එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලන්න හිතෙනවනේ අපිට.ඔන්න මගෙ යාලුවෙකුටත් මේ ලගදී ඉදන් කොන්ඩෙ ගැන එක එක පිස්සු හැදිලා.එක අතකින් ඒක පිස්සුවකුත් නෙමේ.ගෑණු ලමයි ඉතින් ස්භාවයෙන්ම ලස්සනට ඉන්න එක එක දේවල් කරන්න ආසයිනේ.විශේෂයෙන් බියුටි කල්චර් :).කැම්පස් ආව කාලෙ එයාට තිබ්බෙ හොද කර්ල් කොන්ඩයක් ලේයර් කරපු.අවුරුදු 4ම එහෙම ලේයර් එකම තියාගන හිට්යා කොට කර කර කප කපා.
පස්සෙ ක්රේල් කොන්ඩෙ හොද නෑ කියල කෙලින් කරන්න ඔනේ උනා.හා යමන්කෝ එහෙනම් කියල මමත් ඉතින් තනියට පස්සෙන් ගියා.එදා එයා කොන්ඩෙ කෙලින් කරා.රීබොන්ඩින්ද මොකද්ද කියල එකක් තමා කරේ.ඒ ගැන ලිව්ව විස්තරේ මෙන්න මෙතන ඇති.
ඒක නම් කාලයක් යනකම් ඒ කියන්නෙ මාස 10 ක් විතර හොදට මේන්ටේන් කරගන හිටියා.මේ වෙද්දි හොදට දිගට කොන්ඩෙ වැවිලා තිබ්බ.රිබොන්ඩින් එක කරේ ලේයර් එක අයින් කරල,ඒ නිසා කොන්ඩෙ එක ගානට දිගට තිබ්බා.
මෙන්න ආය ටික දවසකට කලින් කියනව,අනේ මේ කොන්ඩෙ මට දැන් ඇති වගේ...කොන්ඩෙත් ටිකක් වැවිලා නේද?...ආය ලේයර් එකක් කරන්න ඕනේ... කියල.මටත් මොකද එයාගෙ ආසාවනේ කියල, තනියට ගියා මේ සැරෙත්.කොන්ඩෙ කපාගන එනකම් සැලූන් එකේ තියන පත්තර බල බලා වාඩිවෙලා ඉන්නනේ තියෙන්නෙ,අහ් ඇයි සැලූන් එකට එන යන අය නරඹ නරඹා ඉන්නත් පුලුවන්නේ.
තිබ්බ කොන්ඩෙ ලේයර් කරන කම් පැය 1/2 ක් විතර බලන් හිටියා.
මෙන්න බොලේ මූණ නරක් කරන් එළියට එනව.පස්සෙ සල්ලිත් ගෙවල හිනාවක් දාගනම අපි දෙන්න එන්න ආව.කිසි කතා බහක් නැතුව ඔහේ යනව.මම් වැලමිටට ඇනල මොකද...කියල ඇහුව.
බලන්නකො මම් කිව්වෙ ලෙන්ත් එක තියල කපන්න කියලනේ.එයත් හා කිව්ව.දැන් කොහොමද මම් පාරෙ බැහැල යන්නෙ?හොදටම කොට කරලනේ.මේ...මට බකස් ගාල හිනා යන්න ආවත් ආයාසයෙන් වලක්ව ගත්ත.හොද වැඩේ කියන්නත් හිතලා....පස්සෙ එච්චරටම කැතක් නෑ... ඔය හොදට තියෙන්නෙ... කියල කිව්ව මොකටද නිකන් හිත රිදවන්නෙ.
ඒ සැරේ ආය කියපි කොන්ඩෙ උඩ හරියෙ කර්ල් ගතිය පේනව,දැන් වැවිලනේ...මම් ඉරිදට දාගත්ත රිලැක්සින් එකක් කරන්න කියල.එතකොට කොන්ඩෙ හොදට සෙට්වෙයි.මමත් ඉතින් හා එහෙනම් එතකොට හරියයි කියල නිකන් හිටිය.ඒ කියන්නෙ මේ ඉරිදා මටත් එයත් එක්ක රිලැක්සින් එකට යන්න වෙනව.




