අපිත් එක්ක ගිය යාලුවො සෙට් එකෙන් ටිකක් |
2013 අවුරුද්දෙ අවසානෙ වෙනකම්ම අපේ වොරන්ට්ස් ඉතුරුවෙලා තිබ්බ.ඉතින් යාලුවො කට්ටිය කතා උනා කොහෙ හරි යන්න ඕනෙ කියල.
ගෑණු ලමයි දවස් 2 -3 ගමන් වලට එච්චර කැමැත්තක් නෑනේ.
කැමැත්තක් තිබ්බත් ගෙවල් වලින් යන්න දෙන්නෙ නැති නිසා උදේ ගිහින් හවස් වෙද්දි ගෙදරට එන්න පුලුවන් ට්‍රිප් එකක් ලෑස්ති කරගන්නයි උවමනා උනේ.
ඒ අතරෙදි තමයි අපේ ඔෆිස් එකේ පූර්ව ලමාවිය සංවර්ධන නිලධාරිතුමිය කිව්වෙ මොන්ටිසෝරි බබාලා 40 ක් කෝච්චියෙ රවුමක් එක්ක යනව කියල...
ඔන්න ඔහොමයි අපිත් ඒ ගමනට සෙට් උනේ, කීපදෙනෙක් සෙට් වෙනවයි කීවට අන්තිම වෙද්දි 40කට ආසන්න ගානක් සෙට් වෙලා...
පවුල් වල කට්ටිය... එයාලගෙ බබාල... එහෙම ගොඩක්!ඇයි ඉස්කෝලත් නිවාඩුනේ. පිටත්වීම අනුරාධපුර මහ ස්ටේසමෙන්. ගමනාන්තය කිලිනොච්චිය.

මේ ඉන්නෙ" මුරු" අපිත් එක්ක ගිය යාලුවෙක් අනුරාධපුර ස්ටේසමේදි |
උදේ 7.20 වෙනකොට කට්ටිය මහ ස්ටේසමේ. මොන්ටිසෝරි බබාලත් ඇවිත් හිටියා. එයාලව එක්ක යන්න අපේ නිලධාරීතුමියට අවශ්‍ය ප්‍රතිපාදන ලැබිල තිබුනා.
කෝච්චිය පටන් ගන්නෙ අනුරාධපුර මහ ස්ටේසමෙන් හින්දා තදබදයක් නැතුවම නගින්න පුලුවන් උනා... සෙනගකට හිටියෙ අපි සෙට් එකයි පොඩි උන් ටිකයි විතරමද කොහෙද :). හැබැයි මගින් මගින් ටිකක් නැග්ගා..
කෝච්චිය පටන් ගන්නෙ අනුරාධපුර මහ ස්ටේසමෙන් හින්දා තදබදයක් නැතුවම නගින්න පුලුවන් උනා... සෙනගකට හිටියෙ අපි සෙට් එකයි පොඩි උන් ටිකයි විතරමද කොහෙද :). හැබැයි මගින් මගින් ටිකක් නැග්ගා..
මේවගේ චුටි බබලත් අපිත් එකක් ගමනට එකතු වෙලා හිටියා |
අනුරාධපුරෙන් පිටත් වෙද්දිම කට්ටිය කන්න බොන්න සෙට් උනා. සැන්විචස්ද ෆිශ් බන් ද කඩලද මුරුක්කුද කාකා වටපිට බල බලා යද්දි වව්නියාව පහුවුනා දන්නෙම නැතුව.
එතනින් පස්සෙ තමා දෙපැත්තෙ ටිකක් කැලේ වගේ තියෙන්නෙ. ස්ටේශන් එහෙමත් අලුත් ඒවා.
මේන්න මේ වගේ |
මාන්කුලම් ස්ටේසම |
මාන්කුලම් ස්ටේසමෙන් පස්සෙ මුරකණ්ඩිය ස්ටේසම.
මෙතනදි අර උඩ පින්තූරෙ ඉන්න මුරුවට නියම වැඩක් උනා.
කෝච්චිය නවත්තන පාරට බැහැ බැහැ හැම ස්ටේසමෙන්ම පින්තූර අරගන්න පුරුදු වෙලා, මේකෙනුත් බැහැල පින්තූර අරගන ඉද්දි හෝන් එක ගහනකොට නැගගන්න බැරි වෙලා අන්තිමේදි බස් එකෙ තමා කිලිනොච්චි ටවුමට ඇවිත් තිබුනේ. :)
කිලිනොච්චි ස්ටෙසමෙන් බැහැල, ආය යන කෝච්චිය පිටත් වෙන්න තව ටික වෙලාවක් තියන නිසා ටවුමෙ පොඩ්ඩක් ඇවිදින්න කියලත් ගියා.
වැඩිදුර ඇවිදින්නෙ නැතුව ඉක්මනට එන්න ආව පොඩි අයට ගොඩක් දුර පයින් යන්නත් බැරි නිසා,අපි පොඩි කලෙක්ශන් එකක් දාල එයාලට වතුර බෝතල් ටිකකුත් අරන් දුන්න.උදේ 11.15 වෙද්දි කිලිනොච්චියෙන් පිටත් උනා. 2 විතර වෙද්දි ගෙදර :)
මුරකණ්ඩිය ස්ටේසම. |
කෝච්චිය නවත්තන පාරට බැහැ බැහැ හැම ස්ටේසමෙන්ම පින්තූර අරගන්න පුරුදු වෙලා, මේකෙනුත් බැහැල පින්තූර අරගන ඉද්දි හෝන් එක ගහනකොට නැගගන්න බැරි වෙලා අන්තිමේදි බස් එකෙ තමා කිලිනොච්චි ටවුමට ඇවිත් තිබුනේ. :)
කිලිනොච්චි ස්ටේසම |
කිලිනොච්චි ස්ටෙසමෙන් බැහැල, ආය යන කෝච්චිය පිටත් වෙන්න තව ටික වෙලාවක් තියන නිසා ටවුමෙ පොඩ්ඩක් ඇවිදින්න කියලත් ගියා.
කිලිනොච්චිය නගරයේ පිහිටල තියන රණවිරු ස්මාරකය |
නත්තල් වලට ලොකු නත්තල ගහකුත් හදල තිබ්බ පිට්ටනියෙ |
ගව ලෙනකුත් තිබ්බ |
වැඩිදුර ඇවිදින්නෙ නැතුව ඉක්මනට එන්න ආව පොඩි අයට ගොඩක් දුර පයින් යන්නත් බැරි නිසා,අපි පොඩි කලෙක්ශන් එකක් දාල එයාලට වතුර බෝතල් ටිකකුත් අරන් දුන්න.උදේ 11.15 වෙද්දි කිලිනොච්චියෙන් පිටත් උනා. 2 විතර වෙද්දි ගෙදර :)
පට්ට ලස්සන පැත්තකනේ.තාම යන්න බැරි උන එකට දුකයි....
ReplyDeleteනිවාඩු පාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...
www.amila-psx.blogspot.com
අහ් තාම ගිහින් නැද්ද මේ මම්ගිය 3 වෙනිපාර
Deleteහාකෝ ඇවිත් යන්න එන්නම්
තුන් පාරක් කිලිනොච්චි ගියාද ? මම දන්නේ නෑ නේ..
Delete- දන්න කියන මලයෙක් -
ඇයි ඔයාට කියලද යන්න ඔනි හූ :)
Deleteළඟදි මගේ යාලුවො කට්ටියකුත් ඔය පැත්තෙ ගිහින් ඇවිත් විස්තර කියනකොට යන්න ආස හිතුනා. ඒත් යන්න විදිහක් තමයි නැත්තෙ :(
ReplyDeleteඅයුයො කට්ටිය සෙට් කරන් ගිහින් එන්න ඒ පැත්තත් බලන්න වටිනව
Deleteශා මරු ගමනක්... මටත් යන්ඩ ආස හිතුනා !
ReplyDeleteඒක නෙමේ, කවුද අප්පේ අර හිනා වෙවී ඉන්න කෙල්ල ?
මම දැන් තව එක්කෙනෙක්ව දන්නවා... ඒ තමා මුරු !
අයෑම් මුරු.. අයම් ෆ්‍රොම් නයිජීරියා !
ඔයත් යන්නෙ කෝච්චි ට්‍රිප් එහෙම .කෙල්ල? ඒ ආන්ටි කෙනෙක් හලෝ ඇස් පේන්නෙ නැද්ද .ඔය අර මල්ලි එක්ක පින්තූරෙට ඉන්න කෙනා ගැනනෙ කියන්නෙ?
Deleteමුරු ඒ මල්ලිගෙ කොන්ඩෙ ගොඩක් කර්ල් ඒ නිසා අපි මුරු කියල කියන්නෙ
ඔවු ඔවු ඔවු..
Deleteමම දන්නවෝ.. මට රෝසි අක්කා කියලා තියෙනවා.. හයේ පන්තියේ ඉංග්‍රීසි පොතේ ඉන්න මුරු !
ආන්ටි නෙමේ... නැන්දා. !
නැන්දා කෙනෙක් උනත් මාර ලස්සනයි නෙහ්.. මේ එයාගේ ළමයා වෙන්ඩ ඇති. :)
නෑ නෑ මේ අක්ක කෙනෙක් අර මුරුව පින්තුරෙකට ඉන්ඩ කීවම හිටිය බබා වෙන යලුවෙක්ගෙ
Deleteඅපුරු අත්දැකිමක්
ReplyDeleteඔව් ගොඩක් විනෝද උනා අපි
Deleteනියම ගමන නේ.. ලේසියි.. ජය වේවා. දැනුවත් කිරීමට ස්තුතියි ආ පොටෝ ටිකත් වටිනවා..
ReplyDeleteඅර බබාත් එක්ක ඉන්නේ ඔයාද නදී ? ඒ ඔයාගේ බබා ද ?
ReplyDeleteමමද නොවේ මගෙ බබාද නොවේ
Deleteissarata wada oya lassana wela nadeeka
ReplyDeleteකොහෙන්ද මාව දැක්කෙ ? :O
Deleteහැමදාමත්හිතන් ඉන්නවා යනවා කියලා ,අනුරාධපුර ස්ටෙශන් එකෙන් කොළඹ එනවා ,යන්න ඕනි මේ එන අවුරුදු නිවාඩුවට ,මාර ලස්සනයි ,,,,අනිවා යනවා ,,,,,,,,,
ReplyDeleteඔයත් අනුරාදපුරේ කෙනෙක්යැ?
Deleteබ්ලා මං පූනෑවෙන් ආවට පස්සෙ යන්න හම්බුනේ නෑ... මං හිතන්නෙ ආයෙ කොයි වෙලේ හරි ඇදල දායි මං හිතන්නෙ.. පදිංචි වෙන්නම පුළුවං වෙයි
ReplyDeleteඔයා පූනෑවේ හිටියද?
Deleteකිලිනොච්චි එක පාරක් ගියා.එත් වැඩක් වුණේ නැහැ රෑ ගිහින් රැම අවා.මේක දැක්කම ආයෙමත් වාතවක් යන්න හිතයි.
ReplyDeleteඑහෙම වැඩක් නෑ ටිකක් ඇවිදලා බලන්ඩ යන්ඩ
Delete