Friday, September 16, 2011

පීස්සෙ දිය ඇල්ල බලා...


මගෙ හොදම යාලුවෙක් එයාලගෙ ඇනිවසරි එක වෙනුවෙන්, අපි කට්ටිය එකතු වෙලා නිවාඩු වෙලාවක කොහෙ හරි යං!... කියල යෝජනා කරා. මගෙ උපන්දිනේත් යෙදිල තිබබේ එයාල දෙන්නගෙ ඇනිවසරි එක දවසෙමයි.ඒ නිසාම නෑ...බෑ... නොකියා මම් ඇතුලුව කවුරුත් එක පයින් කියා හිටිය, කොහෙහරි යං කියල.

මතක විදියට විභාගෙටත් ලග දවසක්.විභාග ආතතිය අඩු වෙන්නත් එක්ක යන්න හොද තැනක් ගැන කල්පනා කර කර ඉද්දි කට්ටිය ගෙම අදහස උනේ,අපි කවුරුත් ගිහින් නැති තැනකට යන්න තියනව නම් හොදයි කියල.

ඔන්න ඔහොමයි පීස්සෙ දිය ඇල්ල බලන්න යන්න කට්ටියව සෙට් කර ගත්තේ.

කට්ටිය කිව්වට අපි 6 දෙනෙක් විතරයි ගියේ. මමයි ශානීයි,ජනකයි,ගිටාරියි,පැතලියයි,පනුවයි. 

බෝඩිමේ හිටිය මගෙ යාලුවො දෙන්න තමයි ශානියි,ගිටාරියි.


ජනක අපි කට්ටියටම ඇති වෙන්න  කඩල තම්බලා හොදට මිරිස් දාලා,පොල් කෑලි එහෙමත් කපලා දාලා අරන් ඇවිත් තිබ්බා.කොල්ලො උනාට එයාල බොඩිමේ උයාගන එහෙමත් කෑව,අපි වගේ නෙමේ :) .


මමයි ශානියි ගිටාරියි එකතුවෙලා පෙතිපාන් අරන් මාගරින් ගාල හදාගත්ත,ඒක කෝකටත් ලේසිනේ.ලොකු වතුර බෝතල් කීපයකුත් ලෑස්ති කරගත්ත,මොකද වතුර ශුවර් නෑ ඒ පැති වල.


තව පෙන්ඩෝල්, සිද්ධාලේප...වගේ අත‍ය්‍යවශ්‍ය දේවල් ටිකකුත් පටවගත්තා, කියන්න බෑනේ මේ වගේ ගමනකදී හදිස්සියේ වෙන දේවල්... 

අපි කට්ටියම කැම්පස් එක ඉස්සරහට එකතුවෙලා බදුල්ල ටවුන් එකට ගියා.බදුල්ලේ ස්ටෑන්ඩ් එකෙන් පනුවවත් අල්ලගෙන පස්සර බස් එකට නැග්ගා.

ටිකක් දුර යද්දි ඔන්න මට අර ලෙඩේ...දැන් නම් ශුවර් එකට යන්නම එනව.කොහොම හරි වාවගන හිටියා බහිනකම්ම.

බහින්න ලංවෙද්දිම පැතලියා බුවෑක්...ගාල දැම්මෙ නැතෑ...එහෙම නොවෙනව නම් තමා පුදුමේ...යන වංගු වල හැටියට.

මම නම් එදා බේරුනා බුවෑක්...ලෙඩෙන් ඒත් බස් එකෙන් බැස්සට පස්සෙත් ටිකක් ඔලුව කෑරකැවෙන ගතිය තිබ්බා.

පාරත් සෑහෙන්න පාලුයි,කෙනෙක් දෙන්නෙක් ඉදලා හිටලා පාරේ එහෙ මෙහෙ යනව.වාහනත් නෑ.බැස්ස තැනම තිබ්බ බස් හෝල්ට් එකක් වෙනුවෙන් හදලා තිබ්බ,පොඩි ආවරණයකට වෙලා අපි උදේ කෑම ගත්තා,ඒ වෙද්දි ඔක්කොටම හෙනටම බඩගිනි හැදිලා තිබ්බෙ.


ගෙනිච්ච පාන් ටික කාල බඩ පුරවගන කට්ටිය තේ වත්ත මදින් පල්ලම් බහින්න පටන් ගත්තා...මග තිබ්බ කඩේකින් ලොකු බීම බෝතල් කීපෙකුත් ගත්තා.වතුර මදිවුනොත් කියල.


සෑහෙන දුරක් පයින් ගියාට පස්සෙ මෙන්න වතුර ගලන සද්දේ ඇහෙන්න පටන් ගත්තා.තෙතබරිත පරිසරයක් තමා තිබුනේ,අහන ආහන අය නම් කිව්වෙ මේ දවස් වල නම් ඇල්ල බලන්න යන එක එච්චරම හොද නෑ...,වතුරත් වැඩී අනික යන්න බෑ... ලිස්සනව! කියල.


මෙච්චර දුර ආපු එකේ හැරිල යන්නැයි,ඔන්න ඔහෙ ආව එකේ ගිහින්ම යන් කියල අපි ඇතුලටම ගියා.අපි දන්නවැයි ඉතින් ඒ කිව්ව එකේ භායානක කම.මගක් ගියාට පස්සෙ තමා වැඩේ බරපතලකම තේරුනේ.


යනකොටම පොඩි වානකින් වගේ එකකින් තමා ඇල්ල පැත්තට යන්න ඕනේ,වතුර ගලනව හෝ ගාලා කොහොමින් හරි අත් අල්ලගන ලිස්සලා යන්නෙ නැතුව එගොඩ උනා.

අම්මෝ ලිස්සලා ගියානම් කොහෙන්නවතීද කියල හිතාගන්නවත් බෑ. 

ඔහොම කැලේ ඇතුලෙන් ගිහින්... ගිහින්... යන්තම් පාර හොයාගන ගියා කැලේ ඇතුලටම.යනව... යනව... ඉවරයක් නෑ.ඇල්ලේ සද්දේ ඇහෙනව ඒත් පේන්නේ නෑ,වෙලාවකට අපිට හිතුනා පාර වැරදිලාවත් ද කියලත්.

අන්තිමට තිරණය කරා බැදලා තිබ්බ කානුව දිගේ යන් කියල,ඒක සෑහෙන ලොකු කාණුවක්, වතුර ගලා යන යනව පිරිලා ඉතිරිලා.ඕන එකක් වෙච්චාවේ කියල ගැට්ටෙන් අඩිය තිය තියා හිමීට හිමීට ගියා...,වැටුනා එහෙම නම් සෑහෙන පහතකට රූටල යනව.

ඔහොම ගිහින්... ගිහින්... කැලේ අස්සෙ  හැදිලා තිබ්බ පොඩි අඩි පාරක් දිගේ ඇවිත් අපි ගල් පොත්තක් ලගට ආව,ඇවිත් ගෙනාව බීම වලින් පිපාසේ නිවාගන,කඩල වලට වග කිව්වා,ඒ වෙද්දී සෑහෙන බඩ ගින්නකුත් තිබ්බා.

ඒ අස්සේ කූඩැල්ලොත්  සමහරුන්ගෙ කකුල් වල එල්ලිලා.සිද්ධාලේප අරන් ගිය එක හොදට ගියා.


ගමන පටන් ගද්දි තිබ්බ පොද වැස්ස එන්න එන්නම වැඩිත් කරනව.කරන්න දෙයක් නෑ,ලගටම ඇවිත් ආපහු හැරිලා යන්නත් බෑනේ.ඒ අස්සෙ ගස් එහෙමත් කඩාගන වැටිලා,අපේ ගමන අඩාල කරන්න ඒකත් හේතු උනා.බාගෙට තෙමිලා කට්ටියම.කැලේ ඇතුලේ කුඩ ඉහලගන යන්න කියලැයි!...

මෙන්න ඇල්ලේ සද්දි ටික ටික වැඩි වෙනව,එතකොටම  එකෙක් කියපි අන්න ඇල්ල කියල,එතකොටම අපි දැක්ක ඈතින් පීස්සෙ ඇල්ල!.


පුදුම හදිස්සියක් තිබ්බෙ ඇල්ල ලගට යන්න,ඇයි සෑහෙන කට්ටක් කෑවනේ මේක බලන්න එන්න.

මාර ලස්සනයි එකපාරටම උඩ ඉදන් වතුර කඩාගන වැටෙනව.එතන ඇල්ල බලන්න එන අයටත් ටිකක් උඩට නැගලා බලන්න ආරක්ශිත ආවරණයක් හදලා තිබ්බ.ඇල්ල බලන අයගේ ඇගවල් පිණිවලින් නෑ වෙනව.ඒ වෙලාවෙත් වැස්ස,අනික ඇල්ලෙන් වැටෙන වතුර වල පිණි.


ගොඩාක් වෙලා  අපි  ඇල්ල දිහා බලාගන හිටියා.එන්න සිහියක් නෑ එක්කෙනෙක්ට වත්.ඒත් ඉතින් හවස් වෙන්න කලින් එන්නත් එපැයි.ටික වෙලාවක් ඉදලා එන්න ආව.යද්දි බැහැගන බැහැගන ගියාට උඩට එද්දි සෑහෙන මහන්සියි.කන්දක්නේ නගින්න තියෙන්නෙ.බෑ කියල බෑනේ කොහොම හරි නැගලා නැගලා ආවා.



සෑහෙන වෙලාවකට පස්සෙ කැලෙන් එලියට ඇවිත් වානත් පහු කරලා එනවත් එක්කම,පොඩි වෙලාවකින් මෙන්න තඩි වැස්සක් පාත් උනා.කිලෝමීටර් ගානක් අපි වැස්සේ බාගෙට තෙමි තෙමී තේ වත්ත මැදින් වැටිලා තිබ්බ පාරේ ඇවිදගන ආවා.අවට ගොඩාක් ලස්සනයි,කදු...මීදුම...හැමදේම එක්ක අමුතුම ලස්සනක් එකතුවෙලා තිබ්බ.


ඔහොම සෑහෙම දුරක් පයින් ඇවිත් තමයි බස් එකකට නැග්ගේ ආයම බෝඩිමට එන්න.

පස්සරට ඇව්ත් බදුල්ල හරියට එද්දි ටිකක් විතර හවස් වෙලා.අපි කට්ටියම කැම්පස් එක ලගින් බැස්සා,පනුව බදුල්ලටම ගිහින් කොළඹ බස් එකක නැග්ගා කියල මැසේජ් එකක් එවල තිබුනා..ගියපු ගමන් වලින් සෑහෙන්න විනෝද වුන ඒවගේම බොහොම භයංකර ගමනක් තමා ඒක.

මෙන්න අපි ගිය පාර: අපි නම් බදුල්ල ටවුන් එකේ ඉදලා පස්සරට ගියා... බදුල්ල - පස්සර බස් එකේ,ගිහින් බිබිල පාරේ 10 කිලෝමීටර් විතර යන්න ඔනේ.එහෙම ගිහින් පීස්ස හන්දියෙන් බැස්සා.ඊට පස්සෙ ඉතින් පයින් සරණං ගච්චාමී කියල, තේ වත්ත මැද්දෑවෙන් යන්නයි තියෙන්නෙ උඩටම.


(ප.ලි: මට අමතක වෙලා තිබ්බ පාර මතක් කරලා දුන්නෙ ශානි.ස්තූතියි ඔයාට. )

33 comments:

  1. අර බුවෑක් .... සීන් එක නැත්තං ලස්සන අත්දැකීමක්! ඔය කඳු පරිසරේ තරං වෙන කිසිම දෙයක් මට අල්ලල යන්නෙ නෑ! :)

    ReplyDelete
  2. සැහෙන්න ලස්සනයි නේ, ඒ වුනත් මේ නමින් දිය ඇල්ලක් ගැන ඇහුවමයි. යන හැටිත් එක්කම විස්තර දුන්නට ස්තුතියි. :)

    ReplyDelete
  3. මාරම ලස්සන තැනක්නේ අක්කේ... අද තමයි මේ ඇල්ල ගැන අහුවේ...

    ReplyDelete
  4. එකඅතකට අපි ගෙවන ඒකාකාරී ජීවිතේ එක්ක බලද්දි ඔයාලා හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා නේද?
    පනු..සමහරවිට මම දන්න කෙනෙක් වෙන්න පුලුවන්

    ReplyDelete
  5. මාත් මේ දිය ඇලි මේනියාවෙන් පෙලෙන කෙනෙක්. අපේ රටේ බොහෝ දිය ඇලි මම දැකල තියනවා. මම ආසම රට ඇතුලට ගිහින් බලන්න පුළුවන් දිය ඇලි වලට. වැඩිය මිනිසුන්ට ඇස නොගැසුන..
    ලඟදි රත්නපුර පැත්තේ ඇල්ලක් බලන්න ගිහින් කාපු කට්ටක්. කි.ම් ගානක දුශ්කර ගමනක්. ගස් වැල් .වල එල්ලිලා තමයි බහින්න ඕන..පහලට ..ඒත් ඇල්ල දැක්කම ඔක්කොම මහන්සිය ගියා.නාලත් අවේ..
    මම මේ ඔයා කියපු ඇල්ල දකල නෑ. ස්තුතියි නදී විස්තර දුන්නට....

    ReplyDelete
  6. බදුලු ගිය දවසක පීස්සෙ දිය ඇල්ල බලන්න යන්න විස්තර දුන්නට ස්තූතියි.

    ReplyDelete
  7. ෂා.. යන්නම ඕනෙ තැනක් නේ.. තැංකූ තැංකූ දැම්මට.
    මේ පාර නම් බුවෑක් නෑ වගේ නේද..

    ReplyDelete
  8. මේ ගමන ගියේ ගිය අවුරුද්දේ උපන්දිනේට වෙන්ටෑ. මේ අවුරුද්දේ නම් යන්න උනේ නෑනේ.

    හොද වෙලාවට අක්කට බුවෑක්... උනේ නැත්තේ. හික්ස් :)
    ලස්සන ගමනක් අක්කේ. මම නම් ගිහින් නෑ.

    ReplyDelete
  9. ඔය වගේ ගමන් වලට මාත් පට්ට ලෙසටම ආසයි.කොහෙද ඉතිං ගෙවල් වලින් ඉඩ දෙන එකක්යේ යන්න :(((.ඉඩ දුන්නත් යන්න වෙලාවත් අඩුයි නේ.

    ReplyDelete
  10. නියමයි නේ පීස්ස දිය ඇල්ලට නම් තාම ගිහින් නෑ.. එක්සෑම් ඉවර උන ගමන් එකටත් යන්න ඔනි..:D

    ReplyDelete
  11. @කැ.ති. මල්ලි :
    කවද්ද ඔයාලෑ එග්සෑම් ඉවර වෙන්නේ ? තාමත් ඒග්සෑම්ද ?

    ReplyDelete
  12. ෂා.... නියම ගමන... ආයෙ වැරදිල හරි බදුලු ආවොත් යන්න ඕන..

    ReplyDelete
  13. බුවෑක් සීන් එක නැත්තන් ලස්සනයි

    ReplyDelete
  14. මෙච්චර දවසක් මේ බ්ලොග් එක මට මග ඇරුනේ කොහොමද??? බ්ලොග් එක විතරක්ය බදුල්ලේ හිටපු මට ඇල්ලත් මග ඇරිලානේ... අපොයි... මම පවූ...

    ReplyDelete
  15. ඔය හොරෙන් ගිය ගමන්.. ඉදින්කෝ අම්මට මේක පෙන්නන්න.. :P

    ReplyDelete
  16. මේන් අපිට යන්න තව ගමනක්.. :D

    ReplyDelete
  17. නියමයිනේ! මමත් ආසයි ඔය වගේ ගමන් යන්න.. ස්තූතී විස්තරේට.. දවසක අපිත් ගිහින් ඇවිත් කියන්නම්කෝ :)

    ReplyDelete
  18. හරිම ලස්සනයි...මම හරිම ආසයි අර මුලින්ම දාලා තියන පින්තූරෙට :)

    ReplyDelete
  19. ඈනිවසරි එකේ අයිතිකාරයට කමෙන්ට් එකක්වත් දාන්න වෙලා තිබ්බෙ නෙ පහුගිය ටිකේම....මාරම ෆන් එකක් ගත්ත ට්‍රිප් එක ...අම්මො මතක් වෙද්දිත් බයයි අර ලිස්සන වතුර කන්ඩිය...!!!ස්තුති නදීකා ලස්සන පොස්ට්
    එකක් ලිව්වට....

    ReplyDelete
  20. තනි අලියා-ලස්සනයි තමා.කූඩැල්ලො හිටිය එක තමා අවුලකට තිබ්බෙ අනික වතුර නිසා පොළව තෙත බරි වෙලා.ලිස්සනව.

    හිරණ්‍ය-අපිත් ඉස්සර දන්නෙ නෑ.ඔය අහම්බෙන් තමා යාලුවො කිව්වෙ එහෙම තැනක් ගැන.

    ඪිනෙශ්-ගොඩක් ලස්සනයි තමයි මල්ලි.පුලුවන් වෙච්ච දවසක යන්න.

    ReplyDelete
  21. ර්‍ඔශන්Hඑරත්-ඔව් ඒත් විවේකයක් දැබෙන්නේ එහෙමත් වෙලාවක තමා මේ වගේ ගමනක් යන්න.පනුවා දන්නව වෙන්න බෑ.:)

    ඝිම්හනි-මමත් ගොඩක් ආසයි ,ඒවගේ ඇවිදින්න බලන්න යන්න.

    අරුනිශපිරො-බදුල්ලේ ඉදන් ටික දුරක් යන්න තියනව.ගිහින් බලන්නකො.

    ReplyDelete
  22. පැණි දොඩම්- ඔව් අමාරුවෙන් ඉවසන් හිටියා :)

    මධුරංග-මේක ගිහින් ටිකක් කල් වෙනව.අපි 4 වසරේ මුල් සෙමෙස්ටර් ඉන්න කාලේ :)

    නිසුපා-කැම්පස් ඉන්න කාලේ නිසා ගියා...අනික හොදම යාලුවෝ කීපදෙනෙක් නේ බය වෙන්න දෙයක් නෑ.අම්මලට කිව්ව.මෙච්චර කට්ටක් තියනව කියල එයාල දන්නෙ නෑනේ:)

    ReplyDelete
  23. කැළණිතිස්ස-අන්න නියම වැඩක් ගිහින් බලන්න.මේකාලේ තමා අපිත් ගියේ :)

    හපා-ඔව් ගිහින් බලන්නකො.

    ශානු-:)

    ReplyDelete
  24. ඨනිකඩ-අපූ බදුල්ලේ ඉදලත් මේක බලන්න ගිහින් නැද්ද .සී සී වැඩක් නෑ.

    චතුවා (ළමයා)-අම්මට කියල ගියෙ බොල.

    ..ChAnDiKa.-යන්න යන්න මේකාලෙ තමා හොද.

    ReplyDelete
  25. Yohan Kanishka | යොහාන් කණිෂ්ක-බලන්න යන්නකො.නියම ගමන,හැබැයි ටිකක් පයින් යන්න ඕනේ.

    Sඅයුරි-හ්ම් ඒක ලස්සනඉ තමා.

    Nadeeshani ඇත්තනගොඩ-අහ් මේ ඉන්නෙ.මතකද බයේ ගිය හැටි ලෙස්සලා යයි කියල

    ReplyDelete
  26. ලිපිය ලියල තියන ච්ත්ත රූප මැවෙන භාෂා විලාශය සුන්දරයි, කියවන අපිත් පියවරෙන් පියවර ඇල්ල අල්ඟට යනව වගේ දැනෙනව...

    ReplyDelete
  27. ටී.බී.- කවද හරි යන්න පුලුවන් නම් ගිහින් බලන්න ගොඩක් ලස්සන තැනක්.

    ReplyDelete
  28. මාරම ලස්සනයි ෆොටෝ ටික .......
    මේ ඒක නෙමේ නංගි ඔයාලත් එක්ක පනුවොත් ඉන්නවද, උන් කතා කරන භාසාවත් සිංහලද .........

    ReplyDelete
  29. පන්සල් හංදිය- පනුව කියන්නෙ එයාගෙ කාඩ් එක හික් හික්:)

    ReplyDelete
  30. අපි නොදන්න්න තැන කොච්චර තියෙනවද ?ස්තුතියි මග සලකුණුවලට ..යන්නොනා බලන්න..

    ReplyDelete
  31. මම ගිහින් නෑනෙ මේ ඇල්ල බලන්න. විස්තරේ හැටියට හොඳ පා ගමනක් වගෙයි. වෙලාවක යන්න ඕන.

    ReplyDelete
  32. ලිපි නියමයි...පිළියවළකට ලියනවා.....මීට මරුවා......

    ReplyDelete