ට්ක දාන්නකෝ

    ReplyDelete
  10. ඔක්කොම කියෙවුවා... ඉක්මන් කරනවානම් හොඳයි..

    ReplyDelete
  11. මේක මෙගා කතාවක් ද? අනේ ඉක්මනට ඉවර කරන්නකෝ....

    ReplyDelete
  12. ඉවසපන් පපුව කිව්වලු.....

    ReplyDelete
  13. @ඉසුරු- ඕන් දැම්ම බලන්න.හදිස්සියට ලිව්වා

    ReplyDelete
  14. @Dinesh- අපෝ නැ එහෙම කෙනෙක් නෙමේ.

    ReplyDelete
  15. @කතන්දර Kathandara- මෙගා වුනා.එයා අපිට හම්බ වුන දවසෙ ඉදල දැක්ක අවසාන දිනය දක්වා ගොඩක් දේවල් ලියන්න උනා.කතාව කියන්න.:)

    ReplyDelete
  16. @සරත් ලංකාප්‍රිය- ඕන් දැම්මා.ටිකක් දිග වැඩිත් වුනා.

    ReplyDelete
  17. @මධුරංග- එහෙනම් ඉතින් ලියල ඉවර වෙනකම් ඉන්න වෙනව සුදු බෙල්ට් එක ගැන දැන ගන්න.නැනැ මොන හොල්මනක්ද?

    ReplyDelete
  18. @නචියා- ඔව් ටීකක් එහෙම එකක් වගේ තමා.ඒත් මටනම් හිතෙන්නෙ පව් කියල

    ReplyDelete
  19. @පිණිබිඳු..- හා ඕන් දැම්ම එහෙනම්

    ReplyDelete
  20. @priyantha- ටිකක් විතර එහෙම වුනා තමා.:)

    ReplyDelete
  21. @කල්හාර දිසානායක- අප්පෝ බයෙත් බෑ.මේන් තර්ජන කරනව :O.

    ReplyDelete
  22. @තනෝජා රාජපක්‍ෂ -ඕව් ඔන්න හරි

    ReplyDelete
  23. @ශ්‍රී -ඊලග එකෙන් ඉවරෝ...

    ReplyDelete
  24. @- නිල් අහස -ඕන්න ආය ඉවසන්න ඕනේ නැ අවසානේ දැම්ම

    ReplyDelete
  25. ඔන්න නදී මමත් එකතු උනා ඔයාගේ මෙගා කතාව කියවන්න ..

    මුල් කොටස් දෙක කියෙවුවා හැබැයි මේ කොටස කියවන්න වෙලා මදි උනා .. හැන්දෑවට කියෝනවා ..

    අවසන් කොටස බලන්නත් එන්නම්

    ReplyDelete
  26. @හිස් අහස- හා බොහොම ස්තූතියි.කියවන්න එන්නකො

    ReplyDelete