Tuesday, February 21, 2012

හොද මිනිස්සු එක්ක ඉන්න බැරි ඇයි?

http://ourstorybeginsdotcom.files.wordpress.com/2012/02/32160016andrea-and-the-boys.jpg
ශශී අක්ක කියන්නෙ අවුරුදු 26ක් විතර වයස විවාහක කාන්තාවක්.ඒවගේම පොඩි දුවල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්.ජීවත් උනේ එයාගෙ මහත්තයයි පොඩි දරුවො දෙන්නයි එක්ක වෙනම ගෙදරක.ගෙදර සියළු සැප පහසුකමක්ම තිබ්බ.

ශශී අක්ක රස්සාවක් කරේ නෑ.දරුවො දෙන්න බලාගන ගෙදරට වෙලා හිටියා.මහත්තය කරේ බිස්නස්.ඒ කියන්නෙ හාඩ්වෙයාර් එකකුයි මෝටර් ස්පෙයාර් පාර්ට්ස් විකුණන කඩයකුයි තිබ්බා. විවේක වෙලාවට ශශී අක්කත් කඩේට යනව.ගොඩක් වෙලාවට බබාල බලාගන ගෙදරට වෙලා තමයි හිටියේ.
දන්නවද?අර ශශි අක්ක පැනලා ගිහින් කියන්නෙ ?
මොකක්?
ඔව් ආ...න් මිහිහෙක් එක්ක පැනල ගිහින්ලු.
නෑහ්...
නෑ නෙමෙයි ඔව්.ඒ දවස් වල දැයට කිරුළට කඩෙන් බඩු ගන්න ආව මිනිහෙක් එක්කලු ගිහින් තියෙන්නෙ.

???
එයාලගෙ  කඩෙන් බඩු අරන් තියනවලු ඒ මනුස්සයා...මෙයා ඒ ටිකේ  කඩේ ඉදලා තියෙන්නෙ.
ආහ්...
පස්සෙ හොයලා හොයලා ආයම ගෙදර එක්ක ඇවිත් ලු.

කවුද?

අය්යම ගිහින් එක්ක ඇවිත්, පොඩි උන් දෙන්න අඩනවලු අම්ම ඉල්ලලා.
ත්‍රීවීල් එකක එක්ක ඇවිත් තියෙන්නෙ,  අඩලා අඩලා ආයම අර මිනිහ එක්ක යන්න ඔනේ කියල ගිහින්ලු.

අප්පෝ...පව් පොඩි උන් දෙන්නා...අනේ මෙහෙමත් ගෑණු.පොඩි උන් දෙන්න අඩද්දී ඔහොමත් කරන්න පුලුවන්ද??? මුන් නම් අම්මලා නෙමේ....

හ්ම්ම්ම්...මොනව හරි ප්‍රශ්ණයක් තිබ්බද දන්නෙ නෑනේ.

අය්ය හොදයි කියල හැමෝම කියනව.මේ ගෑනුන්ට පින නෑ.හම්බකරල දෙනව නම් කාල ඇදලා ඉන්නනේ තියෙන්නෙ ආය රස්සාවලට යනව කියලද...

ම්ම්ම්ම්ම්...සැප වැඩිවෙන්න ඇති ඒකයි.සැප වැඩිඋනාමත් සමහරුන්ට ඉන්න බෑනේ.ඔන්න බීගන ඇවිත් ගහමරාගන්නව නම් ගුටි කාගන අඩාදොඩාගන යසට ඉදී...
 
හිහ් හිහ්... ඒක නම් ඇත්ත පවට පින් දෙන්න බෑ...

50 comments:

  1. මේවට කොමෙන්ට් කරන්න ගිහින් නිකං ලෙඩ දාගන්න බැහැ...අන්තිමට වීසාත් කැන්සල් කරල දායි...:D

    ReplyDelete
  2. පවට පින දෙන්න බෑ කියන එක ඇත්තම තමා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.

      Delete
  3. ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...ෂ්...

    ReplyDelete
  4. අපි දකින දෙයින්ම හැමදේම මනින එක හරිද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මොකක් හරි අපි නොදන්න දෙයක් තිබුනද දන්නෙත් නෑ.

      Delete
  5. අපිට මතුපිටින් බලනකොට එහෙම පෙනුනට....
    ශශි අක්ක එහෙම කරන්න ඇත්තෙ අපට නොපෙනෙන මොකක් හරි ප්‍රශ්ණයක් ඈට තිබුණ නිසා වෙන්ට බැරිද ...?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවන් ඒත් එයාව දන්න හැමෝම නම් කියනව අය්ය නම් ගොඩක් හොදයි,මෙයාට මේ මොනව උනාද මෙහෙම යන්න කියල.

      Delete
  6. මේ අර ශෂී මැඩම් නෙමෙයි නේද?...........?

    ReplyDelete
  7. බලමුකෝ, මේකත් සාධාරණීකරණය කරන්න කමෙන්ට් වැටේවි සමහර විට.....;)

    ReplyDelete
  8. මිනිස්සුන්ගේ ජීවිත ගැන ඔහොම මතුපිටින් බලල තීරණය කරන්නේ කොහොමද බන් ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි බන් :)

      Delete
  9. හොඳ කතාවක් නදී. කාලීන මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම් මටනම් වෙච්ච දේ හොදයි කියල කියන්න අමාරුයි දරුවො දෙන්න ගැන හිතද්දි,

      Delete
  10. අපි නම් කියන්නේ මෙහෙම ගෑනු ඉන්නවා කියල,මම පුද්ගලිකව දන්නා අය ඉන්නවා,මිනිහ වෙනම රට වටේ ගෑනු එක්ක යනවා.ගෑනි වෙනම යනවා ..මෙව්වා දැන් සාමාන්‍ය දේවල් වෙලා බොලා අපි කෑගැහුවට රට යන අත මේක තමා ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එයා එහෙනම් නම් මම් කරාම මොකද කියල හිතලා එහෙම කරනව ඇති අනේ ඉතින් පව් ළමයි එතකොට.

      Delete
  11. අම්ම කෙනෙක් විදියට මහත්තයත් එක්ක මොන ප්‍රශ්නෙ තිබ්බත් දරුවො නිසා ඉන්න තිබ්බා.... ඒත් අමාරු නම් නිත්‍යානුකූල විදියට දික්කසාද වෙන්න තිබුනා....මට නම් අප්‍රසන්නම දේ අර මනුස්සයා දරුවො අඬන නිසා ගිහින් එක්කන් ආවම ආයෙත් අඬලා ගියපු එක.... ඒක අම්මෙකුට තමුන්ගෙ දරුවො දිහා බලන් කරන්න පුළුවන් දෙයක්ද..... ඔහොම අය අන්තිමේදි වැටෙන්නෙ මහ පාරට..... ඔය වගේ බොහොමයක් දේවල් හරිම තාවකාලිකයි....

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි ගෑණු දරුවො දෙන්නෙක් එයාට ඉන්නෙ.ගොඩක් අය කියනවා දරුවො නිසාවත් ඉවසන්න තිබ්බ කියල.ඔව් දරුවො අඩන නිසාලු අය්ය ගිහින් ආයම එක්ක ආවේ.ඒත් බෑ කියල ගිහින්.හ්ම්ම් ඔයා කියන එක සහතික ඇත්ත.කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.

      Delete
  12. මේ වගේ සිදුවීම් ලේසියෙන් විග්‍රහ කරන්න බැහැ.. ගොඩක් නොපෙනෙන හේතු ඇති. එත් මිනිස්සු කියන්නේ තිරිසනාගෙන් පැවතෙන වර්ගයක්නේ..ඉතින ඔය ගතිය තියෙනවා. අන්න මම ඔය ගැන එකක් ලියල තියෙනවා. කෝ ඔයාල ඉතින් එහෙ ගොඩවදින්නේ නැහැනේ මහා වැස්සකටවත් !!

    ReplyDelete
    Replies
    1. මොකක් හරි හේතුවක් ඇති දරුවො දෙන්න එපා වෙන්න තරම් .මේ ටිකෙ ටිකක් වැඩ.ඒකයි බ්ලොග් කියවන්න එන්න බැරිඋනේ.ගොඩක් බ්ලොග් මගඇරිලා තියෙන්නෙ :(

      Delete
  13. දරු දෙන්න ගැන දුකයි . අම්ම ජීවත්ව සිටිද්දීම දරුවො අසරණ වෙලා .

    ReplyDelete
  14. පවු වැඩේ අර පොඩි උන් දෙන්න..උංගෙ අනාගතේට තමයි මේව බලපාන්නෙ..ළමයි දෙන්නකුත් හැදුවට පස්සෙනෙ ශශී අක්කට අමාරුවෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි ගෑණු ලමයි දෙන්නෙක් නේ.හ්ම්ම්ම්

      Delete
  15. අනිච්චාවත සංඛාරා...ඔය කියල තියෙන අයියා බෙරුනා..හැබැ අර අනිත් මිනිහා අනාත උනා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අනතිමට කවුරු අනාත වෙයිද කියල

      Delete
  16. ලමයි ගැන තමා දුක.මොනවා වෙයිද උන් දෙන්නට... ප්‍රශ්නෙ නම් මොකක්ද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඒකතමා හැමෝම කියන්නෙ මොනවා උනාද මෙයාට කියල

      Delete
  17. එක් එක් අයගේ ජීවත්වීමෙ මූලික අවශ්‍යතාවන් හා අරමුණු පෙල ගස්වාගැනීමෙ පිළිවෙල වෙනස්නේ ඒ අනුව ගෘහ ජීවිතය,දරුවන්,වැනි කරුණු වලට වඩා වෙනත් අවශ්‍ය තා වලට ප්‍රමුකත්වය දෙන අයට මෙවැනි තීරන ගැනීම සරල දෙයක්. අද ඒ දරුවන් හා පියා පත් වී ඇති අසරන තත්වය ගණගාටු දායකයි.
    (බ්ලොග් එකට අදමයි ආවෙ )

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...දරුවෝ දෙන්න ගොඩක්ම පොඩී,එයාට ඒ ගැන හිතන්න වත් තිබුනා.

      Delete
  18. No Comments... Cannot comment on something by looking at it.

    ReplyDelete
  19. පිටස්තරයෙකු හැටියට කරුණු කාරණා හරි හැටි නොදැන කොමෙන්ට් කිරීම අසාධාරනයි. නමුත් ඇයට මෙයිට වඩා සාධාරන විදියට මේ ගැන බලන්න තිබුනා. සමහර විට ඇයට ප්‍රශ්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ඒ උනාට දරුවො දෙන්නෙක් අඩද්දි එහෙම යන්න තරම් ඒ අම්මගෙ හිත තද උනේ කොහොමද කියල හිතාගන්න බෑ.මොකක් හරි ගැටලුවක් තිබුනද දන්නෙ නෑ.

      Delete
  20. ආහ් කිව්වා වගේම ඔය තියෙන්නේ කමෙන්ට්....:) දැන් මේ කියන අක්කට ප්‍රශ්න තියෙන්න ඇති කියල මේක සාධාරණීකරණය කරන්න හදන අයගෙන් මම මේ නිකමට වගේ අහන්නේ. හරි අපි කියමු එයාට ප්‍රශ්න තිබුනාමයි කියලා. එතකොට එයා කරන්න ඕන ළමයි දෙන්න අනාථ කරලා දාල වෙන මිනිහෙක් එක්ක පැනල යන එකද? එහෙම නැත්තන් අර Miyuru කිව්වා වගේ වැදගත් විදියට නීතියෙන් වෙලා ළමයි දෙන්නගේ අනාගතේ ගැන හිතන එකද?

    ළමයි දෙන්න අඬද්දී ඊට වැඩිය අහවල් අමාරුව ලොකු වෙලා ආයෙත් ගිය ගෑනිවත් තවත් සාධාරණීකරණය කරන්න පුලුවන්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දන්න තරමින් එයාට එහෙම ප්‍රශ්ණ තිබ්බ කෙනෙක් නෙමේ.අනේ මන්දා දරුවනුත් අමතක කරලා යන්න තරම් හිතක් පහල උනේ කොහොමද කියල.

      Delete
  21. දරුවෝ පවු !
    එච්චරමයි කියන්න තියෙන්නේ !

    ReplyDelete
  22. ගෑණුන්ට පින නෑ. හොඳ මනුස්සයෙක් එක්ක ඉන්න. අපි මක් කරන්නද ඒකට. දුක දෙන්නෙ ඒ මනුස්සයට ළමයින්ට. හපොයි මෙහෙමත් ගෑණු.

    ඕනම නෑ ගැණු. :P

    ReplyDelete
    Replies
    1. අහ් ඕනේම නෑ කියන්න එපා.එක්කෙනෙක් කරපු වැඩක් දිහා බලලා සංහතියටම දොස් කියන එක වැරදී පොඩියා.:)

      Delete
  23. අැනෝ ගෙ කතාව නං හරි!

    ReplyDelete
  24. අනේ පව් ළමයි දෙන්නා.. සමහර ගැහැණු අය ඉන්නවා ඉතින් ,, වැරැද්දට වැරැද්ද කියනවා මම නම්

    ReplyDelete
    Replies
    1. පව් තමා පොඩි ගෑණු ළමයි දෙන්නෙක්නේ.

      Delete
  25. "වර්දෙ නොබැඳෙන ළඳුන් ලොව නැත..." :)

    ReplyDelete
    Replies
    1. මම් හිතන්නෙ ඒ කතාව ගැහැණු පිරිමි දෙපක්ශයටම පොදු කාරණාවක්.ගෑහැණු අයටවිතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි. :)

      Delete