Thursday, June 23, 2011

නම වෙනස් කිරීමයි!


විවාහ වුනාට පස්සෙ ලැබෙන මුල්ම දරුව දුවෙක් වෙනව දකින්න ගොඩක් අය කැමතියි.එහෙම උනාම ගෙදරටත් හොදයිලු.ඉස්සර කාලෙ නම් එහෙම හිතල තියෙන්නෙ,ගෙදර මහ දෙන්න ගොවිතැන් වැඩවලට යන නිසා,උයන පිහන ඒවට, පොඩි උන් බලා කියාගන්න ඒවට, දුවව උදව් කරගන්න පුලුවන් වෙන නිසා වෙන්න ඇති.

කොහොමත් දුවෙක් ගෙදර හිටියහම ලෙඩක් දුකක් උන වෙලාවට,හොයල බලන්න,බෙහෙත් පොවන්න, කෙනෙක් ඉන්නව කියල හිත හදාගන ඉන්න පුලුවන්නේ.අඩුගානේ කෑම ටික හදල කන්නවත් දෙයිනේ.(අපි එහෙම හිතමුකෝ :) )

අපේ ගෙදරටත් මුලින්ම ආවෙ කෙලි පැටික්කියක්,බලාපොරොත්තුවත් තිබුනෙ කෙල්ලක් නිසා,ඒ ගැන හැමෝම සතුටු උනාලු.

ඊට අවුරුදු 4කට පස්සෙ තව එකෙක් හම්බවෙන්න හිටිය නිසා,අප්පච්චි ගොඩක් බලාපොරොත්තුවෙන් හිට්යලු,ආ...මේ සැරේ නම් කොල්ලෙක් ඉපදුනොත් හොදා,පරම්පරාවෙ නම අරන් යන්නත් එක්ක කියල.

කොහොමත් දෙජාතියෙන්ම ඉන්නව නම් හොදයි නේ.ඒ කාලෙ ඉතින් ඔය දැන් වගේ ස්කෑන් පරීක්ශණ කරල කලින් මොකාද ඇතුලෙ ඉන්නෙ කියල හොයන්න විදියක් තියෙන්න නැතුව ඇති.

දැන්නම් කලින්ම දැනගන්නවනෙ,කෙල්ලද කොල්ලද,හම්බවෙන්න ඉන්නෙ කියල.ඊට පස්සෙ රෝස පාටින් ද නිල් පාටින්ද ඕන කරන ඒව ගන්නෙ කියලත් තීරණය කරන්න පුලුවන්නෙ ,බබා ලැබෙන්නත් කලින්ම.

අප්පච්චි හිතාගන ඉදල තියනව කොල්ලෙක් හම්බවුනොත් මිගාර කියල නම තියනව කියල.අනේ වෙලාවට ආයෙත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලක්.මොනා කරන්නද?...ලැබිච්ච දේනේ.

අම්ම කියන්නෙ මාව දැක්ක මුල්ම වෙලේ කෙල්ලෙක් කියල දැනගත්තම,අප්පච්චිගෙ මූන හරිනැති වුනා කියල.මොකද බලාපොරොත්තුව නැතිවුනානේ.

ඒ වුනාට අන්තිමේදි වැඩියෙන්ම ආදරේ වුනේ දෙවනි කෙල්ලට,(එහෙම තමා තාමත් හිතන්නෙ)මොකද හිතුවත් වගේ එයා තමා අප්පච්චි වගේම වෙලා තිබ්බෙ,හැසිරීම වගේ දේවල් වලින් පවා. ගොඩක් අය කිව්වෙත් පොඩි එකී අප්පච්චි වගේමයි,අපරාදෙ කෙල්ලක් වුනේ කියල.

අක්කට දාල තිබ්බෙ ඉන්දියාවෙ  එක කදු වැටියක නමක්,ඒ කදුවැටිය ලගින් ගලාගන යන එක්තරා ගංගාවක නමක් තමා දෙවනියාට දාල තිබ්බෙ.ඒ වෙද්දි අක්කට අවුරුදු 4ක් නිසා අහන අයට එයා කියන්නෙ අපේ නංගිගෙ නම,"නරුමදා" කියලලු.

ඕකට කට්ටිය හිනාවෙන නිසා අම්මයි අප්පච්චියි තීරණය කරල තියනව ඒ නම වෙනස් කරන්න,ඔන්න ඔහොමයි අද තියන මේ කැතම කැත නම ආවෙ.

පලි: අපිටත් පුතෙක් හම්බවුනොත්,අප්පච්චිව මතක් වෙන්නත් එක්ක,මම හිතාගන ඉන්නව මිගාර කියල නම තියන්න. 

35 comments:

  1. න.ඉ.කු.වැ‍‍\\
    ඔය කැතම කැත කියන නම ලස්සනයි බොල..

    ReplyDelete
  2. @ චතුවා (ළමයා) - මම් ආසම නැත්තෙ "ඉ." එකට :((

    ReplyDelete
  3. මම නම් ඉ. කෑල්ලට ආසයි.. න. කෑල්ලට වඩා හොදයි.. :))

    ReplyDelete
  4. මම ඉතින් දන්නේ අක්කාගේ නමේ " නදී " කියන ටික විතරනේ.. ඒ නිසා මුහුත්ම කියන්නේ නෑ මම..

    ReplyDelete
  5. නරුමදා.හික් හික්

    නදී කියන නම මොකෝ හොද නෑ කියන්නේ .කොච්චර හොදද?.ශෝට් ඇන්ඩ් ස්වීට්.:)

    (රජිත්)

    ReplyDelete
  6. @චතුවා (ළමයා)- ඒ මම් ආස නෑ

    ReplyDelete
  7. @ගිනි අව් සහ ගිනි කෙලි- මම් බලන්න නම් ආස නෑ රෙස්ලින්,කමක් නෑ එන්නම්කො

    ReplyDelete
  8. @Dinesh - ඔව්නේ.කොහොම්ද කියන්නෙ හරියට දන්නෙ නැතුව.

    @පාල- හෙහ් හෙහ් :)

    ReplyDelete
  9. "ඉන්දියාවෙ එක කදු වැටියක නමක්" කියද්දිම හිතුනා "වින්ධ්‍යා" කියල, හැබැයි "ගංගාවක නමක්" කියපුවහම හිතුනෙ "ගංගා" කියල :)
    වින්ධ්‍යා කඳු වැටිය වටා ගෙතුන අපූර්ව පුරාවෘත්තයක් තියනව නෙ....

    ReplyDelete
  10. හ්ම්ම්... මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.. තව ටික කාලයකින් මටත් ඔය දේට මූනපාන්න තියෙනව. මොකද තව ටික කාලයකින් මටත් පිය පට්ටමක් ලැබෙන නිසා. ඒක එතකොට කියන්නම් දැනට ඔච්චරයි... :)

    ReplyDelete
  11. දුව පුතා කියලා නෑ දෙමව්පියන්ගේ ආදරේ කාටත් එකයි. කමක් නෑ අක්කට අප්පච්චි පන ඇරලා ආදරෙයි නේ. එතකොට නදී අක්කගේ අක්කගේ නම වින්ධ්‍යා ද ? ලස්සනයි. අක්කට දාන්න ඉදලා තියෙන්නේ නර්මදා කියලා ද ? මම තේරුම් ගත්තෙ එහෙමයි.

    නමක් කිව්වම සරල වෙන්න ඕනේ. ඒ වගේම තේරුම් ගන්න පුලුවන් වෙන්නත් ඕනේ. තව එක තමයි නම රැකගන්න කටයුතු කරන්නත් ඕනේ.

    අක්කා නම ගැන කිව්වම මටත් කතා වගයක් මතක් උනා. ඒ ටික මම බ්ලොග් සටහනක ලියන්න ඉන්නේ.

    අක්කා අර ගත්ත තීරණය හොදයි. එතකොට ඔයා ලෑ අප්පච්චිව ඔයාගේ පුතාගේ මුහුනෙන් දකින්න පුලුවන්. අප්පච්චි තව කාලයක් ජීවත් වෙනවා කියලා හිතේවී.

    පොඩි දෙයක් කියන්නම් අක්කේ. ඔයාගේ පුතාට මිගාර කියලා දැම්මයි කියමු. කවදාවත් පුතාගේ නම කියද්දි දුක හිතන්නවත් කනගාටු වෙන්නවත් එපා. එතකොට පුතාට තමන් ගනම තමන්ගේ නම ගැනම දුකක් හිතෙයි. ඒ දේ වෙන්න දෙන්න එපා. ඔයාට අප්පච්චිව මතක් වෙද්දි දුක තමයි. ඒත් ඒ දේ පෙන්වන්න එපා. ඔයාගේ අප්පච්චි ඔයාට ආදරය කරපු හැටි. එයා ඔයාට දීපු දේවල් ගැන. ආදරෙන් මතක් කරන්න. පුතාටත් ඒවා කියලා දෙන්න. එතකොට පුතාට ආඩම්බර හිතෙයි එහෙම අප්පච්චි කෙනෙක් තමන්ගේ දරුවෙක්ට දාන්න හිටපු නමක් තමන්ට ලැබුනා කියලා. ඒක යාලුවෝ අතරත් සතුටින් කියාවී.

    මම කිව්වේ මට හිතිච්ච දේ. ඒ නිසා වරදින්නත් පුලුවන්. මම වැරදි නම් මාව නිවරදි කරන්න. මගේ අතින් වෙච්ච ඕනම වැරද්දක් මම පිලිගන්න සුදානම් :)

    ReplyDelete
  12. මට නම් එහෙමට කියලා බලාපොරොත්තුවක් තිබුනෙ නැහැ, එන ඕන එකෙක් ගන්නවා කියලා තමා හිතාන හිටියෙ, පලවෙනි පාරත් කෙල්ලෙක් දෙවෙනි පාරත් කෙල්ලෙක්, කෙල්ලො කොහොමත් තාත්තට වැඩියෙන් ආදරෙයි .....

    ඉ කියලා තියන නම් වලට ප්‍රසිද්ධිය ලැබෙනවලු, ඒකනේ ඔය මාධ්‍ය ආයතන හුඟක් අන්තිමට ඉ ශබ්දය එන විදියට දාලා තියෙන්නෙ, මගේ දෙන්නටත් මම දැම්මෙ අන්තිමට ඉ එන විදයෙ නම් දෙකක්.

    ReplyDelete
  13. නදීට වඩා නරුමදා හොදයි කියලයි මටනම් හිතෙන්නේ. අනේ මන්ද මගේ ටිකිරි මොලේට හිතෙන විදිය තමා ඒ.. (මගේ ටිකිරි මොලෙටත් මාරු මාරු ඒවා හිතෙනවා) හිකි හිකි

    ReplyDelete
  14. නදී කියන ටික විතරනේ දන්නේ. ඒක නම් ලස්සනයි....

    ReplyDelete
  15. මම නම් කියන්නේ අප්පච්චිගේ ආසාව ඉක්මනින්ම ඉෂ්ඨ කරන්න ලැබේවා කියලා. මිගාර කියන නම ලස්සනයි.

    ReplyDelete
  16. වින්ධ්‍යා... ?? හිමාලි වෙන්න බැරිද ???

    ReplyDelete
  17. @පොඩි මෑන් :
    හිමාලි කියලා කන්දක් නෑනේ. ඔන්න හිමාලි කියලා පික්චර් හෝල් එකක් නම් තියෙනවා අපේ පැත්තේ :)
    හිමාලි - කිරිබත්ගොඩ

    ReplyDelete
  18. @ටී.බී. හේරත්- ගංගා? හ්ම්,,, මම් ඒක කියෙව්වා.

    @මගේ කතා- ආ එහෙනම් සුබ පැතුම් අපෙනුත්!.

    ReplyDelete
  19. සේම් හියර්. අපේ ගෙදරත් කෙල්ලොම දෙන්නෙක්. හික්ස්.

    ReplyDelete
  20. @මධුරංග- අනේ පස්සෙ නම් එහෙම වෙනසක් තිබ්බෙ නැ.කෙල්ලො දෙන්නෙක්ම ඉන්නෙ කියල,ආඩම්බර වුනා මිසක්,කෙල්ලො උනාම මොකද හොදට උගන්න ගත්තහම ඒකෙ වෙනසක් නෑ කියල,අම්ම තමා කියවන්නෙ වෙලාවකට කොල්ලෙක් හිටියනම්,රජෙක් වගේ ඉන්නවනෙ,මේ "කෙලිලබ්බො" වැඩක් නෑ කියකිය(විහිලුවට).

    ඔව් ඒ නම් දෙක තමා දාල තිබිල තියෙන්නෙ.:)(අක්ක තමා මාව කාල තියෙන්නෙ :( )

    දුක හිතෙන දේවල් කියන්නෙ නැ.මම් එයාලට කියල දෙනව,මෙන්න මේවගේ ලොකු අත්ත කෙනෙක් තමයි ඔයාලට හිටියෙ කියල,නැචුරලුත් දැන් අහනව.පුන්චි! ඔයාගෙ අප්පච්චි කෝ කියල?:)

    ReplyDelete
  21. @නදී :
    මට දාපු කමෙන්ට් එක කියවලා
    බඩ අල්ලන් හිනා උනා පෙරලිලා

    නියම රිප්ලයි එක නේ අක්කා :)

    ReplyDelete
  22. @මධුරංග- හෙහෙ :)

    ReplyDelete
  23. @පන්සල් හංදිය- බලාපොරොත්තුවක් නැතුව හිටියනම් ගානක් නෑ.ඔව් කෙල්ලො ආදරේ අප්පච්චිලට තමා.අපි දෙන්නත් එහෙමයි.මම් නම් ඉ. නමට කැමතිම නෑ.

    @ADK කොලුවා- මමත් ආස නර්මදා කියන එකට තමා.:(

    @නචියා- ඒ මටනම් පේන්න බෑ.

    ReplyDelete
  24. @- නිල් අහස - -බලමු බලමු අනාගතේ මොනා වෙයිද කවුද දන්නෙ?

    @පොඩි මෑන්- හිමාලි කිව්වෙ හිමාලය ගැන හිතල වෙන්න ඇති.(වින්ධ‍‍ය්‍ය හිමාචල යමුනා ගංගා... :))

    @පිණිබිඳු...- ජයවේවා ඔය ඉන්නෙ කෙල්ලොම!

    ReplyDelete
  25. මොකක්ද "ඉ" අකුරෙන් තියෙන්නෙ?අඩේ මම ඒකක් දන්නෙ නෑනේ. :(

    මේ මගේ නමත් මෙතන ලියන්නද?
    හ්ම්....
    එක්කො ඕන නෑ.මගේ නමේ දිග ඇහුවනම් කට්ටියට මාව එපා වෙයි. :D

    ReplyDelete
  26. @සීතල අයියා- ඒකනේ ගොඩක් අය ඔය නම දන්නෙ නෑ.මම් කියන්නෙත් නෑ :)
    හෙහෙ දීග නමක් වෙනටැ

    ReplyDelete
  27. මුලින්ම කෙල්ලෙක් හම්බෙනවට අපි නම් කැමති නැතෝ

    ReplyDelete
  28. මට දෙජාතියම ඉන්නවා. ඉස්සෙල්ල කෙල්ල. හරි සතුටුයි.. ඊට පස්සේ දෙවෙනියා එනකොට කවුද කියල බලාගන්න වැඩියම ඕන උනේ දුවට.. එයට ඕන උනේ මල්ලි කෙනෙක්.. මොකද දන්නවද අම්මගේ ජුවෙලරි නංගිට දෙන්න වෙයි කියල ! පස්සේ පුතා කියල දැන ගත්තම මම කිවුව දැන් ඔයාට හොඳයි ඔක්කොම ඔයාගෙනෙ.කියල " නෑ තාත්තී මං හිතාගෙන හිටියේ නංගි කෙනෙක් ආවොත් බාගයක් එයාට දෙන්න !! කෙල්ල කිවුව !

    ReplyDelete
  29. දෙනෙත් පුරා පිරි කදුලැල්
    පිටාරයට හසු නොවන්න//
    වියලුණු සිත් සණසවන්න
    "නදී" තරංගා... :D

    ReplyDelete
  30. පලි: අපිටත් පුතෙක් හම්බවුනොත්,අප්පච්චිව මතක් වෙන්නත් එක්ක,මම හිතාගන ඉන්නව මිගාර කියල නම තියන්න.


    අපිටත් ? O_o
    කොල්ලෙක් නැ කිය කිය නේ අඩ අඩ උන්නෙ :P

    ReplyDelete
  31. @bckurera- එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නේ:)

    @සරත් ලංකාප්‍රිය- දෙජාතියෙන්ම ඉන්නවනම් හොදයිනේ.හෙහෙ මම් ඉපදිල ඉන්නව දැක්කම අක්කත් ඇද ලගට ඇවිත් උඩපැනල කිව්වලු "අඩේ තවත් එකෙක් කියල".

    @Bunny - හෙහෙ ඔයා දැක්කද මම් අඩ අඩා ඉන්නව.:))

    ReplyDelete
  32. නදී... කොච්චර ලස්සන නමක්ද...?

    ReplyDelete
  33. @මන්තරකාරි- ඔයාට එහෙම හිතුනද? :)

    ReplyDelete
  34. ඔයගේ නම ලස්සණයි,ඔයා කිව්වා වගේ පව්ලකට ඉස්සෙල්ලා හම්බ වෙන්න ඕන දුවක්,ඊට පස්සෙ තමයි පුතෙක් ඉන්න ඕන.ඈත්තටම දුවක් මත තමයි පවුලක ලස්සණ රෑදෙන්නේ,ඈත්තටම පවුල කියන දම් වෑලේ ශක්තිමත්ම පුරුක දුවක්.

    ReplyDelete
  35. මයෙ පවුලෙත් අම්මටයි තාත්තටයි ඉස්සරෝම ලැබුනෙ මං... ඊට පස්සෙ මල්ලි, නංගි..
    ඒත් මට ඉන්නෙ දූලම දෙන්නෙක් ඔයාගෙ අම්මට තාත්තට වගේ.. මයෙ නංගිට නම් දුවයි පුතයි... අපේ දූල දෙන්නත් මගෙ නංගිගෙ පුතාට පණ ඇරල ආදරේ... සමහර විට නංගිගෙ දූට තරහ හිතෙන තරමට මේ දෙන්න පුතාට ආදරෙයි... අපේ පවුලෙ හැමෝටමත් දුවල තුන්දෙනාටම වඩා අගේ අර කොළු පැටියා තමා...

    ඔයාට ඕානම නම් ඔය නම දැන් උනත් වෙනස් කරල නර්මදා කරගන්න පුළුවන්නෙ....

    තාත්තල දුලට ආදරේ වගේ තමා දුලත් තාත්තලාට ආදරේ... වෙලාවක මේකත් පුළුවන්නම් කියවන්නකො...
    http://thanojar.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete