Monday, August 8, 2011

කන්නෙ නැත්තම් බලෙන් ගිල්ලවන්නද? | My baby doesn't want to eat


පොඩි දරුවො ඉන්න ගොඩක් අම්මලා කියන කතාවක් තමයි අනේ!... අපේ බබා කන්නෙ නෑ... කියන එක.

කවන්න කරන යුද්දෙ දන්නෙ ඉතින්,බබාවත් වඩාගන පිගානත් අනිත් අතින් අරන්,පැයක් විතර ගෙදර වටේ ඇවිදින අම්මල විතරයි.

ඒත් ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කටක් දෙකක් උනත් කවාගන්නෙ.සමහර බබාල නම් එහෙම වදයක් දෙන්නෙ නෑ.හොදට කනවා.

මේ ලගදි උන සිද්දියක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ, අපේ බබා,නැචුරලුත් ඔය කෑම නොකන ගොඩක අයිති වෙන කෙනෙක්.

දැන් එයාට අවුරුදු 2.5ක් විතර වෙනවා,දකින දකින අය කියනව,

අනේ!...බබා ගොඩක් කෙට්ටුයි නේද?...බබා බත් කනව හොරයිද?...

කතා ගොඩයි.ගෙදර අයගේ හිතටත් හරි නෑ.

බැරිමතැන ළමාරෝග විශේෂඥ වෙද්‍යවරයෙකුට පවා පෙන්නුව.

දොස්තර කිව්වෙ ලමය කෙට්ටු උනාට කමක් නෑ නිරෝගීනම්, මෙයාට වෙන ලෙඩක් නෑ කියල.

ඒත් ගොඩක් අම්මල කැමතියිනේ බබා ලස්සනට බෝලයක් වගේ ඉන්නවට.

මෙයාට වෙන කිසිම  ලෙඩක් තිබ්බෙ නෑ,හොදට කතා බහ එහෙමත් කරනව.දුවනව පනිනව දාන්න ඕනේ සෙල්ලම් ඔක්කොම දානව.හොදට ක්‍රියාකාරකම් කරනවා.

නොකන ප්‍රශ්නෙ නිසාම වෙද්‍යවරයා කීව විදියට අපි  තුන්වේලට අමතරව වෙන අනම් මනම් කන්න දෙනඑක ටිකක් අඩුකරා,එතකොට තුන්වේලවත් හොදට කයිනේ කියලා.


මොන...මේකා ඒ කන්නෙත් නෑ...අන්තිමට තුන්වේලත් හරියකට නෑ...අමතර කෑමත් නෑ...

වෙනදා නැචුරල්
දේ 5ට විතර නැගිටිනව.

මෙන්න දවසක් ටිකක් දවල් වෙනකම් හොදටම නිදි.

බැරිම තැන බලෙන් ඇහරව්වා.නිදිමත වගේ ඇස් පියවෙනව.කෙලින් කරාම ඔළුවත් කඩන් වැටෙනව.

අක්ක හොදටම බය වෙලා. 

නැචුරල්ව මට වඩාගන්න කියල දනි පනි ගාල ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති උනා.

නින්ද යන්න දෙන්නෙ නැතුව තියාගන්න කියල, මම් බබාව ටිකක් හොල්ලල නැචුරල්... නැචුරල්...කිව්වා.

හ්.. ම්...ම්...හ්...ම්...ම්...ගානව.කතා කරන්නේ නෑ.

මටත් ඇඩෙන්න වගේ...  නැචුරල්ට දාඩියත් දාල හොදටම.ඒත් එක්කම බෝ...බෝ... කිව්ව.

මම් පට් ගාල එයාගෙ වතුර බොතලේ දුන්න.මෙන්න වතුර බෝතලේ අත් දෙකෙන්ම අල්ලගන නිදි, ඔලුවත් කඩාගන වැටෙනව වගේ ආයම.

මම් අක්කට කෑගෑහුවා!...මොකද කරන්නෙ? ඉක්මනට එනවා!...කියල.

ඉස්පිරිතාලෙ ලග නිසා විනාඩි 5ක් වත් ගියෙ නෑ, නැචුරල්ව අරන් ගියා.දොස්තරල ඇවිත් බබාව බැලුවා.අම්මටයි බබාටයි නැවතෙන්න කිව්වා.

ටික වෙලාවකින් අම්මයි මමයි ගෙදර ආව. නැචුරල්ට අවශ්‍ය කළමනා,දවල්ට කෑම අරන් යන්න ලෑස්ති කරන්නත් එපැයි...



නැචුරල්ට කලන්තේ ඇවිත් තියෙන්නෙ ලේ වල සීනි හොදටම අඩුවෙලා නිසාලු.

ඉස්පිරිතාලෙ දවසක් විතර ඉදලා තමා ගෙදර ආවේ.

කෑම කන්න පුලුවන් වෙන්න කියල,විටමින් එකකුත් දුන්න ඒත් අර විදියමයි බර මනින්න ගියාම කැපීපේන බර වැඩිවීමක් නෑ.

හැබැයි මෙයා අඩුබර නෙමේ.අවධානම් කලාපයේ ඉන්නෙ :).

අන්තිමට තීරණේ කරා,එයා කැමති ඕනේම දෙයක් කන්න දෙන්න.


බලෙන් කවන්නෙ නැතුව,බලෙන් කවන්න ගියාමනේ කිසිදෙයක් නොකා ඉන්නෙ.කෑම ටික කටට දානව විතරයි අනිත් පැත්තට බු..වැ...ක්!...ගාලා දානව.

අක්කට වෙලාවකට තරහත් යනව,එක එක්කෙනා උපදෙස් දෙනව,ළමයට කවන්න වෙන මහන්සිය දන්නෙ මම් විතරයි කියල.

අක්කා එක එක විදියට කෑම ජාති හදනව,බබා වෙනුවෙන්ම.

තරහ ගියාම වෙලාවකට බනිනවත් එක්ක,මේකට තිබිලත් කන්න පින නෑ!... කියල.

පොඩි අයට කවන එක නම් යුද්දයක්!

කවනකොට කන්නෙත් නෑ,කවන්න ඇවිදලා ඇවිදලා ඉවරවෙද්දි ආය මුලක ඉදන් ගේ අසකරගන යන්නත් ඕනේ,එයාල අදින සෙල්ලම් බඩු අරව මේවා අස් කරන්න.

ඇයි හැමතැනම දාන කෑම අයින් කරන්න.අතුගාන්න.

41 comments:

  1. අපොයි..මටත් තාම මතකයි පොඩි කාලේ මට කවන්න අම්මයි, තාත්තයි ගත්ත මහන්සිය...ඔන්න වාහනේට තෙල් ගහනව කියයි, කුරුල්ලට කෑම කවනව කියයි.ඔහොම කිය කිය තමයි කැව්වේ...

    ReplyDelete
  2. Nisupa- හ්ම් ඔව් මටත් මතකයි ඉස්සර.අම්ම බත් කවද්දි ආ...මෙන්න මේ කට අපි මාමලගෙ ගෙදර ගිහින් කන්නෙ ඕං යනව මාමලගෙ ගෙදර... බූම්ම්ම්....බුම්ම්ම්....ගාල ප්ලේන් එකේ ඇවිත් කවන්නෙ :))

    ReplyDelete
  3. මේ දැනුත් මගේ අවුරුදු නවයේ බබාටයි 5 බබාටයි බත් ගිල්ලලා ඉවර වුනා විතරයි. කැව්වේ නැත්නම් අතගගා ඉඳියි දවසම . අවුරුදු 4-5 ක් ක් විතර යනකම් හරි අමාරුයි. හැබැයි ඊට පස්සේ කැව්වොත් කනවා . බත් ඇර අනික් දේවල් කනවා ප්‍රශ්නයක් නැතුව . අර මාස හයෙන් දෙන තලපේ දැකලම ළමයින්ට කෑම එපාවෙන එක අහන්නත් දෙයක්ද . අයිස්ක්‍රීම් හෙම දීල බැලුවේ නැද්ද . අපේ ගෙදර නම් එව්වා දුන්නම නෝ කතා .

    ReplyDelete
  4. මමත් හරිම කෙට්ටුයි වැඩිය කන්නේ නැති නිසා :D

    ReplyDelete
  5. ඔය කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපේ ලොකු කෙල්ල පොඩි එකාටත් හපන්.. පොඩ්ඩට නම මම ට්‍රික් එකක් කරනවා.. ඌ අකමැතිම කෑමක් එක්ක වෙන එකක් කියල කියනවා අර අකමැතිම එක තමයි අද දෙන්නේ කියල. එතකොට අනික ඉල්ලන් කනවා.. උදහරනෙට ගත්තොත් මිනිහ සුප් වලට හරිම අකමැතියි.. බත් කන්න බැහැ කිවුවම මන් කියනවා හා හා කමක් නැහැ. කරදර කරන්න එපා එයාට සුප් එකක් දීල අපි බත් කමු කියල.. මෙන්න මිනිහ ඇවිත් බැන බැන කනවා.. ..

    ReplyDelete
  6. අප්පේ අපෙත් චූටි බඩුවක් ඉන්නව ඔහොම,තමා මාස 10යි.එයාට කවන්න හදනකොට එයා අපිව කන්න හදනව.මූණ විකනව,හැබැයි දත් නෑ වෙලාවට.බඩිගිනි නැතිව කවනකොට බබාට යකා නගිනව.මූණත් රතු කරගෙන “ඒහ්“ කියලා හයියෙන් කෑ ගහනව.අතට අහු වුනොත් කවන කෑම එකටත් පාරක් දෙනව.හිහී.. :D :D

    ReplyDelete
  7. පොඩීවුන්ට කවන එක ගැන නම් කියල වැඩක් නෑ අපේ අක්කගේ පොඩි එවුන්ට කවන්න එයැයි යුද්ධයක් කරන්නේ..

    ReplyDelete
  8. පොඩි අයට කවන්න තමයි මාරම අමාරු. ඉස්සර අපිත් බත් කන්නේ නෑ. එතකොට අම්මා රටේ නැති ඔක්කොම කතා කියව කියව තමා බත් ටික කවන්නේ.

    නැචූ දූට බත් කන්න තක්කාලි ගෙඩියක් කපා දුන්නා නම් ඉවරයි නේ. යස අගේට බත් ටික කයි නේ. එයා තක්කාලි අමුවෙන් කන්න ආසයි නේ.

    මම් නැචූ ගේ ආසම ෆොටෝ එකත් මේක තමයි. මාර අහිංසක පාටයි. :)

    ReplyDelete
  9. මම නම් කවන කොට කනව...

    ReplyDelete
  10. අපෙ අක්කාගේ පොඩි මෑනුත් මෙහෙම්ම තමා.. එයාට කවනකොට මම නම් පේන්නවත් ඉන්නෙ නෑ. මොකද එයාට කවනකොට ගෙදර වටේ එක්කන් යන්නයි එයාට ඕනි සෙල්ලම්බඩු ගෙනත් දෙන්නයි වැඩ ගොඩයි මට..:D

    ReplyDelete
  11. නැතිබැරි පවුල්වල ලමයින්ටනම් ඔය කවන ප්‍රශ්නේ නෑ. පේලියට වාඩිකරලා පිගන් වලට දාල දුන්නම එක ඇටයක්වත් ඉතුරු නොකර බත් ටික කනවා.

    ReplyDelete
  12. පිස්සු හැදෙනවා....අපේ අක්කගේ පොඩි එකාට නම් තාම අවුරුද්දයි...තාම හොඳට කනවා.පස්සේ තමයි යුද්දේ පටන් ගන්නේ....

    ReplyDelete
  13. හපෝ එකම යුද්ධයක් නේ.පොඩි උන් ඔහොම තමා කන්න හෙනම හොරයි.

    ReplyDelete
  14. අපේ ගෙදරත් මේ වගේම තමයි..බත් දකින කොටත් බු..වැ..ක්.

    හැබැයි අපි කරන්නෙ කන්න කැමති ඕනම දෙයක් ඉල්ලන වෙලාවක දෙනවා..වැඩි හරියක් බිස්කට් තමයි..දවස් කීපයක් ට්‍රයි කලා අමතර දේවල් නොදී බත් ටිකක්ම ගිල්ලවන්න..ඒත් අනිතිමට වෙන්නෙ මොනවත්ම කන්නෙ නැති කම.ඒකා බඩගින්නෙ ඉන්නකොට අපිට කන්නත් බැහැනෙ..ඒ නිසා තමා කැමති දෙයක් කෑමට ඉඩ හැරලා තියෙන්නෙ..පුළුවන් විදියට බය කරලා බත් ටිකකුත් ගිල්ලවනවා. කෙට්ටුයි නම් තමයි..අපේ නෝනා ගෙදරට කවුරු හරි එනවනම් දරුවට ටිකක් ඇඟ වැහෙන ටී ෂර්ට් එකක් අන්දවනවා..මොනවට නිකන් හිත රිදෙන කතා අහන්නෙ...

    ඔය බර අඩු වැඩි කියන එක පොදුවේ හදලා තියන සාපේක්ෂ මිම්මක් නේ..අපිට වගකීම ගන්න පුළුවන් නම් ඔය මිම්මට යට වෙන්න ඕන නැහැ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  15. හෆොයි සහතික ඇත්ත..අක්කගෙ ළමයට කවන්න යනකොට නටන්න ඕන නාඩගම දැකලා තියෙනවා.අන්තිමට ඒකට මාත් පළි..

    ReplyDelete
  16. අපේ බබා අපේ බබා කියනකොට මම හිතුවෙ අක්ක අවුට් වෙච්ච ගමන් බැඳලවත්ද කියලා... බබාට අවු.2හමාරයි කියනකොට තේරුනා... පස්සෙනෙ දන්නෙ අක්කගෙ අක්කගෙ බබා කියලා... හි හි හි...

    ReplyDelete
  17. @සීතල අයියා :
    මොකෑ ඒකට සීතලයා පලි වෙන්නේ ? :)
    බිම පෙරලි සිනාසේ :)

    ReplyDelete
  18. පොඩි උන් ඉතින් ඕම තමා

    ReplyDelete
  19. ඉස්සර බත් කන්න ගිහින් කාපු ගුටු මතක් වුනා. ඒ කාලෙ බත් කනවට වඩා කෑවෙ ගුට්

    ReplyDelete
  20. ගුටු, ගුට් = ගුටි හොඳේ....

    ReplyDelete
  21. අම්මෝ පොඩිළමයින්ගෙත් ලේ වල සීනි ඔහොම අඩුවෙනවද... මාරයි..
    ඕක අර ළමාරෝග විශේෂඥ වෙද්‍යවරයට අහුවුනේ නැද්ද නදී.

    ReplyDelete
  22. පොඩි අයට කවන එකද...අපෝ..මට බලන් ඉදලම එපා උනා දවසක්

    ReplyDelete
  23. Bindi- ඔව් කට්ටිය කියනව ටිකක් ලොකු උනාම කන්න හුරුවෙයි කියලා.අහ් බත් ඇර අනිත් ඒවා කනව.චීස්,යෝගට් ,චොකෝ,අයිස් ක්‍රීම් වගේ ඒවා.

    පූසා- අහ් මම් දැක්කා පින්තූර වල.මාර කෙට්ටුවක් නේ අම්මෝ.කන්නෙ නැද්ද ඔයත් :))

    සරත් ලංකාප්‍රිය- ඔයවගේ කතා කොච්චර කියනවද හෑබෑට බත් ටිකක් කවාගන්න,

    ReplyDelete
  24. ආඩම්බරකාරී -අහ් බේබි ලෝරා ගැනනේද ඔය කියන්නේ,අනේ එයා හරි ස්වීට් බබෙක්.අර කීව වගේ ටිකක් ලොකු උනාම හරියයි.

    චතුර....- කියල වැඩක් නෑ මල්ලි,ගෙදර යුද්දයක් කරන්නේ කාවා ගන්න ගියාම.පොඩි එකාටත් එපා වෙනව ඇති.

    මධුරංග-ඔව් තක්කාලි එක්ක තමයි ටිකක් හරි බත් කවා ගන්නේ,බත් පැත්තක තියලා අන්තිමට එයා කන්නෙ තක්කාලි

    ReplyDelete
  25. ටී.බී.- අහ් බබානේ,හරහට වඩාගන්න බබෙක් වෙන්ටැ.

    චතුවා (ළමයා)-අහ් ඔය කියන්නෙ නයිස් පැටියා ගැන වෙන්න ඕනේ.අප්පෝ ඔව්,ඔන්චිලි පද්දවන්නයි සෙල්ලම් කරන්නයි මටත් එපාවෙනව,හැංගිලා ඉන්නෙ වෙලාවකට,ඒත් පස්සෙන් එනව පුංචියා කිය කිය :))

    ඝිම්හනි-අනේද කියන්නේ.ඒක නම් සහතික ඇත්ත.යස අගේට කනව.

    ReplyDelete
  26. පිසාචයා- හ්ම් වෙලාවකට කනව,පොඩි කාලෙ ඔහොම කනව තමා.බලෙන් කවද්දි එපා වෙනවත් ඇතිනේ.

    කස්සා- හැමෝමත් ඔහොම නෑ,සමහරු හොදට කනවනේ.

    Luckey- අපේ අක්කත් ඔහොමයි.බර මනින්න යන දවසට ඉතින් බයෙ යන්නෙ බර අඩුවෙලාද කියල හිත හිත.

    ReplyDelete
  27. සීතල අයියා-ඔව් ඔව් බත් කවන්න කලින් අපි මොනා හරි කද්දි එයත් ඉල්ලනව,ඒව දුන්නම ඒවා කාල බත් නොකා ඉන්නව.ඉතින් අපිටත් බැනුම් වෙන දේවල් කන්න දෙනව කියල බත් වෙනුවට.

    තාරා-අහ් හෙහෙ ඔව් ඔව් මගෙ අක්කගෙ බබා තමා මේ.

    අකූ -පස්සෙ වත් හරියයි කියල තමා මේ බලන් ඉන්නෙ,නිරෝගී නම් කෙට්ටු උනත් ගානක් නෑ කියල දැන් නම් එච්චර බලෙන් කවන්න යන්නෙ නෑ.

    ReplyDelete
  28. තාරක Dilsh@n - හෙහෙ ඉස්සර අපි පොඩි කාලේ මුංඇට කවුපි වගේ ඒවත් කන්න හොරයි,අප්පච්චි කෝටුවක් තියාගන ඉන්නව එතකොට බයේ කනව.දැන් බබාලට කොච්චර කෑම ජාති තියනවද කන්න,අපිට ඒවා තිබුනේ නෑනේ.ගොඩක් තිබුනේ ගෙදර හදන කෑමනේ.

    පැණි දොඩම් - [නුවන් කුමාරනායක]- නෑ නෑ ලෙඩ උනාට පස්සෙ දවසක් තමා බබාව එකක් ගියේ දොස්තර ලගට.කෑම නැතුව පැය ගානක් ඉදලානේ ඒකයි සීනි අඩුවෙලා තිබ්බෙ,අම්මෙ එදානම් හොදටම බය උනා.

    පිස්සු පුසා- මටත් දැන්මම එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  29. @ නදී,
    ඇයි අම්මල බත් කවන්නෙ පොඩි බබාලට විතරද... ලොකු බබාලටත් කවනව...

    ReplyDelete
  30. ටී.බී.- කවනව කවනව.මොකද නැත්තේ.

    ReplyDelete
  31. පොඩි ළමයින්ට බත් කැවිල්ල???? හපෝ මතක් කරන්නවත් එපා.

    ReplyDelete
  32. අපේ ගෙවල් පැත්තෙ පොඩි එකෙක් ඉන්නවා. ඌට කවන්න යනකොට "වමනේ..... වමනේ........" කියාගෙන කෑ ගහගෙන දුවනවා.

    ReplyDelete
  33. අනේ මට තාම බබාල නෑ නෙ. :D

    හැබැයි මට හොඳට මතකයි අපේ නංගිල දෙන්නට කවන්න අම්මයි තාත්තයි දුන්න ගේම. පොඩි එක්කෙනාට බයික් එක නැතුව කවන්න බෑ. කටක් කවල රවුමක් එක්ක යන්න ඕන. ඊට පස්සෙ තමයි අනිත් කට. කොහොම හරි පිඟාන ඉවර වෙනකොට බයික් එකේ පෙට්‍රල් ටිකත් ඉවරයි.

    ReplyDelete
  34. I read ur posts...Novel Ideas..Keep it up.
    Unfortunately I cnt type in Sinhala.Unicode is a sick

    ReplyDelete
  35. අපේ ගෙදර ඉන්න හොර පැටිය කනකොට,,,,,,, කනකොට නෙවේ වපුරනකොට. මම කියනව සුදු අම්මි ආආආඅ‍ආ කියල අනේ පවු හරි අසාවෙන් ඔක්කොම කැමටික මට කවනවා මොනවා උනත් එයා අසයි අනික් අයට කවන්න....

    ReplyDelete
  36. හරී - පිණිපළස - හෙහෙ එක අතකින් බලෙන් කෑම ගිල්ලවන්න යද්දි එයාලටත් එපා වෙනව ඇතිනේ.පොඩි බඩක්නේ තියෙන්නෙ කියල අපිට තේරෙන්නෙ ඇණ්ති හැටියක්.

    පිණිබිඳු...-හෙහෙ මම් අම්මටත් ඔයා කිව්ව කතාව කිව්ව.අම්ම කියනව ඉස්සර ඔහොම කෙනෙක් හිටියලු අපේ ගමේ.බත් වට්ටියෙ දාද්දි නිමෙන්න,මේකා ගෙදරින් යනවලු කන්නදෙයි කියල.ලොල්

    කසුන්-මටත් නෑ.මේ කිව්වේ අක්කගෙ බබා ගැන,අම්මෝ වෙන මහන්සි දකිද්දි එපා වෙනව.

    ReplyDelete
  37. Osada- Thanks for your comment brother.

    රතු මුහුද-අහ් එයාල අනිත් අයට කවන්න නම් හොදට දන්නව.අපිට, නැත්තම් පූසොන්ට දානව තනියම කන්න කීවොත්.

    ReplyDelete
  38. @Gimhani,

    සහතික ඇත්ත නඟා ........

    ReplyDelete
  39. අපේ ගෙදර නම් ඔය තරම්ම බරපතල විදියට ගැටලු නැහැ ....

    පොඩි එක්කෙනාට නම් කවන්න සමහර වෙලාවට විතරයි අමාරු, අනිත් කෙනාට නම් අවුලක් නැහැ .......

    කොහොම උනත් පොඩි එකා පරිස්සම් කර ගන්න ....

    ReplyDelete
  40. පන්සල් හංදිය-එහෙනම් හොදයි අය්ය මේකාට කවන්න ගියාම එපා වෙනව.

    ReplyDelete
  41. අද දවල් කන්ටිමෙන් කනකොට අපේ අම්මා මට බත් කවපු විදිහ මතක් උනා. ඒ නිසා ඒක කමෙන්ට් කරන්න හිතුවා.

    මම් ඉස්සර මාරම හොරයි ලූ කෑම කන්න. ඒ නිසා අපේ අම්මා කරන්නේ මාව කුරුල්ලෙක් කරලා ඉගිලෙන්න කියනවා. අම්මා බත් ගුලි හදලා කුරුලු අම්මා කුරුලු පුතාට බත් කවනවා කියලා කවනවා. ඒකත් එච්චර කල් අල්ලලා ගියේ නෑලු. කොල්ලට මීටර් ලූ අම්මා බත් කවන්න ගන්න උපක්‍රමයක් කියලා.

    ඒ නිසා අම්මා කරන්නේ මස් මාලු බිත්තර හාල්මස්සෝ කරවල වගේ දේවල් දවසගාඅනේ හදන එක. මාලු උයපු දවස්වලට මාලු ටික බත් එකට දාලා අනලා කවනවා. එතකොට අපි අහනවලු කෝ මාලු කියලා එතකොට අම්මා කියන්නේ මාලු අනලා තියෙන්නේ කියලා. කොහොමහරි කටවල් පහ හයක් කනවා.

    බිත්තට උයපු දවස්වල නම් අම්මා කරන්නේ බත් ගුලිය ගාව බිත්තර කෑල්ල පේන්න තියලා දෙකම (බත් ගුලියයි බිත්තර කෑල්ලයි) එකපාර කටට දාන්න හදනවා. එතකොටම කොහොමහරි අම්මා බිත්තර කෑල්ලට ඇඟිල්ලෙන් ගහලා ඒක පිගානට වට්ටවනවා. ඇයි ඉතින් කටින් කටට බිත්තර කෑල්ල ගානේ කන්න දෙන්න නම් අඩුම තරමේ බත් එකට බිත්තර දෙකක්වත් තියෙන්න එපැයි !!!

    හාල් මැස්සෝ උයපු දාට නම් බත්ගුලියට හාල්මැස්සා මැදි කරලා ගුලි කරනවා. එහෙම කරලා කවනවා.

    තව නම් ලියන්න හිතුනට පාඩම් කරන නිසා වෙලාවක් නෑ. තරහා වෙන්න එපා අපේ අක්කා !!!!! හික්ස් :)

    ReplyDelete