ඒ අපේ වාර්ශික චාරිකාව යෙදිලා තිබ්බ කාල සීමාව,10 වසරේ ලමයි නිසා අපිව දින දෙකක චාරිකාවක් අරන් යන්න තමා සූදානම් කරලා තිබ්බෙ.
බලන්න යන්න ලෑස්ති කරල තිබ්බ තැන් වලින්, සිංහරාජ වනාන්තරය තමා මූලිකත්වයක් ගත්තෙ.තව ගොඩක් තැන් බලන්නත් එක්ක ගියා.
වෙන සැරවල් වල එක්ක යන්නෙ එක දවසෙන් ගිහින් එන්න පුලුවන් ට්‍රිප්.ඒ උනත් මේ සැරේ ට්‍රිප් එකට දවස් 2ක්ම.ඒ නිසාම ගොඩක් ආසාවෙන් ලෑස්ති උනා.
අපරාදේ කියන්න බෑ,6 වසරේ ඉදලා 13 වසරට යනකම්ම හැම අවුරුද්දකම කොහෙහරි එක්ක ගියා අපිව ඉස්කෝලෙන්.
ආය ගෙදරින් ඔය යන හැමතැනම එක්ක යනව කියලැ.
ඒ නිසා ගෙදර අයත් තහංචි දැම්මෙ නෑ.යාලුවො යනව නම් යන්න කියල තමා කිව්වේ.අපි හිටියේ මිශ්‍ර ඉස්කෝලෙකනේ,ඒ නිසා පිරිමි ලමයිනුත් අපිත් එක්ක ට්‍රිප් එක යන්න එකතු උනා.
මට මතකේ හැටියට දවසක්ම වාගේ වෙන කරල තිබ්බා සිංහරාජ වන චාරිකාව වෙනුවෙන්.ඊට කලින්දා රාත්‍රිය ගතකරේ කලවාන සෙන්ට්‍රල් එකේ. සර්ලා මිස්ලා එක්ක කට්ටියම එකතුවෙලා උයාපිහාගන කාලා සෑහෙන්න විනෝදෙන් ගතකලා.
හැබැයි මට නම් පොඩි අකරතැබ්බයක් උනා ඊට කලින්දා හවස් ජාමේ.ඉස්කෝලෙ නැවතෙන්න එන්න කලින් අපි ගියා බෝපත් ඇල්ල බලන්න.ඒත් සෑහෙන උපදෙස් මැද්දේ,වතුරට එහෙම බහින්නෙ නෑ...උඩටම යන්නෙ නෑ...බ්ලා බ්ලා...ඔයවගේ නොයෙකුත් උපදෙස්.
අපි ඕව අහන එකක් යෑ අනික අපිත් එක්ක ගිය පිරිමි ලමයිනුත් ඉන්නවනේ මොකට බය වෙනවද කියල.ටිකක් උඩට ගියා.
මොන යනවද දවල් වරුවෙ නිසා ගල් රත් වෙලා කකුලුත් හොදටම පිච්චෙනව,සපත්තු ගලවලානේ වතුරෙ හිටියේ.
එ අතරේ එක තැනක අපි දැක්කා පිරිමි කට්ටියක් කනව බොනව.අපේ ලමයින්ටත් මොනාද කියල සර් කෙනෙකුත් බැන්නද කොහෙද එයාලට.ඒ නිසා මිස්ලත් කිව්වෙ ලමායි... පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියල.
මතකේ හැටියට අපි දවල් කෑම ගත්තෙත් එතනදි.ඉක්මනින්ම කාලා ඇල්ල බලන්න ලගට යන්න තමා අපිට ඕනෙ උනේ.ගිහින් ටිකක් වෙලා ඉදලා අපි සර්ල එක්කම එන්න ආව.
ඉක්මනට ගල් උඩින් අඩිය තිය තිය තමයි ආවේ ,ඒ තරම් රත් වෙලා,කකුල් පිච්චෙන තරමටම..
එක පාරටම අඩිය තියනව විතරයි මතක, මාව වතුර ඇතුලකට ඇදිලා ගියා.කිසිම දෙයක් හිතාගන්න කාලයක් තිබ්බෙ නෑ.හරියටම සුලියක් වගේ කැරකිලා කැරකිලා... ඇතුලටම යනව.උඩට එනව තියා හිතන්න වත් තේරුමක් නෑ.
ඒ අතරේ කවුද කෙනෙක් මගෙ අතින් අල්ලනව වගේ මතකයි.
එක පාරටම මම් උඩට ඇදිලා ආවා.
කලන්තේ වගේ... ටික වෙලාවකින් මම් ගලක් උඩ වාඩිවෙලා ඉන්නව වගේ දැනුනා.,මුලු ඇගම තෙමිලා.වතුර බේරෙනවා...හුස්ම ගන්නත් අමාරුයි වගේ.
ඇස් ඇරල බැලින්නම් යාලුවො ටිකත් වට වෙලා.සරුත් බයවෙලා වගේ බලාගන ඉන්නව.
ඒ අස්සෙ නනා හිටපු පිරිමි කෙනෙක් මගෙ ඉස්සරහට වෙලා බලන් ඉන්නව.,.එයා කියන ඒව මට යාන්තමට වගේ ඇහුනා...
අත අහුවෙච්ච නිසා හොදයි.මම් මේ සද්දෙට මේ පැත්තෙ බැලුවෙ නිකන්.
එයා තමයි මාව බේරගන තිබ්බෙ,අපි ඇල්ල බලන්න එද්දි මග කකා බිබී හිටපු අය්යලා කට්ටිය ගෙන් කෙනෙක්.ඒ වෙද්දි එයාලත් එතන නනා ඉදලා.
අපේ සර් මුලදී එයාලට බැන්නත් එක්ක,ලමයින්ට අරව මේවා කියනව කියල,පස්සෙ නොසෑහෙන්න ස්තූතියි කියල,නොවැන්ද එක විතරයි.
එදායින් පස්සෙ ඉස්කෝලෙන් යන ට්‍රිප් වලට ටිකක් තහංචි වැටුනා,කොහෙ ගියත්,
වතුරට එහෙම බහින්නෙ නෑ හරිද!... කියල කමාන්ඩ් එක දීල තමයි ගෙදරින් යවන්නෙ.
පස්සෙ යාලුවොත් එක්ක ඒ ගැන කියව කියව ඇතිවෙනකම් අපි හිනා උනා.කට්ටිය මම් වැටුන හැටි,බේරගත්ත හැටි ඉස්කෝලෙ ඇවිල්ලා රගපපා කිව්වා.ඒ අස්සේ බේරගත්ත කෙනාගෙ ලස්සනත් වර්ණා කරා.
ඒත් වෙච්ච දේ බරපතලකම තේරෙන්නේ ඒ දේට මුහුන දීපු කෙනාට.ඒත් ලග හිටපු අයත් හොදටම බයවෙලා තිබුනා,එයාලට පෙනි පෙනීනේ ගිලිලා තිබ්බෙ,අනික ඔලුවත් පේන්නෙ නැතුව ගියාම!ඉවරයි කියල හිතෙන්න ඇති!.
බේරගන්න ආව කෙනා නිසා තමයි අද මම් ජීවතුන් අතර ඉන්නෙ,නැත්තම් මේ වෙද්දි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.
මේ ඒ කොල්ලා ලස්සනද? =))
ReplyDeleteමම නම අක්කේ ප්‍රතිපත්තියක් විදියට ගගේ / මුහුදේ නාන්න යන්නේ නැහැ..මොකද ඔලුවේ සුළි එකක් නෙවෙයි දෙකක්ම තියෙනවා :D
ReplyDeleteකොහේ ගියත් දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා අක්කේ. ඒකනේ ඔයැයි බේරුනේ. අපිත් පොඩිකාලේ සිංහරාජේ ගියා. අක්කලා ගිය පාරේම තමයි ගියේ. කුඩව වැද්දාගල පාරෙන් තමා සිංහරාජෙට ඇතුල් උනේ.
ReplyDeleteඒ මනුස්සයාට ගොඩක් අමාරු වෙන්න ඇති අක්කව ගොඩට අදින්න !!!! :)
"කලල ගිලුනු මත වරනිදු ගොඩ ගනිත
තුමල බලැති ගිජිදෙකු මිස අන් කෙවත "
ඕක මම් කියපු කවියක් එහෙම නෙමේ හරිද. අලගිය වැන්න මුකවැටි තුමා කියපු කවියක්. :)
අක්කා ඒ දවස් වල වැඩිය නාන්නේ නැද්ද? දෙයියන්ට තරහා ගිහින් අක්කව වතුරේ එබුවා වෙන්ට බැරි නෑ :D
ReplyDeleteඅම්මෝ.....අක්කේ ඔයින් ගියා මදැයි. නැත්නම් අපිට ගලා යන ජීවිතයකුත් නැහැ නොවැ..
ReplyDeleteඔය වගේ දේවල් ඉතින් ජීවිත කාලෙම මතක තියන අත්දැකීම් නේද? හැබැයි අර වෙලාවෙ අර මනුස්සයට අත අහුවුනේ නැත්තන් ඉතින් ඒ අත්දැකීම මතක තියාගන්න වෙන්නෙ නෑ නෙ.
ReplyDeleteඅපි කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ බැච් ට්‍රිප් ර්ක ගියේ සිංහරාජෙ. බෝපත් ඇල්ලටත් ගිහින් තමා ගියේ. අපි උඩට යනකොට වැස්සක් තිබ්බෙ නෑ. ඒත් උඩට ගිහින් ටික වෙලාවක් ඉන්නකොට මෙන්න හෝගාලා වහින්න ගත්තා. අපිට ඉක්මනට පහලට බහින්න කිව්වා. බෝපත් ඇල්ලෙ වතුර වැඩිවෙන්නෙ මාර ඉක්මනට. දනිපනි ගාලා බැහැගත්ත හින්දා හොඳයි. නැත්තන් ඒ වතුරටම ගහගෙන යනවා.
ReplyDeleteමාත් පුංචි කාලේ ස්කෝලේ එක වසරෙදි අපේ ස්කෝලේ පොකුනේ තිබ්බා තඩි නෙලුම් මල් හැදෙන, හෙන විසාල කොල තියෙන නෙලුම් වර්ගයක්. මාත් ඉතිං ඒ දවස් වල වැඩිය බර නැති නිසා එක කකුලක් තියලා නෙලුම් කොලේට, අනිත් කකුල ගත්තා විතරයි...
ReplyDeleteමට ඈහෙනවා බ්ලුග් ... බ්ලුග්... ගගා මගේ කටින්ම හුස්ම පිටවෙන හැටි. ඊට පස්සේ වටේටම කොල පාටයි... පස්සේ කෝම හරි පොකුනේ බැම්ම අල්ලගෙන උඩට නැග ගත්තා...
ජිවිතේ අපිට ලැබෙන්නේ අවස්තා 2යි පරිස්සමෙන් වැඩ කරන්න...
ReplyDeleteගලායන ජීවිතේ ගිලෙන්නෙත් ගිහින් තියෙනවා එහෙනම්..
ReplyDeleteඅනේ ...කවුරුවත් ඔය සිද්දිය කැමර් කලේ නැද්ද...අප්පා..!!!
ReplyDelete"මේ ඒ කොල්ලා ලස්සනද?"
ReplyDeleteදීපංකො උත්තර... :D
ගලා යන ජීවිතයක් කිව්වට මේක ගිලෙන්න ගිය ජීවිතයක් නෙව.අනික තමා ජීවිතේ බේරපු "අයියට" පස්සෙන් පහු කෝමෙයි සැළකුවේ..??
ReplyDeleteදැන් ඒ කොල්ලා ගැන ආරංචියක් නැද්ද අක්කේ ..? දෙයියෙක් වගේ මනුස්සයෙක් ..
ReplyDeleteමමත් මැරෙන්නේ වතුරෙන්ලු මගේ ඔලුවේ සුලි තුනක් තියනවා ..!
මදැයි ඔයින් ගියා....
ReplyDeleteමම නම් තුන් පාරක්ම ඔතනට ගිහින් තිබ්බත් එක පාරකවත් අර වතුර පාර පැනල එයින් එහාට ගිහින් නෑ.. :පී .....
දැන් මේ කතාව කියෙව්වට පස්සෙනම් කොහොමවත් යන එකක් නෑ..... :(
කොහොමද සනීපේ යට ගිහින් උඩ එනකොට, මටත් තියනවා ඔය වගේ අත්දැකිමක් ...........
ReplyDeleteඔය බෝපත් ඇල්ල හරිම සුන්දර වගේම හරිම බයානකයි.
ReplyDeleteඅර මැද්දේ තියන පොඩි ගොඩබිමට ගිහින් එන්න බැරුව යාන්තම් ගම්වාසීන්ගේ පිහිටෙන් එගොඩ උන අයත් ඉන්නවා.
ඉහලට වැස්සාම දන්නේම නැතුව වතුර වැඩි වෙනවා.
කොහොම උනත් අර බේරගත්ත තරුනයානම් දෙවියෙක්...
ෂික්..! ඒ බේරපු එකා හිටියේ නැත්තං...... එහෙනම් මරුනේ... අද ඔයත් නෑ.. පට්ටයි එහෙනම්
ReplyDelete@සීතල අයියා- ලග හිටපු අයනම් කිව්වෙ ලස්සනයි කියල,මම් හරියට දැක්කෙ නෑ.
ReplyDelete@ChammA- මමත් නෑ.මේ අහම්බෙන් වතුරට වැටුනේ.අහ් මගෙ ඔලුවෙ සුලි කීයද දන්නෙ නෑ.බලන්න ඕනේ.
@මධුරංග- ඔව් නොදන්න කෙනෙක් හරි උපකාරෙට ආව එකෙන් මගෙ ජීවිතේ බේරුන නැත්තම් මෙලහට මම් මැරිලා.හෙහෙ එයා මට වඩා ගොඩක් උස මහතයි.ඒ නිසා ගානක් තියෙන්න නැතුව ඇති.
@පූසා- ඇහ් මම් නානාව බොලව්.
ReplyDelete@Nisu- ඒකනේ මදැයි ඔයින් ගියා.
@Kasun- දැන් මතක වෙද්දි තමා බය හිතෙන්නෙ,අම්මේ!...
@නදී :
ReplyDeleteඒකනේ හලෝ කවියෙන් කිව්වේ.
ගිලිච්ච ඇතෙක් ගොඩ ගන්න ඒ වගේම ඇතෙක් ඕනෙයි කියලා :)
ඔන්න බලන්න කන බොන මිනිස්සුන්ගේ අගේ.. ඔය කෙනා නොබී හිටියනම් ලොවෙත් ඔයාව බේරාගන්නේ නෑ.. එකනේ අපිත් කන්නේ බොන්නේ හොදට. හොදට කන බොන මිනිස්සුන්ගේ හිත හොදයි මේ අපි වගේ.. ලොලේ ලොල්ය...
ReplyDeleteකොහොම වුනත් තවත් ජීවිත අත්දැකීමක් අරගෙන ජීවත් වෙන්නට වාසනාව ලැබුණු එක ගැන සතුටුයි , කොහොම වුනත් ඔය දැක්ක ගමන් නොදන්න වතුර වලවල් , ඇළ දොලේ පනින එක ටිකක් අනතුරක් , ගැඹුර , දියසුලි , කිඹුලන් ඉන්න නොයින්න එක ගැන දන්න තැනක් නම් කමක් නැහැ කියමු , එත් මොලේ කල්පනාව අඩු වෙලාවට වතුරට පනින්නේ නැතිව ඔය ගලකට වෙලා හාන්සියක් දාල පොඩි සැපක් ගන්න , නැත්නම් ඉතිං ජීවිතේම අනතුරේ
ReplyDeleteඅඩේ අක්කා...මටත් ඔය වගේ සීන් එකක් වුණානේ.....
ReplyDeleteමදැ ඔයින් ගියා.මටත් ඔහොම සීන් එකක් වෙලා තියනව.වතුරට වැටුනම ඉතින් ආයි උතුර දකුණ මාරුවෙනව
ReplyDeleteපුදුමයි ගිලෙන්න ගියා කීවම...
ReplyDeleteඅපරාදේ :-D
ReplyDeleteඑදා ගිලුනයින් පස්සෙද ජීවිතේ ගලා යන්න පටන්ගත්තේ
ReplyDelete@පිණිබිඳු...- හ්ම්ම් මම්ත් මේ ලගදී වීඩියෝ එකක් දැක්කා.අම්මෝ එක පාරට වතුර වැඩිවෙලා 5දෙනෙක්ම ගහගන යනව බලන්න බයේ බෑ.
ReplyDelete@prasanna86k- ඇහ් මාලුවත් ගිලෙන්න ගියාද?බ්ලොග් බ්ලොග් සද්දෙද ආවෙ ?
@රතු මුහුද - අවස්ථා 2යි කිව්වෙ?
@චතුර... -ආය නැතුව.ඔය උනාමයි.
ReplyDelete@- නිල් අහස - අනේ නෑ.ෆොටෝස් නම් තියනව :)
@Anonymous- මට මතක විදියට ලස්සනයි :ඩී
@නාකියා- මූණ දිහා බලල තැන්කූ කියල ආව.එච්චරයි.
ReplyDelete@හිස් අහස- කාගෙ කවුද කියල දන්නෙ නෑ මල්ලි.අහ් එහෙනම් පරිස්සමෙන්.අපේ බබාගෙත් සුලි 2ක් තියනව ඔලුවේ.
@නදුන් උයන- නෑ නෑ යන්න.හැබැයි පරිස්සමෙන් ඉතින්.
@පන්සල් හංදිය- මොන සනීපෙද අම්මෝ.
ReplyDelete@ඝිම්හනි-ඔව් එකපාරට වතුර වැඩිවෙනවලු.අනේ දෙවියෙක්ද කියලත් අහනව.පින් දෙන්න ඕනේ.
@චතුවා (ළමයා)- ඈ...
@මධුරංග-ඒක හරි.ඒත් මෙතන ඇත්තු ගැන කියල නෑනේ :O
ReplyDelete@ADK කොලුවා- ඔව් ඈ.මුලින් බැන්නට අන්තිමට එයාලගෙන් කෙනෙක් තමයි උදව්කරේ.
@මහේෂ් නිශාන්ත-ඔව් ඔව් අය්ය.මම් බලෙන් පැන්නෙ නෑනේ.ගලකට අඩිය තියද්දි ඒකේ දියසීරාව,දියසෙවල තිබිලා ලිස්සලා ගියා,ඒකයි උනේ.
@තටු සිඳුනු සමනළියක්....- ඔයත් බේරුනාද? :O
ReplyDelete@ කස්සා- අහ් ඔව්.මම නම් ටිකක්වෙලා යනකම් හුස්මගන්නත් අමාරෘවෙන් හිටියේ හරියට හුස්ම ගත්තට මදිවගේ.
@ටී.බී. හේරත්- මොකෑ බොල :)
ම- ඇයි අපරාදේ? :)
ReplyDelete@හපා- එදාට පස්සෙ තමා ගලාගන යනව නම් හොදා එකම තැන තියෙන්නෙ නැතුව කියල හිතුනේ :)
@ නදී,
ReplyDeleteමොකෑ කියන්නෙ ඉතිං ඔය පලාත් වල කාටද ඉතින් පීනන්න බැරි...
@ටී.බී. හේරත් - මට බෑ අනිත් අයට පුලුවන් ඇති.
ReplyDelete@ නදී,
ReplyDeleteමොනව බොල පීනන්න බෑ! ගමටත් එක්ක ලැජ්ජයි!!! :D
@ටී.බී. හේරත්- ආ මාර වැඩක් නේ දැන් ඔයාට පුලුවන්ද පීනන්න.?මෙතන නම් පීනන්න පුලුවන් කෙනෙක් උනත් අමාරුවක වැටෙන තැනක්.නිකන් දිය සුලියක් වගේ එකක් යටට ඇදිලා ගියේ.මතක් වෙද්දිත් හිරිගඩු පිපෙනව.කැරකිලා කැරකිලා ඇතුලට යනව,ගොඩඒමක් නෑ
ReplyDelete@ නදී,
ReplyDeleteමම නම් කමක් නෑ... ඒත් වැව් බැඳි රටේ මනුස්සයෙකුට පීනන්න බෑ කීවම... :)
ඔව් හැබැයි ලොකු වතුරක නම් ඉතින් කාට උනත් පීනන්න අමාරුයි තම...
@ටී.බී.- මෙයාව අතාරින්න තියෙන්නෙ වැවකට ගිහින් පීනන හැටි බලන්ඩ හොහ් හොහ් :)
ReplyDelete@ නදී,
ReplyDeleteඅපේ පලාත් වල වැව් අමුණු සුලභ නෑනෙ, මට ඉතින් පීනන්නත් පුළුවන් සාමාන්‍ය තරමකට විතරයි... :P
@ටී.බී.- මෙහෙනෙ තියෙන්නෙ සාගර වගේවැව්!ඔහෙ කොහෙද වැව්?වල්වල් නේ තියෙන්නෙ.:)
ReplyDelete@ නදී,
ReplyDeleteඑක නේන්නම් බොල කියන්නෙ එහෙව් සාගරේට වැව් තිබිලත් උබැහැට පීනන්න බැරි එක වස ලැජ්ජාවයි කියල!!! :D
@ටී.බී. - හරි මට පීනන්ට බෑ.බොලාට පුලුවන් දැන් හරිනේ.
ReplyDelete@ නදී,
ReplyDeleteමටත් ඒ හැටි පීනන්න බැරියෝ... :)
@ටී.බී- කොහෙ පීනන්නද ඇගේ බරට :))
ReplyDelete@ නදී,
ReplyDeleteමස් කඳුලයි ඇඟේ තියෙන්නෙ ඉතුරුව කටු... ඒකටත් කියන කතංදර ඉතිං... :(
බොලා වගේ මාංස කල්‍යානයෙන් පිරිපුන් කෙනෙක් ට නං ඉතිං ඔහොම කීවත් කමක් නෑ... :P