Friday, June 10, 2011

විවාහ යෝජනාව | බලන්න යාම


මේ දවස් වල මගුල් වැහි වැහැලා,හරියට අර කිව්වත් වගේ "ලොවම මගුල් සක්වලක් වෙලා".මම් අදුරන අය ,මගේ යාලුවො ගොඩක් මේ මාස කිපයේදි විවාහවුනා,ඉතින් මේ නිසා මගුල්තුලා වලට එහෙ මෙහෙ යන්න එන්නත් සිද්ද වුනා.

වියදමත් ටිකක් වැඩි මේ දවස් වල,මොකෝ එකම සාරිය ඇදන් යන්න කියලද, හැම එකටම වගේ එන්නෙ එකම සෙට් එකනේ.අනික කාලෙකින් සෙට් වෙන නිසා ඕප දූප ගොඩකුත් තියනව කතා කරන්න. 

ඔය  ගියපු මගුලක මට කතා කරන්න හම්බවුනා යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් එක්ක,දුවත් මේ මාසෙ විවාහ වෙන්න ඉන්නෙ...බ්ලා බ්ලා විස්තර ගොඩක් කියාගන කියාගන ගියා...ඔහොම කතා කරකර ඉන්න ගමන් මනමාලිලා බලන්න යන විස්තරත් ඇදිලා ආව.


එයාගෙ අය්යගෙ පුතාට යෝජනා එනවලු,ඉතින් කෝල් කරල කියන පමාවෙන් මේ ආන්ටිත් ලෑස්තිවෙලා යනවලු,එයාටත් මොකද වාහනේ ගෙදරටම ඇවිත් එක්ක යනව,හොදට ඇදගන ගිහින් කාල බීල එන එකනේ තියෙන්නෙ.එයාලත් එක්ක තව අය්යගෙ අම්මයි අප්පච්චිටයි අමතරව යාලුවෙක් එහෙමත් යනවලු.


බලන්න යන හැම ගෑනු ලමයගෙම මොකක් හරි දෝෂයක්ලු,එක්කො ඒ අය්ය කැමති නෑ, එක්කො අය්යගෙ අම්ම කැමති නෑ,,එක්කො පවුල හරි නෑ.එක්කො උස මදි,එක්කො මහත වැඩී,එක්කො කලු නිසා,දෙන දෑවැද්ද මදි...ඔයවගේ දහසකුත් එකක් හේතු කියනවලු.


ඒත් ඉතින් යන තැන් වලින් හොදට සප්පායම් වෙලා එනවලු,10ට විතර ගිහාම තේවලටත් මොනාහරි දෙනවනේ,ආය දවල්ට."ෆස්ට් ඉම්ප්‍රෙශන්" එක නිසා ආය දෙවනි නොවෙන්න පුලුවන් උපරිමෙන් කෑම ටික හදල තියනවනේ.


ඔහොම ගිහින් කාල කාල අන්තිමට කාර් එකේ එද්දි දෝස කිය කියා බැන බැන එනවලු.අරක හරි නෑ,මේක හරි නෑ කිය කියා...කට්ටියම එක්ක.ඔහොම ගිහින් ගිහින් එයාට නම් ඒ වෙද්දි වැඩේ එපා වෙලාද කොහෙද?...


අනේ දුව!..මටත් කෙල්ලෙක් ඉන්නව.හොදවෙලාවට එයාම යාලුවුනේ.ඒකත් අපිට ගැලපෙන තැනකින්ම වුන එක හොදට ගියා,දැන් තියෙන්නෙ බන්දල දෙන එක විතරයිනේ.අරහෙම වුනා නම් කොච්චර දුකක්ද?කොච්චර බරක්ද හිතට නිදහස් වෙනකන්?...


එන එන මිනිස්සුන්ට කන්න දෙන එකත්ලේසි නැනේ මේ කාලේ ...,අනික එකකින් ඉවර වෙනවනම් කමක්නෑ...බලලා ප්‍රතික්ශේප වෙද්දි ලමය කොහොමද ඒක දරාගන්නෙ?.

අනේ මම් නම් ඔහොම වැඩ කරන්නෙ නෑ.අපි ලමයි හැදුවෙ මල් වගේ...අනික 10ක් 15ක් ඉන්න එකක්යැ...ඔහොම උනානම් මම් කියනව,උබට මගුල් ඕනෙ නෑ ගෙදර හිටපන්, අපිට පුලුවන් කල් කන්ඩ අදින්න දෙනව...කතා ගොඩයි.

එක ගෙදරකින් ඒ ගෑනු ලමය බුලත් හෙප්පුවත් අරන් ආවලු.එතකොට හෙප්පුවට සල්ලිත් දාන්න ඕනෙලු කීයක් හරි,අර අය්ය ලෝස් නැතුව 1000ක් දාල.ඒකත් කෙරිල නෑ.


ටිකක් කල්පනා කරල බලද්දි ආන්ටි කිව්ව එකේත් ඇත්තකුත් නැතුව නෙමේ...දැන් කාලේ වියදම් එක්ක බැලුවම,ඒත් ඉතින්...අනේ මන්දා...


මම් නම් කිව්වෙ, ඉතින් ආන්ටි යෝජනාවක් ආවාම කේන්දර එහෙම බලල ගැලපෙනව නම්, ගෙදරටම ගෙන්නන්න ඕනෙද?

කොල්ලට බැරිද යාලුවෙක් එක්ක හරි එන්න,අම්මට දුවත් එක්ක ඇවිල්ල කොහෙහරි හොදතැනකට  ගිහින් කතාබහ කරල,දැකල කරල එන්න පුලුවන්නේ...වියදමත් අඩුයි...


ඒක ඕකේ වගේ නම් පස්සෙ කට්ටියටම ගෙදර එන්න කියල දෙන්න බැරියැ දන්සලක්වත් කියල.එක්කො දැන් හැමෝටම වගේ ඉන්ටනෙට් තියන එකේ, ඉන්ටනෙට් එකෙන් කතා බහ කරල බලාකියාගන හොදනම් ගෙදර එන්න කියන්නත් පුලුවන්නේ....


මොනාද ඔයාල මේ ගැන හිතන්නෙ?කියන්නකො බලන්න ඔයාලගෙත් අදහස්!...

65 comments:

  1. මේ මරුම වැඩේ.. අපේ ගෙවල් ලග වෙඩිමක් තියෙනවා.. මේ එන පෝය දවසේ තියෙන්නෙ :D :D

    ReplyDelete
  2. ආ... මං නං ඉතිං හිතාන ඉන්නෙ ඉස්සරහට උපාධි කාරයින්ට රස්සාවලුත් නැති එකේ, සතියකට සැරයක්වත් බඩට කන්න ඕන හංද මගුල් තුලා බල බල කාලයක් ඉන්ට... මොකෝ ආය අපි කන්න බැරි මිනිස්සුය.... ඒකට ගෙදර මිනිස්සු ඕනැන්නෑ. ඒ වගේම සැටාර් එකක් එකතු කොරගත්තනං මරු ජොබිස්ටික් එක හිහ්... :P

    ඉස්සරහටනං කෙල්ලන්ට කොල්ලො හොයන්ට අමාරු වෙන එකක් නෑ. දකින දකින එක්කෙනාට කොල්ලෙක් ඉන්නවනෙව...හැබැයි ඉතිං කොල්ලන්ට කෙල්ලො හොයන්න නං ඉතිං හෙනම ගේමක් දෙන්ට වෙන සයිස් එකක් තියෙන්නෙ

    ReplyDelete
  3. හික්ස්...
    අන්තිමට තියෙන යෝජනාව නම් හරිම අගෙයි. ගෙවල් වලින් හොඳයි කියලා හිතන කෙනාගෙ network profile ටිකේ ලින්ක් අරන් හඳුනාගත්තම ලේසියි...
    ඒත් ඉතින් ගෙවල්වල ඈයොද/දෑවැද්දද කසාද බඳින්නෙ?

    ReplyDelete
  4. දැන් ඔයා කසාද බදින්නේ කොයි කාලේද?

    ReplyDelete
  5. මටත් අක්කා කෙනෙක් ඉන්න නිසා ඔය දේ ගැන මම දන්නවා.. හැබැයි ඉතින් අපිටනම් ඔය තරම් කරදර උනේ නෑ.. හොද වෙලාවට.. අපේ අක්කගේ වෙඩින් එකත් ලගදිම කෙරෙනවා..

    ReplyDelete
  6. කියන දේවල් වල නම් ඇත්තක් තියනවා..ආන්ටිගේ දුව වගේ ඔයත් කරන්න එතකොට අම්මලා ට කරදරයක් නැනේ

    ReplyDelete
  7. "කොල්ලට බැරිද යාලුවෙක් එක්ක හරි එන්න,අම්මට දුවත් එක්ක ඇවිල්ල කොහෙහරි හොදතැනකට ගිහින් කතාබහ කරල,දැකල කරල එන්න පුලුවන්නේ...වියදමත් අඩුයි..."

    මේ අදහසට මම අත් දෙකම උස්සලා එකඟයි ........

    ReplyDelete
  8. ආපෝ ඕකනම් මහ වදයක් තමයි. කිව්වත් වගේ එලියෙදි අඳුනගෙන කැමති කියලා හිතෙනවනම් ගෙදරට ගෙනාවහම හරි....

    ReplyDelete
  9. පත්තරේ හරි තියෙන තැනකින් මංගල යෝජනාවක් බැලුව
    එයිට පස්සෙ යාලුවෙකුයි බයික් එකකුයි සෙට් කරගත්ත
    හොඳට තැන් ටික කන්ටැක් කොරන් ඇටෑචිමන්ට් එක විදිහට හොඳ කේක් එකක් අරං ටිකක් හවස් වෙන්න කෙල්ලගෙ ගෙදර යනව...
    කැමති නැත්නම් යාලුව හරි මමම හරි කියනව අම්මට ඇන්ටි මට ඇල්ලුවෙ නෑ ..
    ඒ කියන්නෙ දුව අවුල් නෙමෙ සමහරවිට මම අවුල් නිසා වෙන්න ඇති...කරදරයක් උනානම් සොරි ඇන්ටි...

    ReplyDelete
  10. ඔය කතන්දරේ මාත් අත්විදිනව මොකද මගේ නංගිට කොල්ලෙක් හොයනව. පත්තරේ තියෙන ඒවට දාන්නයි, හදහන ආවම අම්ම එක්ක ඒවා බලන තැනකට අරන් දුවන්නයි, පොර එන දවසට මගේ සියළු වැඩ නවත්වල ගෙදරට වෙලා ඉන්නයි, පස්සේ පොර ගැන හොයල බලන්නයි වැඩ කෝටියයි.
    ඔය ඔක්කොම කරල අපේ එකා කැමති නැති උනාම ආපහු මුල ඉදන් පටන් ගන්න ඕන. ඔය වෙලාවට තමා හිතෙන්නේ ඇයි ‍මෙයා එකෙක් හොයාගත්තේ නැත්තේ කියල..

    ReplyDelete
  11. ට්‍රයි කරලා බලලා අක්කට ෆීඩ් බැක් එකක් දෙන්නම්. අනේ හැබැයි කෑමක් සෙට් වුනොත්...?

    ReplyDelete
  12. කෙල්ලගෙ ගෙදරට නෑදෑ සනුහරේ පිටින්ම ඇවිත් හොඳට කාලා බීලා ගිහින් අන්තිමට කෝල් කරලා කිව්වම අපේ පුතා කැමති නෑ කියලා මරාගෙන මැරෙන්න හිතෙන්නෙ එතකොට නම්.

    ReplyDelete
  13. කොහොම හරි යාලුවෙලාම බැන්ද නම් හරි.
    ගොඩක් ප්‍රශ්න ගොඩ නේ එතකොට.

    ReplyDelete
  14. හ්ම්ම්.. මමත් ගියා මනමාළියෝ තුන් දෙනෙක් බලන්න. එකයි දෙකයි දෙකම හරි ගියේ නෑ. අනේ මන්දා ඒ මගේ එක්කෙනා හිටියේ තුන් වෙනියට යන තැන නිසා වෙන්න ඇති. කලින් දෙකේ නම් මම කිව්වේ "අම්මේ වෙන කෙනෙක් බලමු" කියලා විතරයි.

    නදි කියන විදියත් හොදයි.

    ReplyDelete
  15. මම නම් හිතන්නේ හොඳ කෙල්ලෙක් හොයාගෙන යාලුවුනානම් ඔය මොන ප්‍රශ්ණයක්වත් නෑ. අනිත් එක ඔහොම බලන්න ඇවිත් ගියායින් පස්සේ ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා උත්තරයක් එනකන්.. ඉතින් උත්තරයක් ආවේ නැත්නම් ඒ අය දුක් වෙනවා. මම ඒක හොඳට දැකලා තියනවා.

    ReplyDelete
  16. කොල්ලට යාලුවෙක් එක්ක එන්න කියන එක නම් ටිකක් හරි මදි වගේ.. කෙල්ල එක්ක අම්ම යනවනම් කොල්ල එක්කත් වැඩිහිටියෙකුට එන්න කිවුවම හරි.. අපි දන්නවනේ ඉතින් කොල්ලන්ට තාත්ත එක්ක එන්න කිවුවම ඉස්කෝලෙදි කරපු වරදකට .. උන් පාරේ ඉන්න මිනිහෙක් ගානක් දීල එක්කරගෙන යනවනේ.. ඔක්කොටම වඩා හොඳ වැඩේ තමුන්ට හොඳ කෙනෙක් හොයාගන්න දෙන එකයි.. එකත් ඉතින් හැමෝටම බැහැනේ නේද ? අන්න එකට මැලේසියාව.. අර මගේ බ්ලොගේ කියල තියෙන්නේ. කිසිම අනවශ්‍ය වියදමක් නැහැ..

    ReplyDelete
  17. මගුල් සක්වලක ඉපදීමත්..විපරිත සමාජයක විකෘති විවාහ සංස්කෘතියක් වැළඳගැනීමක්..අනන්‍ය සංස්කෘතියකට එළඹීමට උත්සහ නොකිරීමත්..

    ReplyDelete
  18. බුලත් හෙප්පුව අරන් ගියාම සල්ලි දාන්නෙ ඇයි? මේ පැත්තෙ නම් එහෙම එකක් නැහැ.ඒක අලුත් සම්ප්‍රදායක්ද සුදු මැණික....

    ReplyDelete
  19. ඕකට කැම්පස් වල නම් ඔටු සූත්‍රය පාවිච්චි කරනවා. ඔටු සූත්‍රයෙන් කරන්නේ යාලුවෙලා ඉන්න කොල්ලා තමන්ගේ කෙල්ලව බලන්න යද්දි තව කොල්ලෙක්ව අඩගහගෙන යනවා. ඒ වගේම යාලුවෙලා ඉන්න කෙල්ලත් තව කෙල්ලෙක්ව අඩගහගෙන යනවා. අර කපල් එක කතා කර කර ඉන්නකොට යාලුවෝ දෙන්නත් වෙනම කතා කරනවා. අන්තිමේදි එක්කන් ගිය යාලුවෝ දෙන්නත් ගොඩ !!!

    ඇත්තට කොල්ලෙක්ට වගේ නෙමේ ගෑනු ළමයෙක්ට ඉක්මනින් කසාදයක් බදින්න බැරි උනාම ගමේ අවුන්ගෙන් එක එක කතා අහන්න වෙනවා. බලාගෙන ගියාම ගෙදර එවුන්ට වඩා උවමනාව තියෙන්නේ අහල පහල එකාලට !!!!!

    අපේ අක්කත් ඔහොම ඉදලා ඉදලා හොද කෙනෙක් හොයාගෙන බදීවි. අර කතාවටත් කියනවනේ ඉදලා ඉදලා වහින්නේ හද්දා වැහි කියලා !!!

    ReplyDelete
  20. මටත් නං ඔය මනමාලයො හොයන ජොබ් එක එපා වෙලා මම අපෙ දෝණිට කිව්ව එයාටම හොයාගන්න කියල, ඉවරයක් නැති ඇද හෙවිල්ලක්නෙ දැන් ඉන්න ළමයින්ට... අනේ මංද

    ReplyDelete
  21. @Bunny- එහෙනම් ඉතින් ගිහින් කාල බීල එන එකනේ තියෙන්නෙ

    ReplyDelete
  22. @පොඩි මහත්තයා- අන්න කරනව නම් වැඩේ.එහෙනම් පටන් ගන්න එකයි තියෙන්නෙ

    ReplyDelete
  23. හෙප්පුවේ සල්ලි තියන්නෙ? හෙප්පුව ගේන්නෙ මනමාලියක් ද? එහෙම නැත්තම්.... :-/

    ReplyDelete
  24. @RoshanHerath- ඒවත් නොබල බෑනේ.එයාලත් එක්කත් ඉන්න,සම්බන්ධකම් පවත්වන්න එපැයිනේ.තනියම ජීවත් වෙන්න කියලද?

    ReplyDelete
  25. @All in one.......- අන්න වැදගත්ම ප්‍රශ්නේ.2012 ලෝක විනාසෙත් බලලම තමා බදින්න ඉන්නෙ:)

    ReplyDelete
  26. @Dinesh- නියමයි එහෙනම් ලගදිම කේක් කන්න පුලුවන්.

    ReplyDelete
  27. @දේවා ගේ අඩවිය- හික් හික් එක හරි.තමන්ට ගැලපෙන කෙනා තමන් හොයා ගත්තනම් ඔය මොන ලෙඩක් වත් නෑනේ.ඒත් ඉතින් මෙහෙම අයත් ඉන්නවනෙ.

    ReplyDelete
  28. @කල්හාර දිසානායක- ආ ඒකනේ කොහොමද මගෙ අයිඩියා එක!

    ReplyDelete
  29. @කොට ජීවිතේ- එක මටත් හොදයි කියල හිතුනේ.නිකන් කරදර වෙන්නෙ නැතුව එහෙම කරාම කාටත් ලේසි.වියදමත් අඩුයි.

    ReplyDelete
  30. @indi- එහෙමත් හොදා

    ReplyDelete
  31. @මගේ කතා- අය්යෙක් වුනාමත් ලේසිනෑ.සෑහෙන වගකීමක්නේ තියෙන්නෙ බලද්දි.නංගි ගැන හොයල කාරණා කටයුතු ඉෂ්ඨ කරන්න එපැයි අය්ය වුනාම.

    ReplyDelete
  32. @prasanna86k- කන්න දෙනවනම් ඕන තැනකට යන්න සූදානමෙන්ද ඉන්නෙ :)

    ReplyDelete
  33. @පිණිබිඳු...-මටත් අත්දැකීමක් නැතිවුනාට ඔහොම්මම හිතුනා.

    ReplyDelete
  34. @- නිල් අහස - ඒකනම් ඇත්ත.

    ReplyDelete
  35. @නචියා-හ්ම්...ඒකත් හෑබෑව.බලන්න ගියා කියල කෑමතිවෙන්න තමන්ට හිතල අල්ලන්නත් එපැයී.

    ReplyDelete
  36. @ශ්‍රී- ඕ ඉතින් දුක හිතෙනවනේ.මෙච්චර දේවල් කරලත් කියල.

    ReplyDelete
  37. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර- හ්ම්...ටිකක් විතර තේරුනේ නෑවගේ :))

    ReplyDelete
  38. @නෙරංජි සුලක්ඛනා- ඔව් නෙරන්ජි අක්කි,මමත් හරියටම දන්නෙ නෑ,ඒ ආන්ටි තමා කිව්වෙ,බුලත් හෙප්පුව අරන් ගියාම මනමාල මහත්තය ආයුබෝවන් කියල මුදලක් දානවලු,හෙප්පුවට.ඒකේන් අදහස් කරන්නෙ "කැමතියි"කියන එකද මන්ද?මට අහන්න බැරිවුනානෙ.සුදු මැණික? හහා...

    ReplyDelete
  39. @මධුරංග- මගෙ යාලුවෙකුත් ඔය විදියටම ගොඩ ගියා.:))ඒකනම් ඇත්ත,හදල වඩපු දෙමව්පියන්ට වඩා අහක ඉන්න උන්ට තමා අමාරුව.ඕන නැති "මගුලක්" නෑනේ :))අනේ...ඔයා බදින්නෙ නැද්ද? අරයනම් බැන්ද,මෙයත් බැදල...කතා ගොඩයි.

    ReplyDelete
  40. @emailkavikaari.- ඒක හොදා,තමන් කැමති විදිය දන්නෙ තමන්නේ.

    ReplyDelete
  41. @ටී.බී. හේරත්- මනමාලි තමයි බොල:))මනමාලය මනමාලිට අයුබෝවන් එහෙම කියල,සල්ලි කීයක් හරි දෙනව ඇති,හෙප්පුව ගෙනාවට,හිස් අතින් යවන්නත් බැනේ :)ඒකෙන් කියන්නෙ "කැමතී" කියන එකද මන්ද?අහගන්න බැරිවුනානෙ මට. :/

    ReplyDelete
  42. @ නදී,
    ඈ බොලේ? එහෙම චාරිත්තරක් ඇහුවම්යි...
    "විඩක් කැමතී විඩක් අකමැතී - කැමතී අකමැතී" :D :D :D

    ReplyDelete
  43. @ටී.බී. හේරත්- :D:D

    ReplyDelete
  44. හපෝ මඟුල් බැලිල්ල මඟුල් ගැනිල්ල විතරක් නෙවේ.. මඟුල් කෙරිල්ලත් මහ එපා කරපු වැඩක් තමා....මට දැන් කැම්පස් ඉවර වෙන්න ළඟයි..හැමෝටම තියෙන ලොකුම පුරස්නේ ඕක තමා දැන්... මොන කෙහෙම්මලක්ද කියලා හිතෙනවා... ඇයි අනේ...කැම්පස් ඉවර වුනා නම් ඊළඟට ජොබ් එකක් හොයාගන්ට එපායෑ පරස්තාවට කළින්...
    තව අය කියනවා....අම්මලට කරදර කරන්නැතුව හොයාගන්ට ලමයෝ.... මාත් කැමති ඒ වැඩේට... ඒ වුණාට ඉතිං කඩේන් ගන්ට ඇහැකියෑ.. හොඳ, යහපත්, ගුණගරුක, සුරාසූදුවෙන් තොර.......කොල්ලෙක්!!!!! හික්හික්

    මං පොඩි කාලේ කිය කිය උන්නේ "දෑවද්දක් හොයන්ට ආවොත් හෙම දෙන්නේ ඉලත්තට්‍ටුවෙන් මනමාලයගේ හොම්බ කට සමතලා වෙන්ට"...කියලා..හික්හික්

    අපේ නෑදෑ අයියා කෙනෙක්ට මනමාලියක් බලන්ට යනකොට නම් එයාල කියලමයි යන්නේ...කෑම ලෑස්ති කරන්න එපා..අපි තේ බොන්න විතරයි එන්නේ...කරදර වෙන්න එපා කියල.. ඒක තමා හොඳම විදිහ...වැඩේ හරිගියොත් ඉතිං බැරියෑ හත් දවසක්ම කන්ට බොන්ට...!!!!!!

    මේ මගේ මංගල කොමෙන්‍ටුව මං හිතන්නේ....

    ReplyDelete
  45. @Maneka-මගුල් කෙරිල්ල ගැන මම් හොදටම දැනගත්තෙ අක්කගෙ වෙඩින් එකෙන්.අෆොයී ඒකත් පන යන වැඩක් තමා.බලාගන හිටපු මට මෙච්චර මහන්සි නම්,ඒ වෙනුවෙන්,කටයුතු හොයාබලපු,වෙහෙසුනු අයට කොච්චර අමාරු ඇතිද? :O

    ඕක එසේ මෙසේ කාරණාවක් නෙමේ,අපි අම්මල අප්පච්චිලත් එක්ක හිටිය කාලෙට වඩාකාලයක් අපිට "එයත්" එක්ක ඉන්න වෙන නිසා,පරිස්සමෙන් කෙනෙක් තෝරාගන්න ඕනේ.

    පරස්තාවට කලින් ජොබ් එකක් තියන එකනම් හොදා තමා.කාටවත් කරදරයක් නැනේ එතකොට.කාගෙන්වත් තමන්ගෙ උවමනාවන්ට සල්ලි එහෙම ඉල්ලන්න ඕනෙනෑනෙ.

    ඔය සම්ප්‍රදායික දේවල් වලට ගොඩක් අය දැන් කැමති නෑනේ.හික් හික් අපිත් ඔහොම තමා.:))

    ඔන්න එහෙනම් මමත් ප්‍රාර්ථ්නා කරනව ඔයාට ඔයා හිතන විදියෙ හොද කොල්ලෙක් හම්බ වෙන්න කියල :)).

    ඔව් ඔයාගෙ මුල්ම කොමෙන්ටුව.ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  46.                        දැන්වීමයි!
    හොඳ, යහපත්, ගුණගරුක, සුරා සූදුවෙන් තොර, සියලු දුසිරිතෙන් තොර, සුපේශල, ෂික්ශාකාමී, චරිතවත්, උගත්, බුද්ධිමත්, පවුල් බරින් තොර කොල්ලෙක් විකිනීමට ඇත. දෑවැදි අනවශ්‍යයි. සැබෑ ගැනුම්කාරියන් පමනක් අමතන්න. ගනුදෙනු සාකච්චාකරගත හැක. සියළු විමසීම් http://tbhearth.blogspot.com/ වෙතින්.

    ReplyDelete
  47. @ටී.බී. හේරත්- " කොල්ලෙක් විකිනීමට ඇත. "කීයද දන්නෙ නැ මිල එහෙම හික්z :D :D

    ReplyDelete
  48. /*
    එක ගෙදරකින් ඒ ගෑනු ලමය බුලත් හෙප්පුවත් අරන් ආවලු.එතකොට හෙප්පුවට සල්ලිත් දාන්න ඕනෙලු කීයක් හරි,අර අය්ය ලෝස් නැතුව 1000ක් දාල.ඒකත් කෙරිල නෑ.
    */

    මෙහෙම කතාවක් ඇහැව්වෙත් අදයි!

    ReplyDelete
  49. @කතන්දර Kathandara- මමත් හරියටම ඔය ගැනදන්නෙ නැ.ඒ ආන්ටි තමයි සල්ලි තියන කතාවක් කිව්වෙ හෙප්පුවට.

    ReplyDelete
  50. @ නදී,
    වැඩි ගනන් නෑ, ඕනෙද?

    ReplyDelete
  51. @ටී.බී. හේරත්- හ හා ගෙදර වැඩපල කරගන්නද? හික්z හික්z

    ReplyDelete
  52. @ නදී,
    ඒ කථාවත් අර 15 දෙනෙකුට යන්න පුලුවන් කාර් එකක් ඕනෙ කීව වගේ කථාවක් තමා... :D :D :D

    ReplyDelete
  53. @ටී.බී. හේරත්- මොකද්ද ඒ කතාව මම් දන්නෙ නැ?

    ReplyDelete
  54. @ නදී,
    නෑ ඉතිං 15 දෙනෙක්ට යන්න ඕනෙ නම් කාර් එකක් අරන් හරියන්නෙ නෑ නෙ, වෑන් එකක් ගන්න ඕනෙ....

    ReplyDelete
  55. @ටී.බී. හේරත්- මට තේරෙන්නෙ නැ බොල මේ අපබ්‍රංස? කියන දෙයක් තේරෙන සිංහලෙන් කිව්වනම්!

    ReplyDelete
  56. @ නදී,
    ඇයි බොල ගෙදර වැඩපල කොරගන්න කොල්ලෙක් අරන් හරියනවයෑ, ගෙදර වැඩපල කොරගන්න ගන්න ඕනෙ කෙල්ලෙක්....

    ReplyDelete
  57. @ටී.බී. හේරත්- ඒකත් ඇත්තනෙව

    ReplyDelete
  58. @ නදී,
    යාන්තම් පත්තු වෙලා තියෙන්නෙ... :-/

    ReplyDelete
  59. @ටී.බී. හේරත්- හරි හරි මට තේරුනා.

    ReplyDelete
  60. ඒක නම් නරක නෑ.. වියදමත් අඩුයි නේ

    ReplyDelete
  61. වැඩි වැඩ ඕනනැ .ගිය ගත්ත අව...කලාස්ස්

    ReplyDelete
  62. සමහරු නම් ජොලියටත් ඕක කරනවලු... ඒ කියන්නෙ කවදාවත් බඳින්නෙ නෑ. නිකම් බලනව .. හොඳට කාල බීල එනව.
    පත්තරේ බල බල සතියක ට දෙසැරයක් විතර කොහෙ හරි ''මනමාලි ගෙදරක'' ට ගිහින් කාල බීල එනව.
    වැඩියෙන් ම ඕව කරන්නෙ බැඳපු එවුන් ලු ... හි හි .. මේ මං වාගෙ ...

    ReplyDelete
  63. අහන්ට අමතක වුනා ... අර උඩ තියෙන පොටෝ එකේ ඉන්නෙ ඔබතුමී හෙවත් ''සුදු මැනික'' නෙවෙයිද ...
    [කලු කෙල්ලෙකුට සුදු කියල නම දාපු අර බත්තරමුල්ලෙ ඉන්න කෙල්ලට තෑගි දෙන්ට වටිනව]

    ReplyDelete
  64. සමහරු නම් ජොලියටත් ඕක කරනවලු... ඒ කියන්නෙ කවදාවත් බඳින්නෙ නෑ. නිකම් බලනව .. හොඳට කාල බීල එනව.
    පත්තරේ බල බල සතියක ට දෙසැරයක් විතර කොහෙ හරි ''මනමාලි ගෙදරක'' ට ගිහින් කාල බීල එනව.
    වැඩියෙන් ම ඕව කරන්නෙ බැඳපු එවුන් ලු ... හි හි .. මේ මං වාගෙ ...

    ReplyDelete