Wednesday, February 15, 2012

මෙහෙම අය ඉන්නවද?

මේ කතාව මට කිව්වෙ මගෙ ලෙක්චර කෙනෙක්.එයා අපිට මුල්ම අවුරුද්දෙ Moral Studies & Ethics ඉගැන්නුව.අපිට උගන්නන කාලෙත් එයා විවාහකයි, මැදිවයසේ කාන්තාවක්. මේ කතාව කියන්න වසර කීපෙකට කලින් එයා ගොඩක් ලොකු ඔපරේශන් එකකට මූණදීලා තියනව.

ඔපරේශන් එක කරලා සිහිය ඇවිත් අමාරුවෙන් ඇදට වෙලා ඉන්න කොට මෙයාට එකපාරටම වෙනසක් දැනිලා නිකම් වමනේ යන්න වගේ ඇවිත්.කරකියාගන්න දෙයක් නෑලු.හෙල්ලෙන්න වත් බෑලු,ඒ තරමට අමාරුයිලු.ඔපරේශන් එක කරල තියෙන්නෙ බඩේ.ලොකු කැපුමකුත් දාල තිබ්බලු.

වෙලාව කියන්නෙ ඒ වෙනකොට එයා ලග උදව්වට කෙනෙක් ඉදලා නෑ.මෙයා ගොඩක් අපහසුතාවයට ලක් උනාලු.වටපිට බලබලා වමනේ යන්න ඔන්න මෙන්න ඉද්දි,ලග ඇදක හිටපු ලෙඩෙක්ට උපකාර කරන්න ඇවිත් හිටිය කෙනෙක් මෙයාගෙ අපහසුතාවය දැකලා ඇහුවලු, ඇයි නංගී?... කියල.

මෙයාට කතාකර ගන්න වත් බෑලු, වමනේ යන්න ඔන්න මෙන්න.ඒ නිසා මෙයා අතින් කියල වමනේ යන්න එනව කියල. ඒ එක්කම බුවෑක්!....ගාල දැම්මලු.වෙලාව කියන්නෙ අර කතාකරපු ගෑණු කෙනා ටක් ගාල එයාගෙ අත්දෙක එකතු කරල බොකුටු කරල අල්ලලා,අරය දාපු ඒවා ටික  ඒ ගෑනු කෙනාගෙ අතේලු.


පස්සෙ එයා ඉක්මනට ගිහින් පිරිසිදුවෙලා ඇවිත්.අපේ ලෙක්චරට ගොඩක් පුදුම හිතුනලු.එයා උනත් මෙහෙම දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරන එකක් නෑ කියල හිතුනලු.අනික අදුරන්නෙ වත් නැති කෙනෙක් වෙනුවෙන්!


යන්න කලින් ඒ කෙනා ටික වෙලාවක් කතා කර කරත් ඉදලා තියනව. වමනේ ගිහින් ඔයාගෙ ඇගේ වැටුනා නම් තුවාල වලටත් හොද නෑ...අනික මැහුම් දාල නේද?...හදිසියට භාජනයක් වත් හොයාගන්නෙ කොහෙද?කියපු ගමන් ඔයා දැම්මනේ... ඒකයි මම් එහෙම කරේ... කියල කිව්වලු.

පස්සෙ අපේ ලෙක්චර එයාට නොසෑහෙන්න ස්තූති කරල තියනව.ඒදායින් පස්සෙ එයාව හම්බවෙලා නෑ.


එයා කිව්වෙ අපි හිතන්නෙවත් නැති වෙලාවට ඒ වගේ අදුරන්නෙවත් නැති අය ඇවිත් අපිට නොහිතන උදව් කරනව.අහම්බෙන් හරි ඒ වගේ මිනිස්සු තාමත් හම්බවෙනව කියල.

56 comments:

  1. හොඳ මිනිස්සු මේ ලෝකෙන් තුරන් වෙලා නෑ තාම! :)

    ReplyDelete
    Replies
    1. හ්ම් කලාතුරකින් එහෙම අයත් ඉන්නවනේ.:)

      Delete
  2. ඔව් .. කලාතුරකින් ඒ වගෙ හොඳ මිනිස්සු හම්බවෙනව.
    එයාලට තමයි කියන්නෙ ආත්ම ගණනාවක ඉඳල පෙරුම් පුරාගෙන එන යහපත් මිනිස්සු කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්.එහෙම අය අඩුයි.

      Delete
  3. පට්ට කතාවකි ,එනමුදු ඇත්තකුත් නැත්තේම නැත

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තක් කියල තමයි කියපු කෙනා අපිට කිව්වේ.

      Delete
  4. දුප්පතාගේ දුක දැනෙන්නේ තවත් ඒ වගේ දුප්පතෙකුට ලු නේ...

    ReplyDelete
  5. පූස් අයිය කියපු දේ හරි. හොඳ ම උදාහරණය අපේ බ්ලොග් කාරයොයි මේ කතාවෙ කියවෙන කෙනයි.

    ReplyDelete
  6. හරිම කලාතුරකින් මෙහෙම අය ඉන්නේ . කොච්චර හොඳ කෙනෙක්ද .

    ReplyDelete
    Replies
    1. අපිටත් එකපාරටම හිතා ගන්න බැරිඋනා.

      Delete
  7. මේ වගේ දේවල් දරුවො වෙනුවෙන් නම් ඕනතරම් කරල තියෙනව... මීටත් වඩා අප්‍රසන්න දේවල් පවා... ඒ උනාට නන්නාඳුනන කෙනෙක් වෙනුවෙන් එහෙම දෙයක් කළා කියන්නෙ.... අහන්නත් ආසයි මේ වගේ මනුස්සයො ගැන....

    ReplyDelete
    Replies
    1. ඒකනේ තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් අපි ඕනමදෙයක් ඉවසලා කරනව.මෙහෙම අයත් ඉන්නවනේ.පුදුමයි නේද?

      Delete
  8. මේ වගේ කට්ටිය ඉන්නේ බොහොම ටිකයි... ඒ ඉන්න ටික දෙනා හින්ද තමයි මනුස්සකම කියන දේ තාම මේ ලෝකේ තියෙන්නේ..!

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් අතේ ඇගිලිගානටත් අඩුයි එහෙම අය.

      Delete
  9. ලෙඩෙක්ට නොවුනත් බීල වාත වෙන අපේ යාලුවො බීල බීල නොගැලපෙන තැනක කබරය දාද්දි කරන්නම දෙයක් නැති වුනාම උන් එක්ක ඉන්න නොබොන අපි මේම කල්ල දෑතම පාල තියෙනව අක්කෙ... ඒත් ඉතින් ටොටල් ස්ට්‍රෙන්ජක් කෙනෙක්ට නෙවෙ

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙමත් වාත වෙන අය ඉන්නවනේ හැබෑටනේ.මොබොන අයට තමා ලෙඩේ ඉතින්.

      Delete
  10. ඔන්න මිනිස්සු...

    ReplyDelete
  11. මිනිස්සු වන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒත් ඉතින් සමහර මිනිස්සු මනුස්සකම දක්වන්න බයයි. මට මතකයි වෙනියද කොහෙද කියල තිබ්බ කතාවක්. ඉස්සර මිනිස්සු ලිඳෙන් නාන්න යනකොට කවුරු හරි හම්බවුනොත් නාන්න යනවා දැක දැකත් අහන්නේ කොහෙද යන්නේ කියල. සුහද කමට. ඒ එක්කම ඒකට පිළිතුරු ලැබෙන්නෙත් ආඃ මම මේ නාගන්න ලිඳට යනගමන් කියල. ඒත් අද එහෙම එහෙම ඇහුවොත් කියයි මේ කඩේට යනවා කියල. ඉතින් එහෙම කියන තැනට තල්ලු වෙච්ච සමාජයක මනුස්සකම සුහද කම කොහොම දක්වන්නද?

    ReplyDelete
    Replies
    1. එව්ව නම් එහෙම තමා.දැන් කාලෙ එහෙම මිනිස්සු හොයාගන්න ගොඩක් අමාරුයි.අහම්බෙන් ඒ වගේ අයත් ඉන්නව.

      Delete
  12. හිතා ගන්නත් අමාරුයි සම්පූර්ණයෙන්ම අගාන්තුකයෙක්ට එහෙම සලකන අය ඉන්නවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිටත් පුදුමයි.

      Delete
  13. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙිව දේවතාව්න් වැනි මිනිසුන් ඇත....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් එකගයි:)

      Delete
  14. හොද ගති ගුණ තියෙන මිනිස්සු තාම අපි අතරේ ඉන්නවා..

    ReplyDelete
  15. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත!

    henryblogwalker the Dude

    ReplyDelete
  16. ෆිල්ම් එකක නම් දැකලා තියනවා ඔහොම සීන් එකක්. ඇත්ත ජීවිතේ නම් ඔය ඇහුවමයි. එහෙම මිනිස්සුත් අපි අතරේ ඉන්නවා අක්කේ.

    ReplyDelete
    Replies
    1. අපිටත් එකපාරට විශවාස කරන්න බැරිඋනා.

      Delete
  17. එහෙම මිනිස්සුත් ඉන්නවාලු එහෙනම්...

    හප්පේ අක්කා මට නිවාඩු දාගෙන කියවන්න තරම් පෝස්ට් දාලානේ.. අද තමා ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ!

    ReplyDelete
    Replies
    1. කොහෙද දැන් ඔයාට විවේකයක් නෑනේ.

      Delete
  18. ඇත්තටම මමත් ඔයවගේ සිද්දි දැකල තියනවා....විශේෂයෙන්ම රෝහල් වලදි,කාත්කව්රුවත් නැති අසරණ මිනිස්සු වෙනුවෙන් කැපවෙන,ඒ අයත් එක්ක කලින් කිසිම අැදුනුම් කමක් නැති මිනිස්සු අපිට හිතන්න වත් බැරි තරම් කැපවීම් කරනවා..ඔයා කිව්වා වගේම අවස්ථාවක් මමත් දැකල තියනවා.අසරණ මිනිස්සු අපේ සමාජයේ බොහොමයක් ඉන්නවා.ඒ අයට පිහිට වෙන උත්තම මනුෂ්‍ය කොට්ටාසයක් තවමත් අප අතර ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. හ්ම් හරිම පුදුම හිතෙනව නේද.

      Delete
  19. ඔව් ඒ වගේ මිනිස්සු පිරිසක් අපි අතර ඉන්නවා.අපිට උදවු අවශ්‍ය වෙලාවක අඳුරන්නේ නැති කෙනෙක් උදවුවක් කරාම අපිට එයා ගැන මොනවගේ හැඟීමක්ද එන්නේ..

    ඔය ඒක සැරේම පොස්ට් ගොඩාක් දාලනේ..ඉතින් මේකට විතරයි කමෙන්ට් කලේ. හික් හික්..

    ReplyDelete
    Replies
    1. පින් දෙන්න තමයි ඉතින් වෙන්නේ.
      කමක් නෑ එකක් හරි කියෙව්වනේ:)

      Delete
  20. එහෙම අය තවමත් අප අතර ඉන්නවා අක්කේ.. කවදාවත් දැකලා නැතිව හිටිය ගමන් ඉස්සරහට ඇවිත් උදව් කරලා ආයෙත් සැඟවෙන.. :)

    ReplyDelete
  21. අන්න මිනිස්සු..!!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.අන්න මිනිස්සු.

      Delete
  22. ඒ වගේ මිනිස්සුන්ගේ හදවත් වල තියෙන මනුස්සකමට මම හැමදාමත් ගරු කරනවා. ඒත්..

    මම දන්න විදියටනම් ඔපරේෂන් එකක් කරන්න කළින් පැය දොළහක්වත් නොකා- නොබී ඉන්න ඕනේ. ඉතින් වමනේ ගියාට මොනවත් ඒ වෙලාවේ පිටට ආවද කියලා පොඩි පහේ කුකුසක් තියෙනවා.එහෙම නොවුනත් ඒ ඉදිරිපත් වීමත් කොච්චර නම් වටිනවද?
    හැබැයි වෙන අවස්තාවකදි නාදුනන අයෙක්ගේ වමනේ තමන්ගේ දෝතට ගත්ත පුද්ගලයෙක්ව මමත් දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම් අපිට කීව විදියට නම් ලොකු ඔපරේශන් එකක් කරල අමාරුවෙන් ඇදට වෙලා ඉන්න වෙලාවක තමයි මේක වෙලා තියෙන්නෙ.හ්ම්ම්ම්...එහෙම අය ඉන්නව ගොඩක් කලාතුරකින්.

      Delete
  23. තාමත් හොද මිනිස්සු ඉන්නවා කියලා හිතෙනකොට මාර සතුටක් හිතට දැනෙන්නේ !!!

    ReplyDelete
    Replies
    1. එහෙම අය අඩුයි ඉතින්.

      Delete
  24. මම කොච්චරනං යාලුවංගෙ වමනෙ ඇගේ දාගෙන ඇද්ද ??

    ReplyDelete
    Replies
    1. බීලා වමනේ දාන අය වෙන්ටැ ඒ..

      Delete
  25. දවසල් ඔ‍ෆිස් එකේ බීලා මම වමනේ දැම්මා සින්ක් එකක් පිරෙන්න..බයිට් එකට කෑවේ බිත්තර රොටී නිසා සින්ක් එක බ්ලොක්වෙලා වතුර යන්නේ නෑ..මගේ යාළුවා අත දාලා ඒ ඔක්කොම සුද්දකරලා හේදුවා ..හිතාගන්න බෑ...බීපු නිසාද දන්නෑ.....

    ReplyDelete
    Replies
    1. යාලුවොත් බීල ඉන්න ඇතිනේ ඒකයි:))

      Delete
  26. ලෙඩෙකුට උපස්ථාන කරනව කියන්නෙ බුදුන් ට උපස්ථාන කරනවා හා සමාන පින්කමක්...

    ReplyDelete
  27. @ටි.බි- සහතික ඇත්ත මල්ලි.

    ReplyDelete