Thursday, June 2, 2011

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කියල කියන්නෙ ලංකාවෙ  14 වෙනි ජාතික විශ්වවිද්‍යාලය.2005 වසරේදී තමයි විශ්ව විද්‍යාලයට මුල් ගල තියල තියෙන්නෙ. 2006 වසරේ ඉදලා සිසුන් ඇතුලත් කරගන තියනව,මේ වෙද්දි මුල්ම බැච් එකත් පාස් අවුට් වෙලා.

මේ තියෙන්නෙ මම් ගත්ත පින්තූර නම් නෙමේ,මම් ලග අවුරුදු කීපයක් තිස්සෙ එකතු කරන් තියාගන ඉන්න පින්තූර එකතුවෙන් කීපයක්.ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ගැන වැඩි තොරතුරු බලාගන්න පුලුවන්, විශ්ව විද්‍යාලයේ වෙබ්සයිට් එකෙන්, මෙන්න මෙතනින්.

ප.ලි: මේ පින්තූර අරන් තියෙන්නෙ 07'බැච් එකේ පරිඝනක විද්‍යාව හා තාක්ශණය හදාරන මදුරංග මල්ලි,පින්තූර වල සම්පූර්ණ අයිතිය එයාගෙ,ඒ නිසා ඔන්න එයාගෙන් අහල කියලම දැම්මා.මෙන්න කැම්පස් එකේ තවත් පින්තූර තියනව,මේ එයාගෙ වෙබ් ඇල්බම් එක. ගිහින් බලන්නකො.

මේ තියෙන්නෙ A බ්ලොක් එක
මුල්ම කැන්ටීන් එක
මීදුම පැතිරී ගිහින්
මේ C බ්ලොක් එක
කන්ද උඩ හොස්ටල්
මේ තියෙන්නෙ Special Computer Lab(SCL)එක
මේ Main Computer Laboratory(MCL) එක
නිවාඩු පාඩුවෙ කතාබහ කරන්න,කුප්පි දාන්නත් හොදයි මෙතන
මීදුම වසාගන්න ඔන්න මෙන්න
C බ්ලොක් එක
ඇඩ්මීන් බිල්ඩිම ආසන්නය
C බ්ලොක් එක
බදුල්ල පස්සර පාරට මුහුනලා නිමවා ඇති විශ්ව විද්‍යාල නාම පුවරුව
අර ඈත පේන්නෙ හොස්ටල්
රෑවෙලා
ඇඩ්මින් එකේ ඉදලා ලෙක්චර් හෝල්ස් පැත්තට
පරණ ලයිබ්‍රි එකට යන පාරනෙ මේ තියෙන්නෙ
ලෙක්චර් හෝල්ස් ඈතට පේන්නෙ

ඇඩ්මින් එකේ ඉදල ඔය ඈතින් පේන්නෙ බදුල්ල ටවුන් එක.
අපි හිටපු හොස්ටල් එක (Silver Tips)

48 comments:

  1. ගොඩක් වටිනවා අක්කේ මේ ෆොටෝ ටික. අපට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට යන්න බැරි උආට මේ ෆොටෝ ටිකෙන් අපි ටිකකට ඌවට ගිහින් ආවා වගේ. මීදුම් ගලලා තියෙන ෆොටෝ එක දැක්කම් ආසාවේ බෑ. මම හරිම ආසයි මීදුම තියෙද්දි.......

    අක්කලාගේ හොස්ටල් එකේ නම Silver Tips ? ලස්සන හොස්ටල් එකක්. අපේ අඉවා ගොඩක් පරණයි. මේ ඒ නිසා පරණ වලව් වගේ කට්ටිය කවුරුත් නැත් උනාම ඉන්න හෙනම අමාරුයි. :)

    ReplyDelete
  2. @මධුරංග- ඔව් මල්ලි.අපි ගියපු මුල්ම කාලෙ දෙසැම්බර් වල 1 සෙමෙස්තරයේ විභාගෙ තිබ්බෙ.විභාගෙට ඇඩ්මිශන් එක ගන්න යද්දි ලෙක්චර් හෝල් එකෙත් මීදුම.ලියන්න බෑ,ඇගිලිත් හිරිවැටෙනව.ඒතරම් සීතල,ඒ වගේම මීදුම.ඒ කාලෙට අයිස් කැප්,ජර්සි එහෙමත් දානව.:)පායන කාලෙට රස්නෙත් - අව්වත් ඒවගේ තමා.:)
    ඔව් අපි හිටපු හොස්ටල් එක තමා Silver Tips.දැන් නම් තව ගොඩක් බිල්ඩින්ස් එකතුවෙලා.අපේ කැම්පස් එක ගොඩක් අලුත්නේ.2005නේ හදන්න පටන් අරන් තියෙන්නෙ.ඒ අතින් බලද්දි ඔයාලගෙ එක කොච්චර පරණද?

    ReplyDelete
  3. හරිම සුන්දර වටපිටාවක් නෙ, මං ගිහිල්ල නම් නැහැ. අඳුරන කියන කෙනෙක් වත් හිටියනම් යන්න තිබුන බලල එන්න. අපිත් එක්ක A/L කරපු කවුරුත් ඌවෙ ආවෙ නෑ මට මතක විදියට. හැබැයි ඉතිං පේරාදෙනිය කැම්පස් එක තමා මගෙ හිතට අල්ලලම ගියෙ...

    ReplyDelete
  4. ඇඹුල්දෙණිය සර් නේද අක්කේ උපකුලපති තුමා...මගේ යාළුවෙක්ගේ ලොකු අප්පච්චි.‍පොරගේ ෆොටෝස් වලින් තමා මම මුලින්ම ඔය කැම්පස් එක දැක්කේ...මේ වට පිටාවත් පේරා වගේම ඇති කියලා මට හිතෙන්නේ...දවසක ඇවිල්ලා යන්න ඕනේ බලන්න...හි..හි...මොනවා වුනත් ලස්සන පිංතූර ටික....

    ReplyDelete
  5. @ටී.බී. හේරත්- ඔව් ,පේරාදේණිය වටපිටාව - ලස්සන පරිසරයක් කියල කවුරුත් දන්නවනෙ.

    ReplyDelete
  6. @ශාන්.....- ඔව් චන්ද්‍රා ඇඹුල්දෙනිය සර් තමයි 2005 ඉදල මේ දක්වා උපකුලපතිතුමා විදියට ඉන්නෙ.මුල්ම බැජ් එකේ කෙනෙක් විදියට මේක ගොඩනැගිච්ච හැටි අපි ඇස් දෙකෙන්ම දැක්කනෙ.ඒ කාලෙ තිබ්බෙ බිල්ඩින්ස් කීයද?දැන් නම් තව බිල්ඩින්ස් එහෙම ගොඩක් එකතුවෙලා.

    ReplyDelete
  7. මගේ තාත්තගේ මහ ගෙදරට මේ කැම්පස් එක් හොඳට පේනවා.. ළඟට දැක්කේ මේ පින්තුර වලින්.. නියම පරිසරය....

    ReplyDelete
  8. ඌව වෙල්ලස්සෙන් අවුට් උන පලමුවෙනි බැච් එක අක්කලාද ? අහන්නත් සතුටූයි.

    ReplyDelete
  9. පේරාදෙනිය කැම්පස් එකට දෙවෙනි නෑ මේකත්.මම නම් මේ දැක්කමයි.:)

    හීතල නිසා පාඩම් කරන්න අමාරු වගේ නැද්ද?.:D මම ගියා නම් දවසෙම බුදියගන්නවා.

    කොහොම හරි රටේ කැම්පස් ටික හැදිලා ඒවායේ තියෙන පහසුකම් වැඩිදියුනු වෙනවා නම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  10. @ශ්‍රී- එහෙනම් ඔයාලත් බදුල්ලෙ අය.ඔව් බදුල්ලෙ ටවුමට, කන්ද උඩ තියන නිසා කැම්පස් එක හොදට පේනව.

    ReplyDelete
  11. @මධුරංග- ඔව් අපි තමා මුල්ම බැජ් එකේ අය :).

    ReplyDelete
  12. @පාල- එහෙනම් ඔය පින්තූර වලින් හරි බලාගන්නකො.හික් හික්...සීතල තියෙන්නෙ කාලයයි.සීතලට මොන පාඩම්ද? නිදියන්න හිතෙනව තමා,ඒත් විභාගෙ මතක් වෙද්දි මොන නිදියෑම්ද?
    ඔව් පහසුකම් වැඩිදියුණු වෙනවනම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
  13. අනේ හරිම හරි ලස්සන තැනක් මේ වගේ තැනක ඉඳන් පාඩම් කරන්ට ලැබෙන එකත් කොච්චර දෙයක්ද? බෙලිහුල් ඔය පැත්තේ තියන යුනි එක මොකක්ද? මට මතකයි ඒකට ගිහින් තියනවා වගේ.

    ReplyDelete
  14. @Podi Kumarihami- බෙලිහුල්ඔය- ඒක සබරගමුව යුනි එකනේ.

    ReplyDelete
  15. ඇත්තටම ලස්සන කැම්පස් එකක්. වට පිටාව බල බල ඉන්නව ඇරෙන්න කට්ටියට පාඩම් කරන්න සිහියක් නැති වෙයි මෙහෙට ආවොත් නම්.

    ReplyDelete
  16. "සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්-ආදර කඳු තරනය කර දෙහදක් අද වෙන්ව ගිහින්..."

    ReplyDelete
  17. @පිණිබිඳු...- හික් හික්...ඒකතමා.

    ReplyDelete
  18. මාර ලස්සනයි. මේ වගේ කැම්පස් වලට අන්තරේ ජෙප්පො රිංගලා විනාස කලේ නැත්තම් තමා හොඳ.

    - ලක්මාල්

    ReplyDelete
  19. @ටී.බී. හේරත්-හ්ම්...ඔය කියන්නෙ සබරගමුව යුනි එක ගැනනේ.මමත් ඔය සින්දුවට ගොඩක් ආසයි.

    ReplyDelete
  20. @Anonymous- දැනට නම් යුනියන් සම්භන්ධතාවයක් නැ.ඒනිසාම වෙන්න ඇති අපි 2006 ජුනි 31 කැම්පස් එකට ගිහින්, හරියටම අවුරුදු 4 ගෙවෙන කොට, ඒ කියන්නෙ 2010 ජුනි 31 වෙද්දි උපාධිය අවසන් කරන්න පුලුවන් වුනේ.

    ReplyDelete
  21. ඇත්තමයි...පින්තූර ටික දැක්කම දැන් යන්න හිතුනා.
    ඔයාල හරි වාසනාවන්තයි නේ ..නදී.
    දාල එනකොට දුක හිතුන් නැද්ද.....

    ටී.බී-
    මම කිව්වේ බොරු නෙමෙයිනේ ...යාලුවා...:D

    ReplyDelete
  22. @- නිල් අහස - ගොඩක් දුක හිතුන,ඒත් අපේ කාලෙ ඉවරනේ දැන්,ඒ වෙනුවෙන් අලුත් පොඩිඋන් ගොඩාරියක් ඉන්නව ඇවිල්ල.ඒත් ඒ මතක හැමදාම අපිත් එක්ක තියෙයි.

    ටී.බී-මම කිව්වේ බොරු නෙමෙයිනේ ...යාලුවා...:D
    මොකද්ද මේ????:))මටත් කියන්නකො.

    ReplyDelete
  23. "කාලය මැව් වෙනසක අරුමෙ..."

    @ නදී,
    "ටී.බී-මම කිව්වේ..."
    මේ ලිපියය සහ ටීකාවන් කියෙව්ව නම් ඔය කතාව තේරෙයි...

    ReplyDelete
  24. හරිම ලස්සන පින්තූර ටික . . . මේක හොඳ වැඩක් . . ඉගෙන ගන්න අයව දිරිමත් කරන්න පුලුවන් මේ වගේ පෝස්ට් වලින් . . "බලපන් කොයි තරම් ලස්සන නිදහස් වටපිටාවකද උඹලට ඉගෙන ගන්න තියෙන්නේ" කියලා නොකියා කිව්ව වගේ වෙයි ඒ අයට . . නියමයි . . ස්තූතියි

    ReplyDelete
  25. ආ...මේ..ඒකද...
    ටී.බී. ගෙන්ම අහලා දැන ගන්නකෝ. එයා කියාවි...D

    ReplyDelete
  26. මටත් යන්න හිතෙනවා... නැද්ද කැට්ටින් එකට ලගදි ටෙන්ඩර් ගන්නෙ ??

    ReplyDelete
  27. @ටී.බී. හේරත්- හරි මම් බලන්නම්කො

    ReplyDelete
  28. @දුකා- තාමත් මේ කැම්පස් එක ගැන ගොඩක්දෙනා දන්නෙ නෑ,ඒකනිසයි පිංතූර ටිකක් එක්ක පොඩි විස්තරයක් දාන්න හිතුනේ.බොහොම ස්තූතියි දුකා අය්ය කොමෙන්ටුවට.

    ReplyDelete
  29. @- නිල් අහස - -ඉන්ඩකෝ බලන්ඩ ඔය මොකද්ද කියල,කියවලම බලන්න ඕනෙ

    ReplyDelete
  30. @පොඩි මෑන්- මම් නම් හරියටම දන්නෙ නැ.මොකද දැන් මම් එහෙ නෑනෙ.පොඩ්ඩක් පත්තර ගැන අවධානයෙන් ඉන්නකො.

    ReplyDelete
  31. ආයිත් ජීවිතේ ආපස්සට ගිහින් කැම්පස් යන්න හිතෙනවා.. . හැබැයි ඉතින් බුට් එකේ රස ආයිත් විඳින්න නම් වෙනවා.. අපොයි බැහැ.. මං ආපහු එනකොට මගේ හාමිනේ හම්බ නොවෙන්න පුළුවන්.. එතකොට මගේ පොඩි කොල්ලයි කෙල්ලයි.. බෑ බෑ. මෙහෙමම ඉඳගෙන හිතින් ගිහින් එන එක හොඳයි..

    ReplyDelete
  32. @සරත් ලංකාප්‍රිය- මටත් ආසයි ආපහු ඒකාලෙට යන්න.කොහොමත් ඉතින් කැම්පස් මතක අමතක කරන්න බෑනේ.අමතක වෙන්නෙත් නෑනේ.ඒකාලෙ වුන සුන්දර දේවල් මතක් කරකර හිතින් ගිහින් එනව:))

    ReplyDelete
  33. ඒ උනාට වැඩක් නෑ.පරනම කට්ටියක් මේ ලගදි අර මොකක්ද කොලේ අරං තියෙන්නෙ.සමහරු ඒගොල්ලන්ගෙ ළමයිනුත් වඩන්ලු ඇවිල්ලා තියෙන්නෙ.අන්තිමයි...
    මොනා උනත් ලස්සන පළාත. හික්ස්...

    ReplyDelete
  34. @සීතල අයියා- කොන්වොකේශන් එක තිබ්බෙ නම් මේ ලගදි තමා.මැයි 27.මොකක් ලමයි වඩාගන? අනේ අනේ...

    ReplyDelete
  35. කියන්න වදන් නැහැ ..........
    මාර ෆොටෝස් ටිකක්නෙ .........
    ඇත්තටම ලස්සනයි .........
    පිටරට කැම්පස් එක්ක බලද්දි අපේ කැම්පස් ස්වභාව සෞන්දර්ය අතින් කොච්චර ඉස්සරහ ඉන්නවද .........

    ReplyDelete
  36. @කල්හාර දිසානායක- ගොඩක් ලස්සනයි තමා :))

    ReplyDelete
  37. පෝසට් එක කියවලා කමෙන්ට් කරන්න බලද්දි ලින්ක් එක උඩ... කමෙන්ට් කියවද්දි ඉරිසියත් හිතෙනවා..... ඇයි ඉතිං අපිට හතර වටින්ම කොන්ක‍්‍රීට් නෙ... හැබැයි හැදුනෙ වැඩුනෙ පිටිසර වෙච්චි එක ලොකු පිනක් එක අතකට......

    ReplyDelete
  38. @නරකයා....!!- හෆොයි ඊරිසියා කරන්න එපා:))

    ReplyDelete
  39. @චන්දික ගුණතිලක- බොහොම ස්තූතීයි මල්ලි ඔයාට

    ReplyDelete
  40. මගේ යාලුවෙකුත් මේ සැරේ උව වෙල්ලස්සට තේරුනා එයා සති දෙකක් විතර ගිහින් නතර උනා දැන් නසිං කරනවා ගොඩාක් දුර යන්න තියනවා කියලා බෑ කියලා හිතිලා. මම ඒ වෙලාවේ හිතුවො කමක් නැ කියලා. පින්තූර ටික දැක්ම හිතෙනවා අපරාදේ කැම්පස් ගියේ නැත්තේ කියලා...

    ReplyDelete
  41. @පුණ්ණජී පොඩි හාමුදුරුවෝ- ඔව් ටිකක් දුරනම් තමා හාමුදුරුවනේ.මම් අනුරාධපුරේ ඉදල පැය 8ක් 10ක් විතර යනව.රජ මාවතේ,සමහර වෙලාවට මයියංගන පාරේ.මහන්සී තමා,ඒත් අවුරුදු 4රේ අවසානය ගැන හිතුවම මට ඒ මහන්සිය ගැන දුකක් නෑ.
    කැම්පස් එකේ වටපිටාව නම් ගොඩක් ලස්සනයි.ඔය තියෙන්නෙ ගත්ත පින්තූර ටිකක්තමා.

    ReplyDelete
  42. බැජ් = Badge = පදක්කම

    බැච් = Batch = කණ්ඩායම

    ReplyDelete
  43. @කතන්දර Kathandara- ස්තූතියි නිවරදි කිරීමට.මම් වැරෑද්ද හැදුව.

    ReplyDelete
  44. ඇත්තතම මේ වගෙ ලස්සන කැම්පස් එකක අධ්‍යාපනයෙ තියෙන වැදගත්කම දේශපාලනේ නිසා නැති වෙන්න දෙන්න එපා.

    -හර්ෂණ- (කොළඹ සරසවිය)

    ReplyDelete
  45. @Anonymous- දේශපාලනය තාමනම් මේකට ගැටලු ඇතිකරල නැ.එහෙම නොවේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම!

    ReplyDelete
  46. harima sundarai nadee akki,math hithagaththa Uva kempus yannone kiyala.

    ReplyDelete