Friday, September 16, 2011

හොදට පාස් උනොත් අක්ක යන ඉස්කෝලෙට යන්න පුලුවන්


ඒ අනූව දශකයේ මැදභාගයට ආසන්න කාලසීමාව, ඒ වෙද්දි මම හිටියේ 5 වසරේ විභාගය සදහා සූදානම් වෙමින්.


අපි කෙසේ වෙතත් විභාගෙ වෙනුවෙන් අපිට ඉගැන්නුව ගුරුවරියගෙ නම් ලොකු සූදානමක් තිබ්බ කියල මතකයි.


ගෙදරින් ඒ තරම් බලපෑමක් නොතිබ්බත් විභාගෙ හොදට පාස් උනොත් අක්ක යන ඉස්කෝලෙට යන්න පුලුවන් කියල හැමෝම කිව්වා.


ඒනිසා අමතර ක්ලාස් එකකටත් ගියා. ඒ පන්තිභාර මිස්ගෙම ක්ලාස් එකකට.ඉස්කෝලේ ඇරුනම කොන්වන්ට් එක ඉස්සරහ තිබ්බ කෝසලගෙ ගෙදර තමයි මිස් ක්ලාස් එක කරේ.

මිස් ගොඩාක්... හොදයි,ලමයීන්ට ආදරෙයි... ඒවගේම සැරයි!.හිටපු ගමන් චට පට ගාල වැදෙනව පන්තියේ ගොඩක් අයට,මටත් එහෙම පාරවල් වැදිලා තියනව.ආය බොරු කියන්නෙ මොකටද?.

ඒ දවස් වල මට ශිෂ්‍යනායිකා තෝරන එකෙන් නායිකා පට්ටමකුත් හම්බ වෙලා තිබ්බ.ඒක නිසාම ටිකක් ලොකුවට තමා හිතන් හිටියේ.

මගෙ හොදම යාලුව උනේ හර්ශනී.තව හොදම යාලුවො වෙච්ච පිරිමි ලමයි රොත්තකුත් හිටියා.ළහිරු,ජනිත්,කෝසල,වරුණ,කල්හාර...ඔන්න ඔයවගේ කට්ටිය.

ඒ කාලේ ගැණූ පිරිමි භේදයක් කියල එකකුත් දැනෙන්නෙ නැනේ,ගොඩක් වෙලාවට ඉන්ටර්වල් එකට කාලාබීලා ඉවර වෙච්ච ගමන්ම කරන්නෙ පිට්ටනියට දුවන එක.

ඉස්කෝලෙන් පස්සෙ ඉස්කෝලෙදිම කාලා,ආයෙත් කෝසලලගෙ ගෙදරට යනව ක්ලාස් එකට මිසුත් එක්කම.

ක්ලාස් එක ඇරුනම අප්පච්චි එනව එක්ක යන්න. ඔන්න දවසක් අප්පච්චිට පැමිණිල්ලක්!...

දුවගෙ අකුරු පොඩ්ඩක් බලන්න ගෙදරදී...


ඔය ටික විතරයි මට ඇහුනේ...තව හිමින් හිමින් මොනාද කුටු කුටු ගෑවා අප්පච්චි එක්ක මිස්.


මම් පන්තියේ ඉදන් හොර බැළළී වගේ බලාගන හිටිය.

අප්පච්චිත් ගෙදර ගිහින් පාඩම් කියලා දෙන අතරේ මට හොදටම දෙහි කැපුවා...

ඒ සද්දෙට ගෙදර ඔක්කොම සෙට් එක වටවුනා,ඇවිත් මගෙ පොතේ අකුරු බලනව...,ඒ අස්සෙ හීන්අත්ත කණ්නඩියත් දාගන ඇවිත් ඉන්නව, පොත් බලන්න... අත්අකුරු අදුනගන්න...

මෙන්න බොලේ මුලින්ම තියන අකුරු රටාව නෙමේ පස්සෙ පස්සෙ තියෙන්නෙ. :O

පොතේ මැද හරිය වෙද්දි වෙන කෙනෙක් ලියපු  අකුරු!...

හත් දෙය්යනේ! මේ හෙට අනිද්දා 5 වසරේ විභාගෙට ලියන්න ඉන්න කෙල්ල...අම්ම කියවනව...

 අම්මේ...! මෙයා කාට හරි කියල ලියවගන්නව වගේ...මේ අකුරු ගොඩක්ම වෙනස්...

ඒ අක්ක...එයා බලාගන ඉන්නෙ මගෙ කොහෙන් හරි ඇදයක් හොයාගන අප්පච්චිට කියල ගුටියක් වද්දවන්න...

දවසක මිස්ම පන්තියේදි නඩුව විසදුවා...පොත් චෙක් කරලා...මටයි අරලියාටයි එන්න කියල තදින්ම අවවාද කරා...අරලියා තමයි මම් වෙනුවට මගෙ පොතේ ලියල තියෙන්නෙ....

ඒත් මේ වෙද්දි මට හරියටම මතකයක් නෑ...ඉස්කෝලෙදි ඒ පීරියඩ් වෙලාවට මම් මොකද කරේ කියල?....:O

ගෙදර කට්ටියම කිව්වෙ දීල තිබ්බ නායිකා පට්ටමේ  බලේට මෙයා ඒ ලමයට කියලා ලියවගන වෙන්නැති කියල.

කොහොම හරි අන්තිමේ මගේ හොදම යාලුවොත් එක්කම මම් සෙන්ට්‍රල් එකට යන්න තරම්  ලකුණු අරන් තිබ්බ.අරලියා ෆේල් වෙලා!...:(

පස්සෙ කාලෙක අරලියා ඕ ලෙවල් වලින් හොදට පාස් වෙලා අපේ ඉස්කෝලෙට ආව,කොමර්ස් කරන්න.

ප.ලි: අනුන්ට කියල ලියවගත්ත නිසාද දන්නෙ නෑ,මේ වෙනකම්ම කවුරුත් මගේ අත් අකුරු ලස්සනයි කියල නෑ.ඒව බැලුවහම එහෙම කියන්නත් බෑනේ ඉතින්!....:)

38 comments:

  1. ඉස්සරහට කොහොමත් අත්අකුරු වැඩිය ඕනේ නැති වෙයිනෙ, කම්පියුටර් ප්‍රින්ට්ඩ් නේ :D
    ඒ කාලේ නම් මගේ අකුරුත් හකුරු වගේ කියලා මිස්ලා කියනවා..ඒ හින්දාමද කොහෙද දැන් අකුරු ටිකක් විතර ලස්සනයි(ලු)..

    ReplyDelete
  2. අරලිය පාස් වෙන්නේ කොහොමද ඉතින් ඒ ළමය අනිත් ළමයින්ගේ වැඩත් කරන්න එපයි... හොද වෙලාවට ඕ ලෙවල් කරද්දි යාලුවෝ ටික මග ඇරුනේ ....

    මේකේ තියන අකුරු වලනම් අවුලක් නෑ හැබැයි....

    ReplyDelete
  3. ඔයා මේ බ්ලොග් එක ලියවගන්නෙත් වෙන කාටහරි කියල වෙන්න ඇති නේ. හි හි හි

    ReplyDelete
  4. ඒ කාලේ මටත් මතකයි.හපෝ මැශින් වගේ පටන්ගත්ත ක්ලාස් යවිල්ල ඉවර වුනේ A/L කරලත් අවුරුදු ගානකට පස්සෙ.

    ReplyDelete
  5. අත් අකුරු කිව්වම පිස්සු හැදෙනවා... මම මේ ළඟදි ලියන්න හැදුවාම ලියවෙන්නෙම නෑ. කොටින්ම කිව්වොත් හරියට පෑන අහුවුණෙත් නෑ..

    ReplyDelete
  6. මේ අකුරු හරි ලස්සනයිනේ

    ReplyDelete
  7. මගෙ අත් අකුරුත් පරණවිතානට විතරක් තේරෙන තරම්ම .... හරිම ලස්සනයි! :D

    ReplyDelete
  8. කෝ නදී දැන් දැම්ම පොස්ට් එක ? ...මම මේ ඉබ්බටන්ට කෑම ටිකක් දාලා කොමෙන්ට් එකක් දාන්න හදන කොට පොස්ට් එක නැහැ..

    ReplyDelete
  9. වෙලාවට හොදට යුනිකොඩ් ටික රෙන්ඩර් වෙනවා නේද ? :P මාත් මේ ලගදි කලැසියකට යන්න කියලා ෆොර්ම් එකක් පිරෙව්වා.. ඒක ලිවා නෙවේ ටයිප් කලාද.. කොහෙද.. අකුරු මතකත් නැ.. :D
    පවු අරලියා

    ReplyDelete
  10. ඉස්සර මගේ අකුරු වලට අපේ අම්මා කියන්නේ කුරුමිණි අඬු කියලා. අනේ මන්දා ඇයි කියලා. ස්කෝලෙදි නම් කවදාවත් මං අකුරු වලට බැනුම් අහලා නෑ,..

    ඒ වගේම කාලෙකින් අකුරු නොලියපු නිසා ක යන්න එහෙම ලියද්දී ටිකක් මඥ්ඥං වෙනවා.

    ReplyDelete
  11. පව් අර අහිංසක ළමය...මමනම් ශිෂ්‍යත්වෙ කරේ අයියට බයිසිකලයක් අරන් දුන්න නිසා මටත් එකක් ගන්න...

    ReplyDelete
  12. ඔයාට තිබුණා නේ ඉංග්‍රීසියෙන් ලියන්න ! එහෙම නැත්නම් පොතේ ලියනකොට ලස්සන ෆොන්ට් එකක් භාවිතාකරන්න

    ඔය නායක පට්ටමේ හයිය මට එහෙම දනවකෝ බලන්න ..

    ReplyDelete
  13. නදී අක්කෙ ඔයාගෙ පොස්ට් එකෙ rss feed එක දැක්ක ගමන් මටත් හිතුන සිස්සත්තෙ කාලෙ ගැන බ්ලොග් ලියන්න..ඉතින් ලියල දැම්මා..ස්තූතියි

    ReplyDelete
  14. ඒ පීරියඩ් වල මොකද කලේ කියලා හොයන්න අපි සදරුට කියමු...
    නායක පට්ටමේ බලේ ගැන මටත් හොද අත්දැකීම් තියෙනවා.. මම ඒවා හෙමීට දාන්නම්...

    ReplyDelete
  15. මටත් හිතෙන්නෙ බ්ලොග් එක ලියන්නෙ වෙන කාටවත් කියවලද දන්නෙ නෑ. ඒත් මේ අකුරුනම් ලස්සනයි.. අත් අකුරු ගැන කියනවනම් අත් අකුරු තරඟ වලින් මම තෑගිත් ලබල තියනව. ඒත් දැන්නම් කම්මැලියි එච්චර ලස්සනට ලියන්න..ඔන්න ලව් ලෙටර් එකක්වත් ලියනවනම් හැඩට ලියනව.

    ReplyDelete
  16. ඔයා වමත් නේ දරුවෝ. ඒකනේ අකුරු කැත වෙන්නේ. හික්ස් :)
    මේ ලිපියේ මම් ආසම මෙන්න මේ වාක්කියට

    "මම් පන්තියේ ඉදන් හොර බැළළී වගේ බලාගන හිටිය."

    වරුවක් හිනා උනා. :)

    ReplyDelete
  17. බොරු කියන්න ඕනයැ මගෙ අත් අකුරුත් නිකම් හකුරු වගේ තමයි.... පොඩි කාලෙ ඉඳන් අක්කා හරි කපටි කෙල්ලෙක් වගේ

    ReplyDelete
  18. අප්පා.. ඉස්සර බලා ලිවීම ලියපු හැටි මතක් වෙනකොට තාමත් ඇඬෙනව... !!!

    මම හිතුව පොතේ ලියවගෙන තියෙන්නේ කොල්ලෙක්ට කියල.... 64 එහෙම පාවිච්චි කලේ නැද්ද ඒ කාලේ...

    ReplyDelete
  19. මගෙත් අකුරු කියවගන්න බෑ.පොත් බලන වෙලාවට මිස් මාව ඉස්සරහට අරගෙන මිස්ටත් පැහැදිලි නැති ඒව මගෙන් අහගන්නව.
    වැඩේ කියන්නෙ සමහරවෙලාවට මටත් මං ලියපු ඒවම කියවගන්න බැරිවෙනව.

    ReplyDelete
  20. 5 කියන්නේ අපි හුඟක් අයට ලස්සන මතකයන් ඉතිරි කරපු කැලෑසියක් තමයි.
    මගේ අත් අකුරු font එක මාර ගේමක් දීලා ළඟදි මාරු කළා.

    ReplyDelete
  21. අනේ පව් අරලියා. කමක් නෑ A/L වලට හරි ලොකු ඉස්කෝලෙට ආවනෙ.

    අක්කාගෙ අකුරු එච්චරටම කැතද?

    ReplyDelete
  22. "අනූව දශකයේ මැදභාගයට ආසන්න කාලසීමාව" ඒ කිව්වේ 95 ද?
    "කොහොම හරි අන්තිමේ මගේ හොදම යාලුවොත් එක්කම මම් සෙන්ට්‍රල් එකට යන්න තරම් ලකුණු අරන් තිබ්බ"
    සෙන්ට්‍රල් කිව්වම පුරුදුයි වගේ.. මාරු මාරු..

    ReplyDelete
  23. මේ මර සීන් එක ඉබ්බෙක්ට විදලා..?

    ReplyDelete
  24. ඡම්මැ-මගෙත් අකුරු එහෙම තමා.කියවන්න වත් බෑ.

    ඨනිකඩ-ඔව් පව් ඒ ලමයා.ටයිප් කරන්න පුලුවන් නිසා හොදා.නැත්තම් කවුරුත් කියවන එකක් නෑ.අතින් ලිව්වා නම්.

    අම්බලම-අනේ නෑ මේක නම් ලියන්නෙ මම්.

    ReplyDelete
  25. කස්සා-අපො මටත් ක්ලාස් යනව කියන්නෙ මරනව වගේ.

    පැණි දොඩම්-ඔව් එහෙම වෙනව.මටත් එහෙම වෙලා තියනව.පෑන හුරු නැතුව යනවනේ.

    ඹින්ඩි-කොම්පූටරේට පින්සිද්ද වෙන්න මෙහෙම බ්ලොග් එක ටයිප් කරනව නැත්තම්,අතින් ලිව්ව නම් කවුරුත් බලන එකක් නෑ.

    ReplyDelete
  26. තනි අලියා- මගෙ අකුරුත් මෙලෝ රහක් නෑ,කියවන්නම බෑ.සිංහල අකුරු නම්.

    ලකී-පොස්ට් එක එඩිට් කරන්න ගිහින් ඩිලීට් උනානේ වෙනදවසක ආය ලියන්නම් ඒක.

    ඹුන්න්ය්-පාවිච්චියෙ නැති උනාම ඔහොම වෙනව තමා.මටත් ඔහොම වෙලා තියනව අකුරු වචන මතක නැතුව යනව.

    ReplyDelete
  27. ප්‍රසන්න86ක්-හහා මගෙ අකුරු නම් සෙල් ලිපි වගේ.

    මන්තරකාරි-අහ් මටත් එහෙම ආසාඅවක් තිබ්බ .මටත් බයිසිකලයක් හම්බුනා.

    හිස් අහස-මොන පිස්සුද ඒ කාලේ ඉන්ග්‍රීසි මෙලෝ දෙයක් බෑ.

    ReplyDelete
  28. පැන්ඩා-හා මම් දැක්කා ඒක .ඔන්න කොමෙන්ට් එකකුත් දැම්මා.

    ඪිනෙශ්- හික් ඕව් නේ දැන් සදරු රහස් පරීක්ශකයා වෙලානේ.

    ඝිම්හනි-එහෙනම් ඔයා ලස්සනට ලියනව ඇති.

    ReplyDelete
  29. මධුරංග-ඒත් අන්කල් වමත් කාරයොන්ගේ අකුරු ලස්සනයි කියලනේ කියන්නෙ?:/

    විසිතුරු | විසිටුරු-අනේ මම් කපටි කෙනෙක් නෙමේ.ඔය පොඩි කාලෙ සිද්දි නේ.

    නදුන් උයන-අපො නෑ එයා ලගෙ යාලුවෙක් කෙල්ලක්.64 පාවිච්චි කරානම් මෙහෙම ඉදීයෑ.:)

    ReplyDelete
  30. පිසාචයා-අඩේ මටත් එහෙමයි.වෙලාවකට මටත් කියවගන්න බැරුව යනව මම් ලිව්ව ඒවම.

    දඩිබිඩිස්-මගෙ නම් ෆොන්ට් එක තාම එහෙම තමා.

    නිසුපා-හ්ම් කැතයි කියල තමා කියන්නෙ ඔක්කොමලා.කොහොම විභාග පස් වෙනවද දන්නෙ නෑ කියලත් කියනව.:/

    ReplyDelete
  31. දුශ්-95 නම් නෙමේ.ඔයත් අනුරාධපුර සෙන්ට්‍රල් එකේද හිටියේ? ඔව් මමත් සෙන්ට්‍රල් තමා.

    මොකෑ බොල වෙලා තියෙන්නෙ?ඉබ්බො තුන්දෙනා ඔය ඉන්නෙ යස අගේට.

    ReplyDelete
  32. හෙහ්.. ඔයාගේ අකුරු හරියට දියවෙච්ච හකුරු වලට වතුර දාලා වගේනේ.! :P

    ReplyDelete
  33. ඔයාගෙ පොස්ට් එක ඩිලිට් වුනාට ඒක මගෙ රීඩර් එකේ තවම තියනවා..මගේ විතරක් නෙවෙයි හැමෝගෙම ඇති..අවශ්‍ය නම් එවන්න පුළුවන්..ඒත් හීන් අත්තා පව්නෙ...එයා ඔය කියන තරම් සැර නැතුව ඇති..අපි ඒක නොදා ඉමු නේ..:D

    ReplyDelete
  34. අත් අකුරු සම්භන්ධයෙන් මෙහෙම අදහස් දෙකක් තියනව,
       1. කැත අත් අකුරු තියන අය බුද්ධිමත්.
       2. සමස්ථයක් වශයෙන් ගෑණු ළමයින්ගෙ අත් අකුරු ලස්සනයි.

    ReplyDelete
  35. “ළහිරු,ජනිත්,කෝසල,වරුණ,කල්හාර...ඔන්න ඔයවගේ කට්ටිය.“

    මෙන්න බොලේ මගේ නමත් තියනවා ......

    අකුරු නෙමේ ලියන දේ තමයි වැදගත් වෙන්නෙ ......

    ReplyDelete
  36. මටත් ඔය සිස්සත්තේ ලියන කාලේ කිව්වේ අයියා යන ඉස්කෝලෙටම යන්න පුලුවන් කියලා. පස්සේ මාත් කොහොම හරි අයියා යන ඉස්කෝලෙටම යන්න පාස් වුණා :))

    ReplyDelete
  37. චතුවා (ළමයා)-අහ් මොකක් කිව්ව?

    ළුcකෙය්-හීන් අත්ත පව්නේ ඒ නිසා ඒක අයින් කරා.

    ටී.බී.- ඔය අදහස් දෙකම මම් එක්ක සංසන්දනය කරල බැලුවම වැරදීනේ.මගෙත් අකුරු කැතයි ඒත් බුද්ධිමත්නෑ. මමත් ගෑණු ලමයෙක් ඒත් අකුරු කැතයි :))

    ReplyDelete
  38. Hඅසිත-මමත් අක්ක යන ඉස්කෝලෙට යන්න තරම් පාස් උනා

    ReplyDelete