Saturday, July 30, 2011

ආ යූ මෑඩ්? | NOT NOT


ආ...මේක නම් ටිකක් විතර පරණ කතාවක් අවුරුදු 3ක් විතර පරණ එකක්.කෙටියෙන්ම කියන්නම්කෝ.

ඔන්න දවසක් ගෙදර ආව කැම්පස් නිවාඩුවකට, ඒ කාලේ මම් පාවිච්චි කරේ කාඩ් දාල කතා කරන සිම් එකක් නේ.ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව.

ගෙදර ආවම කතාකරන්න සල්ලි නෑ,ෆෝන් එක වැඩ නෑ. රීලෝඩ් කරන්නත් කම්මැලියි.

ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.

දෙපාරක් හිතුවේ නෑ අක්ක නැතිවෙලාවක් බලලා ගත්ත කෝල් එකක්,අදාල කෙනාට.

අදුන්වල දෙන්න කාරියක් උනෙත් නෑ හෙලෝ කියපු ගමන් දන්නව කවුද මේ කතා කරන්නෙ කියල, ඒ තරම් සමීපයි යාලුව.ආගිය ගමන් විස්තර ,බ්ලා බ්ලා... තව දේවල් කියල ෆෝන් එක කට් කරා.

පස්සෙ නොම්බරෙත් මකලා දැම්මා.

මෙන්න දවස් 2කට විතර පස්සෙ හවසක අක්ක ෆෝන් එකෙන් හයියෙන් හයියෙන් කාත් එක්කද කතාව.මෙන්න දෙබස, මට අක්ක කියන ඒවා විතරනේ ඇහෙන්නෙ.

හෙලෝ
 ..................................
මම් නම් රින්ග් කරේ නෑ.
........................................
වැරදීමක් වෙන්න ඇති මම නම් රින්ග් කරේ නෑ.
.................................................
නැ..නැ...මම් රින්ග් කරේ නෑ.!.
.............................................

අක්කට හෙනට තරහ ගිහින් කට් කරා ෆෝන් එක.

ඇයි? කියල මම් ඇහුව.

මොන පිස්සෙක්ද මන්ද?...මම් රින්ග් කරල තියනවලු ඒකාට.වෙන වැඩ නෑනේ.!....කොහෙද යන පිස්සෙක්.හෙන කොල්ලො සෙට් එකකුත් ඉන්නව ඇහෙනව,මුන්ට වෙන වැඩ නැතුවට!...අක්ක බැනගන බැනගන යනව...

අන්න ආය රින්ග් වෙනව.
ආ ආයෙත් අරකා...

හෙලෝ!...
erwrw werww sdfsd efsdf .......... sfsdfsd sdfsfsdfs. werww sdfsd efsdf sfsdfsd .
අම්මට සිරි මෙන්න අක්ක කඩ්ඩෙන් අර කෝල් කරපු කෙනාට බනිනව.හයිස්පීඩ් එකෙන් බැනගන බැනගන යනව.
ඒ අස්සෙ ආ යූ මෑඩ්? කියලත් ඇහුවා.
මෙන්න බොලේ අක්ක හිනාවෙනව.ඇහ්... 

කට් කරා ෆෝන් එක.

කොහෙද යන පිස්සු සෙට් එකක්...මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු.
ඒ අස්සෙ ලග හිටපු එකෙක් ඉල්ලනව දියන්කො මම් කතා කරන්නම් කියල.ස්පීකර් ඔන් කරලද කොහෙද?අනිත් අයත් හිනා වෙනව.

දෙනවකො බලන්න නොම්බරේ කියල,මගෙ ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එකත් එක්ක ඒ නොම්බරේ චෙක් කරා.හෆොයි!...මේකා!...මලකෙලියයි!...

ඒ මම් එදා අක්කගෙ ෆෝන් එකෙන් කෝල් එක ගත්ත යාලුවා.කෑ ගහපු කෙනා Noisy වෙන්න ඕනේ.

එදා මම් ගත්ත කෝල් එක නිසා තමයි යාලුව ලග අක්කගේ නොම්බරේ තිබිල තියෙන්නෙ.ඒ වෙලාවේ සේව් කරගන්න නැතුව ඇති!....ෆ්‍රී ඉන්න වෙලාවක නිකන් රින්ග් කරල බලන්න ඇති කවිද කියල. 

රින්ග් කරාම කෙල්ලෙක්ගේ ගේ කටහඩ නිසා ආයෙත් ගන්න ඇති කියල තමා මට හිතුනේ.

ප.ලි: Noisy කියන්නෙ මගෙ යාලුවගේ අතිජාත මිත්තරයෙක්.ටිකක් කට වැඩි නිසාම තමයි  මම් එයාට ඔය නම දැම්මේ.සමහර විට මේ පැත්තෙත් එන්න ඉඩ තියන නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.මළකඩයා කිව්වමත් හොදට තරහ යනව. මේ හැමදේම ලිව්වෙ විහිලුවට ඔන්න තරහ එහෙම ගන්නව නෙමේ!...

41 comments:

  1. දන්නේ නැති නොබරයකින් ලමිස්සියක් කතා කරොත් ඉතින් ආයේ ලොවෙත් ඇත අරින්නේනම් නෑ... වෙන මොකටවත් නෙමේ.. දැනගන්න කවුද කියල.... ලොල්ය...

    ReplyDelete
  2. හික් හික් මම දන්න යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා උන් යාලු වෙලා තියෙන්නේ රෝන්ග් නම්බර් වලින් හිකිස්

    ReplyDelete
  3. මගෙන් කවුරු හරි "ආ යූ මැඩ්?..." කියලා ඇහුවොත් "තැන්කු" කියන්න තමයි වෙන්නෙ.මං දන්නෙ එච්චරයි නෙව. ඇත්තටම ඒ කියන්නෙ මක්කද අෆ්ෆා...

    ReplyDelete
  4. හික්ස්..ආ යු මැඩ් ටු... :D :D

    ReplyDelete
  5. මං නැවතිලා ඉන්න ගෙදර නංගියෙක් ඉන්නවා තවම අවු.04 එයාගෙ බයිට් එක තමයි මං.නිතරම මගෙන් අහනවා "ආ යූ මැඩ්? කියලා මම ගත් කටටම කියන්නේ ආ ඔව් ඔව් නැත්තන් ඔයා වගේ පිස්සියෙකුගෙ අක්කි වෙලා ඔයාට මේ තරම් ආදරේ කරයිද කියලා.

    ReplyDelete
  6. මළකඩයා කියල මගෙත් යාලුවෙක් ඉන්නවා. ඒ මලකඩයා සහ මේ මලකඩයා යනු එක්කෙනෙක්ද දන්නෙ නෑ.

    ReplyDelete
  7. ඕක ඇහුවේ අරයගෙන් නෙවෙයිනේ. ඒ හින්ද කමක් නැහැ නේද ?
    ආදර්ශය: අක්කගේ ෆෝන් එකෙන් නංගී කොල්ලන්ට කතා නොකළ යුතුය

    ReplyDelete
  8. හෙහ් හෙහ්. ආ යූ මෑඩ්? . කොල්ලො ඔහොම තමයි..

    ReplyDelete
  9. අක්ක සීන් එක දැන ගත්තෙ නැද්ද වැඩේ කලේ ඔයා කියලා ...

    ReplyDelete
  10. "ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව" :D

    ReplyDelete
  11. මම නම් දන්නවා කඩ්ඩෙන් කුනුහර්ප දෙක තුනක්....
    අක්කට ඉගැන්නුව නම් හරි...හික් හික්

    ReplyDelete
  12. ඔන්න මම නම් තරහා ගත්තේ නෑ ඕං.
    අක්කත් කරන්නේ මාරම වැඩ නේ. ලොකු අක්කා මාර බයිට් වීමක් නේ වෙලා තියෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  13. erwrw werww sdfsd efsdf .......... sfsdfsd sdfsfsdfs. werww sdfsd efsdf sfsdfsd ආ යූ මෑඩ්??

    ReplyDelete
  14. @ රත්ගමයා,
    ඒ උනාට කඩ්ඩ කුණුහරප කිසි ගතියක් නෑ නේද. ඒ වගේද සුද්ද සිංහලෙන් හොඳ පද කියද්දි එන ගැම්ම!

    ReplyDelete
  15. හික්...හිතෙන හිතෙන අංක ඔබලා කතාකරන්නේ ගෑණු ළමයෙක්ද කියලා බලන අය ඉන්න කාලේ ඕවා මොනවද? :P මටත් ඔහොම අත්දැකීමක් තියනවා. හොඳම සීන් එක කියන්නේ කතා කලේ අරයා මයි. කතාකලේ තාත්තට :D

    ReplyDelete
  16. මේ අර මොනාද ඉංගිරීසියෙන් ලියලා තියෙන්නෙ? ඒ ටික මට තේරුනේ නෑනේ.. :(

    ReplyDelete
  17. හිහි.. "අයැම් මෑඩ්! නොට් නොට්! " ඒක තමයි මරු කතාව...

    කවුද අක්කෙ මලකඩ???? අපිත් දන්නව ඇතිනේ???

    ReplyDelete
  18. අනේ අපි නම් ඕවට නැ..... මොකද අපි ඉන්නේ සිල් අරගෙනනේ... අපි ඔය වගේ නම්බර් වලට කොල් බැක් කරන්නේම නැ

    ReplyDelete
  19. "ආ..! යූ මෑඩ්" කියලා කවුරු හරි ඇහුවොත් .. "අයි ඈම් ෆයින්" කියලා කියන්න බැරිද ?

    ReplyDelete
  20. අක්කා පව්.. කොච්චර තරහායන්න ඇතිද ඉංග්‍රිසියෙන් බනින්න තරම්.. හික්ස්..

    ReplyDelete
  21. "මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු." අති විශිෂ්ටයි..

    ReplyDelete
  22. පව් නේද....ඔයාගේ යාලුවට..D

    ReplyDelete
  23. ශික්..අපිට නෑ නෙ ඔහොම පූසො..මගෙ උපහාරෙ (මගෙ කිව්වට අම්මගෙ) හොස්ටල් එකේ ජාතික ජංගම දුරකතනය උනාට එකෙක් වත් ඔහොම කෙල්ලෙක්ගෙ නොම්බරයක් ඉතුරු කරල ගෙනත් දෙන්නෙ නෑ නෙ...
    මලකඩ සහ දාල තියන ලින්ක් එක හොඳට ගැලපෙනවා

    ReplyDelete
  24. "මළකඩයා" කියලා ලින්ක් එකක් දාලා තියෙනකොට මමත් ගිහින් බැලුවා හොද කතාවක් කියලා.ඒක නෙවෙයි නදී, මගේ ගාව මර්වින් සිල්වගේ නම්බරේ තියෙනවා.දෙන්නද?ටිකක් කට වැඩි(මළකඩයා වගේ) කෙනෙකුගේ ෆෝන් එකකින් රිං එකක් දැම්මත් ඇති

    ReplyDelete
  25. ඉතින් යාලුව කියුවෙ නැද්ද අක්ක නම් හරිම වසයි කියල....
    :D :D :D

    ඔය වගේ කෝල් එන්නේ ගෑනු ලමයින්ට විතරක් නෙවේ.. ඔහොම වැරදිලා ආපු කෝල් එකක් ආන්ස්වර් කරල අපේ අය්යටත් මරු අකර තැබ්බයක් වෙලා තිබ්බ..
    මේ කෙල්ල හැම වෙලේම කෝල් කරල කියනවලු.. ඔයා නේද "කසුන්" ගේ යාලුවා කියල,,, නැ කියුවට අහන්නේ නැතිලු.... අය්යට ඔක වදයක් වෙලා බැරිම තැන මල්ලිට දුන්න විසඳන්න...

    මල්ලි ඉතින් දෙකයි කියුවෙ... අයේ නැ කෝල් - මිස් කෝල්.. මුකුත්....

    ඔන්න කාලෙකට පස්සේ මේ නොම්මර මාරුවීම සොයාගෙන තිබුන..

    බලපුවහම අය්යගෙ හොඳම යාලුවෙක්ගෙ නංගි කෙනෙක් තමයි කෝල් කරල තිබ්බේ...

    ඒ ලමය කියුවලු... හරි කරුනාවන්ත අය්ය කෙනෙකුයි - හරිම සැර අය්ය කෙනෙකුයි තමයි කෝල් වලට ආන්ස්වර් කලේ කියල....

    ඔන්න ඉතින් මට වැදිච්ච කාඩ් එක...

    මම එකයි ඇහුවෙ.... "ඉතින් යාලුව කියුවෙ නැද්ද අක්ක නම් හරිම වසයි කියල.... " ...

    ReplyDelete
  26. මළකඩයා......ඔයාගේ යාලුවා..මට මතකයි....:D

    ReplyDelete
  27. හි හි එල වැඩෙ තමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  28. හප්ප, මරු වැඩේ තමා ඒක!

    ReplyDelete
  29. මටත් ලඟකදී ඔයා miss call ප්‍රශ්නයක් ආව...කොච්චර කීවත් ඇහුවේ නැහැ... පුදුම වදයක් උනා... ඉවසල බැරිම තැන මමත් දුන්න හොඳ පාඩමක්.. දැම්ම ඒකගෙ number ඒක internet ad site එකක බොරු ad එකක් එක්ක :D

    ReplyDelete
  30. ADK කොලුවා- අනේ අනේ ලොල්

    පිස්සු පුසා-අහ්.ඒත් මතකද මේ ලගදී පත්තරේ තිබුනා ඔහොම රෝන්ග් නොම්බර වලට කතාකරල වෙච්ච සන්ගදි.පරිස්සමෙන්.

    නාකියා-එහෙම මොනවත් කියන්න එපා හොදට හිනා වෙන්න එතකොට හරි

    ReplyDelete
  31. ChammA- නොට් නොට් :)

    batti- හෙහෙ පොඩි බබෙක් වෙන්න ඇති

    පිණිබිදු...-මෙයා මොරටුවේ වෙන්නත් පුලුවන්, :)

    ReplyDelete
  32. සරත් ලංකාප්‍රිය-ආදර්ශේ නම් වටිනව අය්ය

    විසිතුරු- අනේද කියන්නේ ඒකට කොල්ලො කියන්නෙ.

    පන්සල් හංදිය- මොකද නැත්තෙ පලු යන්න බැන්නා.මෙයාගෙ යාලුවො තමා යාලුවො කියලා

    ReplyDelete
  33. ටී.බී. හේරත්-මොකද බොල හිනා වෙන්නෙ.අම්මට කතා කරලා තමා ඉවර වෙන්නෙ :)

    රත්ගමයා-ඈ...කියන්නකො බලන්න එහෙනම් :)

    මධුරංග-හික් හික් අක්කා බැන ගන බැනගන ගියා

    ReplyDelete
  34. චතුවා (ළමයා)-හෙහෙ ඔයා ඒක දන්නවනේ ආය අහන්නෙ මොකද?

    deeps- හෆොයි තාත්තා හොදට අමතන්න ඇති එහෙනම් :)

    සීතල අයියා-අහ් කණ්නාඩිය දාල බලන්නකො,පෙනේයි

    ReplyDelete
  35. තාරා-ඔයාල දන්නෙ නැ නනංගි එයා මොරටුවේ යාලුවෙක් :)

    දේවා ගේ අඩවිය-අනේ ඔව් ඔයාලා බබාලනේ අර හරහට වඩා ගන්නෙ :)

    හිස් අහස- මොකද බැරි පුලුවන්! :))

    ReplyDelete
  36. ර්‍ඔශන්Hඑරත්-බැරිම තැන තමයි කඩ්ඩෙන් කියැව්වේ හික්

    චතුර...- හ්ම් ආයෙත් අහලා

    - නිල් අහස -- මොන පව්ද ඒකා ඔය ඉන්නෙ යසට

    ReplyDelete
  37. හපා-ඒකනේ.මටත් පස්සෙ උපහාරයක් හම්බුනා දැන් නම් ඒවගේ කරදර නෑ :))


    JHOඨ්HඓSHඇළැණ්ඛැ-අම්මෝ බයයි :)

    නදුන් උයන-ටික කාලයක් තරහ වෙලා හිටිය බොරුවට එහ්cචරයි අම්මෝ අක්ක නම් සැරයි නේ කිව්ව

    ReplyDelete
  38. Nadeeshani Aththanagoda -අහ් මතකනේ අර දු..එයාගෙ යාලුවා ,නොයිසියා :)

    ර්ම්ප්ම්cරේටිඔන්-එළදත් අහනව

    කස්සා -මරු තමා :)

    ReplyDelete
  39. දිනූෂා-අන්න ඔයා මොලේ ඇති වඩක් කරල ආය කතා කරන එකක් නෑ.හොද පාඩමක්

    ReplyDelete
  40. @ නදී,
    ඔව් ඉතින් අන්තිම රුපියල් පහ ඉවර වෙනව ඇත්තෙ අම්මට කතාකරල, ඉතුරු 95 ම ඉතින්... :)

    ReplyDelete
  41. ටී.බී.- ඉතින්? ඉස්සර මම අම්මට කතා කරනව විනාඩි 15ක් විතර.ඒ නිසා ඉක්මනට කාඩ් එක ඉවර වෙනව.

    ReplyDelete