Thursday, September 15, 2011

නජීම්


ගේට්ටුවෙ සද්දයක් ඇහෙනව නේද?

කවුද කියල බලනවකෝ වාඩි වෙලා ඉන්නෙ නැතුව, මම් මේ බබාගෙ ඇදුම් අයන් කරනව...

කාමරේ ඉදලා අක්ක හයියෙන් බෙරිහන් දෙනව.

නිල්පාට කොටු කොටු සරමක් ඇදලා දිරච්ච කමිසයක්  ඇදගත්ත මැදිවයසේ කැහැටු පිරිමියෙක් ගේට්ටුව ඉස්සරහ.

ආහ් නජීම්!... 

මූණපුරා රෑවුල වවාගන,වෙනදා වගේ කකුලක් ඇද ඇද ගේට්ටුව ඇරගන එනවා...

අම්මා ඉන්නවද...?

ආ... ඔව් නජීම්... එන්ඩ.

සෙරෙප්පු දෙකක්වත් නොදා දූවිල්ලෙන් පිරිලා තිබ්බ යටිපතුල් දෙක, ගේ ඉස්සරහ තිබ්බ පාපිස්සෙ උලලා උලලා,නජීම් සාලේ කොනේ තිබ්බ පුටුවක වාඩිඋනා.

අම්මේ!....අම්මේ!....

නජීම් ඇවිල්ලා... 

ආ...නජීම්!...දැක්ක කාලයක් හැබෑට?කතාකරන්ඩවත් විදියක් නෑනේ...ෆෝන් නොම්බරයක් වත් නෑනේ...


ඉතින්?...
අම්ම නජීම් එක්ක කතාවට වැටුනා,වෙනද වගේම මමත් පැත්තක ඇනතියාගන ඒ කතාවට ඇහුම්කන් දුන්න.
 
හෙහ්...වරදක් නෑ...ඔහෙ ඉන්නව!...

කුඹුරු වැඩ කොහොමද?

මේ සැරෙත් වතුර මදි උනා...,එච්චරම සරුවකුත් නෑ....

අපේ ඒව කොහොමද දන්නෙ නෑ...? බලන්ඩවත් යන්ඩ බැරිඋනා නජීම්...

පාර ළග කුඹුර නම්  හැම සැරේම පැහෙන එකනේ... මේපාරත් හොදයි.ඒකට නම් වතුර තියනව...නුගගහ අක්කරේට වතුර මදි උනාලු කිව්වෙ,මට එද්දි ඇඩ්ඩින් හම්බුනා...,ඇවිත් යන්ඩ එන්නම් කියල කියන්ඩ කිව්වා...

හ්ම්...

අපේ නංගි ඉස්පිරිතාලෙ නැවැත්තුවා...කහටද්දිලියේ මහ ඉස්පිරිතාලේ ඉදලා මෙහෙ දැම්ම...

ආහ්...ඒ මොකද?

කොන්දේ අමාරුවක්...ටිකක් අමාරුයි කිව්ව හින්දා අරන් ආව මෙහෙ. පරීක්ශණ වගයක් කරන්ඩ තියනව කිව්ව.

ම්...නංගි බැදලත් නෑනේ?

බැන්ද...

නංගි බැන්දද...? අපි දන්නෙවත් නෑනේ....

බැන්ද,ඒක දැන් අත් ඇරිලා වාගේ තමා ඉන්නෙ.නංගි ඉන්නෙත් අපිත් එක්ක...

නජීම් ඉතින් ඔය හැමදේම බලනව,එතකොට නෝනා...?

ඉදලා හිටලා කතා කරනව.එකසැරයක් ඇවිල්ලත් ගියා,මාත් එක්කත් රන්ඩුවෙලා කියන එක අහන්නෙ නැතුවනේ ගියෙ.

එහෙනම් සල්ලි එවනව ඇති?

මුලින් මුලින් එව්වා...ඇවිත් ගියාට පස්සෙ  තාම නෑ.දැන් මාස 2 - 3ක් ම වෙනව.

ළමයි ?

ගෙදර...,අපේ අම්ම ඉන්නවනෙ බලාගන්ඩ,නංගිත් ඉන්න හින්දා මේ ටිකේ අවුලක් නෑ...


...එහෙනම් හොදයි!.

තේ ටිකක් බීල ඉන්ඩ නජීම්!...

හ්ම්... 
හදලා දුන්න කිරිතේ එක නජීම් එක හුස්මට බීගන බීගන ගියා.

මේ ලගදී පොලිසියෙන් ආවනේ...ගෙදරට.

ආ...ඒ මොකද?

ලෙඩ ලමයා තනියම ගෙදර දාල යනව කියල කවුද පොලිසියට කියල, කුඹුරු වැඩට යනවනි.

අම්මයි නංගියි ඉන්නව කිව නේද? 

අම්මත් දැන් වයසයි ඇහැපේන්නෙත් නෑ.නංගිට ඇවිත් සතියක්වත් නෑ...ඊට කලින්...

ඉතින්?...

පොලිසියෙන් ඇවිත් ලියාගන ගියා.

කලින් ඔය දුව මෙහෙ ඉස්පිරිතාලෙටත් ගෙනාව නේද?

ඔව්,හරි ගියෙ නෑනේ.කන්නෙ නෑ...දියර ජාති බොනව.හිට්ටවල තිබ්බොත් ඉන්නව ඇවිදින්ඩ බෑ.

හ්ම්...

ඔහොම තමා ඉතින් ජීවිතේ ගෙවෙන්නෙ,කුඹුරු කෙරුවෙ නැත්තන් ලමයිට කන්ඩ නෑ,ගෙදර ඉදලා හරියන්නෙ නෑනේ.ගම් පැත්තේ ආවොත් එන්ඩ, මම් වැව් බන්ට් එක සුද්ද කරනව,ලූල්ලු නම් පොඩි උන් ඉන්නෙ,තෙප්පිලි වේලනව මේ දවස් වල.

ආ...ආවොත් එන්නම්කො.

අනේ නජීම් තරහ වෙන්ඩ එපා,පුංචිඅය්යගෙ පුතාල කීපසැරයක්ම ඉල්ලපු නිසා මේ කන්නෙ කුඹුරුටික එයාලට දුන්න.

මටත් වි මිටි 6ක් තියනව නෝනට දෙන්ඩ,ඉතුරු වෙච්ච රුපියල් 10,000 මේ කන්නෙ වී විකුනපුවහම දෙන්නන්.ඒ ටික කියන්ඩත් එක්ක තමා මම් මේ ඇවිත් යන්ඩ ආවේ.

හ්ම්...නජීම් කුඹුරු කරන කොට වී ටික හරියට දෙනවනේ...,වී ටික පුලුවන් නම් දෙන්ඩ මට සල්ලි ඕනේ නෑ.

ඒක කිව්ව විතරයි,නජීම් ගේ මූණට ලා හිනාවක් ගියා.

එහෙනම් යන්නන්,පරක්කු වෙන්ඩ බෑ.දෙකට බස් එක අල්ලගන්ඩත් ඕනේ...

පොඩ්ඩක් ඔහොම ඉන්ඩ නජීම්....!

අම්ම කුස්සිය පැත්තට ගියා...,මාත් ඒත් එක්කම අම්මගෙ පස්සෙන් වැටුනා...

ගෙදර ගෙනල්ල තිබ්බ බිස්කට් පැකට් එකකුයි, බබාගේ චොකලට් පෙති ටිකකුයි, අම්ම පාර්සලයක් වෙන්ඩ හැදුවා.

ආ නජීම්...පොඩි දුවට ගිහින් දෙන්ඩ...!

මට මතක් උනා එකාපාරටම දවසක් නජීම්ගෙ ගෙදර අපි ගිය වෙලාවක ජනෙල්,දොරවල් අතරින් එබුනු ලමයි රොත්ත.ඔක්කොම 10 වත් ඇති,පඩිපේළියක් වගේ. 

ඊයේ ගියා  අල්ලපු ගමේ කුලී වැඩකට වත්තක් සුද්ද කරන්ඩ.

පන්සලේ බණ...හාමුදුරුවො කෙනෙක් කියනව අපි කරපුවා විදවල ඉවර වෙනකම් මැරෙන්නෙ නෑලු...!

අපේ තාත්තා මැරුනේ 48න්.මට දැන් 40ක්.තව කොච්චර ඉන්ඩ වෙයිද...?

හිහ් නජීම් දැන් බණත් අහනවද?

නෑ,ඒ වත්ත අල්ලපු වැටේනේ පන්සල,එදා පෝයට හාමුදුරුවෝ බණ කියනව ඇහුනා.

28 comments:

  1. මනුස්ස ජීවිත!
    අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා....

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත කරපුවා විදවල ඉවර වෙනකන් මැරෙනවනම් බොරු ඒකනෙ ඔය සමහර මිනිස්සු මැරෙන්න ගිහින් පණබේරගෙන එන්නෙ..දරු දුක දන්න අහිංසක තාත්ත කෙනෙක්

    ReplyDelete
  3. අහිංසක මනුස්සයෙක් නජීම් කියලා කියන්නේ. අක්කා නජිම් කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් නේද ? අක්කලාගේ අප්පච්චි හන්දා අදුන ගත්ත කෙනෙක් වෙන්ටෑ.

    දුක තමයි අක්කා ජීවිතේ.


    ප.ලි. - මර බ්ලොග් රෝල් විජට්ටුවට කාලෙන් කාලෙට කුඩම්මගේ සලකිල්ල ලැබෙන්නේ ඇයි ? ආහ් දැන් අක්කගේ බ්ලොග් එකේ ඉබ්බොත් ඉන්නවා කෑම දාන්න. මම් කෑමත් දම්මා.

    ReplyDelete
  4. තව පොඩ්ඩෙන් ඉබ්බන්ට කෑම දාන්න ගිහින් පොස්ට් එක කියවන්නත් අමතක වෙනවා..

    හරිම පුංචි සිදුවීමක්. ඒත් ඒ හරහා ඔබ කියන කතාව ගොඩක් ලොකු එකක්. අපිට තියන ප්‍රශ්ණ ඇත්තටම ප්‍රශ්ණද කියලා හිතුනා......

    ReplyDelete
  5. මමත් අර ඉබ්බො 3න් දෙනාට කෑම දම දමා හිටිය නිසා කතාව කියෙව්වෙ නැහැ..උන් නම් කනව කනවා ඉවරයක් නැහැ..
    සංවේදී කතාවක් ! ජීවිතවල හැටි ස්වභාව ඔහොම තමයි!

    ReplyDelete
  6. ගලායන ජීවිතය..........

    ReplyDelete
  7. මනුස්ස ජීවිත වල හැටි.. තියෙන මිනිහට තියෙනවා... නැති මිනිහට නැත්තෙම නෑ...

    ReplyDelete
  8. ජිවිතේ ගලායයි ....

    ReplyDelete
  9. ඔය එක නජීම් කෙනෙක් විතරයි අක්කෙ,..තව කොච්චර ඇති ද ? අපිට එහෙම ඔහොම වුනොත් පිස්සු හැදෙයි ශුවර් එකට හැමදේම දරා ගන්න බැරිව

    ReplyDelete
  10. ඉබ්බෝ!!! නජීම්,,, දරු දුක,,, ඉබ්බෝ කාල ඉවරයි, ආයෙත් කෑම දැමීම,,, නජීම්,,,, හ්ම්ම්ම්....

    ReplyDelete
  11. මොනතරම් කරදර ගොඩකද මේ මිනිස්සු ජීවත් වෙන්නෙ.
    කරදර ගොඩේම ඉපදිල ඒකෙම මැරිල යනවා කිසිම සතුටක් සැපක් නොලබාම.

    ReplyDelete
  12. අපි කොච්චර පිං කරපු අයද කියලා තේරෙන්න ඔහොම අය දකින්නම ඕනෙ අක්කා..

    පව් ඒ මිනිස්සු.අර පොඩි එකීත් කොච්චර වේදනාවක් විදින්න ඇතිද?

    ReplyDelete
  13. මේක හරියන්නේ නැ.. ඔයාගේ බ්ලොග් කියවන්න කියල මම හැමදාම ඇවිල්ල අර ඉබ්බෝ තුන්න්දෙන කරකවලා කරකවලා නටවල යනවා.. මොන බ්ලොග්ද? අදත් එකමයි කරේ.. මොන උනත් උන් ෂෝයි ඈ.. කියන දේ අහන ඉබ්බෝ..

    ReplyDelete
  14. අනේ උන් කනවා නේ.. ෂෝයි අප්පා.. මේ එක නෙමෙයි, කව්ද මේ නජීම් කියන්නේ?

    ReplyDelete
  15. ඔව්මයි... ඉබ්බො වැඩෙත් නරක නෑනේ.... තාම තුනයිද ඉන්නේ?

    ReplyDelete
  16. ඔය වගේ ජීවිත තව කොච්චර ඇද්ද අක්කේ.

    ReplyDelete
  17. පූසා -ඒක නම් ඇත්ත මල්ලී.ඒ මිනිස්සු විදින කරදර බැලුවාම අපිට මොනවද තියන ප්‍රශ්ණ

    ආඩම්බරකාරී-ඇත්ත නන්ගි මමත් එහෙම හිතනව.කරපුව ගෙවෙනකම් අපිට මැරෙන්න දෙන්නෙ නැ:)

    මධුරංග-ඔව්.අපේ ගමට අල්ලපු ගමේ කෙනෙක්.එයා මුස්ලිම් තමා.එයා කුඹුරු අදේට අරන් කරලා තමයි ලමයින්ට කන්ඩ දෙන්නෙ.
    බ්ලොග් රෝල් එක වෙලාවකට වැඩ කරන්නෙ නැතුව යනව.මම් කාලයක් අයින් කරල තිබ්බ දැන් හරි.ඉබ්බෝ!:)

    ReplyDelete
  18. චතුවා (ළමයා)-හ්ම්...

    ලකී-හෙහ් ඉබ්බො ටික තියාගන ඉන්න එක හරියන්නෙ නෑ වගේ දීලා දාන්න ඕනේ කාට හරි.:)

    Wඑනි-මේ ඉබ්බො එක්ක බෑ...ගිහින් දාන්න ඕනේ කොහෙට්ට හරි.එක අතකින් හොරකන්,ජඩ වැඩ නොකර ඒ මනූස්සයා මහන්සි වෙලා දරුවන්ට කන්ඩ අදින්ඩ දෙනව.කොච්චර හොදද ඒක.

    ReplyDelete
  19. තනි අලියා-හ්ම්...ගලායන ජීවිතය තමා..ඉරිදිය කොහොම වෙයිද කියන්න බෑ...

    ඪිනෙශ්-ඒක නම් ඇත්ත ඒත් ජීවත් වෙන්න ගන්න උත්සහය බලන්නකො,සහෝදරයො,අනිත් හැමෝටමත් උදව්කරගන.

    ඹින්ඩි-ජීවිතේ ගලායයි...හ්ම්...

    ReplyDelete
  20. පැන්ඩා -ඒ මිනිස්සු ඒවට හුරු වෙලා මල්ලි.

    හිරණ්‍ය-මේ ඉබි කෙරුවාව හරියන එකක් නෙමේ :/

    Gimhani -හ්ම් ඇත්ත.

    ReplyDelete
  21. නිසුපා-ඔව් එක ලමයෙක් මරුනා.අවුරුදු 10 ක විතර පොඩි ගෑණු ළමයෙක් පපුවෙ අමාරුවක් තිබිලා.මේ අනිත් ලමය ඒ ලමයත් ආබාධිතයි.

    දුශ්-ඔයාට දෙන්නද උන්ටික අරන් යන්න.

    දුශ්-නජීම් කියන්නෙ කුඹුරු අදේට අරන් කරන කෙනෙක්.මුස්ලිම් ජාතිකයෙක්.අපේ හිතවතෙක්.

    ReplyDelete
  22. පැණි දොඩම්-ඔව් 3ක් ඉන්නෙ දෙන්නද ඔයාටත් එකෙක් අරන් යන්ඩ.

    Kasun -ඒකනම් ඇත්ත මල්ලී

    ReplyDelete
  23. "ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ - සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ..."

    ReplyDelete
  24. ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්, අපි හිතන දේ නෙමෙයි අපිට ලැබෙන්නෙ ..........

    මොනා උනත් ඔයාල කරුණාවන්තයි .......

    ReplyDelete
  25. ජීවිතේ තමා ජීවිතේ.......

    ReplyDelete
  26. ටී.බී. - සෝමතිලක ජයමහගේ සින්දුවක් නේ.මම් අහල තියනව.ඔව් ඒක ඇත්ත තමා.

    පන්සල් හංදිය-පව් අහිංසක මනුස්සයෙක්

    Hasitha- හ්ම්...

    ReplyDelete
  27. මිනිස්සුන්ට සැප වගේම දුකත් විඳින්න වෙනව.. ඒත් කරපු පව් නම් ගෙවන්න වෙනව...... ඒත් නොසැලී ඉන්න පුලුවන් නම් ඕන දේකට... අන්න එතනයි ගේම තියෙන්නෙ...

    ReplyDelete