මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ.
9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා.
හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක් සැහැල්ලුවක් දැනුනා.
අර කොත් කැරුල්ලට දාපු සුදු පාට ලයිට් එක නැත්නං රෑට ඒ තරං ගතියක් නැහැ..
ReplyDeleteහ්ම්ම්
Deleteඑහෙම තිබ්බාම අපේ අය රැස් විහිදෙනව කියනව නෙ
Deleteගිනි මද්දහනේ රුවන්මැලි සෑය වදින කොට යටි පතුල් වලට දැනේන සනීපේ ගැන මට මතක් කලා....
ReplyDeleteඒකනේ හවස වෙලා යන්ඩ ඔනේ වදින්ඩ
Deleteවදින්ඩ ගිය කාලයක් මතක නැ....
ReplyDeleteහ්ම්......මටත්....
Deleteපාළොස්වක පෝයට රුවන්වැලි සෑයෙ ( නිවැරදි නම නම් රුවන්මැලි සෑය වෙන්න ඕන, රත්නමාලි චෛත්‍යය = රුවන්මැලි සෑය, ඒත් කටට පහසු රුවන්වැලි කියන නම තමයි දැන් සම්මතය ) සලපතල මලුවෙ කොණකට වෙලා ( මගෙ ප්‍රියතම තැන තමයි දුටුගැමුණු පිළිමෙ ලඟ ) පාන්දර එක දෙක වෙනකල් ඔහේ දාහක් දේවල් හිතමින් ඉන්න එක අනුරාධපුරේ මම හිටපු දවස්වල මගෙ පුරුද්දක්.
ReplyDeleteRavi ඔහොම කියනකොටත් හිතට සනීපයි ...
Deleteමම නං කවදාවත් රෑ රුවන්වැලි සෑය වදින්න ගොහින් නෑ..
ReplyDeleteඒ හිංද පිතූර ටික මට නැවුම්
අනුරාධපුරේ කොයි තරම් ගිහින් ඇතිද?
ReplyDeleteමේ ලගදිත් ගියා.එත් මේ අටමස්ථාන පැත්තේ අවුරුදු 10 මෙපිට ගිහිං නැහැ.
මාත් අසම තැනක්. ලෝකෙ කොහේ ගියත් එතන තරම් හිතට සනීපයක් දෙන තැනක් තව නෑ. සවස් කාලෙ එතන තියෙන සිසිලස කියල නිම කරන්න බෑ. බොහෝ පින්.
ReplyDeleteමොන ප්‍රශ්නෙ ඔලුවෙ තිබුනත් හැන්දෑවෙන්න ගිහින් සෑය දිහා බලන් ඉන්න කොට ඒ ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා ගිහින් හිතට දැනෙන සනීපෙ තමයි සනීපෙ
ReplyDelete