Tuesday, July 1, 2014

පැන් පෙරහැර | Paen Perahera


"පැන් පෙරහැර" පැවැත්වෙන්නෙ හැම අවුරුද්දකම පොසොන් මාසෙ පෝය දිනය යෙදෙන සතියෙ පෝය දවසට කලින් දවසක. 2014 අවුරුද්දෙ පැන් පෙරහැර තිබ්බෙ ජූනි මාසෙ 09 වෙනිදා.... එදා ඉදල 17 වෙනිදා දක්වා සති පිරිත් පින්කම පවත්වනව.

පෙරහැර පටන් ගන්න දිනයේ ඉදන් උඩමලුවෙ සති පිරිතකුත් සජ්ජායනා කරනව, ඒ වෙනුවෙන් දාන මානත් පිලියෙල වෙනව.

පැන් පෙරහැර පටන් ගන්නෙ ඉසුරුමුණිය රජ මහා විහාරයෙන්. එතනින් පෙරහැර පටන් ගෙන තිසාවැවෙන් පිරිසිදු කරල ගත්ත පැන් අරන් පෙරහැරේ එන එක සිද්ද වෙනව උඩමලුව දක්වාම.

මේ පැන්  කළ වලට අමතරව අනුරධපුර දිස්ත්‍රික්කයේම තියෙන තිසාවැව, නුවරවැව, මහකනදරාව, රාජාංගනය  වගේ මහා වාරිමාර්ග ව්‍යාපාර වල පැන් අරගෙන එනව. ඒ පැන් තමයි පිරිත් පාත්‍රයට එකතු කරන්නෙ පිරිත් කරන්න.





Saturday, June 28, 2014

තක්කාලි | Tomato


තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.

 මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය.

හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :(  ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල  වලට සාත්තු කරන්න පටන් අරන්.



Friday, June 27, 2014

රුවන්වැලිසෑය | Ruwanweliseya


මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ.

9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා.

හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක් සැහැල්ලුවක් දැනුනා.