Showing posts with label 2014. Show all posts
Showing posts with label 2014. Show all posts

Friday, January 3, 2014

පුල්ලෙයාර් දානය | Pulleyar Dhana

 

පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවි‍යෙ එහෙම නැත්තම් රජරට මිනිස්සු ඉස්සර කාලෙ ඉදල කරගෙන එන චාරිත්‍රයක්.මේ තියෙන්නෙ මීට කාලෙකට කලින් මම් පුල්ලෙයාර් දෙවියෝ / පුල්ලෙයාර් කිරිබත් ගැන ලිව්ව පෝස්ට් එකක්.

 නව වසර උදාවත් එක්ක මම් වැඩ කරන කාර්යාලයෙත් පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් පූජාවක් කරලා සෙත් පැතීමක් සිද්දකරා.

පුල්ලෙයාර් කිරිබත් පිළියලකරන්නෙ පිරිමි අය.ගෑණු අපිට තියෙන්නෙ උයලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න.මේ කිරිබත් කන්නෙ පළතුරුත් එක්ක නෙ.රටඉදි,අන්නාසි,උක්,කෙසෙල් වගේ පළතුරු තමා මේකට ගන්නෙ
යහමින් කිරි එහෙමත් දාන්න ඕනේ එතකොට රහ වැඩී!
පළතුරු වට්ටිය සූදානම් කරමින්
නුග ගහ මුල
පූජාව සූදානම් කරමින්
කිරි ඉතිරුනේ මෙන්න මෙහෙම
පූජාව තියන්න ආව කෙනා තමයි මේ ඉන්නෙ
පොල් ගෙඩියක් ගහලා
කිරිබත් කන්න පෝලිමේ
උණු උණුවෙන් බෙදාගන ඇවිත්! කන්න තමා තියෙන්නෙ දැන්...
මාත් එක්ක ඉන්න දෙන්නා... සෑහෙන කොටසකට වග කිව්වා.මමත් ටිකක් කෑව ඉතින් :)

Wednesday, January 1, 2014

නව වසරට සුබ පැතුම්! | New year wish!




බ්ලොග් ලියන කියවන සියලුම දෙනාට සාමය සතුට පිරි සියළු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!!