Friday, January 3, 2014

ඔබේ තීරයේ ප්‍රමාණය | Size of the Obe Thira


සාරි ඇදීම මහම මහ එපා කරපු වැඩක් උනේ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ. යාර 6 ක් පටලවාගන යන එකත් එසේ මෙසේ දෙයක් නෙමේ නේ.

 අහ් ඕකත් එච්චර දෙයක්ද කියල හිතන අය පොඩ්ඩක් අම්මගෙ සාරි එකක් හරි කමක් නෑ විහිලුවට ඇදල ටිකක් ඇවිදලත් බලන්න :).

 ඒක හරිම අපහසුවක්!. එහෙම හිතුනෙ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ දැන් නම් සුටුස් ගාල අදින්න පුලුවන්, ඒ තරමට පුරුදු වෙලා. ඒත් ඉතින් සාරි පොටේ රැළි වලට කට්ට ගහන්නෙ නම් තාම අම්මගෙ උපකාරෙන් තමා:).

 රාජ්‍ය ආයතන වල ඉතින් කැශුවල් අදිනව අඩුනේ.එක්කො ඔසරිය නැත්තම් සාරිය! 

ඒකත් ඉතින් එක එක අය එක එක විදියට අදිනවා .එක එක කාලෙට එක එක විලාසිතා...කවුරු තහන්චි දාන්නද තමන්ගෙ නිදහස හා කැමැත්තනේ.  

ගොඩක් අය දැන් සිල්ක් කොට්න් සාරි අදිනවා.හරිම ලස්සනයි.ගාන තමා ටිකක් සැර!...

එතකොට ඔබේ තීරය කියන්නේ?......

මම් නම් දන්න විධියට ඔබේ තීරය කියලා කියන්නෙ සාරි ජැකට් එකේ පහළ සීමාවයි සාරිය අදින සීමාවයි අතර තියන පරතරයට.

සාරිය අදින අයට නම් ෙම්ක ඒ හැටි ගැටලුවක් නෑ...ගොඩක් දෙනා කියන්නෙ ඔසරියට වඩා සාරිය සoවරයි කියලනේ. 

 එත් අදින විධිය අනුව ඒකත් වෙනස් වෙනව. සමහරුන්ට ඔබේ තීරය පොඩි ප්‍රමාණයක් තියල ඇන්දම ලස්සනයි සමහරු ටිකක් ඒක වැඩිපුර තියල අදිනව. 

කොහොමත් ඇග හැඩට තියන් ඉන්න අයට නම් ඔය කෝකත් එකයි. 

සාරිය ටිකක් පහතින්, බඩ පල්ලෙන් ඇන්දම කියන්ෙන, ඊ... අර මොක්කුද ගෑණු වගේ!... අදිනවකො සාරිය ටිකක් පිලිවෙලට කියල.

ටිකක් උඩින් ඇන්දම කියන්නෙ, ශෙහ්!... සිරිමාවෝ මැතිණි වගේ බඩ මැදින් සාරිය ඇදලා නාකි උන්දෑ කෙනෙක්  වගේ !...ඔන්න ඔෙහාම...
..
ඒ උනාට ෙම් ඔෙබ් තීරයට නිශ්චිත ෙවච්ච දිග ප්‍රමාණයක් ගැන නම් මම් දන්ෙන නෑ..දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න .ෙනරිය නම් වියතක් දිගට දැම්මලු ඉස්සර කාෙල්...දැන් ඒවා ෙවනස්!...

සමහරු නම් ඔසරි සාරි දෙකම අදින්න පුරුදු වෙලා ඉන්නව. මට සාරිය අදින්න නම් තාම පුරුදු වෙන්න බැරි උනා. ඒක ඔසරිය අදිනවට වඩා ලේසී කියල තමා අදින අය කියන්නෙ. 

දවසක කුප්පියක් දාගන්න ඔනේ සාරි අදින හැටි පුරුදු වෙන්න :).

40 comments:

  1. අපිටත් නිදහසේ අදහස් දක්වන්න පුලුවන්ද දන්නේ නෑ මෙතන. අපිට තියෙන්නේ පාර තොටේ දකින දේවල් ගැන අත්දැකීම් තමයි. ලස්සන සුටි කෙනෙක් නම් පොඩ්ඩක් වැඩි පුර තිබ්බත් කමක් නැද්ද මන්දා? අපිටත් ඉතිං ඔන්න ඔහේ බැලෙනවානේ එතකොට

    ReplyDelete
    Replies
    1. අපෝ පුලුවන් ඒකනේ ඇනො කමෙන්ට්ස් හිටන් අනේබල් කරල තියෙන්නෙ. ඔව් ඇග හැටට තියන අයට නම් එහෙම ගැලපෙනව එ උනාට හැමෝටම ඒක හරියන්නෙ නෑ

      Delete
  2. ඔබේ තීරය ඔබේ නිසා එහි තරම ඔබටම තීරණය කර ගත හැක !
    මමත් කාලයක් රැකියාවට යන්න සාරි ඇන්දනෙ, අඳින එක නම් පුරුදු උනහම ඔසරිය සාරිය කියල වෙනසක් නෑ මට නම්. හැබැයි ඇවිදිද්දි එහෙම ඔසරිය පහසුයි කියලා තීරුම් ගියාට පස්සෙ වැඩිපුරම ඇන්දෙ ඔසරියම තමයි

    ReplyDelete
    Replies
    1. අපෙ උනාට එහෙම ඇන්දම පේන්නෙ අනිත් අයටනෙ එකයි අවුල.සාරිය අදින අය කියන්නෙ ඔසරියට වඩා සාරිය ලේසි කියල

      Delete
  3. ඔබේ තීරයේ ප්‍රමාණය ගන්නේ මෙහෙමයි...
    ඇඟිලි ටික එක්කහු කරලා අත දිග අරින්න. අර අපි සාත්තර කියනකොට අල්ල දෙන්නේ. අන්න ඒ විදිහට අතල දිග ඇරලා ඒ ප්‍රමාණයේ පළලට ඔබේ තීරය තියන්ඩ. අඩුත් නෑ වැඩිත් නෑ.එතකොට ඔබේ තීරයෙන් අල්ලන කෙනාටත් පහසුයි.. හික්ස් :)

    තේරුනේ නැත්තං ආයේ අහන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ නෙරිය ගැන වෙන්න ඔනේ

      Delete
  4. අපිනම් මේවට කමෙන්ට් කරන්ඩ දන්නෑ :D

    ReplyDelete
  5. මටත් සාරිය අඳින එක ලේසියි ඔසරියට වඩා. ඔසරිය ඇඳපු දවසට මාත් අහගන්නෙ "මොකක්ද අනේ වයසක අය වගේ බඩ මැදින් සාරි අඳින්නෙ" කියල තමයි. ඒත් ගොඩක් පහලින් ඔසරිය අඳින්න මගෙ වැඩි කැමැත්තක් නෑ

    ReplyDelete
    Replies
    1. මමත් වැඩිය පහලින් අදින්න ආස නෑ. සාරියනම් ඇදලම නෑ පුරුදු වෙන්න බලන්න ඔනේ

      Delete
  6. කාලෙකට කලින් කෙල්ලෙක් මෙහෙමත් ලිව්වලු නදී

    මේ තියෙන්නේ ලින්ක් එක

    http://galaayanajeevithaya.blogspot.com/2012/06/blog-post_10.html

    ඒකනේ අපි කිව්වේ ඕක හරි යයි කියලා.

    -නදීගේ යාළුවෙක්-

    ReplyDelete
    Replies
    1. හැක...හැක..
      සුන්දර දේවල් ටිකක් වැඩිපුර පෙන්නුවාට අවුලක් නෑ රටේ ඉන්නෙත් සුන්දර මිනිස්සුනම්.

      Delete
    2. හැක...හැක.
      ලොකු ටයර් එකක් හැදෙන් නැත්තම් ඔබේ තීරේ ටිකක් වැඩිපුර තිබ්බම තමයි සුන්දර!
      හැබැයි රටේ ඉන්නේ සුන්දර විදිහට බලන මිනිස්සු නෙමෙයි හින්දා ඔව්වාට වැඩිපුර මුකුත් කියන්න බෑ

      Delete
    3. ඔය නදී ගෙ යාලුවා කියනකෙනා නමත් කීවනම් නෙ හොද එතකොට කවුද කියල අදුරගන්න පුලුවන් නෙ

      Delete
    4. ඔනවට වඩා පෙන්නන්න යන එක ඇගට ගුන නොවෙන්න පුලුවන් විශෙශයෙන් බස් වල යද්දි එහෙම :)

      Delete
  7. 1960 දශකයේදී ලංකා ගුවන් විදුලි සේවයේ (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙන්න කලින්) තිබුන, අසන්නන් විසින් තැපැල්පත් මගින් ගීත ඉල්ලා එවන, අතිශයින් ජනප්‍රිය වැඩසටහනේ නම තමයි 'ඔබේ තීරය' නමින් හැඳින්වුණේ. කාන්තාවන්, (ඒ කාලේ විශේෂයෙන් පාසල් ගුරුවරියන්) ඔවුන්ගේ හැට්ටයේ පහල සීමාව සහ සාරියේ ඉහල සීමාව කැපී පෙනෙන ලෙස පළල් කිරීම නිසා තමයි මේකට ඔබේ තීරය කියලා නම වැටුනේ. 'ඔබට බලන්නට තබා ඇති තීරය' කියන අදහසින් තමයි සමාජය විසින් මේ නම පටබැන්දේ.

    ReplyDelete
    Replies
    1. ඔබට බලන්නට තබා \ඇති තීරය :) ඔව් එහෙම වෙන්නත් පුලුවන් තමා

      Delete
  8. මම නම් කෙල්ලෙක් දකින්න ආසම සරිය ඇදන් ඉද්දී.. තීරය මොකක් වුනත් එකයි මට නම්..

    ReplyDelete
    Replies
    1. සාරිය ඇන්දම ලස්සනයි පිලිවෙලයි

      Delete
  9. ජපන් කෙල්ලෝ කිමොනොවට හැඩැයි..ලංකාවේ කෙල්ලො සාරියට හැඩැයි.
    ඒ ඒ රටේ ඇඳුම ඒ ඒ රටේ මිනිස්සුන්ගේ ඇඟේ හැටියට කිව්වාලු..

    ReplyDelete
  10. මෙයාටත් ඉඳලා ඉඳලා මතක් වෙන දේවල්... හි හි...

    මට නං සාරි ඔසරි දෙකම කචල්.. අපේ උන්දැ නැත්තං දැනටත් නෑනා හොයං යන්න වෙනවා අන්දව ගන්න... ගෙදර ඉන්න කාලෙ නං මං සාරි ඔක්කොම මේඩ්අප් කළා.. වැඩිම උනොත් අවුරුද්දට දෙපාරක් සාරි අඳී මං... හි හි.... දැං මේ සාරියක් කපනවා කිව්වම නැන්දම්මගේ මූණ හරි නැති වෙන හින්ද ඒක කරගන්නත් නෑ... කොහොමත් මං අඳින්නෙ ඔසරිය තමයි ලේසියට... සාරිය මට එච්චර හරි නෑ...

    ඔබේ තීරුවෙ කේස් එකක් ඔසරියෙදි එන්නෙ නෑ නේ.. මට තාම නං එහෙම කේස් එකක් ඇවිල්ල නෑ.. දැං නං අලි බඩගෙඩියක් තියෙන නිසා කේස් එකක් එයි සමහර විට.. හීනියට ඉන්නකං ඔය තීරු කොච්චර ලොකු උනත් අවුලක් නෑ... මහත් උනාම නං පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා ඕවා අඳින්න ඕනෙ... කිව්වහම මතක් උනේ මේ අවුරුද්දට සාරි පටලගැනීමේ කචල් එකක් තාම නෑ.... හි හි

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉතින් සාරි අදින්ඩ එපැයි හැමදාම.මේඩ් අප් එකක් වත්නෑ මට නම්.අනික මෙඩ් අප් කරාම සාරිය ඉවරයිනේ ඉතින් වෙන කාටවත් හදිස්සියකට අදින්න බෑ. ඒත් දැන් මේ \ඇදුම හුරු වෙලා පහසුයි කියලත්හිතෙනව වෙන ඇදුම් වලට වඩා

      Delete
  11. මේ ඔබේ තීරයේ ප්‍රමාණය ගැන හැමදාම උදේට කතා වෙන කාලයක් තිබ්බා අවරුදු දෙක තුනකට කලින්. ඔසරියට තීරයේ ප්‍රමාණය වැඩි කිරීම අපි අනුමත කරන්නේ නෑ. හේතුව ඒක මේ රටේ ජාතික ඇඳුමක් වීම. සාරියෙන් නම් ඕන එකක් පෙන්නුවට අපේ විරුද්ධත්වයක් නෑ. මොකද පෙන්නන නිසා බලනවා, බලන නිසා පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. සන්වරව ඇන්දම කෝයි ඇදුමත් හොදයි

      Delete
  12. 'සාරිය වූ කලී' කියල මේල් එකක් පැතිරුණා නේද ඉස්සර?

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ හැටි මතකයක් නෑ නේ

      Delete
  13. තිරය මොකක් වුනත් සාරිය,ඔසරිය ඇහැට හරිම ප්‍රියමනපයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇන්දම ලස්සනයි නේද

      Delete
  14. තීරය මොකක් උනත් කෑලි කපල අඳින ඒවට නං මම කැමති නෑ

    ReplyDelete
    Replies
    1. මගෙත් මේඩ් අප් එවා නම් නෑ

      Delete
  15. ස්ටිකි සාරිස් දෙන්නද එහෙනං..

    ReplyDelete
    Replies
    1. ඇලවෙන සාරි.. රැලි තියල අරව මේවා ඔක්කෝම හදපු ඇගට දාගන්න විතරක් තියෙන ඒවා..

      Delete
    2. එහෙමත් එව්ව තියනවෑ

      Delete
  16. මෙහෙමයි සාරියයි ඔසරියයි ඇන්දම ගෑණු අය ලස්සනයි තමයි. ඒත් අපි ඒ ඇඳුම අදිද්දි පොඩ්ඩක් හිතන්න ඕනෙ අපේ පහසුව ගැනත්. විශේෂයෙන්ම රාජකාරී කටයුතු වලදි. සාරි ඇඳල පාරෙ යන අයගෙන් කීපදෙනයි ඒක පිළිවෙලකට ඇඳල ඉන්නෙ. ගොඩක් අය එහෙම් මෙහෙන් පටලව ගෙන. ගිනි අව්වෙ හදිස්සියෙ අඩි උස සපත්තු දාල තව යාර හයකුත් පටලවගෙන වලවල් තියෙන පාරවල් වල හදිස්සියෙ දුවන ගෑණු අය දැක්කම ලස්සන කෙසේ වෙතත් අනුකම්පා හිතෙනව. පොල් පැටෙව්ව වගේ යන බස්වලයි කෝච්චිවලයි මේ ඇඳුම ඇන්දගෙන යන එක දුකක් විදිහටයි මට හිතෙන්නෙ.ලංකාවෙ ගෑණු අයගෙ සංස්කෘතික ඇඳුම තමා සාරිය/ඔසරිය. හරියට ජපානෙ අයගෙ සංස්කෘතින ඇඳුම කිමෝනාව වගේ. ලස්සනයි කියල හරි සංස්කෘතික ඇඳුම කියල හරි ඒ අය ඒක එදිනෙදා රාජකාරී කටයුතු වලට අඳින්නෙ නෑ. රාජකාරී වලට අඳින්නෙ පහසු ඇඳුම්. ලංකාවෙත් ඒ විදිහ වෙනව නම් හොඳයි. සාරිය/ඔසරිය මඟුල් ගෙවල් සහ වෙන උත්සව අවස්ථා වලදි ඇඳල එදිනෙදා රාජකාරී වලට පහසු ඇඳුම් අඳින්න ලංකාවෙ ගැණු අයටත් පුලුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට නම් ගොඩක් අපහසුයි තමා ඒත් ඉතින් මොනව කරන්නද අදින්ඩම එපැයි.

      Delete
    2. අපිත් ටී එකක් ඉල්ලල තියනව හම්බුනොත් ගොඩ :)

      Delete
  17. http://www.mawbima.lk/e-paper.html

    උඩ ලින්ක් එකෙන් යන්න 2014.01.08 දින 9 පිටුවේ යටම තියෙනව ඔසරිය ගැන යමක් මෙතන ඒ ගැන කියන්නෑ ගිහිංම බලන්න

    ඔයා කියල තියෙන එකට යමක් + කරන්නම්
    සමහර ගෑණු උදවිය සාරි හදියි... බුරියත් පෙනෙය්.. කොල්ලෙක් දැක්කොත් බොරුවට පල්ලහාට අදී... හරියට වෙන කෙනෙක් ගේ උවමනාවට ඇන්දා වගේය. සමහරු සාරිය ඇන්දාම පිට එළියේයග බලන්ඩ කැතයග උන්ට ගානක් නැත වමනය යන්නේ පේන අපිටය. කොහොමත් ඔය සාරි ඇදන් රජයේ කාර්යාල වල වැඩ කරන උන් නං මට පේන්න බැරිය. වැඩ කරන්නේද නැත උන් ඉන්නේ අපේ උවමනාවට රස්සාවට ගියා වගේය. දැක්කාම මළ පනිනවාය

    ReplyDelete