Friday, September 23, 2011

බී.. යූ.. ටී.. බට් ! සී.. යූ.. ටී.. කට්! පී.. යූ.. ටී.. ?


ඔන්න ඉස්සර කාලෙ භාශා කීපයක්ම දන්න කෙනෙක් හිටියලු.ඒ කාලේ ඉදලා තියනවනේ භාශා 6 ක් 7ක් දන්න හාමුදුරුවරු පවා.

මේ කියන කෙනත් ඔක්කොම භාශා ඉගන ගත්තෙ තනියමලු.ඒ තරම් හැකියාවක් තිබ්බලු.

ඔය අතරේ සිංහල, පාළි, සංස්කෘත, හින්දි, උර්දු, දෙමළ....ඔය වගේ භාශා වලට අමතරව එයාට ඕනේ උනාලු ඉංග්‍රීසි භාශාවත් ඉගන ගන්න.

ඒත් ඉතින් කාගෙන් උදව් ගන්නද?

ඉංග්‍රීසි දන්න කෙනෙක් හත්ගව්වක නෑලු.

කොහොමහරි පොතක් හොයාගන ස්ව‍යං අධ්‍යනය ( සෙල්ෆ් ස්ටඩි!! ) කරන්න හිතාගත්තලු. ඔන්න ඉතින් ඉංග්‍රීසි ව‍‍ය්‍යාකරණ පොතකුත් අරන් ඇවිත් කියවන්න ගත්තලු.

ඉංග්‍රීසි හෝඩිය එහෙමත් කියවලා...

අකුරු දෙක තුනේ පොඩි පොඩි වචන  කියවන්න ට්‍රයි කරාලු.

බී.. යූ.. ටී..  කියන්නෙ බට්

එතකොට සී.. යූ.. ටී..  කට්

පී.. යු.. ටි..
පුට් 

ඈහ් ...එහෙම වෙන්නෙ කොහොමද???

බී.. යූ.. ටී..  බට්      සී.. යූ.. ටී..  කට්  නම්
පී.. යු.. ටි..  පට් වෙන්න එපැයි!!!

මුන්ගෙ &*%*&^$&^$&^  අහවල් භාෂාව!!!

කියල ඒක ඉගනගන්න එක අතෑරල දැම්මලු.

41 comments:

  1. ඔයාටද උනේ? හික්ස්...

    ReplyDelete
  2. හික් හික්.....ලොල්....අපරාදෙනේ අතෑරලා දැම්මේ.තව දුර ඉගෙන ගත්තා නම් අලුතින් වචන ටිකක් එකත් වෙන්න තිබ්බා.. ;)

    ReplyDelete
  3. ඒකනේ මම් ඉංග්‍රිසි වලට එච්චරම මනාප නැත්තේ. හික් :)

    ReplyDelete
  4. අපොයි....
    මිනිහා හරිනේන්නම්. පීයුටී පට් වෙන්න එපැයි..:DDD

    ReplyDelete
  5. එන් යූ ටී නට් නොවැ...

    ඇයි එහ් යූ ටී හට් නේ...

    ඉතින් කොහොමද පී යූ ටී පට් නොවෙන්නේ....

    ReplyDelete
  6. ඉන්ග්‍රීසි වල තියෙන ලොකුම කචල් එක ඕක තමයි.

    ReplyDelete
  7. ඉංගිරිසි...නොවැ..අපො..ඔකුන්ගේ භාෂාව ඔහොම්මම..තමා......

    ReplyDelete
  8. ඉන්ග්‍රීසි නම් මේ වගෙ බහුබූතම තමයි. දන්නවද ජර්මන් නැත්නම් ඩොයිෂ් භාශාවෙ වචන කියවන්නෙ ඒ ශබ්දයටමයි.. ගොඩාක් වචනවලට ..

    ReplyDelete
  9. බොන්න ඔ්න ප්‍රශ්නයක්! අර දෙක එහෙමනං p වලට විතරක් මොකද වෙනස්කං කරන්නෙ?

    ReplyDelete
  10. ඔය කියන කොටයි මටත් මතක් උනේ... :O මේක වුණේ අපේ කැම්පස් එකේදි.. ඔන්න අපිට උගන්නන්න ආවා සර් කෙනෙක්..මෙයා ගේ ඉංග්‍රීසිඋච්චාරණය නම් ටිකක අමුතුයි..කොටින්ම ඩේටා(DATA) කියන එක කියවන් නේ ඩාටා කියලා..ඉතින් ඔය වචනේ කියවන ගානේම පන්තිය එකම සිනා සාගරයක් වෙනවා. බැරිම තැන සර් බොඩ් එකේ මෙහෙම ලිව්වා
    ටි-එ-ටි-එ(T-A-T-A) දැන් මේක ශබ්ද කරන්න කිව්වා. ඉතින් අපි ටාටා කිව්වා.. එහෙනම් මේක මොකක් ද ඇහුවා ඩි-එ-ඩි-එ(D-A-D-A).. ඇත්ත තමයි එතකොට ඉතින් ඩාටා නේ.. ඔන්න එදායින් පස්සේ නම් අපි ඩේටා වලට ඩාටා කියනකොට හිනා වුනේ නෑ..:P

    ReplyDelete
    Replies
    1. මට මතකයි අපි AL කරද්දි සර් කෙනෙක් හිට්ය 'ඩේටා' නොකියා 'ඩාටා' කියන. අපි ඉස්සර ඕකට හිනා උනා. දැන් මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. මෙහෙ මනුස්සයො අපි 'ඩාටා' නොකියා 'ඩේටා' කිව්වම අපිට හිනා වෙනවා..දැන් තෙරෙනවා ඉස්සර අපි කොච්චර මෝඩද කියලා...

      Delete
  11. නදීටත් වෙන වැඩ ...........:D

    ReplyDelete
  12. අයි කැන් ස්පීක් විතරක් නෙවෙයි ටීච් ඉංග්ලිෂ්...

    ReplyDelete
  13. ඔන්න දවසක් ඉංග්‍රීසි බැරි කෝකියෙක් ගෙදර මහත්තයට තමන් ඉංග්‍රීසි දන්නවයි කියල පෙන්නන්න ඉංග්‍රීසි වාක්‍යක් සින්ග්ලිශ් වලින් ලියාගෙන ගියාලු...
    ගිහින් ගැම්මක් දාල කිව්වලු...
    "දඩි නාරිස් ඔන්දටෙබල්.."

    ReplyDelete
  14. එතොකොට ඕ..යූ..ටී.....????

    @චතුමිතු : ඩේටා කියල කියන්නේ අමෙරිකන් ඉන්ගිල්ශ් වලින්ද කොහෙද නේද???

    @ පිසාචයා : දඩිනාරිස් :D :D :D

    ReplyDelete
  15. @ චතුමිතු
    කොහේද කැම්පස් එක?

    ReplyDelete
  16. ඔන්න ඕකයි මමත් ඉංගිරීසි අත හැරලා දැම්මේ

    ReplyDelete
  17. ඕකනේ අපි ඉංග්‍රිසි ඉගෙන ගත්තේ නැත්තේ....

    ReplyDelete
  18. ඔව් ඔය ප්‍රශ්නේ මදිවට තව ඇමරිකන් බ්‍රිටිෂ් කියල දෙකකුත් තියනවනේ....තව ස්වර වල ප්‍රශ්නෙකුත් තියනවා... "ඇ" වෙනුවට ඉංග්‍රීසි ස්වරයක් නැහැ නේද?

    ReplyDelete
  19. ගෝ.... ඩක් වගේ තමයි.. ලොල්ය.

    ReplyDelete
  20. ඒකනේ ඕක ඔය ඉංග්‍රිසි අය තේරුම් ගත්තානම් අපිට මේ කරදරේ නැනේ

    ReplyDelete
  21. මේකනම් මෙයාට වෙච දෙයක් වගේ :P

    ReplyDelete
  22. හික්...හික්... :)
    ඔය වගේ සිනා සාගරයක් නෙ, Mind Your Language ටීවී සීරිස් එක. බලල ඇතිනෙ... :D

    ReplyDelete
  23. ශානු- :)

    සීතල අයියා-පිස්සුද?

    පිස්සු පුසා-ඒකනේ බලන්නකො අපරාදේ.

    ReplyDelete
  24. මධුරංග-අහ් ඒක තමා මටත් හිතුනා.

    රචි-හක්ක පනී දැන්.

    priyantha -ඒකනේ එයා හරි.

    ReplyDelete
  25. අභීත-ඒකනේ ඒ මනුස්සයා හරි.

    නිසුපා-ඒකනේ නැත්තම් අපිටත් කාඩ්ඩ මොකද්ද නේ.

    ර්‍අජ්-හික් හික්.

    ReplyDelete
  26. Wඑනි-ආ..

    තනි අලියා-ඒකනේ කිසිම තර්කානූකූල භාශාවක් නෙමේ නේද?:)

    චතුමිතු-ඒකනේ සර් හරි.

    ReplyDelete
  27. The ළිඔන්-මේක උනේ මට නෙමේ.

    චතුවා (ළමයා)-අහ් ඔයා බීසී ගියානේ.කඩ්ඩ හොද ඇති එහෙනම්.

    පිසාචයා-හික් හික්.මරු කතාව.

    ReplyDelete
  28. තාරක ඪිල්ශ්@න්-ඒක අවුට්.:)

    හිස් අහස-අහ් ඒකතමා.මම් හිතුව.

    ඪිනෙශ්-මහ කමකට නැති භාශාවක් නේද?:)

    ReplyDelete
  29. Sඅයුරි-අවුල් ගොඩයි තමා.මගෙ නමත් හරියට කියවන්න බැරුව සෑහෙන අපහාසුතාවලට ලක් වෙනව.ඔය හේතු නිසාම.

    සුළඟිල්ල | pinkie- හික්ය.

    දේවා ගේ අඩවිය-උන්ට ඒකවත් තේරෙන්නෙ නෑ මල්ලි.

    ReplyDelete
  30. පුංචි පුතා-පිස්සුද මට නෙමේ.

    ටී.බී. හේරත්-හහා බලල තියනව.:))

    ReplyDelete
  31. ඔන්න නදී මම නම් අදමයි ගොඩ වැදුනෙ ලියන්නගෙ Render Barry පෝස්ට් එක බලන්න ආපු ගමන්. ඒ ඉංග්‍රීසි ඉගෙනීම අතහැර දැමීමට මගේ සම්පූර්ණ අනුමැතිය මෙයින් ලබා දෙනවා. (කාටවත් කියන්න එපා මමත් ඉංග්‍රීසි ගුරුවරයෙක්)
    henryblogwalker the Dude

    ReplyDelete
  32. සුද්දටම හොඳයි උන්ගේ භාශාව.... ඔය වගේ අප්සට් සිද්දි කීපයක් ම තියෙනවා.

    ReplyDelete
  33. එක අතකට ඒකත් ඇත්ත .........
    පි යූ ටි පට් නේ........
    හික් ....... හික් .....

    ReplyDelete
  34. සුද්දාගේ ඉංග්‍රිසිනේ. ඒක ඉතින් සුද්දාගේ විදිහට තමා :))

    ReplyDelete
  35. take කියන්නේ ටකේ love කියන්නේ ලොවේ ..

    ReplyDelete
  36. හිකැස් කිව්වලු...

    ReplyDelete
  37. Dude- අහ ඔයත් ඉන්ගිරිසි ගුරුවරයෙක් එහෙනම්.

    පිස්සා පලාමල්ල-ඔව් නේද?

    පන්සල් හංදිය-ඒකනේ

    ReplyDelete
  38. Hasitha - හෙක් හෙක්

    සරත් ලංකාප්‍රිය-ඔය තියෙන්න්නෙ නියමෙට. වචන තවත් හොයාගන.

    බිඟූ...! -හික් හික්

    ReplyDelete