Saturday, January 4, 2014

මෙහෙමත් ඉන්ටවිව් | You are Hired!


මේ සිදුවීම උනේ 2012 වසරේ මාර්තු මාසේ අවසාන දින කීපයෙන් එක දවසක. ස්ථානය සදහන් නොකර ඉමුකො.

 එක්තරා තනතුරක් සදහා අයදුම් කරන්න කියල පත්තරේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැක්ක නිසා ඔන්න මමත් ඉතින් ඇප්ලයි කොලා. ආය කාගෙන් තහනමක්ද?. පැන්ෂනුත් තියන නිසා අම්මත් උනන්දු කරා දාන්න කියලා. :)

 අවම සුදුසුකම උනේ මොනයම්  හෝ උපාධියක් තිබීම.

මටත් එහෙම එකක් තියනව කියල කොලයක් දීලා තිබුන නිසා රෙඩි වෙලා හිටිය කොයි වෙලේ ඉන්ටවිව් එකකට එන්න කියල ලියුමක් එවයිද කියල බල බල.

මේ අතර දවසක් හිතපු විදියටම ලියුමක් ආව අහවල් දිනය දා උදේ මෙන්න මේ වෙලාවට අහවල් තැනට එන්ඩ කියල ගේන්ඩ ඕන දෙවල් ටිකත් කියල තිබුනා, සහතික ඒෙහම.

…ඔක්කොම  පොදි බැදගන නියමිත වෙලාවටත් කලින් මම් ඉතින් අම්මත් එක්ක අදාල තැනට සම්ප්‍රාප්ත උනා. අම්මේ... සූ ගාල කට්ටිය.


ආව අයව ලියාපදි0චි කරගැනීමකුත් මෙතනදි සිද්ද උනා.ඒ කියන්නෙ ඉන්ටවිව් එකට ආව කියල අෙපන් අත්සනකුත් ගත්තා. 

ඉන්ටවිව් කරන තැන තිබ්බෙ ලොකු හෝල් එකක. හොම්බ දාල බැලින්නම් පැනල්ස් 4ක් තියනව කට්ටිය හිටු කියල ඉන්ටවිව් කරනව. එලියට එන අයගෙ ඒතරම් ආතතියකින් පෙලුන බවක් නම් පෙනුනේ නෑ.

…මොකෝ කලින් මම් ගිහින් තියන ඉන්ටවිව් වලදි ලැබිච්ච අද්දැකීමුත් එක්ක හොදටම සූදානම් වෙලා ගියෙ ඉතින්, කඩ්ඩත් ටිකක් හදාගන :).


ඔන්න මට යන්න හම්බුනා පැනල් නම්බර් 02. එක මහත්තයෙක් මුලසුන, අනිත්  නෝන මහත්තයා සහතික බලනව වෙන්න ඕනේ. 

ගියපු ගමන් අයි ඩී එක ඉල්ලගන මූණ දිහා ඒෙහමත් බලලා චෙක් කරල එහෙම සහතික ටික දෙන්න කීව, ප්‍රශ්න මොකුත්ම නෑ... 

ඔලෙවල් ඒලෙවල් සහතික ටික චෙක් කරා... පස්සෙ උපාධිය.

 අහ්! මේ...මොකද්ද?... උපාධි  සහතිකයක්ද ? කොහෙද මේ ???... 

…මටත් ටිකක් ඒකට නම් තරහක් ආව ඇයි දෙය්යනේ අවුරුදු 4ක් කට්ට කාල ගත්ත සහතිකේ! මොකද්ද? කියල අහනව.ඉන්ගිරිසියෙන් තිබ්බ නිසා මොකද්ද කියල හොයාගන්න බැරි උනාද දන්නෙ නෑ... :)


ඒත් එහෙම වෙන්ඩ බෑ...නේ, උගත් බුද්ධිමත් මහත්තුරුනේ ඉන්ටවිව් පැනල් වල ඉන්නෙ... මම් ඉතින් පැහෑ...දිලිව කිව්ව ස... ඔක ල0කාවෙ 1* වෙනි යුනිවසිටි එක යූජීසී එක ඇපෲව්  කරපු එකක් කියලා...

…කොහෙද... මොකද්ද... මේ... කොලිටියක් නෑ... මේක යූජීසි එකට දන්වන්න වෙනව බ්ලා බ්ලා කතා ගොඩයි. ඉන්ටව් එක එච්චරයි මම් එලියේ :). 


මට ඇඩෙන්න ඔන්න මෙන්න අම්ම හිටපු නිසා වාවගන හිටියා අැයි යකෝ රස්සව දෙන  නොදෙන එක වෙනම දෙයක් ඒ වගේද  කන්ඩෙම් කරන එක! 


ඉතින් මම් එතනදිම දැන ගත්ත මේක වෙන දෙයක් නෙමේ කියල.

එන්න පිටත්වෙන්න හදද්දිම අදුරන කෙනෙක් හම්බෙලා කිවෙ, ඇයි කලින් ඉන්ටව් එකක් තිබ්බනෙ ඒකට ආවෙ නැද්ද?... කියල. ඒ ලිස්ට් එක යවලත් ඉවරයි! අපරාදෙ!

එතකොට අපිව ඉන්ටවිව් කරල තියෙන්නෙ බොරුවටද ? :)

46 comments:

  1. ගොඩක් වෙලාවට බොරු ඉන්ටර්විවු කෙරෙන අවස්ථා තියෙනවා.
    ගොඩක් වෙලාවට වෙන්නේ රාජ්‍ය ආයතන වල. ඒවායේ බොරුවට ගැසට් කරලා එක්ගෑම් තියල ඉන්ටර්විවු තියනවා. ඒත් ජොබ් එකට ගන්න අයව හොර පාරේන් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ

      Delete
  2. //…කොහෙද... මොකද්ද... මේ... කොලිටියක් නෑ... මේක යූජීසි එකට දන්වන්න වෙනව බ්ලා බ්ලා කතා ගොඩයි. ඉන්ටව් එක එච්චරයි මම් එලියේ :).
    මට ඇඩෙන්න ඔන්න මෙන්න අම්ම හිටපු නිසා වාවගන හිටියා අැයි යකෝ රස්සව දෙන නොදෙන එක වෙනම දෙයක් ඒ වගේද කන්ඩෙම් කරන එක!//

    ඒකනේ අක්කෙ.. තරහ යනවනේ අප්පා බොරු කරනවා මදිවට තව ඕන නැති කථාත් කියනකොට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දෙන්න බැරිනම් කෙලින්ම බෑ කියන්න ඕනේ වටෙ යවන්නෙ නැතුව හේතුවක් නැති උනාම සහතිකෙ කොලිටි නෑ කියල හරි කියනව

      Delete
  3. සල්ලි අපරාදෙ කියන්නෙ ඔවාට තමයි.... මදැයි..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ෆොටො කොපි වලට දුන්න සල්ලි

      Delete
  4. අම්මපා මම නං රස්සාව තියාගන්න කියල කනේ ඇඟිලි ගහගන්න කියල දීලා එනව.. ඇත්තටම මං එහෙම කළා එක පාරක් ඉන්ටවිවු එකක... බොරුවට ඉන්ටවිවු කරනවට වඩා හොඳ නැද්ද මේක කෙරෙන්නෙ නෑ කියල කෙලින්ම කියන එක..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද ඉතින්

      Delete
  5. ඔය වගේම වෙනව කොටේෂන්, ටෙන්ඩර් සීන් වලදිත්.. ක්‍රියාපටිපාටියට අනුකූල වෙන්න ඕන හින්ද ඒක කරනව පිටට පේන්න.. ඒත් ඇත්තටම නම් ඒ වෙද්දිත් උන්ට ඕන එව්ව ඒ විදිහට කරගෙන ඉවරයි...

    ReplyDelete
  6. අමාරුවෙන් ඉගෙන ගත්තු දේට මොනවත් කියද්දී නම් අම්බානක මල පනිනවා. රස්සාව පැත්තක දාලා හොදට දෙකක් කතා කරන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු තරහක් ආව මොනව කරන්නද එතන කෑ ගහන්නැයි ඉතින්

      Delete
  7. මූණු ටික බලන්නද එහෙම කරේ.. අන්තිම සව්ත්තුයි දැං යන වැඩපිළිවෙල

    ReplyDelete
    Replies
    1. ගොඩක් එහෙම දේවල් සිද්ද වෙනව කල කිරෙනව අප්පා

      Delete
  8. ඉන්ටවිව් එකකදි වීරයා වෙන්න හොද නැහැ..මොකද ඔය යක්කුම වෙන බෝඩ් එකක හිටියොත් ඔ්‍යා ඩෝං ගාල පේල් වෙනවා..අනික මෙහෙ ඉන්ටව් බෝඩ් සාමාන්යෙන් කැමතියි ටිකක් යටාත් පාත් ඇඩ් එක දෙනවට...
    ඒ නිසා කිව්ව ඒවා රිසයිකල් බින් එකට දාෙගන අකුලන් එන එක තමයි යුතු ..

    ReplyDelete
    Replies
    1. මම් වීරයා වෙන්ඩ ගියෙ නෑ හලො ඔය එතන හිටිය නම් ඔයට තේරේයි මගෙ මානසිකත්වය අනික පැනල්ස් 4ක කට්ටිය ඇහුනද දන්නෙ නෑ උන්ටත් මම් හොර වැඩක් කරා වගේ හරියට පිස්සෙක් වගේ කතා කරේ ඒ කෙනා

      Delete
  9. දැන්මම පැන්ෂන් ගැනත් හිතනවද?

    මොකක්ද මේ යුනිවසිටිය?

    ReplyDelete
    Replies
    1. අනාගත සුරක්ශිතතාව ගැන හිතන එක හොදයිනේ දැන්ම ඉදලා... වයසට යනවනේ ඉක්මනට
      …ලන්කාවෙ යුනියක් තමා ඒ මනුස්සය දන්නෙ නැති උනාට :) හැමෝම ගෙනාවෙ මාගලක් වගේ සහතිකයක් නේ …අපෙ එකෙන් බුක් එකක් හදල දෙන්නෙ ට්‍රන්ස්ක්‍රිරිප්ට් එකත් එක්ක පිලිවෙලට ඒක මෙයාට නුහුරු උනාද දන්නෙ නෑ :)

      Delete
  10. ආණ්ඩුවේ ටෙන්ඩර් දෙන මොඩ්ල් එකටම තමයි රස්සාවල් දෙන්නෙත්...ඒක බලාගන්න පුළුවන් ඕවා ඇතුලේ වැඩකරන අයගේ සම්බන්ධකම් ගැන බලපුවාම.

    ReplyDelete
  11. නදී

    “බඩු අරගෙන පාවිච්චිත් කරලයි ටෙන්ඩර් කෝල් කරන්නේ.“
    ඒ වගේ තමා ආන්ඩුවේ ඉන්ටවිව්.
    මිනිස්සුන්ව ඉන්ටවිව් කරනවටත් ඒ අයට ගානක් (දීමනාවක්) ,කෑම බිම ‍හෙමත් හම්බෙනව
    ඇමති පන්දමක් නැතිව ආන්ඩුවේ රස්සාවකට යන්න පුලුවන් විභාගයකින් විතරයි.

    ReplyDelete
    Replies
    1. මුලින් අපි ඕව දැනගන හිටියෙ නෑ නේ ඉතින් මෝඩයො වගේ ඇප්ලයි කොරනව

      Delete
  12. ඇත්තටම අද කාලේ ආණ්ඩුවේ වගේම පෞද්ගලික අංශෙත් ඉන්ටර්වීව් කියල කෙරෙන වැඩි හරියක් බොරු, අරමුණක් පිළිවෙලක් නැති දේවල්..ඊටත් එහා ගියපු, මුදල් වංචා කර ගැනීමේ අරමුණින් තයන ඉන්ටර්වීව්ස් පවා තියෙනවනේ... .

    ReplyDelete
  13. ආණ්ඩුවේ ඔව්වට යනවනම් තියෙන්න ඕනේ විසේස සුදුසු කම ගොට්ට ඇල්ලීම විතරයි

    ශ්‍රී සුභ නව වසරක් වේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසෙම වේවා!!!!!
      …ගොට්ට ඇල්ලිලි බෑ නෙ අපිට

      Delete
  14. මගේ අත්දැකීම් අනුව ඉන්ටවීව් දෙආකාරයි. කෙරෙන සහ නොකෙරෙන.
    සාමාන්‍යයෙන් තරග විභාගයක් ගැසට් කරල ඒක තියල පාස්වුන අය තෝරාගන්න තියන එකක් හෝ දෙකක් ඉන්ටවීව්. මේවායේදී බොහෝ විට සාධාරණයක් වෙනව. ජාතික මට්ටමේ තනතුරු සඳහා තෝරා ගන්නේ මේ විදියට.

    අනිත් වර්ගය තමයි පත්තරේ දැන්වීම දාල ඉන්ටවීව් එකේදි තෝරාගන්නව කියල කියන තනතුරු. මේව බොහෝ විට දීපව්‍යාප්ත සේවා නෙවේ. මොකක් හරි සංස්ථාවක මණ්ඩලේක තනතුරු. මේවගේ තැත්වල රැකියා පත්තරේ දාන්නෙ නීතිය අනුව ප්‍රසිද්ධ කරල ගන්න ඕන නිසා මිසක් කවුරුත් තෝරගන්න නෙවේ. ඕන උදවිය කලින්ම තෝරගෙන තියෙන්නෙ.

    මේ දේවල් ගැන හොඳ දැනීමකින් ඉන්න ඕන. නැත්තං නිකං කාලය අපතෙ යනව විතරයි.

    ReplyDelete
  15. මෙහෙම දේවල් ගොඩක් තැන්වල වෙනවා. කලකිරිල වැඩක් නෑ.

    ReplyDelete
  16. ඔව් මාත් අහල තියෙනවා ඔය වගේ වැඩ වෙනවා කියල. මහ සවුත්තු වැඩ... අනික අර කන්ඩෙම් කරලා කතා කරපු එක කිසිම හේතුවක් නැතුවනේ කරලා තියෙන්නේ. සමහර විට එයාල හොරෙන් ඇතුළට ගන්න එයාලගේ කට්ටියට වඩා ඔයා ට සුදුසුකම් තියෙන්න ඇති! ඒ හන්දා ඕනෙකමින් එහෙම පහත් කරලා කතා කරාද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා ඒ වේලේම

      Delete
  17. මම මේ කතාව කලිනුත් කියල තියෙනවා. මමත් කලා ගැසට් එකේ තිබුනු විභාගයක්. විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම් වලට තිබුනු එකක්. අවු. 2 කට විතර පස්සෙ results ආව පාස් කියල. ඉන්ටවීව් කතාකරා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ. මමත් ගියා. 15ක් විතර විද්‍යා උපාධි කාරයො ඇවිල්ල හිටියා. මම කීප දෙනෙක් එක්ක කතාකරා.මම හිතන විදියට අවු. 4 physics special ඩිග්‍රියක් තිබුනෙ මට විතරයි. අද වෙනතුරු ඒකට මොනව වුනාද දන්නෙ නෑ. ඔය විභාගෙන්ම තවත් ඉන්ටවීව් එකකට කතාකරා. මිනුම් දෙපාර්තමේන්තුවෙ. මට මතක විදියට තනතුර සහකාර අධ්‍යක්ෂකද කොහෙද... ඒකට තේරිලා තිබුනෙ තුන් දෙනයි. ඒකෙනුත් මම විතරයි ඇවිත් හිටියෙ. ඉතින් තනතුර ෂුවර්නෙ... මොන... ඔය සිදුවීම් දෙකම වෙලා දැන් අවු. 3කටත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. හෙහෙ පුදුම වෙන්න දෙයක නෑ ඉන්ටවිව් කරන්න කලින්ම කට්ටිය අරන් ඇති එහෙනම්

      Delete
  18. යකෝ වැහි නැති හෙන ගහන්නෙපැයි ඩබල් වෙලා.
    කී දෙනෙක් රස්තියාදුවෙද?

    ReplyDelete
    Replies
    1. උන්ට මොකෑ අපිනේ රස්තියාදු වෙන්නෙ අපරාදෙ සහතික ෆොටෝකොපි කරපු සල්ලි :)

      Delete
  19. ගොඩක් තැන් වල මේකයි වෙන්නෙ...ඒත් බය වෙන්න එපා නදී ඔයාට හරියන ජොබ් එක ලැබෙයි. කාලෙකින් මේ පැත්තට එන්න ලැබුනේ...

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා ඉතින් අහ් කාලෙකින් තමා ඔයා

      Delete
  20. හම්මේ මමත් අනිද්දා යන්නේ ඔය කලින් තියන එකට පස්සේ තියන එක තියෙන්නේ ජනවාරි 28 හැබයි බලු වැඩ... රජයේ ඉන්ටවිව් වලට නම් යන්න ඕනේ අදුරන කවුරු හරි ඉන්නවනම් විතරයි ගැසට් එක දාන්න කලින්ම ගන්න ඕනේ අය තේරිලා ඉවරයි ඕක තමයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මගෙ මෝඩ කමට ගියා

      Delete
  21. හැමතැනම තියෙන්නේ රැවටිල්ල,වංචාව.මේ මුළු ක්‍රමේම වෙනස් නොකර රටට ගොඩ ඒමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිත් නොදන්න කාලෙදි ඔවට රැවටුනා ඉතින්

      Delete
  22. කෝ මිරිස් පෝස්ට් එක ??? මොකද උනේ ඒකට ??

    ReplyDelete
  23. මට නං හතර හිනා ඇයි යකෝ මේ ලංකාව කියල නොදැනද ඉන්ටවු ගියෙ. අඩී මේ අහ(මේම කීවට තරහ නොගන්න) ජොබ රජයේ නං පැන්ෂන් ඇත්නං ඔබට අවැසි වන්නේ උපාධිය නොව දේසපාළු ගොටු හා පංදම්ය... ඔබගේ නොදැනුවත් බාවය ගැන මාගේ බලවත් ශෝකය... හීීී.....

    ReplyDelete
    Replies
    1. ල0කාව කියල දන්නව අඩේ... ඔහොම දේවල් වෙනව කීල දැනන් හිටියෙ නෑනේ එ කාලෙ දැන් නම් හොදට දන්නව.:)

      Delete