Thursday, June 9, 2011

ගුරුමාරුව


මේ කතාවත් 90 දශකයේ මුල් කාලෙ සිද්ද වෙච්ච එකක්.ඒදවස වල අවුරුදු 10ටද කොහෙද වැඩි කාල සීමාවක්, එකම ඉස්කෝලෙ සේවය කරල තියන ගුරුවරු මාරු කරන කාලේ,ඔය අතරම අලුත් පත්වීමුත් දුන්න,.

ඒත් එක්ක පත්වීම හම්බවුනු තරුණ ගුරුවරියක් එයාගෙ ගම් ප්‍රදේශයට මාරුවක් වෙනුවෙන් වෙහෙසුනා.ගුරු මාරුත් ලේසි නෑ...අනික එයා මරුව ඉල්ලල තිබ්බෙ අති දුශ්කර ප්‍රදේශෙක තියෙන ඉස්කෝලෙක ඉදල  බස්නාහිර පලාතෙ ඉස්කෝලෙකට.

ඉතින් ඔය මාරුවට අවශ්‍ය ලියකියවිලි ගැන තොරතුරු කතා කරගන්න දවසක ඒ ගුරුවරිය එයාගේ අම්මයි අප්පච්චියි එක්ක අපේ ගෙදර ආවා,එතකොට මම් 5 හෝ 6 වසරේ වෙන්න ඕනේ.මට ගොඩක්ම ඇහැගියේ මට මතකෙ හැටියට එයාගෙ කොන්ඩෙට.

පෝනි ටේල් එකක් තමයි දාලා හිටියෙ එයා,අර එක කාලයක් තිබ්බෙ පෝනි ටේල් එක දාල අර පින්තූරෙ වගේ ඉස්සරහින් කොන්ඩෙ කපල පුම්බල වගේ කොන්ඩෙ හදන කාලයක්.


ඔන්න ඕක බලාගන ඉදල මටත් ගොඩක් ආස හිතුන ඒවගේ කොන්ඩෙ කපාගන්න,එතකොට ඉස්කෝලෙ 5 වසරේ විතරනේ,එච්චරම තේරුමකුත් නෑ.

ගෙදර කට්ටිය ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදල,කතුරත් අරන් හෙමීට කොන්ඩෙ ඉස්සරහින්, මමත් අර ගුරුවරීගෙ වගේ තට්ටුවක් කපාගත්ත.කපපු කොන්ඩෙ ටික දැම්ම ලාච්චුවක් අස්සට.වැඩේ ඉවරයි.ඒත් අර බුම්බපු ගතියනම් ආවද මතකයක් නෑ හරියකට.

ඒත් ටික වෙලාවකින් අක්කට වැඩේ මාට්ටු උනා. ලාච්චුවෙ තිබ්බ කොන්ඩ ගුලිය දැකල.අම්මේ!... මේං නංගි කොන්ඩෙ කපාගන............කියල අක්ක විස්තර විචාරය දුන්න.

බැනුම් කෝටියයි මට.මොනව කරන්නද මම්ම කරගත්ත දේනේ.පස්සෙ ඉතින් ටික කාලයක් යනකන් ඉස්කෝලෙ ගියෙත් කොන්ඩ කටු සෑහෙන ප්‍රමාණයක් ගහගෙන.දකින දකින් දේ අත්හදා බලන්න යනවට  ඔව්ව හොද පාඩම් කියල තමා කට්ටියම කිව්වෙ.

30 comments:

  1. හික්ස්.. මේ ලඟදිත් කොණ්ඩෙට මේ වගේ වදයක් කියලයි අපිට ආරංචිය..

    ReplyDelete
  2. මන් කලක් ඇති කරපු වඳුරෙකුත් ඔය වගේම වැඩක් කරගන්න ගිහින් ........(වෘෂණ කෝෂ) දෙක තලා ගත්තා.

    ReplyDelete
  3. දැන් ඒ වගේ වැඩ කරන්නෙ නැද්ද ......
    මගෙත් කොණ්ඩේ ටිකක් වැඩියි ඒකයි ඇහුවෙ .......

    ReplyDelete
  4. පොඩි කාලේ අනුකරණය තමයි බේරගන්න බැරිම වැඩේ. මගේ පොඩ්ඩා දවසක් මං බලනකොට මුණ පුරා ශේවින් ක්‍රීම් ගාගෙන මුණ අපි කරනවා වගේ පැත්තෙන් පැත්ත පුම්බා පුම්බා කටත් අද කරගෙන රේසර් එකෙන් රැවුල කපනවා.. හොඳ වෙලාවට මිනිහට රේසර් එකේ තලේ වහල තියෙන plastic කේස් එක නොපෙනුන නිසා මුණ කැපුනේ නැත්තේ. . අන්තිමට මං ප්ලාස්ටික් එක විතරක් තියෙන රේසර් එකක් හදල දුන්න..

    ReplyDelete
  5. අපේ නම් කොන්ඩෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තිබුනොත් ඉස්කෝලෙ ගිහිං හමාරයි... :D

    ReplyDelete
  6. අනේ මන්දා අක්කත් කරගන්න දේවල්. ටීචර් වගේ වෙන්න ගිහින් කරගන්න දේවල්.
    අර දිනේශ් කාරයා කරපු දේ අහලා මැර්වෙන්න හිනා. හික්ස්..

    ReplyDelete
  7. හික්ස්....විහින් කරගන්න දේවල් වලට ඉතින් අපිට මොකුත් කියන්න බෑ ඕං....

    ReplyDelete
  8. අපෝ...මමත් කොන්ඩෙට නම් ඉන්න දෙන්නෙම නෑ.
    හිතට වැදුන හෙයා කට් එකක් දැක්කොත්..ඉතිං ඉවරයි.

    හැබැයි ඉතිං..ඔයා වගේ කොන්ඩේ හංගන්නේ නම් නෑ. හික්..හික්.

    ReplyDelete
  9. 2011.05.08 ගුරු මාරුව වෘෂභ ,කන්‍යා ලග්න දෙකට ටිකක් අගුනයි.අනිත් ලග්න වලට ලොකු නරකක් නැහැ. හික්....

    ReplyDelete
  10. එක පාරක් ලේයර් කරාම ඊලඟ පාර හිතා ගන්නවා ආයෙනම් කාලයක් යනකල් කපන්නෙ නෑ කියලා. ඔහොම හිතාගෙන ඉන්නකොට ඔන්න වෙඩින් එකක් සෙට් වෙනවා. ඉතින් චුට්ටක් කපනවා. ආයෙ වවන්න හිතුවට ආයෙමත් මොකක් හරි නිසා කොණ්ඩෙ එහෙන් මෙහෙන් කපන්න වෙනවා. එක්කො මේක වැවෙන්න ඕනෙ. එහෙම නැත්තන් තට්ටෙම ගාන්න ඕනෙ.

    ReplyDelete
  11. ඔය කිව්ව කතාවේ දෙපැත්තක් තියෙනවා. දකින දකින දේ අත්හදා බලනවට හොද වැඩේ කියන එකට මමනම් එකග වෙන්නේ නෑ මම මගේ කතා තුලින් මේ ගැන වැඩියෙන් කතා කරන්නම්. දකින දෙවල් අත්හදා බලල ඒ දේවල් දියුණුකරන් ඒ තුලින්ම ඉහලටම ගිය මගේ යාළුවො ඕන තරම් ඉන්නව.
    උදා :
    ඉස්කෝලෙ යන කාලේ සින්දු කිව්ව නම් අද හොද ගායකයෙක් වෙලා. ඒ වගේ..

    ReplyDelete
  12. @චතුවා (ළමයා- ඔව් ඉතින් පොඩි වෙනසක් තියෙන්න එපැයි

    ReplyDelete
  13. @Dinesh_Silva- ඒ මොකද්ද බොලේ ඒ කතාව ඇ...

    ReplyDelete
  14. @කල්හාර දිසානායක- අම්මෝ ඒ ඉස්සර දැන් එහෙම නෑ.

    ReplyDelete
  15. @සරත් ලංකාප්‍රිය- හෙහෙ පොඩි අයගෙ වැඩ ඔහොම තමා.දකින දකින් දේ කරනව,අපි කියන දේ අහගන ඉදල ඒ විදියටම කියන්න ට්‍රයි කරනව.

    ReplyDelete
  16. @ටී.බී. හේරත්- අපේත් එහෙම තමා,ඉස්සර විනය භාර ගුරුතුමී ඔව්ව බලනව හරියට තිතට.කොන්ඩෙ ඉස්සරහින් හරි මැදින් බෙදන්න ඕනෙ.නැත්තම් බැනුම්.

    ReplyDelete
  17. @මධුරංග- මට හිතට අල්ලල ගියෙ ඒ කොන්ඩෙ කපල තිබ්බ විදිය :))

    ReplyDelete
  18. @ශාන්.....- ඕව්.තමන් කර ගත්ත දේවල් ඉතින් තමන්ම විදගන්න එපැයි හික්z

    ReplyDelete
  19. @- නිල් අහස - -හික්z ඔව් ඉතින් තමන්ට ගැලපෙන දෙයක් කරාට නම් අවුලක් නෑ නේ.

    ReplyDelete
  20. @JHOTHISHALANKA- ආ ඔය තියෙන්නෙ "ගුරුමාරුව"ගැන කියල හික්z හික්z

    ReplyDelete
  21. @පිණිබිඳු...-හෙහෙ මමත් ඔහොම තමා.ලේයර් එක ටික ටික කොට කරනව.අන්තිමට කොන්ඩයක් බැදගන්නත් බෑ වෙලාවකට.

    ReplyDelete
  22. @මගේ කතා- ඒක ඇත්ත.ඒ හොද දේවල් අත්හදා බලන,අනුකරණය කරන එකනේ.මම් මේ අනවශ්‍ය දෙයක් අනුකරණය කරන්න ගිහින්නේ මේ වින්නැහිය වුනේ.

    ReplyDelete
  23. @ නදී,
    අපේ නම් කොන්ඩෙ මැදින් බෙදුවොත් විනාසයි. කොන්ඩය කොටට කපා රොදය තබා පැත්තට මනාව පීරා... :D

    ReplyDelete
  24. @ටී.බී. හේරත්- එහෙම කොන්ඩෙ පීරුවහම කොච්චර ලස්සනද පොඩි ලමයින්ට:)

    ReplyDelete
  25. අනේ ඔයත් කරගන්න වැඩ නම්... කමක් නැ ඉතින් තවම ඔයා 5 වසරේ නෙමේනේ...
    පලවෙනි කමෙන්ට් එක දිගටම එන්නම්කෝ...

    ReplyDelete
  26. @දේවා ගේ අඩවිය- ඔය ඉතින් පොඩිකාලෙ කරන වැඩනේ.

    ReplyDelete
  27. අත් හදා බලන එක බොහොම හොඳ වැඩක්... බැණුම් අහන්ඩ වුණාට. :D

    ReplyDelete
  28. අනේ අපොයි මෙයා නම් නොසන්ඩාල වැඩමයි කරලා තියෙන්නේ....

    ReplyDelete
  29. @නලිනි චන්දිමා- ඕ එකේන් මම් තේරුන් ගත්ත ඒ වගේ එකක් මට ගැලපෙන්නෙ නෑ කියල :)

    ReplyDelete
  30. @පරාජිතයා :::: Aparajithaya- හික් හික් ඔය තියෙන්නෙ කියන්න පුලුවන් කතාවක් ඔයිට හපන් ඒව කොච්චර කරල තියන්වද :).යාලුවෙක් ගෙ ඔලුවත් ගලකින් ගහල පලල තියනවනෙ :/

    ReplyDelete