Tuesday, February 14, 2012

ඕපන් ටොයි


මේ සිද්දිය උනේ හරියටම මීට අවුරුදු 3කට විතර කලින්,ඒ අපි නුවරඑළියේ ට්‍රිප් එකක් ගිය දවස් වල.කලින්දා නුවර එළියේ ඇවිත් ඇවිදලා කරලා මහන්සි නිසා වෙන්කරලා තිබ්බ තැනට ගිහින් රෑ නවාතැන් ගත්තා.

 ඒ උදේ පාන්දරම හෝර්ටන් තැන්න බලා පිටත් වෙන අදහස ඇතුව.මොන නැගිටිලිද උදේ පාන්දර වෙද්දි ඉදිකටු වලින් අනිනවා වගේ සීතල.


කොහොමින් කොහොමින් හරි ලෑස්ති වෙලා උදේ ආහාරයත් පොදි බැදගන හෝර්ටන් තැන්න බලා පිටත් උනා. ටික දුරක් එද්දි සීතල වැඩි හින්දමද මන්දා ගෑනු අය කීපදෙනෙකුටම සුලු දිය පහ කිරිමේ දැඩි අවශ්‍යතාවය පැන නැගිලා තිබ්බ :).


අවශ්‍යතාවයට සුදුසු තැනක් බල බලා එද්දි  හෝර්ටන් තැන්නට ඇතුල් වෙන තැන මෙන්න තියනව TOILET කියල ගහලා පෝළිමක්ම.කට්ටියම දෙය්යො දැක්කා වගේ,මහත් සන්තෝසෙන් ඒ පැත්තට ගියේ :).ආව පිරිමි අයගෙන් කීපදෙනෙකුත් ටස් ගාල පිරිමි අයට වෙන් කරල තිබ්බ පැත්තට ගිහින් ගිය කාරිය කරගන ආව.එයාල එද්දිත් ගෑනු අය තාම එළියේ.


පිරිමි අයට ප්‍රශ්නයක්!..අය්යෝ තාම ගියෙ නැද්ද?... අපි නම් ගිහින් ආව :), ඉක්මනට ගිහින් එන්න වෙලාව යනව.දවල් උනොත් ඇවිදින්න අමාරුයි බ්ලා... බ්ලා...


කොහොමද යන්නෙ අෆ්ෆා!...අර... 

ගිය වැඩේ කරගත්ත අයත් දනිපනි ගාල  ලංවෙලා එබිල බැලුව, උදේම අප්සැට් සීන් එකක්ද දන්නෑ කියල. එහෙමත් නෑ හොදට පිරිසිදුවට තියනව.එකම එක ප්‍රශ්ණයයි තිබ්බෙ.


 රූම් එක ඇතුලට ගියාට එහා පැත්ත  පොඩි ෆ්‍රේම් එකකින් එළියෙ කැලේට විවෘතයි.හයියෝ කොහොමද ඉතින් ඕකට ගිහින් සැනසිල්ලේ අදාල වැඩේ කරන්නේ!...ගෑනු අය කියවන්න ගත්තා.


හිහ්... හිහ්... හහ් හහ් හා...ඒක නම් ඇත්ත... කවුද දන්නෙ අපේ අය්යලා උදේම කැලේ ඉදන් මේ පැත්තට සම්මාන දාගන ඉන්නවද කියල,එව්ව කියන්න බෑ... :).


ඒත් අන්තිමට කොහොමින් හරි ඒ අය ඉවසලා ඉවසලා ඉන්න බැරිම තැන ගියපු වැඩේ කරගනම තමයි එන්න ආවේ...

38 comments:

  1. මමත් ඉස්සර ගිහින් තියෙනව හැබැ ඒ කාලේනම් ඔය ටොයිලට් හොඳට තිබ්බ හැබැ දැන්නම් කොහොමද දන්නෑ..ඇයි දෙයියනේ ලංකාවේ අපේ ජනතාව..ඔය පොදු දේවල් මහ ඉහලින් බලා කියා ගන්නව නේව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ නම් ලස්සනට පිරිසිදුවට තිබ්බ:). එකම අප්සට් එකට තිබ්බෙ අරක තමයි.

      Delete
  2. මේ පින්තූරේ කොහෙන්ද අක්කේ හොයා ගත්තේ? සින්දර පරිසරයක්නේ වටේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පරිසරය නම් සුන්දරයි තමා.වටපිටාවෙ කවුරුවත් නැත්තම් වඩාත් සුන්දරයි :)

      Delete
  3. මාරු වැඩ තමා වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මරු වැඩදත් අහනව.වෙන යන්න තැනකුත් තිබ්බෙ නෑ.මොනා කරන්නද ඉතින්.

      Delete
  4. අපි එක සැරයක් ට්‍රිප් එකක් යන ගමන් මීගමුව පැත්තෙ තිබුණ හෝටලයකට ගියා. මට මතක විදිහට ඩොල්පින් එක වෙන්න ඇති.. [හරියටම මතක නෑ]
    ඒකෙ කාමර වෙනුවට තැනින් තැන වෙන් වශයෙන් හදපු පොඩි ගෙවල් වගෙ ඒව තමයි තිබුණෙ.
    ඒවයෙ ''ටොයි'' ත් ඔය විදිහටයි තිබ්බෙ. වටේට අඩි පහක් විතර උස තාප්පයක් බැඳල .. පොළොවට කලුගල් අල්ලල .. ඒ පොළොවෙ තමයි කොමොඩ් එක හයි කරල තිබුනෙ.අහස පෙනව... ඒ මදිවට ඒක ඇතුලෙ ගහකුත් තියෙනව.
    හැබැයි හරීම නිදාහස් හැඟීමකින් වැඩේ කරන්න පුලුවන්.... කවුරුහරි තාප්පෙන් එබිල බැලුවොත් තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. අපිත් දවසක් කැලණියෙ තැනක හිටියා ගෙදර කට්ටිය එක්ක ගමනක් ගිය වෙලාවක.ඒකේත් පොඩ් පොඩි ගෙවල් තියෙන්නෙ වොශ් රූම් එක අය්ය කිව්ව විදියට අඩි 5ක් විතර එක පැත්තකින් බිත්තියක්.ඒත් මරු රෑට අහස පේනව.ලයිට් තිබ්බට පාවිච්චි කරේ නෑ.මොකෙක් හරි අහසෙන් ගියොත් වත් කියල.:)

      Delete
  5. ඉතින් රෙද්දක්වත් දාල ඒ කවුළුව කවර් කරන්න තිබ්බනේ?

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ඔව්ව සිහියට එන්නෙ නෑනේ.

      Delete
  6. පිංතූරේ තියෙනවා වගේම තමා අපි නං ට්‍රිප් ගියාම....එක පාරක් ඔහොම කැලේ ට්‍රිප් එකක් ගිහිල්ලා එනකොට අනික් උන් කියනවා දිවියෙක්ද කොහෙද ඇවිල්ලා මේං බෙටි කියලා..බැලින්නං ඊට ඉස්සෙල්ලා ගියපු එකාගේ ඒ.....

    ReplyDelete
    Replies
    1. හිකිz අය්යෝ මරු කතාව.

      Delete
  7. මොනවා වුනත් මේ දාලා තියන රූපේ තියනවා වගේ සුන්දර තැනක ඉඳං සනීපෙට හුළං පාරක් වැදි වැදී උදේට ඔය වැඩේ කරද්දී මොන ආතල් එකක් ඇතිද ??? දවසම ප්‍රබෝධමත්...... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් ප්‍රශ්නය තියෙන්නෙ කවුරුහරි බලාගන හිටියොත්

      Delete
  8. මොනවා උනත් මේ දාලා තියන රූපේ වගේ සුන්දර තැනක ඉඳං උදේට හුළං පාරක් වැදි වැදී ඔය වැඩේ කොරන්න තියනවා නම් කොච්චර ආතල්ද ??? දවසම ප්‍රබෝධමත්..... :D :D :D

    ReplyDelete
  9. සොබාදහමේ චමත්කාරය අපුරුවට විඳිමින් ඒ ගමන් හීල් හුලන්ගේ ලෝකේ ලොකුම සපත විඳින එක කොච්චර දෙයක්ද ? අන්දරෙනේ කිවුවේ ශරීරක්රුත්‍යය කිරීම "ලෝකේ ලොකුම සැපත" කියල. ඕනනම් අන්තිම පේලියේ මගේ(ජය්යගේ) කතාව බලන්නකෝ.. http://www.thelastrow.net/2011/02/%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%BB%E0%B7%94/

    ReplyDelete
    Replies
    1. අන්දරේ කිව්ව එක ඇත්තනේ හා නැද්ද මම් අහන්නෙ.:)
      මම් බලන්නම්කො පොස්ට් එක.

      Delete
  10. බෑ බෑ කිවුවට රතු කටු පැනපුවම උන්හිටි තැන් අමතක වෙනවනෙ.එතකොට ඔය කොතනත් එකයි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.එතකොට ලැබෙන තැන සුදුසුම තැන වෙනව.

      Delete
  11. ඇත්තටම දැන් 100%ක් ඕපන් ටොයිලට් තියෙනව ලංකාවෙ... තාම ඉතිං සුද්දොන්ට යන්න තියෙන තැන්වල විතරයි මම දන්න විදිහට එහෙම තියෙන්නෙ...

    පොළොන්නරුවෙදි සාතන්ට යන්න ලැබුන 25%ක් ඕපන් එකකට... පැති තුනකම බිත්ති තිබුන උසට... දොර නෑ ;) වෙලාව උදේ 6ට 7 ට විතර ඇති... කෙලින්ම ඉස්සරහ පේන්නෙ පදුරු පඳුරු තියෙන කැලෑව. තැනින් තැන ගස්. මොනරු කෑ ගහනව එකසිය ගානට. සමහර උන් රෑ ගත කරන්න නැගගත්තු ගස් වලින් බැහැලත් නෑ.. පිල් ටික බිමට වක්කරගෙන ඉන්නව... මතක විදිහට පැය භාගෙකට වඩා හිටිය ටොයිලට් එකට වෙලා :)

    ReplyDelete
    Replies
    1. හෙහ් නියම ස්ථානෙකනේ ඒක හදලා තියෙන්නෙ.

      Delete
  12. මොනවද නදී. බෙඩ් ශීට් එකක් අරං ගිහින් ඔලුවට දාගත්තනම් ගොඩනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ඔව්ව කල්පනා වෙන්නෙ නැති එකනේ වැඩේ

      Delete
  13. මරු පොට් එකක නේ ඒක තියෙන්නේ. හැමෝම මේක අනුකරණය කරන්න යයිද දන්නැ නදී අක්කේ

    ReplyDelete
    Replies
    1. හෙහ් එව්ව කියන්න බෑ.:)

      Delete
  14. ඒසී එකේ වැඩේ කරගන්න පුළුවන් නේ.... :D

    ReplyDelete
  15. ඔව්වා නං මොනාද... ඇස් දෙක පියා ගත්තනං හරිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක මතක් උනේ නෑනේ ඒ වෙලාවට.ආය ඔනේ උනොත් එහෙම කරනව.ස්තූතියි උපදෙසට.

      Delete
  16. හොර්ටන් තැන්නේ කෑම්ප් ගහපු දවස්වල ෆුල් ඒසී ටොයිලට් තමයි.....

    ReplyDelete
    Replies
    1. හිහිහ් අපි නොදන්නවැයැ ඉතින් :)

      Delete
  17. ඕපන් ටොයි නම් දැකලා නෑ.
    ඒත් පෝටබල් ටොයි නම් දැකලා තියෙනෝ !

    ReplyDelete
    Replies
    1. පෝටබල් නම් මමත් දැකලා තියනව.

      Delete
  18. රූපෙටම ව්ටින කතාව .. ලබන ආත්මේ පිරිමියෙක් වෙන්ඩ ප්‍රාර්ථනා කරන්ඩ ..

    නැචුරල් ප්ලේස් එකක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මගෙ ප්‍රාර්ථනාව ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න කියල.හ්ම්ම් මරු නේ.

      Delete
  19. පිරිමියෙක් වෙලා උපදින්නත් පින් කරන්න ඕනෙ...

    ReplyDelete
  20. @ ටි.බී- එහෙමත් එකක්ද?මමත් අහල තියනව ඔය කතාව.

    ReplyDelete
  21. ඔව්, ඊලඟ ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න නම්, මේ ආත්මෙ පිරිමි අයට උදව් උපකාර කරන්න...
    ඒත් ඊටත් වඩා හොඳම වැඩේ තමයි, මේ ආත්මෙදිම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින එක.

    ReplyDelete