Monday, August 8, 2011

බෝඩිමට මොකෙද්ද ඇවිල්ලා | Who's this?



මේ කතාව මම් කලින් කිව්ව තුන්වෙනි බෝඩිමේ ඉද්දි වුන සිද්දියක්.

මම් ඒ පොස්ට් එක අවසාන කරේ අපිට තිබ්බ වතුර ප්‍රශ්නේ ගැන කියල.ඔය ටැංකියෙන් ගොඩක් වෙලාවට වතුර පාවිච්චි කරේ අපේම කට්ටිය තමයි.

ආන්ටිලාට වෙනම්ම ටැංකියක් තිබ්බ ඒ ගෙදර පිටිපස්සට වෙන්න.එහෙ හිටපු නංගිලත් පාවිච්චි කරේ ඒ ටැංකිය නිසා වතුර බිල් ප්‍රශ්නෙදී ගැටලුවක් උනෙත් නෑ.

අපි හිටපු පළාත කදුකර නිසාම,පස් කන්ඩියක් කපල සමතලා කරල තමයි වතුර ටැංකිය තිබ්බ තැන හදලා තිබ්බෙ,කිසිම ආවරනයක් තිබ්බෙ නෑ හතර වටේට....

ටකරං වහලයක් විතරක් හයි කරල තිබ්බ,තැනින් තැනින් අහස පේන...

ඒ හරියෙම ඊට උඩින් තිබ්බෙ ගෙයක්.ඒකත් කුලියට දීලා,හිටපු ගමන් ඩිලිවරි වලට යන ලොරි වගේ ඒවාත් නවත්තලා තියනව.අපි නාන තැන ඉදන් කෙලින්ම උඩ බැලුවම පෙනුනේ ඒ ගෙදර වත්ත වෙන්කරල තිබ්බ වැට.

ආවරණයක් කරල දෙන්න කියල කරපු කන් කෙදිරිය නිසාම ආන්ටි කලු පොලිතින් ගෙනල්ල දුන්න ඒ පැත්තට විතරක් වත් ආවරණය කරගන්න කියල.

හොස්ටල් වල හිටිය අපිට මේක හෙනම කට්ටක් උනා.(අලුත්ම හොස්ටල් වල තිබ්බ පහසුකම් ගැන වෙනම පෝස්ට් එකක දාන්නම්කෝ.)මොනව කරන්නද කියල ඉවසනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඒ කාලේ අපිට ගොඩක් ලෙක්චර්ස් තිබ්බෙත් හවස් ජාමේ.උදේවරුවෙත් තිබ්බෙ නැතුව නෙමේ,ඒත් හවස ලෙක්චර්ස් ගිහින් ආවහම තියන දෙයක් කාලා,තේ එකක් එහෙම බීල, ඕපයක් ගහල ඉවර වෙද්දි ටිකක් පරක්කුවෙනව ඇග සෝදගන්න එහෙම.

අනිත් එක කිව් එකේ ඉන්නත් එපැයි,කට්ටිය ඔක්කොම11 දෙනෙක් විතරනේ...

සමහර දවස්වලට හවස ලෙක්චර්ස් ඇරිලා එද්දිත් හවස 6.30 -7 වගේ වෙන වෙලාවලුත් තිබ්බ.ඔන්න ඔය වගේ දවසක ඕප ගහගහ ඉදලා මම් නාලා ආව විතරයි ඇග්‍රි සෙට් එකේ එක්කෙනෙක් ගියා නාන්න.

ටිකවෙලාවකින් එහා පැත්තෙ ජූනියර්ස්ලා එයාලගෙයි අපෙයි කාමර වෙන කරල ගහල තිබ්බ දොරට ගහනව.

ලොක්කක්කේ!!

ඒ කතා කරන්නේ මට.

ඔයා දැන් නේද නාලා ආවේ?...

ඔව් ඇයි?...

ඒයි මේ!...ඉක්මනට එන්නකෝ!...

ඇයි මොකෝ?...මම් විහිලුවට වගේ ඇහුව.
 
මේ විහිලුවට නෙමේ...එන්නකො ඉක්මන්ට!...ආ...මේ...මේ...උඩ ස්ලැබ් එකට යන දොර වහලද?...

නදී අක්කේ!...

ඔව්... ඔව්...බොල! වහල තියෙන්නෙ... මම් මේ දැන් උඩට ගිහින් ආවෙ.

අක්කෙ මේ අර අනිත් නදී අක්ක නාද්දි කවුද කෙනෙක් ස්ලැබ් එක උඩ ඉදන් බලාගන ඉදලා... එන්නකො... මේ ඇන්ටිත් ඇවිත් ඉන්නෙ !...දොරත් වහගන එන්න හරිද?...

මගෙ ඇගේ හිරිගඩු පිපුනා....ඊට ටික වෙලාවකට කලින් මම් ස්ලැබ් එක උඩට  ගිහින් ආවේ!...අම්මෝ....

සමහරු රෑට මල් කඩන්නත් උඩට යනව, හිටපුගමන්!...

අනිත් අයටත් කියල දනිපනි ගාල දොරවලුත් වහගන, ෆෝන් වල ලයිට් එහෙමත් ඔන් කරන්...ටෝච් අරන්...ගියා වතුර ටැංකිය ලගට.සමහරු වෙව්ලනව, බයේ වහල දිහා බලන්නත්.

මෙන්න අනිත් නදී ඉන්නව බය වෙලා වගේ...ආන්ටිත් එක්ක හරි හරියට කතාව!...

අපි යද්දිත් ආන්ටි ප්‍රමුඛ පිරිස වටවෙලා උඩ බලනව ලයිට් ගහ ගහ.

මොන...මොකෙක්වත් හිටිය පාටක් නෑ.

මොකද උනේ!...?

නදීට ඇඩෙන්න ඔන්න මෙන්න.

අනේ මම් දන්නෙ නෑ...මම් නාලා කොන්ඩෙ පිහදදා හිටියේ...

එක පාටටම හෙවනැල්ලක් වැටෙනව වගේ දැනුන...

මම් උඩ බලද්දි...මිනිහෙක් බලාගන ඉදලා ටක් ගාලා අයන් උනා...අර අර...අතනින්...

මේ තාමත් හිරිගඩු පිපිලා...මම් ටග් ගාලා නංගිලාට කතාකරා...

ලයිට් එක දාල තිබ්බෙ නැද්ද?

තිබ්බා!...ඒත්..ස්ලැබ් එකට එළිය වැටෙන්නෙ නැනේ...මම් නිකමට වගේ උඩ බැලුවේ...

මම ටග් ගාල පැනල ඇහුවා,මාව නෙමේ නේද දැක්කෙ?...කියල,මොකද ටිකකට කලින් මම් උඩට ගිහින් ආව නිසා.

පිස්සුද මට ඔයාව අදුරන්න බැරිද?

අනික ඔයා කොහොමද මෙතන්ට එබෙන්නෙ?

අර අයිනෙන් එබුනේ...

මට හරියකට මූන පෙනුනේ නෑ බයවෙච්ච පාරට.මම් බැලුව ගමන් ඒකා අයින් උනා.

ආන්ටි පරළවෙලා!...මේවගේ දෙයක් උපන්තේකට උනේ නෑ...අපේ ගෙදරට!...

ශුවර් එකටම අර උඩ ගෙදර නැවතිලා ඉන්න එකෙක් වෙන්න ඕනේ.හිටහන්කෝ උදේවෙනකම් මම් කොරන්ඩ...

සෑහෙන කතා බහකට පස්සෙ කට්ටිය විසිරුනා,එදා ගොඩක් රෑ වෙනකම් හරියකට නින්ද ගියෙත් නෑ.

කට්ටියගේ උපකල්පන කෝටියයි.

ජරා මිනිහෙක් වෙන්න ඕනේ...ශුවර් එකටම!...

හොරෙක් වෙන්නත් පුලුවන්!...මැශින්ස් එහෙමත් තියනවනේ!...

නැනෑ... ශුවර් එකටම අපිව බය කරන්න  මෙයා ගොතපු කතාවක්!...ඒ මිනිහා ඔතන හිටියනම් අනිත් අයටත් පේන්න එපැයි?...

අනේද කියන්නෙ! මමත් ඊට ටිකකට කලින්නේ ඔතන ඉදන් ආවේ!...ඒ වෙද්දිත් හිටියද දන්නෙ නැ.මම් ඉතින් වට පිට බලන කෙනෙක්යැ?...

ඔහොම කතා ගොඩයි...එදා රෑ.


කොහොම හරි මම්ත් ඇතුලුව රෑට තනියම එළියට බැහැල එන අනිත් අයත් පස්සෙ පස්සෙ තව කෙනෙක්ගෙ පිහිට පැතුවා බයටම.

නිදාගන හිටිය කෙනෙක් උනත් ඇහැරවගන එන්න උනා රෑට එළියට යනව නම්.

ආන්ටි කීපදවසක් ඒ ගැන කිය කිය හිටියා,ඒත් එබිලා බැලුව එකාව නම් හොයාගන්න බැරි උනා.

35 comments:

  1. ඔව් නදී ගෑණු දරුවන්ගෙ බෝඩිම්වලට තියෙන ලොකුම කරදරය ඕක තමයි..අපේ බෝඩිමට උඩ බෝඩිමේ හිටියෙ අපේම එකේ නන්ගිලා සහ අක්කලා ටිකක්.. අපි හැමදාම ඒ ගොල්ලන්ට බොරුවට බනිනවා.. අපි නාන දිහා හොරෙන් හොරෙන් බලා ඉන්න එපා කියල ඒ අය අපිට කියන්නෙ අපෝයි උඹල නාන දිහා බලා ඉඳල දැන් මෙහෙන් කී දෙනෙක්නම් සසර කලකිරිලා මහන වෙන්න ගියාද කියල

    ReplyDelete
  2. අප්පා ඒක මහ ජරා වැඩක්,මානසික අසහන කාරයෝ....

    ReplyDelete
  3. හපොයි... වෙලා තියන දේවල්...

    ඒ දවසවල අපිටත් උපදෙස් ලැබිල තිබුනෙ 8 වෙද්දි බෝඩිමට ඇවිත් ඉන්න කියල.. ඒකට නම් ප්‍රදාන හේතුව දුරකතන මංකොල්ල කන මංකොල්ල කාරයින්ගෙන් පරෙස්සම් වීමට.

    බලපුවහම ගැහැණු පිරිමි බේදයක් නැතුවම අපි බයෙ තමා ඉඳල තියෙන්නේ...

    ReplyDelete
  4. හොහ් හොහ්.. ෂුවර් එකටම ඒ මනුස්සයා පිළිකුල් භාවනාව කරන්න ආපු එකෙක් වෙන්නෝනි.. :D :D :P

    ReplyDelete
  5. ගෑනු කට්ටිය ඉන්න බෝඩිම් වලට හොරෙන් ඔහොම බලන එවුන් නම් අනන්තවත් ඉන්නවා. එහෙම එකෙක් දෙන්නෙක් අහු උනාම ඔයාලා ගහන්න තියෙන්නේ අතට අහුවෙන ඕනම දේකින්. එතකොටවත් ඔයවගේ ඒවා කරන එක අඩුවෙනවා. ගහලා විතරක්ම මදි. පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. හැබැයි පොලිසියට අල්ලලා දෙන්න කලින් පාරවල් ටිකක් දුන්නේ නැත්නම් ඉතින් වැඩක් නෑ. මොකද පොලිසිය කියන්නෙත් ජරාව කන ජාතියක් නේ. ඒ නිසා පගාවක් අරන් ෂේප් වෙයි. ඒ නිසා අඩුම තරමේ නෙලන්න ඕනේ.

    ඒ උනාට කෙල්ලෝ එහෙම කරන්නේ නෑ බයයි. අඬනවා. එහෙම වෙලාවකට බැච් එකේ කාටහරි කතා කරලා කොල්ලෝ සෙට් එකක් ගෙන්නුවානම් නෙලන්න තියෙනවා.

    වැඩිය ඕනේ නෑ අපේ ගමේ දි කෙල්ලෙක් කඩේට ආපු වෙලාවක කඩේ එකා බදාගන්න හදලා උට කෙල්ලගේ ගෙදරින් ඇවිත් ඇති වෙන්නම නෙලුවා. අන්තිමේදි අහවල් තැනටත් පයින් ගහුවා !!!!

    ඔහොම තමයි ඔය සක්කිලින්ට කරන්න ඕනේ !!!

    ReplyDelete
  6. ඒ මිනිහා බලන් ඉන්නවා කියන එක මාට්‍ටු වෙච්ච එක හොඳයි. නැත්නම් දිගටම ඔය වැඩේ කරන්න තිබුණා.

    ReplyDelete
  7. එබිලා බලපු කෙනාට අන්න තොවිලයක් කරනවලු.... හොඳටම බයවෙලා....!

    ReplyDelete
  8. අනේ මන්ද අපිට හැමවෙලේම බයෙන් ඉන්න වෙලා තියෙන්නේ අපේම මිනිසුන්ටනේ කියල හිතනකොට පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ... මේගැන හොද ලිපියක් සොදුරුසුව අසපුවේ යනවා.
    ඒකත් බලන්න.....

    ReplyDelete
  9. අනේ මන්ද මේකට මොනවා දාන්නද කියල.. ගෑනු නාන දිහා හොරෙන් බලන් ඉන්නවා කියන්නේ මානසික අසහන කාරයෙක් වෙන්න ඕනේ. කොල්ලෙක් කොලු කාරකමට, වයසත් එක්ක හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා බැලුවද දන්නෙත් නෑ, නමුත් එහෙම කරත් ඒක මානසික අසහනයක්.. මේක දැනට ලංකාව වගේ ලිංගිකත්වය මහා ඉහළින පිළිකුල් කරන රටවල පොදු සිද්දියක්. හොදම වැඩේ අපේ පරිස්සම අපිම හදාගන්න ඒක තමා.. මොකද මොනවා හරි උනාම ගහල, බැනල, හිරේ දාල වැඩක් නෑ...

    ReplyDelete
  10. අම්මෝ ඔය වගේ අත්දැකීම් කොයිතරම්ද! එක තැනක නම් ජනේලෙන් එබිලා බලන්න වුනා කවුරු හරි බැල්කනියේ හැංගිලා ඉන්නවද කියලා. මානසික අසහනය ඇති අය ඕනෙ තරම් නේ.

    ReplyDelete
  11. //එබිලා බලපු කෙනාට අන්න තොවිලයක් කරනවලු.... හොඳටම බයවෙලා....!//

    ඇනෝ. ඔයාගේ කතාවට මටනම් හොදටම හිනා ගියා. කෙසේ හෝ ඔබට ස්තුතියි උදේම අපේ ලේ පිරිසිදු කලාට. හික්ස්.

    ReplyDelete
  12. අර ඇනෝ කියලා තියෙනවා වගේ එබිල බලපු එකෙක්ව හම්බ වෙන්න නැතුව ඇත්තේ ඒකා බලපු දර්ශනේ හැටියට එවේලේම දිවංගත වෙන්න ඇති.. (ඕකුන්ට හොඳට නෙලන්න ඕනේ අහු වුනාම , බයේ ඉන්න නරකයි )

    ReplyDelete
  13. මම හිතන්නේ ඔය වයසක අංකල් කෙනෙකුගේ වැඩක් වෙන්න ඇති .

    ඔයවගේ සිදුවීමක් දුටුවාම එකපාරම බලන්න එපා ..! අර මහසෝනාව බලනවා වාගේ කිහිල්ලට යටින් බලන්න .. එතකොට අපිට පේන වග ඌ දන්නේ නෑ ..

    ReplyDelete
  14. මේ පැත්තෙ වැව් බන්ට් උඩ, එහෙම නැත්තන් ඇල කන්ඩිය උඩට වෙලා පට්ට මද්දහනේ ගෑණු නාන දිහා බලන් ඉන්න "කෂ්ටිය" මම අනන්තවත් දැකලා තියෙනවා.. බලන් යද්දි අසහන කාරයෝ නැති තැනක් නෑනේ..

    ReplyDelete
  15. මේ සිද්ධිය නම් මොකක්ද දන්නේ නැහැ , හැබැයි ඔය වගේ හොරෙන් බලල සතුටු වෙන ලෙඩකුත් තියෙනවා , ඇවිත් බලන්න ඒගැන
    http://nursinglanka.blogspot.com/2011/08/41-paraphillia.html

    ReplyDelete
  16. ආන්ටිත් හොඳටම බය වෙන්න ඇතිනේද කෙල්ලො ටික බෝඩිම අතෑරල යයි කියල.
    ග්‍රීස් යකෙක් ද දන්නෙත් නෑ ආවේ නේද.දැන් හැමතැනම ඉන්නවානේ.

    ReplyDelete
  17. අදරටේ විකෘති ආසවන් තියෙන අය එමට ගැනුලමයි තනියම ඉද්දී කල්පනාවෙන් වැඩකරන්ට ඔන....

    ReplyDelete
  18. ගෑණු ලමයින්ගේ බෝඩින් වල ඔය වගේ දේවල් සෑහෙන්න වෙනවා නේද?
    අනේ මන්ද මිනිස්සුන්ට මොනව වෙලාද කියලා..

    ReplyDelete
  19. ලිපියෙ තියෙන විස්තර වල හැටියට නම් ඔය ඇවිත් තියෙන්නෙ වෙන මොකෙක්වත් නෙවේ, කළු කුමාරය...

    ReplyDelete
  20. Weni- ඔව් මාර වදයක් එපා වෙනවා.අහ් අහල තියනවද එහෙම සසර කල කිරිල ගිය කෙනෙක්ව :)

    පිස්සු පුසා- හ්ම්...මානසික ලෙඩ්ඩු තමා.

    නදුන් උයන- ෆෝන් නැතිවීමේ ප්‍රශ්ණ නම් උනේ නෑ.ඔය අහරෙන් මෙහෙන් එබිලා බලන් ඉන්න අයගෙන් තමා කරදරේ තිබ්බෙ.

    ReplyDelete
  21. චතුවා (ළමයා)- ආහ් ඔව් ඔව් වෙන තැනක් නැතුවම එන්න ඇත්තෙ,මොකටද මගෙ කට.

    මධුරංග-අපිට ඒ ආව කෙනා නම් අහූනේ නෑ.ඔයිට කලින් කෙනෙක් ඔහොම ඉදලා ගමේ මිනිස්සු අල්ලල දුන්නලු.

    විසිතුරු-හ්ම් දැක්ක නිසා හොදට ගියා.අපිට් මහරෑටත් තිනියම එළියට ඒනවා දත් මදින්නත්.කෑම කාල අත හෝදන්නත්.

    ReplyDelete
  22. Anonymous- තොවිලයක් කරන්න තිබ්බ අහූඋනා නම් ඕකට දීල ගුටි ආය පැත්ත වත් නොබලන්න.

    ඝිම්හනි-මම් කියෙව්ව අර ග්‍රීස් යක්කු ගැන ලියලා තිබ්බෙ

    ADK කොලුවා- හ්ම්...තමන්ගෙ පරිස්සම තමන් බලාගන්න තමා වෙන්නෙ,මොනාහරි උනාම කෑගහල,බැනලා වැඩක් තියේද?

    ReplyDelete
  23. Anithkona- අහ් ඔයාලටත් අද්දැකීම් ඇති පාටයි,ඒ දවස් වල තනියම රෑ ඇහැරලා ඉන්නත් බය උනා පාඩම් කරනනත්.

    Gimhani- අනේ අනේ ඇනෝ බලන්නකෝ නේද :))


    චතුර....-බයයි නේ ඉතින් ඔහොම එකෙක් දැක්කම බය නොවී තියෙයියැ,මම් දැක්කනම් ගල් වෙලා තමා ඉන්නෙ බයටම කතාකර ගන්නවත් බැරුව :)

    ReplyDelete
  24. හිස් අහස- මොන ඔය වෙලාවට ඔව්ව කල්පනාවට එන්නෙනැනේ මල්ලි.

    නාකියා- අහ් ඔව් ඔව් වැව් වල නම් මමත් දැකලා තියනව.හැබැට ඔයාව මම් දනන්වද දන්නෙත් නෑ.මේ පැත්තෙ කෙනෙක් නේද?

    මහේෂ් නිශාන්ත-මම් ඒ ලිපිය කියෙව්වා අය්ය,එහෙම කෙනෙක් තමා මේ කතාවෙත් කියන්නේ.මගෙ යාලුව ඇත්තටම එහෙම කෙනෙක් ව දැකලා

    ReplyDelete
  25. පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-ඔව් බය වෙලා හිටියේ,කෙල්ලො ටිකක් එක්ක එයා මොනව කරනන්ද?පිරිමි කෙනෙක් නැති ගෙදර.

    Raj- අම්මේ ඔව් බයේ බෑ දැන් කාලේ ගොඩක් ඔය කතා ඇහෙනව රටේ හැමතැනම.

    Nisupa- හ්ම් ගොඩක් කතා අහලා තියනව.ගොඩක් ගෑණු ලමයිගේ බෝඩින් වලට ඔහොම බැල්ම දාන උන් ඉන්නව මානසික අසහන කාරයො තමා.

    ReplyDelete
  26. ටී.බී.-අහ් ඔයාට ශුවර්ද? කොහොමද එහෙම කියන්නේ.කළු කුමාරයා කියන්නේ ඕකට නෙමේ.

    ReplyDelete
  27. @ නදී,
    එහෙනං මොකාටද?

    ReplyDelete
  28. අර ග්‍රීස් යකාද දන්නේ නැහැ.. එහෙම නැත්නම් ඉතින් ඔය දිවියලෝකෙන් දෙවිකෙනෙක් එබිලා බැලුවද කියල කවුද දන්නේ ? හැම ගහක් ගලක් උඩම දෙවියෙක් ඉන්න අපේ රටේ!

    ReplyDelete
  29. ටී.බී- මම් අහල තියෙන්නෙ කලුකුමාරයා කියන්නෙ ඇත්ත මනුස්සයෙක් නෙමේ කියල.හිතේ ඇතිවෙන දෙයක් කියල.

    සරත් ලංකාප්‍රිය- දෙවියෝ නම් නානා තැනකට එබෙන්න විදියක නෑ.සුවර් එකටම අර ග්‍රීස් යකා වගේ කෙනෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
  30. @ නදී,
    ඔව් ඒකා ඉන්නෙ හිතේ තමා...

    ඔය ඉස්සර කාලෙ ධ්‍යාන ලබපු අය අහසින් යන ගමන් කාන්තාවො නාන තැන් ලඟින් එහෙම යද්දි හිටි ගමන් ධ්‍යානය නැතිවෙලා බිමට කඩාගෙන වැටෙනවලු...

    ReplyDelete
  31. ටී.බී.-හෆොයි ධ‍ය්‍යාන වලින් වැඩක්ද ඔහොම බිමට කඩාගන වැටෙනව නම් ලොල්.එහෙම බලද්දි ගෑණු අයත් සෑහෙන බලවත්.උඩින් යන අයත් බිමට කඩාදාන්න පුලුවන් නම්. හිකිz බිකිz :)

    ReplyDelete
  32. @ නදී,
    ඔව් ධ්‍යාන වලින් නවතින්නෙ නැතුව මාර්ග ඵල දක්වාම යන්න ඕනෙ ඒ නිසා.
    "එහෙම බලද්දි ගෑණු අයත් සෑහෙන බලවත්..." ඒක නම් විවාදාපන්න මාතෘකාවක්... :D

    ReplyDelete
  33. නංගී.. ඔන්න සැරයක් විශ්ව විද්‍යාල හොස්ටල් එක ළඟ තියෙන කොට අපි හිතුවේ අල්ලපු හොස්ටල් එකේ කට්ටිය අපෙ කාමර දිහා බලනවා කියලා ඒ අය හිතලා අපේ එකෙන් කෙනෙක් ඒ දිහා බලනවා කියලා .... අන්තිමට චෝදනා විභාග කරද්දි තමයි වැඩේ අහුවුනේ... දෙගොල්ලොම බයෙන් බල බලා බැන බැන ඉඳලා

    ReplyDelete
  34. මොකා උනත් කරලා තියන වැඩේ නම් වැරදිය .....

    ඌව හොයා ගන්න ටිකක් හොයලා බලන්න කැලේට වෙන්න තියන ආරණ්‍යවල එහෙම, මොකද මිනිස්සු හුඟක්ම කලකිරුනාම වනගත වෙනවනේ ......

    ReplyDelete
  35. ඇනිත්කොන-අපිටත් ඔහොම්මම එකක් උනා අපිත් බලනව ඒ අයත් බලනව.අපේ හොස්ටල් එක ලග තිබ්බෙ ඒ ළමයින්ගෙ හොස්ටල් එකත්.අන්තිමට දන්නෙ ඒ ලමය ටැමිල් ගර්ල් කෙනෙක්.හිනා වෙන්නෙත් නෑ බලාගන ඉන්නව.

    පන්සල් හංදිය-ඇහ් අහූවුනා නම් ගුටි දෙන්නෙ.

    ReplyDelete