Tuesday, June 7, 2011

තක්කාලි

මේවා හිටවලා නම් ටිකක් කල් වෙනව,ඒ මම් ගෙදර ඉන්න කාලෙ.අපේ නැචුරලුත් ගොඩක් කන්න ආස නිසාම තමා මේවා හදන්න කියල හිතුවෙ.එයා ගොඩක් තක්කාලි අමුවෙන් කන්න ආසයි,පොළෙන් ගෙනාව ගමන් කීපයක් කාල තමා නතර වෙන්නෙ.මේවා තියනව නම් බත් ටිකක් වුනත් කවන්න ලේසී.

පොඩිම කාලෙ,මේව පරිස්සම් කර ගන්න නම් ගොඩක් අමාරු වුනා,නැචුරල් හිටපු ගමන් පැල ගලවල දානව.නැත්තම් ගොලු බෙල්ලො ඇවිත් කනව.හවස තියන පැල උදේ වෙද්දි නෑ.ඒක නිසාම පැල හදන්න වුනේ මල් පෝච්චි වල.
 
මේ වෙද්දි ගෙඩි හැදිලා,ඉදිලත් එක්ක,පෝච්චිවල හැදුව නිසා වෙන්න ඇති එච්චරටම ලොකුවට හැදිලා නෑ.පිටිමකුණා කියන ජාතිය තක්කලි ගස් වලට ඇවිල්ල, මේ පේනවද සුදු පාට පිටි වගේ තියෙන්නෙ.
 













42 comments:

  1. :D :D :D ලස්සන තක්කාලි පැල...කාලයක් අපේ ගෙදරත් වැව්ව...දැන් නෑ...මට හොඳ නෑ නේ...:( :'( මමත් තක්කාලි පෙරේතියෙක් තමා....

    ReplyDelete
  2. මගෙ නමෙනුත් තක්කාලි ප්‍රභේදයක් තියනවනෙ.... :D

    ReplyDelete
  3. මේ සුදු පාටට තියෙන්නේ වෙනම තක්කාලි ප්‍රභේදයක්ද?. මමත් තක්කාලි පැළ ටික්ක ගෙනාවා. ගොලු බෙල්ලන් කන නිසා හාල් බෑග් වලට පස් පුරවා අම්මා වගා කලේ. ඒවාටත් කූඹින් මකුණන් ගෙනත්. ප්‍රතිකාරය විධියට මම නම් කලේ බල්ලන්ගේ මැක්කන් වඳ කරන බොල්ෆෝ ටිකක් ඉස්සා මකුණන් ඉන්න තැන් වලට. දැන් නම් එකකේවත් නෑ. තාම ගෙඩි නෑ. හැබැයි මම කළ ප්‍රතිකාර ගෙඩි තියන ගස් වලට කරන්න යන්න එපා. ..:D

    ReplyDelete
  4. කවුද නදී සහෝ මේ අන්තිම පින්තූර වල ඉන්නෙ.... පළිබෝධකයෙක්වත්ද......?? හෙහ් හෙහ් මරු මරු

    ReplyDelete
  5. බැලුවාම නදී හොඳ ගොවි හාමිනේ කෙනෙක්නෙ .......

    ReplyDelete
  6. ආ මේ ඉන්නෙ හොර ගෙඩිය වගේ ෆොටො වල එයත්..ආස හිතෙනව නේද අක්කෙ තමන් හිටවපු ගස් වල ඵ්ලදාව දකින කොට

    ReplyDelete
  7. Pitimakana inna than walata seeni diyakarala issama koombi awith seenith kala pitimakunath kala yanawa kiyala me lagadi patthare thibba !

    ReplyDelete
  8. අර ඉන්නේ නැචුරලුත් ගෙඩි කඩ කඩ.අපෝ අක්කා පිටි මකුනා ගැන නම් මතක් කරන්නම එපා. එපේ ජම්බෝල ගහක් එහෙම් පිටින්ම විනාස කළා ඔය පිටි මකුණා. මම නම් තක්කාලි අමුවෙන් කන්න ආස නෑ. කරවල හොද්දකට වගේ දාලා තමයි කන්න ආස. එහෙමත් නැත්නම් තක්කාලි හොද්දක් හදලා තමා.

    (මේ දවස්වල ඩොංගල් එකේ ඩේටා ඉවරවෙලා. ඒ නිසා කියවන්න එන්න වෙන්නේ බොහොම අඩුවෙන්. මේ ලිපිය කියවන්නෙත් මල්ලිගේ ෆෝන් එකේ සිම් එකට ඩේලි ඩිලයිට් දාලා. :) )

    ReplyDelete
  9. නියම තක්කාලි ටික

    ReplyDelete
  10. අපේ මලයගේ හාමිනේත් මේ දවස්වල තක්කාලි පැල වගයක් හිටවනවා මම දැක්කා.
    මේ තක්කාලි season එකද....

    කොහොම උනත් වැඩේ නැගලා යනවා නේද..නදී.

    ReplyDelete
  11. නියමයි... මටත් වවන්න හිතෙනවා මේක දැක්කම... කොහෙද ඉතින් අපිට ඉඩ නෑනෙ !!!

    ReplyDelete
  12. පුංචි නෝනා බරට වැඩ වගේ !
    ලංකාවේ තක්කාලි ඇඹුල් නිසා හරිම රසයි ඉවුවත් අමුවෙන් කෑවත්.. මෙහෙ තියෙන මගුල් පැණි රහයි.. ඉවුවත් අමුවෙන් කෑවත් වැඩක් නැහැ.. ෂාහ් .ලංකාවේ තක්කාලි දල සැරට පොල් සම්බෝලයක් හදා ගත්තම රොස් පාන් මරන්න පුලුවනිනේ.. අය්යෝ වැඩේ වැරදුනා. රෝස පන මොකටද මතක් කරගත්තේ.. කන්න වෙන්නේ දෙසැම්බර් වලනෙ ... ඔයාගේ තක්කාලි පල දැකල මටත් හිතුන පෝච්චිවල හදන්න වැඩක් නැහැ මේ මගුල් රහ නැහැ..

    ReplyDelete
  13. @තටු සිඳුනු සමනළියක්....- ඇයි ඔයාට හොද නැත්තෙ?

    ReplyDelete
  14. @ටී.බී. හේරත්- ඇහ් ?මම් දන්නෙ නෑනේ.ටී බී කියලද?:O

    ReplyDelete
  15. @priyantha- මම් හරියටම දන්නෙ නැ අය්ය, වෙනස් තමා ටිකක්.පොලෙන් ගෙනාව තක්කාලි වල ඇට වගයක් පැල කරේ ඔය,ෆ්‍රිජ් එකෙත් තිබ්බට පස්සෙ :)).මේවල පොත්ත ගොඩක් ගනකම්.වෙන රසායනික දේවල් දාන්නෙ නම් නෑ.මේව කන්නෙ බබා නිසා.මිරිස් කුඩු වතුරෙ දාල දවස් 2ක් විතර පල් කරල ස්ප්‍රේ කරා,එච්චරයි.හැබැයි පිටි මකුණො නම් ඉන්නව.

    ReplyDelete
  16. @නරකයා....!!- හෙහේ...එයා එසේ මෙසේ පළිබෝධකයෙක් නෙමේ.තක්කාලි වල පොඩි ගෙඩි, මල් එහෙම හොරෙන් කඩනව.:)

    ReplyDelete
  17. @කල්හාර දිසානායක- ඔව් ඔව්.ගස් හදන එක නම් ආස හිතෙන වැඩක් තමා.

    ReplyDelete
  18. @පැන්ඩා-ඒකනම් ඇත්ත මල්ලි.හැමදාම බලනව මල් තියනවද කියල.ආය බලන් ඉන්නව ගෙඩි හැදෙනකම්.මගෙ "රෙඩ් ලේඩි" එකෙත් දැන් මල් පිපිලා :))

    ReplyDelete
  19. @Anonymous- එහෙමද?සීනි දාල ආය කූඹින්ගෙන් බේරගන්න බැරිවෙයිද දන්නෙ නැ.මම් නම් කරේ මිරිස් කුඩු පල් කරල ස්ප්‍රේකරපු එක.කොහොඹ ඇට කුඩුකරලත් හොදයි කියනව.කරල බැලුවෙ නම් නෑ.

    ReplyDelete
  20. @මධුරංග- ඔව් එයා තමා.:)ඔව් බෝ වුනොත් ඉවරයි ගස් ටික.මෙයා නම් අමුවෙන්ම තමා ගොඩක් කන්නෙ.සලාද හදලත් හොදයි.තක්කාලි හොදිත් නරකම නෑ,කරොල එහෙම දාලා:))

    ReplyDelete
  21. @ශ්‍රී- හ්ම්...ඔව්

    ReplyDelete
  22. @- නිල් අහස -- මම් නම් සීසන් ද කියල බැලුවෙ නෑ.ඔහෙ හිටවලා දැම්මා.මල්ලිගෙ හාමිනේත් වගා කරන එකේ නරකද ඔය දෙන්නත් එකතුවෙලා වගාවක් දැම්මොත්?:)

    ReplyDelete
  23. @පිණිබිඳු...-ඔයාගෙ තාත්තත් හදල තියනව මම් දැක්ක,බ්ලොග් එකේ පින්තූර එහෙමත් දාල තිබ්බෙ ඔයා.

    ReplyDelete
  24. @චතුරංග පෙරේරා | chathuranga Perera- අපිටත් සීමිත ඉඩක් තියෙන්නෙ.තියන බිමත් හිටවන්න බෑ.ගොලුබෙල්ලො නිසා :(

    ReplyDelete
  25. @සරත් ලංකාප්‍රිය- ඔව් එයාට කොයිවෙලෙත් ඔය ගස් අස්සෙම තමා වැඩ තියෙන්නෙ :).හ්ම්...තක්කාලි නම් ඇඹුල තියෙන්න එපැයි.ඒත් දැන් තියන තක්කාලි ඉස්සර ඒවා වගේ එච්චරම ඇඹුල් නෑ.පැණි රහනම් නෑ හැබැයි :)

    ReplyDelete
  26. නෑ නෑ 'තිලින' කියල, ඔය වවල තියෙන්නෙ ඒව තමා. ඊට අමතරව 'රවී', 'තරිඳු', 'රෂ්මි', 'මහේෂි' 'රජිත', 'භාතිය' කියලත් තක්කාලි ප්‍රභේද තියනව... :D

    ReplyDelete
  27. @ටී.බී. හේරත්- අහ් එහෙමද? එහෙනම් ඔයා තිලිණ බණ්ඩාර හේරත් වෙන්න ඕනෙ?:))

    ReplyDelete
  28. @කස්සා- ස්තූතියි

    ReplyDelete
  29. @ නදී,
    හරියටම හරි :)

    ReplyDelete
  30. @ටී.බී. හේරත්- ඒකනේ මම් හිතුව හරි ඔයා "බණ්ඩෙක්" වෙන්න ඕනෙමයි කියල.

    ReplyDelete
  31. ඔයා හිතුව හරියටම හරි... ;)

    ReplyDelete
  32. මේක නම් නියම වැඩේ මමත් හරි ආසයි වගා කරන්න. අපේ ගෙදරත් හැබැයි ඉඩ නම් නෑ මුළු පොළවම කොන්ක්‍රීට් නමුත් මම පුළුවන් විදිහට පෝර බෑග් වලයි පොච්චි වලයි නම් එක එක දේවල් වැව්ව. සාත්තු කලොත් කැරට් පවා මෙහෙ හැදෙනවා. මේකට අපේ කෘෂිකර්ම උපදේශක මට නම් උදව් කලා. මට 3 වෙනි තැනත් ලැබුන තරගෙකින් දැන්නම් බට වල වගා කරන්න තමා හදන්නේ දිගටම කරගෙන යන්න මේක හොදම වැඩක් ඵළදාව ලැබෙන කොට තව ආස හිතෙනව.

    ReplyDelete
  33. @ටී.බී. හේරත්- ඒකනේ.

    ReplyDelete
  34. @මගේ කතා- කෑරට්?මමත් හදල බලන්න ඕනෙ,දැන් නම් වෙලාව නැතිවේගන එනව,ඒකනේ වැඩේ..:(.මටත් උදව් කරා රජරට කැම්පස් එකේ කෘෂිකර්ම උපාධියක් කරන මල්ලියෙක්,එයා පුලුවන් වේලාවට ඇවිත් බලල හදන විදිය එහෙම කියල දීල යනව.ඔව් ගෙඩි හැදෙද්දි ආසාවෙ බෑ.මම්ත් ගොඩක් ආසයි වවන්න.

    ReplyDelete
  35. ඔව්, කැරට් වැවෙනව හැබැයි නුවරඑළියේ තරම්ම ලොකුවට නෙමේ උත්සහ කරල බලන්න ලීක්ස් බෝංචි එහෙම :)

    ReplyDelete
  36. @මගේ කතා- හ්ම්...බලන්නම්කො වෙලාවක හදලා.

    ReplyDelete
  37. මමත් පොඩි කාලෙ ගෙදර එළවළු වැව්වා. තක්කාලිත් ඉන් එකක්. පුංචිම කාලෙදි, ඔයාගෙ නැචුරල් කරනවා වගේ තක්කාලි ගෙඩි කඩාගෙන කෑම ප්‍රියතම වැඩක් තමයි.
    බබා එහෙම කන්න කැමති නිසා වගා කරන අම්මෙක් ඉන්න එක කොච්චර හොඳද? නැත්නම් කන්න වෙන්නෙ වස විසනෙ අද කාලෙ.

    ReplyDelete
  38. නියම කෑමක් ආයෙම කියල වැඩක් නැහැ.... අපේ ගෙදරත් පහුගිය දවස් වල ගෙඩි අවිත් තිබුනා.... නියමයි.......

    ReplyDelete
  39. @නලිනි චන්දිමා- මේව කන්නෙ එයා විතරමයි.ඒ නිසා වෙන රසායනික පොහොර ජාති එහෙම දාන්නෙත් නැ.මුලින්ම මේ වැඩේ පටන්ගත්තෙ නම් මම් තමා.පස්සෙ එයාගෙ අම්මත්(අපේ අක්කා) උදව් කරා.දැන් වැඩේ කියන්නෙ පැහිලා තියන ඒවත් කඩාගන කනව ඉදෙන්න කලින්.මමත් ටිකක් කාල බැලුව,පැණිරහයි :))

    ReplyDelete
  40. @අපරාජිතයා :::: ඇපරජිතය-හ්ම් නියමයි තමා.ආසා හිතෙනව ගෙඩි හැදිල තියනව දැක්කම

    ReplyDelete