Tuesday, February 21, 2012

සත්‍ය සිදුවිමක්ලු



මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.

සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2ක්
අතර හිඩැසක් තියෙනවා.

නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත්
උනා. මේ නිවස අවුරුදු 10 කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

ඇනයේ සිරවී සිටි සතාව
තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

"කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."

උපුටාගැනීම: මේල්ලුවකින්.

19 comments:

  1. ලස්සන අදහසක්. ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. ආදරය හැර වෙන දෙයක් ලෝකෙ තියනවද?

    ReplyDelete
  2. මිනිසුන් අතර නැති හොඳ ගති සත්තු ලඟ තියනවා නදී .

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අගනා අදහස අපිත් එක්ක බෙදා ගත්තාට..

    ReplyDelete
  4. ශුවර් එකටම හදිස්සියකට කෝල් කරපු වෙලාවක අරූ බිසී කියලා.....

    ReplyDelete
  5. කටුස්සොන්ට මම කැමති නැති වුනත් ... උන්ට ටිකක් මොළේ සහ කරුණාවන්ත හදවතකුත් තියෙනව කියල පිළිගන්න වෙනවා...

    ReplyDelete
  6. අප්පා මම නම් කාර්‍ය බහුල වෙලාවට (මිතුරන් සමග ෆිල්ම් එකක් බලන විටදී) ෆෝන් එක නිකමටවත් ආන්සර් කරන්න කැමති නෑ ..

    හරිම ලස්සන කතාවක් ..

    ReplyDelete
  7. කටුස්සෙක් එච්චර කල් ජීවත් වෙනවද?.

    ReplyDelete
  8. මාත් ආස කරපු මේල් එකක් !

    ReplyDelete
  9. අපූරුයි අක්කේ.. මිනිස්සු උන අපිටත් එහෙම කරන්න පුළුවන්ද කියල හිතෙනවා ඇත්තටම..

    ReplyDelete
  10. මමත් මේ කථාව අහලා තියෙනවා

    ReplyDelete
  11. අදහස නම් හරි එත් කතාව අභව්‍යයි කියල මට ඉස්සෙල්ලම් කියවපු දවසේ හිතුනා. මේ සත්තු අවුරුදු දහයක් ජීවත් වෙනවද සාමාන්‍යයෙන් ? මම කියවපු එකේ හිටියේ හුනෙක් එළියෙන් ගහපු ඇනයක් කකුල පසාකරගෙන ගිහින්.. අපි දන්නා හැටියට හුනා ඕක කඩාගෙන යනවා. කැඩුණු අවයවය ආපහු වැවෙනවා !! කවුරුහරි ඒ කතාව ටිකක් විස්වාස කරන්න හැකි විදිහට වෙනස් කරලා !!

    ReplyDelete
  12. මේක ඇත්තම ඇත්තක් වෙන්න ඇති ද නදී අක්කෙ...මාර සිද්ධියක් බුද්ධිමත් කියන මිනිස්සුවත් මෙහෙම නැනෙ...

    ReplyDelete
  13. මම මේ පින්තූරෙ දැක්කට කතාව දැන ගත්තෙ මේකෙන්.අද කාලෙ මිනිස්සු වුනත් මෙහෙම කරන්නෙ නෑ නෙ.

    ReplyDelete
  14. පුදුම හිතෙනව. මිණිස්සුවත් ඔහොම කරන්නෙ නෑ.

    ReplyDelete
  15. "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් රූමෙන් පිටු නො පාවිති"

    ReplyDelete
  16. තමන්ට ආදරය කරන අයගෙ වටිනාකම කිසිමදේකින් මනින්න බැරි තරම් අමිලයි...

    ReplyDelete
  17. කතාව නම් ටිකක් අභව්‍යයි මොකද කටුස්සෙක් එච්චර කල් කොහොමත් ඉන්නේ නෑ. ඊටත් ජපානේ? සීතලම ඌ මියැදෙයි. ඒ කොහොම උනත් කතාවෙන් දෙන පණිවිඩේ නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
  18. මේ සිද්දිය ගොඩාක් හිතට දැනුනා....ලස්සනයි.....

    ReplyDelete