Wednesday, June 15, 2011

QR ප්‍රොජෙක්ට් | වරදකරුවන් විශෝධනය



කැම්පස් එකේ පලමුවසරෙද්දි මුල්ම සමාසිකයේ තිබුන "Quantitative Reasoning" කියල සබ්ජෙක්ට් එකක්,ඒ සබ්ජෙක්ට් එක වෙනුවෙන් අපිට පැවරුමක් කරන්න වෙලා තිබ්බ,ඒක සාමූහික ව‍‍ය්‍යාපෘතියක් (Group Project).


දත්ත ටිකක් එකතු කරල සාම්පල් කරල,අදාල නිගමනයකට එලඹෙන්න තමා තිබ්බෙ.අවසානේ අපිට Report එකක් දෙන්නත් වුනා. Presentation එකෙන් තමයි අවසාන ලකුනු තීරණය කරන්නෙ.


මේ වෙනුවෙන් අපේ කණ්ඩායම තෝරගත්තෙ වරදකරුවන්ගේ විශෝධන මද්‍යස්ථානයක්(Offenders Center).අවුරුදු 18 ට වඩා වැඩි, විවිධ නීතිවිරෝධි වැඩ කරපු පිරිමි,350 කට ආසන්න පිරිසක් එතන නේවාසිකව හිටියා.


කලින් තීරනය කරගත් විදියට, කැම්පස් එකෙන් ලියුමක් එහෙමත් අරන්, දිනයක් වෙන්කරගන අපි අදාල ස්ථානයට ගියා, අපිට අවශ්‍ය වුනේ ප්‍රශ්නාවලියක් (Questionnaire) මගින් තොරතුරු එක්‍ රෑස් කරන්න.


කතාබහ කරද්දි තමා දැනගත්තෙ ගොඩක් දෙනා සොරකම් කිරීම්,මිනී මැරුම්, මත්දව‍‍ය්‍ය ආදිය ලග තබා ගැනීම්, විකිනීම්, ප්‍රවාහනය, ඒ වගේම තවත් විවිධ දූෂණ චෝදනා සම්බන්දව වරදකරුවන් වූ අය. 


එයාලට එතනදී විවිධ කර්මාන්ත හුරුකිරීම් එහෙමත් තිබුනා,තම තමන් කැමති දෙයක් ඉගන ගන්න අවස්ථාවත් ලැබිල තිබ්බා.ගොවිතැන්, ගව පාලනය, ඉදල් - මල්පෝච්ච් සෑදීම, ගඩොල් කැපීම් ආදී මෙකී නොකී ගොඩක් දේවල්.


මටත් ඒ දෙන්නෙක් එක්ක කතාබහ කරන්න හම්බවුනා,එයින් එක්කෙනෙක් ගොඩක් විශේෂයි.ප්‍රසිද්ධ ආයතනයක දූෂණ චෝදනාවකට ලක් වුන කෙනෙක්,නිදහස් වෙන්න මාස 6ක් විතර කාලයක් ඉතිරිවෙලා තිබ්බෙ. 


විවාහ වෙලා පොඩි දුවල දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක්,එයා තල්කෙදි වලින් ලස්සන මාල හදනව,එකක් හදන්න මාස තුනක් විතර කාලයක් යනවලු,මුදු මුදු අමුනල,හරිම ලස්සනයි.ඒ වෙද්දි ඒවලින් දෙකක් හදල තිබ්බ,එයින් එකක් මටත් හම්බවුනා,අදටත් ඒක මම් ලග තියනව.


මට ඇතිවුන ප්‍රශ්ණය තමයි, එක එක ආකාරයේ,විවිධ වරදවල් සම්භන්ද චෝදනා ලබපු අය ඔක්කොම හිටියෙ එකම තැනක,ඒ නිසා ඇත්තටම ඔය බලාපොරොත්තුවෙන විශෝධනය වෙනවද කියන එක .දැනුන විදියටනම් මෙයාල එලියට යන්නෙ තවත් ගොඩක් දේවල් ඉගනගෙන, මොකද ඔක්කොම ඉන්නෙ එකටනේ.

අනිත් කෙනා කොළඹ පැත්තෙ වත්තක ජීවත්වුන කෙනෙක්.වයසින් ඒ වෙද්දි මටත් වඩා බාලයි,වැරෑද්ද වෙලා තිබුනෙ මත්ද්‍රව‍‍ය්‍ය ප්‍රවාහනය කිරීම,කිව්ව විදියට නිදහස් වෙලා ගියත් කරන්නෙ ඒකම තමා.

ඒකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් වත් පෙන්නුවෙ නැ,ලේසි පහසු රස්සාවනේ,අනික එකවර සල්ලි ගොඩක් ලැබෙනව."වෙන්න තියන හැමදේම වෙලා,කරන්න පුලුවන් හැමදේම කරලා ඉන්නෙ" කියල කිව්වටත් පස්සෙ මට හිතාගන්න පුලුවන් වුනා මාත් එක්ක කතා කරන කෙනා කොයි වගේ කෙනෙක්ද කියන එක.

පස්සෙ තමයි දැක්කෙ පැත්තකට වෙන්න ආරක්ශාවටත් කීපදෙනෙක් රදවල තිබුන විත්තිය,එතකොටනම් ටිකක් බයත් හිතුනා. එසේ මෙසේ අය නෙමේ නේ ඉන්නෙ කියල.

10 comments:

  1. ගොඩක් වෙලාවට වෙන්නේ විශෝධනය වෙනවට වඩා ආයේ ආයේ ඒ වැරැද්දම කරන එක. මොනවා උනත් හස්ත කර්මාන්තයක් උගන්වන එක නම් වටිනවා. හැදෙන එකාට ඒ මාර්ගයේම ගිහින් දියුණු වෙන්න පුලුවන් නේ.

    හැදෙන්නේ නැති එකා ඉතින් කෝවක දාලා මකවන්නෙයි ??? ඒකට බැරුවයෑ ආයෙම හිරේට වෙලා ඉන්න. ඔය සමහර හිරකාරයෝ නිදහස් වෙලා එද්දි ජේලර්ට කියලා එනවලු ගිහින් එන්නම් කියලා. ඒ කියන්නේ ආයෙම එනවා කියන එකනේ. :)

    ReplyDelete
  2. මමත් ගිහින් තියෙනවා මත්ද්‍රව්‍ය ගත් අයව පුනරුත්ථාපනය කරන තැනකට. ඔය වගේ තමයි. දූෂණයට ලක් වූවන්ට, අනාථ වූ දරුවන්ට, ආබාධිත අයට තියෙන පුහුණු පාසලුත් හුඟක්විට ඒ වගේ. සමහර ළමා නිවාසවල විවිධ දූෂණයන්ට ලක් වුණු දරුවනුත් නවත්වනවා උසාවි තීරණ අනුව. ඒ අයට වුවමනා අවධානය ලැබෙන්නෙත් නෑ. අනෙක් අයටත් අනිසි බලපෑමක් එන්න පුළුවන්.
    "හැදෙන එක" ගැන කියන්න තියෙන්නෙ, ඔතනින් පුහුණු වෙලා මොනවද කරන්න පුළුවන්? ඔය තැන්වල උගන්වන්නෙ බොහෝවිට අඩු ආදායමක් ලැබෙන විදිහෙ, සමාජයේ පොදු නිර්නායකවලට අනුව පහළ මට්ටමේ රැකියා කරන්න. අපේ හක්කෙන් කොච්චර බුදුරැස් විහිදුණත් ගඩොල් කපන මිනිහගෙයි පරිගණක ආශ්‍රිත රැකියාවක් කරන මහත්තයගෙයි වෙනසක් සමාජයෙ තියෙනවා. මාස තුනක් තිස්සෙ මහන්සි වෙලා අවුරුද්දට මාල හතරක් විකුණගෙන ඔය මනුස්සයා ජීවත් වෙන්නෙ කොහොමද? අපේ කැම්පස්වල උගන්වන විෂයයන් වගේම තමා. ජීවිතයට ප්‍රයෝජනයක් වෙන දෙයක් ඉගැන්නුවනම් (ඉංග්‍රීසි, පරිගණක තාක්ෂණය, ටයිපිං, රූප ලාවන්‍යය, හෝටල් කර්මාන්තය වගේ ඒවා) ඔයිට වඩා මිනිස්සු පරණ ජීවිතේ අතහරියි.

    නදී එළියට ඇදලා දාන්නෙ හිතන්න,කතා කරන්න හුඟක් දේ තියෙන මාතෘකා.

    ReplyDelete
  3. @මධුරංග- ඔව් හැදෙන එකාට නම් ඔය කර්මාන්ත උනත් ඇති.ඒත් ඕව ගොඩක් වෙලාවට වෙන්නෙ එතන ඉන්නකන් විතරයි,එලියට ගිය ගමන් ආයම අර පරණ පුරුදු විදියට හැඩ හැහෙනව.
    හ්ම්... ගොඩක් එහෙම තමා,එහෙම ගිහින් ආව අයත් හිටිය.

    ReplyDelete
  4. @නලිනි චන්දිමා-හ්ම් ඔව්.අනික වෙන සවුක්ය ගැටලුත් තියනව,කතා කරපු හැටියට,මට තේරුනා එහෙම.විවිධ අනුවශ්‍ය ඇබ්බැහිවීම් ගොඩක් තිබ්බ හැටියකුයි පෙනුනේ.

    කර්මාන්ත කිව්වට,කාලය ගතකරන්න මොකක් හරි වැඩක යෙදවනව කියලයි මටත් පෙනුනෙ.

    ReplyDelete
  5. ඕකට තමා ගලාගෙන යන ජීවිතය කියන්නේ

    ReplyDelete
  6. බලු වලිගෙ උන පුරුකෙ හත් අවුරුද්දක් දාල තිබ්බත් ඇද ඇරෙන්නෑලුනෙ...

    ReplyDelete
  7. @ටී.බී. හේරත්- ඔව් ඉතින් පුරුදු රස්සාව හොදයි කියල එයාලටත් හිතෙනවද දන්නෙ නැනෙ :)

    ReplyDelete
  8. ඇත්තටම ඔතනට මිනිස්සු යන්න හේතුව අපේ ආර්ථිතේ හොඳ මදි කම, ඒ කියන්නෙ හරි හමන් ආදායමක් ලැබෙනවා නම් මිනිස්සු අනිසි විදියට සල්ලි හොයන් හදන්නෙ නැහැනෙ .....

    අනිත් එක පවුල් පරිසරය, ඒකත් බලපානවා ඔය හා සමානවම ......

    ReplyDelete
  9. @පන්සල් හංදිය- පරිසරය බලපානව එක නම් ඇත්ත.

    ReplyDelete