උදේම ඇවිත් බස් එකේ ඉදගත්ත විතරයි මෙන්න තඩි මල්ලකුත් කරගහන් වයස 30ක විතර පිරිමි කෙනෙක් බස් එකට නැග්ගා.ගොඩක් වෙලාවට මම් යන්නෙ බස් එකේ ඉස්සරහම, වම්පැත්තෙ තුන්වෙනි පේළියේ කොනේම සීට් එකේ.එතන හිටියාම බහින්නත් ලේසියි.අනික සෙනග වැඩි උනා කියල හිර වෙන්න කරදර විදින්න ඕනේත් නෑනේ.
බස් එක පිටත් වෙන්නෙ 6.35ට විතර.මම් බස් එකට නැගලා ඒ එක්කම වෙලාව බැලුව, හරියටම තව විනාඩි 10කින් විතර බස් එක යනව.ඒ එක්කම අර නැග්ග මනුස්සය එයා ගෙනාව තඩි බෑග් එක ඩ්‍රයිවර්ගෙ ශීට් එක ලගින්ම තියල වට පිට බැලුව.ඒ වෙද්දි බස් එකේ සෙනග සීට් වලට තරම් ප්‍රමාණයක් වත් හිටියෙ නෑ ගොඩක් අය නගින්නෙ මගදි...
වටපිට බලලා ඕන තරම් ශීට් තියෙද්දී මෙයා හරි බරි ගැහිලා මට එහා පැත්තෙන්ම වාඩි උනා.මම් නොදැක්කා වගේ හිටියා.මොකද ඒකේ විශේශත්වයක් නෑනේ ඉතින්.
බැලූ බැල්මට මෙයා මේ පාරෙ බස් වල ගිහින් පුරුදු කෙනෙක් වගේ.ඒ වෙද්දි මට ඒ පාර එච්චර හුරුවක් තිබ්බෙ නෑ මොකද මේ සිද්ධිය වෙද්දි රස්සාවට යන්න අරන් දවස් දෙකයි.
බැලූ බැල්මට මෙයා මේ පාරෙ බස් වල ගිහින් පුරුදු කෙනෙක් වගේ.ඒ වෙද්දි මට ඒ පාර එච්චර හුරුවක් තිබ්බෙ නෑ මොකද මේ සිද්ධිය වෙද්දි රස්සාවට යන්න අරන් දවස් දෙකයි.
වාඩිඋන ගමන් අහට්ට මෙහට්ට කැරකෙනව.ෆොර්න් එක අරන් බලනව එක විකාරයයි.මට ටිකක් තරහත් ගියා ඇයි යකෝ මෙච්චර ශීට් තියෙද්දි මේකෙම ඇවිත් වාඩි උනේ කියල. අනේ දෙය්යනේ ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වත් ආවොත් හරි! මෙයාට නැගිටින්න වෙනවනේ...මම් යටි හිතින් එහෙම හිතුව.මෙන්න එක පාරටම...
ගුඩ් මොර්නින්ග් මිස්!
ගුඩ් මොර්නින්ග්! මමත් රිප්ලයි කරා...
මේ බස් එක කීයටද යන්නෙ.?
6.35ට.
*** කෑම්ප් එක ලගට යද්දි කීය විතර වෙනවද දන්නෙ නෑනේද?.
දන්නෑ...
*** කෑම්ප් එක ලගට යද්දි කීය විතර වෙනවද දන්නෙ නෑනේද?.
දන්නෑ...
ආහ්! එයා වෙලාව බලනව ඔරලෝසුවෙන්.
මම් එහා පැත්තෙ ජනේලෙන් අහක බලාගත්ත.මට තේරුනා මෙයා තවත් කතා කරන්න තටමනව කියල.
මිස් ඉරට්ටෙද?
........???? (මම් පුදුමෙන් බැලුවා)
ඉරට්ටෙද මිස්?
මොකද්ද?
මිස් කොහෙද?
ම්ම්...
මිස් කොහෙද වර්ක් කරන්නෙ?
මම් කිසිදෙයක් නොකියා හිනා උනා, හහ්... මම් මොකටද නොදන්න කෙනෙක්ට මගෙ විස්තර කියන්නෙ?
ටීචින්ද?
නැහ්...
එහෙනම්?
ම්...
මිස් කතාකරන්න කැමති නෑ වගේ...(එයා තනියම කියවනව හික්:) ).
පස්සෙ ටික වෙලාවකින් ඒ මනුස්සයා නැගිටලා වෙන ශීට් එකක වාඩි උනා.පැයකට විතර පස්සෙ **** හරියෙ තියන *** කෑම්ප් එක ඉස්සරහින් බැහැල ගියා.
ඔය කතාව මම් අපේ කට්ටිය එක්ක කිව්වම තමා දන්නෙ ඉරට්ටෙ කියල ගමක් තියන විත්තිය.ඒ ගමේ තියනවලු ලොකු ඉස්කෝලයක් ඒකට කියන්නෙ "ඉරට්ටෙ ඉස්කෝලෙ" කියලලු.මම් ඒක දැක්කෙ පස්සෙ.අර කෙනා හිතන්න ඇති මම් ඒකෙ උගන්නන ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් කියල :).ඒ ගමේ නම ඉරට්ටපෙරියකුලම (Irattaperiyakulam).මිනිස්සු පහසුව තකා ඒ ගම හදුන්වන්නෙ ඉරට්ටෙ නමින්.
ඉතින් මම් කලින් දැනගන හිටිය නම් අර මනුස්සයට එහෙම සලකන්නෙ නෑ:) .අන්දුන් කුන්දුන් වෙන්නෙ නැද්ද එක පාරටම මිස් ඉරට්ටෙද? කියල ඇහුවම.මට ඒත් කියන්න හිතුනා නෑ ඔත්තෙ කියල :පි.