Wednesday, September 28, 2011

මෝහිනී


මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.

කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.

ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.

ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

ඔන්න ඔය විදියට  ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම්  ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.

ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.

නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ  ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න. 

64 comments:

  1. මම නම් මෝහිනිට බය නැහැ අක්කේ....මොකද මම දිවයින පාඨකයෙක් ;) ;)

    ReplyDelete
  2. මොකෝ එක පාරට මෝහිනී මතක් උනේ.

    ReplyDelete
  3. මට මෝහිනී සෙට් වුනොත්
    මෝහිනී:-මේ දරුවව පොඩ්ඩක් වඩා ගන්නවද මට රෙද්ද ඇඳගන්න?
    මම:-නංගි දරුවව වඩාගෙන ඉන්න. මම රෙද්ද අන්ඳන්නම්......
    කියල රෙද්ද කඩල දුවනව....

    හික්....විහිලු හොදද

    ReplyDelete
  4. මම දැකලා තියෙන මෝහිනීල ඔය කිව්ව විස්තරයට ගොඩක් සමානයි!
    හැබැයි අතේ දරුවෙකුත් නැහැ,
    කොන්ඩෙ කඩාගෙනත් නැහැ,
    ඇදගෙන ඉන්නෙත් සාරියක් නෙවෙයි!
    හැබැයි ගොඩක් මිනිස්සු ඉන්න වෙලාවල් වලදීත් මේ අය පිරිමි අයට කතාකරනවා මම දැකලා තියනවා.

    ReplyDelete
  5. දැන් මෝහිණී මොඩ් වෙලා ස්කිනි සහ සහ ජීන්ස් නෙ අඳින්නෙ.. ඉතින් කොල්ලන්ව අල්ල ගන්න කියන්න දෙයක් නැතුවලු ඉන්නෙ..

    ReplyDelete
  6. හැමෝම ඔහොම කලාම,

    මෝහිනී අැවිල්ල දර්ව අල්ලන්න කියල, එතකොට කස්ස කිව්ව විදියට කරනකොට, මොහිනී රෙද්ද කැඩුවම,දරුව වඩාගත්තට පස්සෙ සිද්දවෙන එ්ව සිද්දවෙන විදියට පරිණාමය වෙයිද දන්නෑ :D

    මාත්නං දැකල අහ තියනව මොහිනී(ල)ට ටාගට් වෙච්ච අය ෆෝන් වලිං එහෙම ප්‍රලාප කියෝ කියෝ ඉන්නව! :D

    ReplyDelete
  7. මං අහන්නේ.. ඔය තනිපංගලමේ මෝහිනී වුනත් රෑකදී අපි වගේ කෙනෙක්ට හම්බ වුනොත්.. මෝහිනීට මොනවයි මොනා වෙයිද? මොනා වුනත් මෝහිනී පවු දෙයියනේ!

    ReplyDelete
  8. මේ මෝහිණී ඇත්තටම ලස්සනද අනේ?
    (හොරෙන් පැනලා යන්න) :D

    ReplyDelete
  9. මෝහිනී දැන් මොඩ් වෙලා... මොබයිල් එකක් එහෙම අරන් කලිසමක් ඇඳල... මූනු පොතෙත් ඉන්නව මයෙ හිතේ... හැබැයි ඉතින් දැන් ඉන්න මෝහිනීඑට අහු උනොත් නූලක් දාල නම් ගොඩ එනව බොරු

    ReplyDelete
  10. ඔය මෝහිනී නැතුවට රෑ ජාමේ බම්බලපිටිය...කොල්ලුපිටිය පැත්තේ මෝහිනී ලා වැහි වැහැලනෙ නදී...හැබැයි ඉතින් ඒ අය නම් පිරිමි අයට රෙදි අන්දවන්න කියන අය නෙමේනෙ...මේ මෝහිනීට වඩා වෙනස් වෙන්නෙ ඒකයි

    ReplyDelete
  11. මම් බයේ හිටියේ කඩවසම් පිරිමි පාරේ තනියම යනකොට මොහිනි අල්ලගන්නවයි කියපු හන්දා. කොයිකටත් මාත් පරිස්සම් වෙන්නෝන.

    ReplyDelete
  12. ඒ නිසා තරුණපහේ """කඩවසම්""" පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න.

    එහෙනම් ඉතින් මම බය නෑ.:D

    ReplyDelete
  13. දිල් අක්කගේ කතාවත් එක්ක මාත් එකගයි... ඔය මෝහිනිලනම් අපි මෙහෙ පාරවල් වල ඕනතරම් දකිනවා.. ඒකනේ මම රෑට තනියම කොහේවත් යන්නේ නැත්තේ.... :D

    ReplyDelete
  14. මෝහිනී නෑ කියන්නේ....????
    මම හෙන සෙට් එකක් දැක්කනෙ අද මහ දවල්. උන්ගෙ නම් අන්දවන්න එච්චඑ රෙදි තිබුණෙක් නැහැ... හලී සුවීට්.

    ReplyDelete
  15. අය්යෝ මල කෙලියයි ,.. මොහිනිටත් ගිය කල .....

    ReplyDelete
  16. මෝහිනී ව බලා ගන්න විදියක් නැද්ද..මෙච්චර ලස්සනයි කියන්නේ ඇත්තද දන්නේ නැහැ..

    ReplyDelete
  17. අඩේව් මගෙ වයිෆ්ට එක එක එව්වා කියන්න එපා හරිය.. බාවනවා ......... :(

    ReplyDelete
  18. "විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි, "

    සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනව.මාරය අයියට කියල කේන්දරේ බලව ගත්තොත් හොඳයි කියලත් හිතෙනවා...

    (මං රහසක් කියන්නම්, කාටවත් කියන්න එපා හරිය....අර ළමය මගේ...)

    ReplyDelete
  19. ඔය කීවත් මෝහිනී කෙනෙක්ව ඇත්තට දැක්ක දාට තමයි කාට කාටත් තේරෙන්නේ . කස්ටිය දුවයි හුරේ කියලා

    නදී අක්කේ අකුරු ලා පාට වැඩියි වගේ

    ReplyDelete
  20. මෝහිනී හරී ආසලු බටනලා සද්දෙට.
    ගොම්මන් වෙලාවට බටනලා පිඹින්න එපාලුනෙ

    ReplyDelete
  21. මෝහිනී නම් දැකලා නෑ... හැබැයි රෝහිණි නම් දැකලා තියෙනවා.... :D

    ReplyDelete
  22. කලු කුමාරය ගැනත් ලියන්ට හොදේ...

    ReplyDelete
  23. ඇත්තට ඉස්සරකාලේ මොහිනිලා.. සහ මේකාලේ ඉන්න මොහිනිලා අතර මොනවිදිහේ වෙනස්කම් තියෙන්වද දන්නෑ....

    ReplyDelete
  24. ඉස්සෙල්ලම කියන්න තිබුනේ කලු කුමාරයා ගැනනෙ අක්කෙ.
    මං දන්න අක්ක කෙනක් කියනවා එයාට කලු කුමාර බැල්ම තියෙනවා.ඒ නිසා අවුරුදු 30න් පස්සෙ ලමයි හම්බ වෙන්නෙ නෑ කියලා.තාම එයා බැදලත් නෑ.මටනම් හිනා ගියා අහලා.එතකොට කියනව නෑ ඇත්ත හලෝ කියලා...හික්ස්...:D

    ReplyDelete
  25. මෙන්න මෝහිනී නංගිට කටකතා හදනවෝ .....

    ReplyDelete
  26. මෝහිනී කියලා ඇත්තටම නම තියෙන අයට මොනවා හිතෙනවා ඇත්ද?
    ඒ වගේම තව නමක් තමයි කාමීනී!

    ReplyDelete
  27. කතන්දර අය්යේ : කාමිණි කියන්නේ, කා + මිනී කියන එක තමා එයාලට වඩා හරි..

    ReplyDelete
  28. කළු කුමාරයට මෝහිනී ව සෙට් කරල දෙමුද ??? නෑ නෑ සීටීකුමාරට නෙවෙයි !

    ReplyDelete
  29. මොකද නඟා එක පාරටම මෝහිනි ගැන ලියලා තියෙන්නෙ කලු කුමාරයව වත් දැක්කද .......

    ReplyDelete
  30. දැන් ඉන්න මෝහිනීලාගෙන් නම් නූල් දාලත් බේරෙනවා බොරු. වෙනස තියෙන්නේ රෑ දවල් නැතිව මොහිනීලා ඉන්න එකයි දැන් කාලේ...:D

    ReplyDelete
  31. ඔය විස්වාසේ ලංකාවට විතරක් පොදු එකක් නෙවෙයි කියල මම දැනගත්තේ මෙහෙදී. මේ පැත්තේ ඒක පාරක් තියෙනවා කැලේ සහිත.. එකේ රෑට තනියම වාහන එලවන්න විශේෂයෙන්ම මෝටර් සයිකල් කාරයෝ බයයි ඔය විදිහේ ගෑනියක් පර අයිනේ හිටන් ඉන්නවා කියලා..

    ReplyDelete
  32. අය්යෝ ඉබ්බෝ නහි හේ.. ක්යා තුමාරා කරේ.. කුච්තෝ කරේ හේ..
    පීලීස් එසා මත කරෝ again ..
    මුජේ ඉබ්බෝ දෝ.. මේරා ඉබ්බෝ දෝ..
    මේ මගේ ඉබ්බෝ ටික කෝ? ඉබ්බෝ ඕනේ...

    ReplyDelete
  33. මාත් බය නැහැ. මාත් චම්මා වගේ දිවයින පාඨකයෙක්. ඒ වගේම සිංහල බ්ලොග් කියවන්නෙක්. ඒක කියෙව්වාම ආයි කතා කරන්න දෙයක් නැහැ

    ReplyDelete
  34. අපි බය නෑ මෝහිනීට, මොකද අපි ගලායන ජීවිතයේ පාඨකයෙක්... :)

    අප්පා නදී අපි ඉන්න පැත්තෙත් ඉන්නව මෝහිනීල වැහි වැහැල.... වෙනසකට තියෙන්නේ සුදු අඳින්නේ නැති එක විතරයි.. :) අහු උනොත් ඉතින් අනාථයි.

    ReplyDelete
  35. අපි නම් ඉස්සර කියන්නේ මොහිනීයි එයාගේ නංගී රෝහිනීයි දෙන්නම ආවත් අපි නම් බය නෑ කියලයි . .

    තාමත් ඉන්නවාද මේ මිත්‍යා මත විස්වාස කරන අය නංගී?

    ReplyDelete
  36. දැන් ඉන්නේ මෝහිනී කලු කුමාරලා නෙමෙයි " ග්‍රීස් යක්කු"

    ReplyDelete
  37. ඔන්න එහෙනම් මාත් බයවෙන්නෙ නෑ... ;)

    ReplyDelete
  38. ChammA- අහ් එහෙමත් එකක්ද?

    පිණිබිඳු..-ඔය මතක් උනේ කාලෙකට පස්සේ

    කස්සා-ඔහොම කියන අය ඇත්තටම දැක්කනම් මෝහිනීව බය වෙනවලු.

    ReplyDelete
  39. sajith- මම තාම දැකලා නෑනේ ඔය කට්ටිය.

    Weni- හහා ඒකත් එහෙමද?

    තනි අලියා-ඒක නම් මමත් දැකලා තියනව

    ReplyDelete
  40. චතුවා-අහ් දවසක හම්බ වෙලා බලකො බයේ නූල් බදින්න වෙයි.

    සීතල අයියා-ලස්සනද කියන්න මම් දැකල නෑනේ.

    පිස්සා පලාමල්ල-ඒකත් එහෙමද.මෝහිනිත් මොඩ් වෙලා එහෙනම්

    ReplyDelete
  41. දිල්-මම් දැකලා නෑනේ එහෙම අය

    මධුරංග-ඒ කියන්නෙ ඔයා කඩවසම්ද?

    Kasun- හික් ඔයත් කඩවසම් තරුනයෙක් එහෙනම් :))

    ReplyDelete
  42. ඪිනෙශ්-මම් තාම දැකලා නෑනේ.එළියට යනව අඩුනේ හවස.

    පැණි දොඩම්-ඇ බොලෙ කොහෙද ඔයා ගියේ:O

    ඩනුලට්බ්-ඒකනේ

    ReplyDelete
  43. Sඅයුරි-ලස්සනයි කියනවනේද ,මමත් දැකලා නෑනේ.

    මහසෝණා මහතා-අපි බයවෙයි හූහූඌඌඌඌඌඌ

    පිසාචයා-ලමය ඔයාගේ මොකක්?

    ReplyDelete
  44. හිස් අහස- ඔව් ඇත්තටම දැක්කොත් ගල්ටික්වෙයි.අකුරු හැදුවා මල්ලි.

    Chanaka Aruna Munasinghe- ඔව්නේද බටනලා විසිල් පිඹින්න එපා කියනව තමා.

    සෝරෝ- එහෙමද හික් හික්

    ReplyDelete
  45. සිහින- හා හා බලමුකො

    ර්‍අජ්-සෑහෙන්ට වෙනසක් ඇති හැමදේම වෙනස් වෙලානේ දැන්.

    නිසුපා-අහ් අනේ මන්ද ඕනවට වඩා ඕව පස්සෙ යන්න හොදනෑනේ.

    ReplyDelete
  46. Tanikada- අපි නම් කට කතා හැදුවෙ නෑ ඔන්න.

    කතන්දර ඛතන්ඩර-මෝහිනී කියල නම් තියන අයව නම් මම් අහලා නෑ.රෝහිනී නම් ඉන්නව.

    ක්සැන්ඩර් | Xander- නියම කතාව

    ReplyDelete
  47. Weni- අම්මෝ කපුකම් නම් කරන්නෙ නෑ.:)

    පන්සල් හංදිය-අනේ නෑ.

    priyantha -ඒක නම් ඇත්ත,ලේසියෙක් බේරිලා යනව නම් බොරුලු.

    ReplyDelete
  48. සරත් ලංකාප්‍රිය-එහෙනම් ඔහෙත් ඉන්නව මෝහිනීලා.

    දුශ්-ඉබ්බො වික්කා.

    Hasitha- එහෙනම් අවුලක් නෑ.

    ReplyDelete
  49. නදුන් උයන-අහ් එහෙනම් පරිස්සනෙම් ඉන්න එකයි තියෙන්නෙ.

    දුකා-ඔව් නේද? තනිපංගලමේ ඉන්න මිනිස්සු බය වෙනවනේ ඉතින්.

    Sanjaya සිතුවිලි - ඔව් නේ ,ඒත් ග්‍රීස් යකින්නියො නම් නෑ මම් හිතන්නෙ.

    ReplyDelete
  50. ටී.බී.- හා දැන් බය වෙන්න ඔනේ නෑ. ඇත්ත දැනගත්තනේ.

    ReplyDelete
  51. දැන් කාලේ ඉතින් කඩවසම් පිරිමි කියලා ජාතියක් නැති හන්දා මෝහිනී එන්නේ නැතිලු. ඒ කතාව අහලා නැද්ද?...:D:D:D

    ReplyDelete
  52. Podi Kumarihami- හෙක් හෙක් ඔව්නේ බොලේ.එහෙම අය අඩුයිනේ :ඩි :ඩි

    ReplyDelete
  53. "නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ." මෙහෙ පොරොසිද්ධියේ මං වගේ අහිංසකයින්ට පහර ගහන එක වැරදියි නෙ අක්කණ්ඩි. :/

    ReplyDelete
  54. හා ඒ කියන්නේ එහෙනම් මට බය වෙන්න දෙයක් නෑ....

    ReplyDelete
  55. පිරිමියෙක් මෝහනය කරන්න පුළුවන් ඕනම ගැහැණු කෙනෙක් මෝහිණී ලු....

    ReplyDelete
  56. Prabhath ඪර්ශන-අනේ මම් කාටවත් පහර ගහන අදහසකින් නම් නෙමේ කිව්වෙ.

    prasanna86k -ඔව් ඔයා කඩවසම් හැන්ඩි කොල්ලනෙ:)

    ලහිරු -ඇහ් ඒකත් එහෙමද.

    ReplyDelete
  57. ඔය මෝහිනී කියන්නෙ රෝහිනීගේ අක්ක. සමහර ගම් පළාත් ව්ල තියෙන මිත්‍යා දේවල්. ඉය වගේමයි බෝදිලිමා.. දවල්ට කටුස්සෙක්. රෑට මිනිසුන්ගෙ ඇඟට පනින යකින්නක්. හැබැයි දැකපු කෙනෙක් නෑ.
    නදීලට බයවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  58. nihalw- ඔව්.මිත්‍යා මත තමයි.:)ඒත් ගොඩක් අය බයවෙනවනේ නම ඇහුව පමණින් දැනට උනත්

    ReplyDelete
  59. අයියෝ මම කියන්න ගිය එක වෙන විදියකට නෙ කියවිලා තියෙන්නේ.:D කඩවසම් අයට නෙ මෝහිනී කරදර කරන්නෙ, ඒක නිසා මම බය වෙන්න ඕන නෑ කියලයි කියන්න ඕන වුනේ.:)

    ReplyDelete
  60. ඛසුන්-හරි හරි ඔයා කඩවසම් කියල අපිත් හිතාගන්නම් කෝ :)

    ReplyDelete
  61. ඔය මෝහිනී කියන්නෙ රෝහිනීගේ අක්ක. සමහර ගම් පළාත් ව්ල තියෙන මිත්‍යා දේවල්. ඉය වගේමයි බෝදිලිමා.. දවල්ට කටුස්සෙක්. රෑට මිනිසුන්ගෙ ඇඟට පනින යකින්නක්. හැබැයි දැකපු කෙනෙක් නෑ.

    ReplyDelete
  62. මෙන්න නියම මෝහිනීලා... කියවල බලන්න..ගාල්ල පැත්තේ වෙච්ච සිද්දියක්... මීට වඩා මෝහිනීලා කොහෙද?
    http://www.divaina.com/2012/06/29/news18.html

    ReplyDelete
  63. මෙන්න නියම මෝහිනීලා... කියවල බලන්න..ගාල්ල පැත්තේ වෙච්ච සිද්දියක්... මීට වඩා මෝහිනීලා කොහෙද?
    http://www.divaina.com/2012/06/29/news18.html

    ReplyDelete