Saturday, February 11, 2012

දැයට කිරුළ


මේ වතාවෙ දැයට කිරුළ ප්‍රදර්ශණය පැවැත්වෙන්නෙ අනුරාධපුරයේ ඇලයාපත්තුව - ඔයාමඩුව ප්‍රදේශයේ.ඒ 6 වෙනි දැයට කිරුළ ප්‍රදර්ශණය.අපිට ලග පාත නිසා දවස් 2ක්ම යන්න පුලුවන් උනා.ලග පාත කිව්වට අනුරාධපුරේ ටවුන් එකේ ඉදලා සෑහෙන දුරක් යන්න ඔනේ ඉතින්.මුල්ම දවසේ නම් එච්චරම සෙනගක් හිටියේ නෑ.

කෙලින්ම කාර් එක පාර්ක් එකට දාල බලන්න යන්න පුලුවන් උනා,පොඩ්ඩ දුරක් ඉතින් පයින් යන්න තිබුනා. ප්‍රදර්ශණ භූමියට ඇතුල් උනාම නම් සෙනග ගොඩක් හිටියා,ගොඩක්ම අය යුධ, නාවික, ගුවන්, STF ප්‍රද‍ර්ශණ කුටි වලට තමා බලන්න යන්නෙ.

මාධ්‍ය කුටි වලත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රදර්ශණ භූමියෙත් සෑහෙන්න සෙනග.ඒ වගේ විශාල ප්‍රදර්ශණයක් අනුරාධපුරේ වගේ පැත්තක අයට දැකබලාගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඔනේ මේ තරම් සෙනග හිටියේ.

භූමියේ විශාලත්වය අක්කර 600ක් විතර වෙනව.සෑහෙන ලොකු වපසරියක් එක දවසකින් බලලා ඉවර කර ගන්න බෑ.ගතයුතු දේවල් නම් ගොඩක් තිබ්බ.ඔක්කොම බලාගන්න බැරිඋන එක තමා පාඩුව.

ඔයාමඩුව ප්‍රදර්ශණ භූමියට ඇතුල් වෙන්න තිබ්බෙ ප්‍රධාන පාරවල් 3ක් විතරයි,ඒ නිසා සෑහෙන අපහසුතාවයක් තිබ්බ. විශේෂයෙන්ම වාහන තදබදය.ඈතට යනකම් දිග වාහන පෝළිමක් තිබ්බ.සමහරු ඇවිත් ප්‍රදර්ශණය බලන්න බැරුව ආපහු හැරිලා ගිහින්.

අපි නම් එක දවසින් ප්‍රදර්ශණේ සෑහෙන කොටසක් කවර් කරා.කාල බීල විනෝද උනා.රෑ 10ට විතර ප්‍රදර්ශණෙ බලලා එලියට ආව,කාර් පාර්ක් එකෙන් වාහන එළියට ගන්න බැරුව පැය 4ක් විතර ගතකරා.(කොහොමද කට්ට අෆ්ෆො...).පාන්දර 2ට විතර තමා පාර්ක් එකෙන් එළියට වාහනේ ගත්තෙ ඒ තරන් වාහන තදබදේ.ඒත් ඉතින් මදැයි ටිකට් එකේ හැටියට සෑහෙන දෙයක් බලාගත්තනේ. 

21 comments:

  1. මමත් යන්න තමා ප්ලෑන් කරං හිටියේ... වැඩේ ගැස්සුනා අප්පා... අපරාදේ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේ.යන්න තිබ්බ.

      Delete
  2. මටනම් තවම එකක් බලාගන්න වාසනාවක් නැතිවුනානේ. බලමු ලබන අවුරුද්දෙවත්.

    ReplyDelete
    Replies
    1. අහ් ලබන අවුරුද්දෙ අම්පාරට යන්න වෙයි එහෙනම්.:)

      Delete
  3. මහින්ද මාමත් කිරුල වටේ ගෙනියනවා නේ....
    මමත් ඕක නුවර තිබ්බ දවස් වල බලන්න ගියා

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද.ඔව් ඔව් ලංකාව වටේම යනවනේ.

      Delete
  4. අපි නම් දැයට කිරුළේ පිට දාලා ගිහින් නාකියාව බලලා ආවා. සුදු මැණිකේව නම් අපට හොයාගන්න බැරි උනා. මොනවද අෆ්ෆා ඔකේ තිබුනේ හැබෑට. මහා සෙනග ගොඩාක් හිටියා. මට නම් මතක එච්චරයි

    ReplyDelete
    Replies
    1. අහ් මෙහෙ හිටියට මම් නාකි අන්කල්ව දැකලා නෑනේ.ගෙට් එකේ ෆොටෝස් වලන් නම් දැක්කා.
      අපි ගියේ පෝය දවසෙයි ඊට කලින් දවසෙයි.ඔව් සෙනග ගොඩායි අම්මො එපා උනා ඉතින්.කොහොමහරි බලලා ආවා.

      Delete
  5. අනුරාධපුරයට ටිකක් දුර නිසා ඇත්තටම එන්න උනේ නැ.. ඒත් ඒ වගේ දෙයක් නිසා අවට ප්‍රදේශ වල සංවර්ධන කටයුතු සිදුවන එක ගැන නම් සතු‍ටුයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාට නම් ටිකක් දුරයි තමා.හ්ම්ම් අපේ ගෙවල් ලග පාරක් නම් කාපට් කරා.:)

      Delete
  6. අනේ මං දැයට කිරුළ එක ප්‍රදර්ශනයක්වත් බලන්න ගිහින් නෑ නෙ.කොළඹ තිබුන ඒවාවත් බැලුවෙ නෑ නෙ.

    අපරාදෙ වාහනේ ඇතුලෙම නිදා ගෙන පහුවදා උදේ යන්න තිබුනෙ.:D

    ReplyDelete
    Replies
    1. ආය ආවොත් යන්නකො.ශික් ඒකනේ.අපිට 12ට විතර එලියට එන්න තිබ්බෙ.

      Delete
  7. මට යන්න උනේ නෑ නෙව !
    ඔයා මඩුව දන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන් දන්නව ඉස්සර අහල තිබ්බට ගිහින් තිබ්බෙ නෑ.

      Delete
  8. මම මුල්ම දැයට කිරුල බලන්න ගියා ලංකාවේ ඉද්දි.. ඊට පස්සේ නම් ඉතින් ඒකට අවස්ථාව නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ආය මෙහෙ ආවොත් තමා ඉතින් නේ.

      Delete
  9. මමත් එන්න හිතාගෙන හිටියට එන්න උනේ නෑ...

    ReplyDelete
    Replies
    1. මම් හිතාගන හිට්ය ඔයාල එයි කියල.

      Delete
  10. deyata kirula කියලා FB එකක් ඇති පිංතෑර ගොඩක් දැම්මා copy right නැහැ ඕනම කෙනෙක් ගන්න සේවාව මගෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.බලන්නම්කෝ.

      Delete
  11. deyata kirula කියලා FB එකක් ඇති පිංතෑර ගොඩක් දැම්මා copy right නැහැ ඕනම කෙනෙක් ගන්න සේවාව මගෙන්

    ReplyDelete